මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) බදවා ගන්නාලද මුල් සිසුන් කණ්ඩායමේ සිසුන් තිදෙනෙකු සයිටම් ආයතනයෙන් වන්දි ඉල්ලා නඩුවක් ගොනුකර ඇත.කඩුවෙල අධිකරණයේ සිසුන් විසින් වන්දි ඉල්ලා පවරා ඇති නඩුව අද 27 දිනයේ කැදවා ඇත. සිසුන් මේ නඩුව ගොනු කර තිබෙන්නේ ගිවිසුම් කඩ කිරීම යන චෝදනාව සයිටම් ආයතනයට එල්ල කරමින්ය.
සිසුන් අධිකරණය හමුවේ පවසා ඇත්තේ රුසියාවේ වෛද්‍ය විද්‍යාලයක් සමග අනුබද්ධ කටයුතු කරන බව සදහන් කරමින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සිසුන් නොමග යවා ඇති බවයි. සිසුන් නොමග යවා සයිටම් ආයතනයට සිසුන් බදවාගෙන ඇත.සයිටම් ආයතනය පොරොන්දු වු පරිදි වෛද්‍ය උපාධියක් ලබා දීමට නොහැකි වීමත් සිසුන්ට වෛද්‍ය උපාධියක් ලබා ගැනීම සදහා දිගු කාලයක් බලා සිටීමට සිදු වීමත් නිසා මේ වන විට බොහෝ සිසුන් පිරිසක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හැර ගොස් ඇති බවද වාර්තාවේ.
පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයෙක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කල ලිපි වල අඩංගු කරුණු බොහොමයක් අසත්‍ය බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇත.