කතානායකට මරණීය තර්ජන

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    කතානායකට මරණීය තර්ජන

    ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ වෙනම කණ්‌ඩායමක්‌ ලෙස පිළිගන්නේ නැත්නම් මාව මරනවා කියලා ඊයේ (09 දා) රෑ මට මරණීය තර්ජන ආවා.... යෑයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. විපක්‍ෂයේ එජනිස මන්ත්‍රීවරුන් තමන් වෙනම කණ්‌ඩායමක්‌ ලෙස පිළිගන්නා ලෙසට පෙරේදා සභාවේ කළ ඉල්ලීම ඊයේ ද ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කථානායකවරයා එසේ කීවේය.

    ඔබතුමාලා වෙනම කණ්‌ඩායමක්‌ ලෙස පිළිගැනීම සඳහා ශ්‍රීලනිපයේ ස්‌ථාවරය මට අවශ්‍යයි. මට මරණීය තර්ජන ආවා. මේක කළේ නැතිනම් මරනවා කිව්වා. මට ඊයේ ඕනෑ තරම් අපහාස කළා. මට අපහාස කළාට කමක්‌ නෑ. ඒත් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කරන්න එපා. ඔවුන් කරන්නේ රාජකාරිය. ඔබතුමන්ලා ශ්‍රීලපනිපය තුළ ඉන්නවාද නැද්ද කියා අපව දැනුවත් කරන්න. නැතිව මෙහි ඇවිත් බාධා කරන්න එපා යෑයි ද කථානායකවරයා කීවේය.

    ozMKgpf.jpg

     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    හෙට අනිද්දා මැරෙන්ට ඉන්න එක්කුට මොන මරණ තර්ජනද
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    කථානායක කරු ජයසූරිය මහතාට එල්ල වූ මරණීය තර්ජනය සමස්ත පාර්ලිමේන්තුවට ම එල්ල වූ තර්ජනයක් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

    නෙත් නිවුස් කළ විමසීමකදී මහලේකම්වරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වරප‍්‍රසාද කමිටුව කැඳවා විමර්ශනයක් සිදුකළ හැකි බවයි.

    ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි බලකරමින් තමන්ට දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල වූ බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

    මෙම සිද්ධිය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රංජිත් සොයිසා මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා පූර්ණ සහාය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවයි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මරණ තර්ජන? ලොල්!
    ඔක්කොම සක්කිලියෝ ටික ඇවිල්ලා ඉන්න වෙලාවක් බලලා,
    C4 දාලා පුපුරවලා දාන්නයි ඕන!
    ඒක කරන ඕන එකෙක් ඒ පිනෙන් ම සුගතියේ ඉපදෙයි! :yes: