කතාවක් නොවන කතාවක්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කතාවක් නොවන කතාවක්

    යාළුවො,ගෙදර,ස්කෝලෙ මේ දේවල් එක්ක ජීවිතය ගෙවිල ගියෙ හරිම සැහැල්ලුවෙන්.විභාගය ගැන හිතේ පොඩි බරක් තිබුනත් ඒක වැඩියෙම හිතට දැනෙන්න දුන්නෙ නැති හින්ද ජීවිතය සැහැල්ලුවෙන්ම ගෙවිල ගියා.ඒ සතුට තවත් වැඩි කරේ දුහුළු.එයා මගෙ ජීවිතේම කොටසක් වෙලා හිටියේ.අපේ ආදර කතාව දුහුල් මටසිළුටු එකක් නොවන බව දැන දැනම අපි ආදරය කරා.
    ඒ අපිට ආදරවන්තයින් වෙන්න බැරි ලොකු බාධාවක් තිබුණු හින්දා.ඒක අපිට කවදාවත් මඟ හරව ගන්න බැරි බාධාවක් වුනත් ඒ ගැන නොහිත අපි ආදරය කරා.
    මම නෙට් ලොග් වෙන්න පුරුදු වුනේ කම්මැලි කමට.නිකන් ඉන්න වෙලාවට කරන්න දෙයක් නැතිකමට.
    නේහව මට හම්බ වුනේ නෙට් එකේ එහෙම ඉන්න වෙලාවක.මුලින් නිකමට ඇරඹුණු අපේ යාළුකම ටික ටික වැඩි වුනේ අපිටත් නොදැනිම.මම මගෙ විස්තර ඔක්කොම එයාට කිව්වා.එයා එයාගෙ විස්තර ඔක්කොම මට කිව්වා.එයා මට මගෙ නංගියෙක් තරමටම ලං වුනා.
    එයාට පුන්චි අසණිපයක් තිබුනා.මුලින් එයා ඒක ගැන කියන කොට මට එච්චර හැඟීමක් නැතිවුනත් පස්සෙ හොයල බලන කොට ඒක පුන්චි ලෙඩක් නෙවෙයි.ලොකු ලෙඩක්.සමහරවිට එයා මැරෙන්නත් පුළුවන්. ඒක දැනගත්තම මගෙ හිත ඇත්තටම ගැස්සුණා.එයා ඒ වෙනකොට මට ඒ තරමටම ලං වෙලා හිටියේ.මම එයා වෙනුවෙන් දේවාලෙ බාරයක් වුනේ මගෙ හිත සනසවා ගන්න.
    එයත් ලෙඩේ තියෙන බරපතලකම දැනගෙන හිටියා.එයා කිව්වෙම එයාට හැම දෙයක්ම අහිමි වේවිම කියලා.එයාගෙ ජීවිතයවත් එයාට අයිති නෑ කියල එයා හිතා ගෙන හිටියේ.මම හැමතිස්සෙම එයාගෙ හිත හැදුවා.එයාට හොඳ වෙනවමයි කියල එයා හිතේ විශ්වාසය ඇති කරා.
    ඒ දවස් වල මම වැඩියෙන්ම කාලය ගත කලෙ ඒ වෙනුවෙන්.

    කාලය හෙමින් ගෙවිල යන අතරෙදි දුහුළු හිතා ගන්න බැරි විදිහට වෙනස් වුනා.එයා අපි අතරෙ තියෙන නොගැලපීම ගැන හැමතිස්සෙම කතා කරන්න වුනා.මට ඒවට දෙන්න උත්තර තිබුනෙ නෑ.

