කතරගම පෙරහැර බැලීමට පැමිණෙන ඔබට......

creed1

Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    කතරගම පෙරහැර බැලීමට පැමිණෙන ඔබට......


    01 අධික පැවුමක් සහිත කාලයක සාමාන්‍ය දිනක උෂ්ණත්වය අංශක 33 -36 අතර බීමට ජලය රැගෙන එන්න . වතුර බෝතල සමහර අය නැවත පුරවා විකුනනවා . එනිසා එන ගමන් වතුර බෝතල අරගෙන එන්න.

    02. කුඩා දරුවන්ට මෙහි දැනට පවතින රස්නය ඔරොත්තු දෙන්නේ නැති තරම් පුළුවන් තරම් කපු රෙදි කුඩා දරුවන්ට අවශ්‍ය පරිදි රැගෙන එන්න.

    03. දූවිලි අදික කාලයක් පීනස ඇදුම රෝගීන් පරිස්සම් වන්න.
    හදිසි අවශ්‍ය තාවයක් පැන නැගුන හොත් කතරගම පුද භූමිය තුල ක්ෂණික ප්‍රතිකාර එකක් පිහිටවා ඇත.

    04. සියලුම ජලාශ සහ වැවු සිදී ඇත . නානවා නම් ගෙදරින් නැගෙන එන්න නැත්නම් මඩ තාමා නාන්න වෙන්නේ.

    05 අහාර පාන සදහා කතරගම බස්නාවතුම ඉදිරිපිට ආපන ශාලා ඇත.

    06. ඉන්දධන පිරවුම් හල :

    දෙබරවැව හන්දිය පැය විසි 24 OPEN ඔක්ටේන් 95 /93 සුපෙර් ඩීසල් ඇත.

    තිස්සමහාරාම නගරය උදේ 6 සිට සවස 9 දක්වා 92 සහ සාමාන්‍ය ඩීසල් පමණයි.

    කතරගම නගරය තුල : උත්සව සමය තුල පැය විසි 24 OPEN ඔක්ටේන් 95 /93 සුපෙර් ඩීසල් ඇත.

    තිස්ස කතරගම අතර එක පිරවුම් හලක් අත පැය විසි 24 OPEN ඔක්ටේන් 95 /93 සුපෙර් ඩීසල් ඇත.



    07. ඉලෙක්ට්‍රික් වාහන CHARGE කිරීම සදහා කතරගම තැනක් නොමැත. අම්බලන්තොට බස්නාවතුම පසුකර එනවිට කතරගම දෙසට ඇති පළමු ඉන්දන පිරවුම් හලෙන් සහ හම්බන්තොට මිරිජ්ජවිල හංදියෙහි ඇති ගෙදරකින් CHARGE කර ගත හැක.

    ELECTRIC වාහන CHARGE කරන්න ඕනේ නම් මම ඉන්නේ දෙබරවැව මගේ ගෙදර දී CHARGE කරන්න පුළුවන් හදිසි අවස්තාවක් උනොත් කියන්න. නැත්නම් දෙබරවැව සමන් SERVICE එකෙන් CHARGE කරන්න පුළුවන්.

    CHARGE කරගැනීමේ අවශ්‍ය තාවයක් ඇති උවහොත් දෙබරවැව සමන් SERVICE උදේ 8 ඉදලා සවස 6.30 වෙනකන් පමණයි.

    එහෙම බැරි වුනොත් මගේ ගෙදරින් කර ගන්න පුළුවන් ඕන වෙලාවක මට කතාකරන්න

    0772406462 / 0714371754


    08. සමහර නවා තැන පොළවල් වල වැසිකිලි නම් අපිරිසුදුයි. නවාතැන් වෙන් කර ගන්නාවිට ඒගැන සැලකිලිමත් වෙන්න.

