කතරතම ඉතිහාසය අප නොදන්නා ඈත අවදියක් දක්වා විහිදී යතත්, ක්‍රි.පූ 6 වන සියවස දක්වා ඒ පිළිබඳව කථා කරන්නට තරම් ප්‍රමාණවත් සාක්ෂි දැනට අප හමුවේ නොමැත. මේ නිසා සාධක සහිත ව කතරගම ඉතිහාසය ගැන අපට කථා කරන්නට සිදුවන්නේ ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ය.
බුදුරජාණන් වහන්සේ තුන් වැනි වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී සංචාරය කළ, වැඩ සිටි ස්ථාන අතර, කතරගම ද එකක් වූ බව ධාතුවංසයෙහි සඳහන් වෙයි. මහාඝෝෂ නම් ග්රාමණී (ගම්පති) වරයකුට අයත් කතරගම පිහිටි කිහිරි උයනක රහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන්වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි බව එහි විස්තර වන අතර, ඒ සිදුවීම නිසා ම පූජනීයත්වයට පත් එම ස්ථානයෙහි ආරක්ෂාව උන්වහන්සේ විසින් ම මහාඝෝෂ වෙත පැවරූ බවත් කියැවේ. දේව ගෝත්රිකයකු වන මහාඝෝෂ බුදු බණ අසා තෙරුවන් සරණ ගියා පමණක් නොව සෝවාන් ඵලයටද පත් වූ බව එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් විස්තර වෙයි. වර්තමාන කිරිවෙහෙර සෑරදුන් ඉදිකර ඇත්තේ ඒ කිහිරි උයනෙහි ය.
මහින්දාගමනය සිදුවූයේ ඉන් වසර 300 කට පමණ පසු දේවානම් පියතිස්ස රජ සමයේදී ය. ඒ පිළිබඳ විස්තර මහාවංසයෙහි දීර්ඝ වශයෙන් සඳහන් වෙයි. මහින්දා ගමනය සිදුවන විටත් කතරගම වෙන ම ස්වාධීන රාජ්‍යයක් ව පැවැති බවට සාධක තිබේ. එනම්, මහින්දාගමනයෙන් මාස 5කට පමණ පසු සංඝමිත්තා මෙහෙණිය විසින් දඹදිව සිට රැගෙන ආ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයේ මහමෙවුනා උයනෙහි රෝපනය කිරීමේ මහෝත්සවයට කතරගම ක්ෂත්රියයන් ද සහභාගී වූ බව මහාවංසයෙහි සඳහන් ව තිබීමයි. රාජකීය අමුත්තන් සේ එම උළෙලට සහභාගි වූ කතරගම ක්ෂත්රියයක්ට මහ රජුගෙන් ලැබුණු තිළිණය වූයේ යට කී බෝධි ශාඛාවෙන් හටගත් බෝධි අංකුරයක් හිමිවීම යි. ඔවුහු එය මහත් ගෞරවයෙන් රැගෙනවිත් තම රාජ්‍යයෙහි රෝපණය කළහ. කතරගම පූජා භූමියේ වර්තමාන මහා දේවාලයට නුදුරින් දක්නට ලැබෙන පැරණි බෝධි වෘක්ෂය ඒ අෂ්ටඵල රුහ බෝධිය බව පිළිගනු ලැබෙ