    මගෙ හිතට දැනෙනෙ දුක මම බෙදා ගත්තෙ නේහත් එක්ක.වෙනදට වැඩියෙන් මම නෙට් එකේ ඉන්න පුරුදු වුනේ ඒ හින්දා.නේහ මගෙම නංගි කෙනෙක් වගේ මාත් එක්ක දුක බෙදා ගන්න හිටියා.
    අන්තිමට දුහුළු මාව දාල ගියා.නේහ නැති වුනා නම් මගෙ හිතට ඒක දරා ගන්න බැරි වෙන්නත් තිබුණා.ඒත් ඒ දුක දරා ගන්න නේහ මට සෑහෙන්න උදවු කරා.එයා මාත් එක්ක එකට දුක් වුනා.
    මම අඬන කොට මට හිතුනෙ එයත් අඬන්න ඇති කියලා.

    නියඟෙට අහුවෙලා පුරන් වෙන්න හැදුව මගෙ හිතට අළුත් වැසි වස්සවල ආයෙමත් අස්වැද්දුවෙ නේහ.ඒ පීදෙන අළුත් පැල වල නුහුරු බවක් දැනුනට ඒව පූදින එක නවත්වන්න මට ඕනෙ උනේ නෑ.මගෙ හිත ඒ අළුත් වැස්සට ආශාවෙන් ඒ පැල වලට ලියලන්න දුන්න.

    දුහුළු ගැන මගෙ හිතේ තිබුණු තැන අඩුවෙන හැම මොහොතක් ගාමෙන නේහ මගෙ හිතේ ඊටත් වැඩියෙන් ඉඩ අයිති කර ගත්තා.දුහුළු නැති පාළුවට හොඳටම අඩපණ වෙලා හිටිය මට ඒක නවත්තන ඕන වුනේ නෑ.
    මට නේහත් එක්ක එක දවසක්වත් කතා නොකර ඉන්න බැරිවුනා.එයාව ඇස් දෙකින් කවදාවත් දැකල නැතිවුනාට ලස්සණ සුරංගනාවියක් වගේ හැම හීණෙකින්ම එයා මඟෙ ලඟට ආව.
    ඔහොම යද්දි එක දවසක් මගෙ හිත මට කිව්ව උඹ නේහට ආදරෙයි කියල.මට කිසිදෙයක් හිතාගන්න බැරුව අසරණ වුනා.එහෙම කරන්න බැරි බව මම හොඳටම දැනගෙන හිටියා.එයාගෙ බෝයි ගැන එයා හැමදෙයක්ම මට කියල තිබුණෙ.
    ඒ ගැන නොදන්නව වගේ මගෙ හිත එයාට ආදරය කරා.මගෙ හිත මට බල කරා ඒක එයාට කියන්න ඕනෙ කියලා.මගෙ හිත මටම පාලනය කර ගන්න බැරි තරමටම එයාව ඉල්ලූවා.
    මේ දේවල් දරාගන්න බැරිම තැන එක දවසක මම එයාට ඒක කිව්වා.මම හිතුවෙ එයා මාත් එක්ක හැමදාටම තරහ වේවි කියලා.ඒත් එහෙම වුනේ නෑ.එයා කිව්වෙ එයාගෙ බෝයි ගැන.එයාව අමතක කරන්න බැරි බව.
    එදා එයා මාත් තරහ වුනා නම්...එහෙනම් මට මගෙ හිත කොහොම හරි හදා ගන්න තිබුණා.ඒත් එහෙම නොවුනු හින්දා මට හිත හදා ගන්න බැරිවුනා.මගෙ හිත කිව්වෙ එයා මට ආදරෙයි කියලා.එයාගෙ බෝයි නැතිවුනා නම් එයා මට කැමතියි කියලා.
    මගෙ හිත පිස්සුවෙන් වගේ ආදරය කරන්න ගත්තෙ ඒ හින්දා.මේ හැමදෙයක්ම වෙලත් තාමත් එයා මාත් එක්ක ඉස්සර වගේම කතා කරනවා.
    අහින්සක හිත් වලට දුක් දෙන එක ලොකු පවක් බව මම හොඳටම දන්නවා.මම කරන්නෙ වැරද්දක් බවත් මම හොඳටම දන්නවා.ඒත් මගෙ හිත තාමත් එයාව ඉල්ලනවා.
    වෙලාවකට මට හිතෙන්නෙ මටයි මගෙ හිතටයි හොඳටම පිස්සු කියලා.
    දැන් නේහට හොඳටම හොඳයි මම දේවාලෙට භාර වුනේ කවද හරි එයත් එක්ක ඇවිත් භාරෙ ඔප්පු කරනවා කියලා.
    එයා ඉස්සර වගේ මගෙ නංගි වෙල හිටියනම් මට එහෙම කරන්න තිබුණා.ඒත් මම දැන් කොහොමද ඒක කරන්නෙ.මම කොහොමද එයාට ඒක කියන්නෙ.
    ඇයි මගෙ හිත මට නොදැනිම මේ දේවල් කරේ.
    වෙලාවකට මට මං ගැනම ලැජ්ජයි,දුකයි.
    ඒත් මගෙ හිත තාමත් එයා ගැන හීණ මවනවා.කවදම හරි එයා මගෙ වේවි කියලා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාව නම් ගොඩ්ඩක් ලස්සනයි මචං...
    ඒත් ඔය නේහා කියන චරිතේ ඇත්ත න්අම් එයා ලොකු වැරදි කාරයෙක්... උඹේ හැඟීම් එක්ක සෙල්ලං කරන කෙනෙක්.. මම නම් ඔය නේහාට කැමති නෑ.. දුහුලු ඒ අතින් හොඳයි...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සුදු මහත්තයා;8182370 said:
    අනේ මන්ද ... :confused::confused::confused: මොනව කියන්නද කියල හිතා ගන්න බෑ :( :( :(