    09. වාහන ධාවනය කරනා විට ,
    පොලිස් හයිස්පීඩ් : මාතර සිට මහවෙල පාරේ තංගල්ල දක්වා හයි ස්පීඩ් නැත ඉරි කැපීමට පමණක් දඩ.
    මාතර සිට බෙලිඅත්ත හරහා තංගල්ල දක්වා බෙලිඅත්තේ සිට තංගල්ල දක්කවා හයිස්පීඩ් ලියනවා

    කහ ඉරේ ඉස්සර කරන්න එපා මාතර සිට තංගල්ල දක්වා කෙලින්ම නඩු දානවා

    තංගල්ලේ සිට හුංගම දක්කවා හයිස්පීඩ් සහ ඉරි කැපීම වලට දඩ ලියනවා කෙලින් පාරවල්වල ස්පීඩ් කරන්න එපා.

    හුංගම ටවුන් එකේ විතරක් 50 යන්න ටවුන් එක මද අල්ලනවා පැය 24 ම .

    හුංගම සිට අම්බලන්තොට දක්කවා ෆ්‍රී DRIVE අම්බලන්තොට පාලම ලග හයි ස්පීඩ් ඉන්නවා.

    අම්බලන්තොට ඉදලා වීරවිල දක්කවා ::
    (අලුත් පාරේ පරිස්සමින් ධාවනය කරන්න එපාරේ හරක් පනිනවා වාහනවලට . රැට DRIVE කරනවා නම් රෑ 9 ඉදලා උදේ 5 විතර වෙනකන් අලි ඉන්නවා කරදරයක් නම් නැහැ.)

    අලුත් පාරට හැරෙන හන්දියේ හයිස්පීඩ් ලියනවා . අලුත් පාරේ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව ලග හයිස්පීඩ් ලියනවා . පාරේ ඉරි කපන්නේ නැතුව එන්න වීරවිල දක්කවා හයි ස්පීඩ් නැහැ . වීරවිල ඉදලා කතරගම දක්කවා පොලිසියෙන් පැය 24 රම ඉන්නවා බීලා එලවන්න එපා රැට අනිවා බැලුන් TEST කරනවා . හෙඩ් LIGHTS DIM කරන්නේ නැතිව ගියත් දඩ ගහනවා .


    හදිසි BREAK DOWN සදහා ::

    HYBRID ගරාජ් : අමරදේව මහතා 0770665888 - දෙබරවැව.
    සාමාන්‍ය වාහන ගරාජ් NON HYBRID බස් ලොරි හැම දෙයක්ම සහ අවශ්‍යනම් CARRIER පහසුකම් :: රෝහිත මහතා 0723745262 - දෙබරවැව


    හොරු මාල කඩන එවුන් හරියට ඉන්නවා . නවාතැන් පොලවල මුදල් වටිනා දේවල් තියලා යන්න එපා .


    පුද භූමිය තුලට දාගෙන යන්න පරණ රබර් සෙරෙප්පු අරන් එන්න . සෙරෙප්පු හොරු ඉන්නවා .

    මතක් වෙන විදියට විස්තර දෙන්නම්

    ඔබ සැමට කදසුරුදු පිහිටයි.


     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    TNKS
    වතුර බවුචර් ටිකක් පුරවලා ගෙනාව නම් විකුණගන්න තිබ්බා
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    A. සිරියා;22021137 said:


    කැත හිත.

    කන කෑම විකුණන්නෙ සල්ලි වලට නම්,කඩේ වතුර බෝතල් කරලා විකුණන වන නම් අපි වතුර විකුණන එකේ වැරැද්ද මොකක්ද,ඔය යාපනේ වගේ ඉඳගෙන වතුර ටැංකි පිටින් ගේන්න බෑනේ:sorry:.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    TNKS
    වතුර බවුචර් ටිකක් පුරවලා ගෙනාව නම් විකුණගන්න තිබ්බා
    Appata sirii onna Wiyapara awasatha matath Okama Hithuna apii dennagema thinking patarn samanada manda