    meika aththa kathawakda?! :eek:

    මේක ඇත්ත කතාවක්ද මචන්

    කතාව නම් ගොඩ්ඩක් ලස්සනයි මචං...
    ඒත් ඔය නේහා කියන චරිතේ ඇත්ත න්අම් එයා ලොකු වැරදි කාරයෙක්... උඹේ හැඟීම් එක්ක සෙල්ලං කරන කෙනෙක්.. මම නම් ඔය නේහාට කැමති නෑ.. දුහුලු ඒ අතින් හොඳයි...

    හැමෝගෙම අදහස් වලට ස්තුතියි.:D
    මේක ඇත්ත කතාවක් වෙන්න පුළුවන්.:P;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කතාව නම් ගොඩ්ඩක් ලස්සනයි මචං...
    ඒත් ඔය නේහා කියන චරිතේ ඇත්ත න්අම් එයා ලොකු වැරදි කාරයෙක්... උඹේ හැඟීම් එක්ක සෙල්ලං කරන කෙනෙක්.. මම නම් ඔය නේහාට කැමති නෑ.. දුහුලු ඒ අතින් හොඳයි...

    උඹ කියන දේත් හරි.ඒත් මේ කතාවෙ මම කියන චරිතයත් වැරදි වෙන්න බැරිද. උඹට එහෙම හිතෙන්නෙ නැද්ද.
    ඒත් මේකට සම්පූර්ණ්යෙන්ම වැරදි ආදරය කියන වචන හතර.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කතාව නම් ගොඩ්ඩක් ලස්සනයි මචං...
    ඒත් ඔය නේහා කියන චරිතේ ඇත්ත න්අම් එයා ලොකු වැරදි කාරයෙක්... උඹේ හැඟීම් එක්ක සෙල්ලං කරන කෙනෙක්.. මම නම් ඔය නේහාට කැමති නෑ.. දුහුලු ඒ අතින් හොඳයි...

    ඔව් ඔයා හරි. ඒත් මේ කතාවෙ හැටියට , මට තේරුන හැටියට නේහා කියන්නෙ සත්‍ය චරිතයක් නෙමෙයි නෙ.

    ඒත් මම දන්න විදියට කෙල්ලො බහුතරයක් ඔය වගේ. එයාල එයාලගෙ තාවකලික සතුට ( වැරදියට හිතන්නෙපා සෙක්ස් ගැන නෙමෙයි කිව්වෙ ) වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න අවස්ථාවල් තියෙනවා. අපිට ගැහැනියක්ගෙ තේරුම් ගන්න බැරි උන තව තැනක් එතන. ඇයි එයාල එහෙම කරන්නෙ කියන එක ගැන. ඔය ගැන කරුනාසේන ජයලත් මහත්තයා 1962 කතා කරේ.. ( ගොළු හදවත )
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    උඹ කියන දේත් හරි.ඒත් මේ කතාවෙ මම කියන චරිතයත් වැරදි වෙන්න බැරිද. උඹට එහෙම හිතෙන්නෙ නැද්ද.
    ඒත් මේකට සම්පූර්ණ්යෙන්ම වැරදි ආදරය කියන වචන හතර.

    උඹත් වැරදියි මචන්. ආදරය කියන අකුරු හතර කවමදාකවත් වැරදි නෑ. ආදරය කරන අයයි වැරදි. :baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ කියන දේත් හරි.ඒත් මේ කතාවෙ මම කියන චරිතයත් වැරදි වෙන්න බැරිද. උඹට එහෙම හිතෙන්නෙ නැද්ද.
    ඒත් මේකට සම්පූර්ණ්යෙන්ම වැරදි ආදරය කියන වචන හතර.

    මම කියන චරිතය අතරමං වුන චරිතයක්නේ මචං.. එහෙම වෙලාවක එයා හිතන දේවල් ටිකක් දැනෙන දේවල් පැටලිලි සහිත වෙනවා... ඒ වුනාට අතරමං වෙලා නැති කෙනෙක් කරන්න ඕනේ එයාට හරි පාර පෙන්නන එක මිසක් තවත් අවුලකට ඇදලා දාන එක නෙමෙයි.. ආදරය වැරදි නෑ මචං.. ආදරය කරන මිනිස්සුන්ගෙයි වැරදි තියෙන්නේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුදු මහත්තයා;8182489 said:
    ඔව් ඔයා හරි. ඒත් මේ කතාවෙ හැටියට , මට තේරුන හැටියට නේහා කියන්නෙ සත්‍ය චරිතයක් නෙමෙයි නෙ.

    ඒත් මම දන්න විදියට කෙල්ලො බහුතරයක් ඔය වගේ. එයාල එයාලගෙ තාවකලික සතුට ( වැරදියට හිතන්නෙපා සෙක්ස් ගැන නෙමෙයි කිව්වෙ ) වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න අවස්ථාවල් තියෙනවා. අපිට ගැහැනියක්ගෙ තේරුම් ගන්න බැරි උන තව තැනක් එතන. ඇයි එයාල එහෙම කරන්නෙ කියන එක ගැන. ඔය ගැන කරුනාසේන ජයලත් මහත්තයා 1962 කතා කරේ.. ( ගොළු හදවත )

    ඕකම තමයි මටත් හිතුනේ...එයාලා තමන්ට නොලැබුන සමහර දේවල් ලබාගන්න කොල්ලන්ට ලං වෙනවා.. ආදරෙත් නෑ.. ඒ වුනාට නැතුවත් බෑ..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සුදු මහත්තයා;8182489 said:
    ඔව් ඔයා හරි. ඒත් මේ කතාවෙ හැටියට , මට තේරුන හැටියට නේහා කියන්නෙ සත්‍ය චරිතයක් නෙමෙයි නෙ.

    ඒත් මම දන්න විදියට කෙල්ලො බහුතරයක් ඔය වගේ. එයාල එයාලගෙ තාවකලික සතුට ( වැරදියට හිතන්නෙපා සෙක්ස් ගැන නෙමෙයි කිව්වෙ ) වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න අවස්ථාවල් තියෙනවා. අපිට ගැහැනියක්ගෙ තේරුම් ගන්න බැරි උන තව තැනක් එතන. ඇයි එයාල එහෙම කරන්නෙ කියන එක ගැන. ඔය ගැන කරුනාසේන ජයලත් මහත්තයා 1962 කතා කරේ.. ( ගොළු හදවත )

    සුදු මහත්තයා;8182503 said:
    උඹත් වැරදියි මචන්. ආදරය කියන අකුරු හතර කවමදාකවත් වැරදි නෑ. ආදරය කරන අයයි වැරදි. :baffled::baffled:

    මම කියන චරිතය අතරමං වුන චරිතයක්නේ මචං.. එහෙම වෙලාවක එයා හිතන දේවල් ටිකක් දැනෙන දේවල් පැටලිලි සහිත වෙනවා... ඒ වුනාට අතරමං වෙලා නැති කෙනෙක් කරන්න ඕනේ එයාට හරි පාර පෙන්නන එක මිසක් තවත් අවුලකට ඇදලා දාන එක නෙමෙයි.. ආදරය වැරදි නෑ මචං.. ආදරය කරන මිනිස්සුන්ගෙයි වැරදි තියෙන්නේ..

    ඕකම තමයි මටත් හිතුනේ...එයාලා තමන්ට නොලැබුන සමහර දේවල් ලබාගන්න කොල්ලන්ට ලං වෙනවා.. ආදරෙත් නෑ.. ඒ වුනාට නැතුවත් බෑ..

    ඔව් මේ හැමදෙයක්ම ඇත්ත.
    ගැහැණු කියන්නෙ තේරුම් ගන්න හරිම අමාරු කොටසක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
    ඇත්තටම ආදරය වැරදි නෑ.ඒත් අපි වරද්ද ගන්නෙ ආදරය හින්ද නම් ඇත්තටම කවුද වැරදි.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එහෙට මෙහෙට
    පැද්දෙන හිත
    කියන කියන දේ
    කරමින..
    ජීවිතයම වැරැදුන
    තැන,
    හදාගන්න
    බැරිවෙයි බොට..

    :yes::P:yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එහෙට මෙහෙට
    පැද්දෙන හිත
    කියන කියන දේ
    කරමින..
    ජීවිතයම වැරැදුන
    තැන,
    හදාගන්න
    බැරිවෙයි බොට..

    :yes::P:yes:

    කැඩිච්ච හිත හදා ගන්න
    පුළුවන් නම් ඉක්මණටම
    මේ මෙච්චර දුක් විඳ විඳ
    මම ඉඳියිද කල් මර මර
    :(:(
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    mama dakin widiyata othanadi 'mama' kiyana charitayath 'neha' kiyana charithayath dennama waradi. mokada e dennatama wenath jeewithathayak thibuna. eth e dennama eken pitat thawath sameepa asurak goda nagaganna giya. eka waradi.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    mama dakin widiyata othanadi 'mama' kiyana charitayath 'neha' kiyana charithayath dennama waradi. mokada e dennatama wenath jeewithathayak thibuna. eth e dennama eken pitat thawath sameepa asurak goda nagaganna giya. eka waradi.

    ඔව් ඔයා කියල තියෙන දේ ඇත්ත.
    ඒත් හිත කියන්නෙ එහෙට මෙහෙට වෙනස් වන දෙයක්නේ
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔව් ඔයා කියල තියෙන දේ ඇත්ත.
    ඒත් හිත කියන්නෙ එහෙට මෙහෙට වෙනස් වන දෙයක්නේ

    ow machan. eth api paredi lassana kellek dakka paliyata ekigena ahanna yanne nane. apita swyan palanayak kiyala deyak thiyenna ona. thamanta affair ekak thiyenawa nam e aya danaganna ona thamange limit eka. e limit eka athule inna swyan palanayak thiyenna ona.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කැඩිච්ච හිත හදා ගන්න
    පුළුවන් නම් ඉක්මණටම
    මේ මෙච්චර දුක් විඳ විඳ
    මම ඉඳියිද කල් මර මර
    :(:(

    හිතට ඕන දේ කර කර
    හිත හදන්න ට්‍රයි කර කර
    තවත් ලව් එකක් කුඩු කර
    ජෝඩු වෙලා ඇති ඵල කිම?
    ;):P