කතා කරන පින්තූර

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කතා කරන පින්තූර

    පොඩි සෙල්ලමක්
    කවුරු හරි එකෙක් පින්තූරයක් දානවා. අනිත් උන් ඒකට ගැලපෙන්න කථාවක් ( ස්ක්‍රිප්ට් එකක් ) දාන්වා
    මෙන්න මේ වගේ


    koTWoeL.jpg


    ඔහු වෘතීයෙන් තීන්ත බාස් කෙනෙක්. කළා උපාධිධාරියෙකු වුවත්, ඔහුගේ සිතුවම් මිලදී ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ හෙයින්, අවසානයේ තීන්ත බාස් කෙනෙකු වන්නට සිදුවිය.
    අද ඔහුගේ බිරිඳගේ උපන්දිනය. තමන්ගේ පසුම්බියේ ඉතිරිවූ මුදලින් තම බිරිඳට ලබා දිය හැකි හොඳම දේ ඔහු අත තිබේ.


    තවත් විදිහකට

    කෑල්ලගේ බර්ත් ඩේ එක. ඒකත් මතක් උනේ උදේ පාන්දර. නැගිට්ටෙත් පරක්කු වෙලා. දඩිබිඩියේ නැගිටලා රැක් එකේ තිබ්බ ඇඳුමක් හොයන්නේ බලන්නේ නැතුව ඇඳගෙන දිව්වා මල් කඩේට. සාක්කුවට අත දානකොට තමා දෙයියෝ සිහි උනේ.. පර්ස් එක ගෙදර.. ආපහු ගිහින් එන්න කාලේ මදි. සේප් එකේ දොර ගාව විකුණන්න තිබ්බ රෝස මල් ගොඩෙන් එකක් අරන් ටක් ගාලා එළියට ආවා. පිටි පස්ස බල බල ඉස්සරහට එනකොට හැරෙන්න වංගුවක් තිබ්බා. දඩාස් ගාලා හැප්පුනා. බැලීනම් පළංචියක්. හැප්පිච්ච පාර ඒක උඩ තීන්ත ගගා හිටපු එකාගේ අතේ තිබ්බ තීන්ත බාල්දිය දඩාස් ගාලා බිම වැටුනා තීන්ත ටික ඉහිරුණා ඇඳුම හැමතැනම
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    image.png


    හදිස්සියේ හුජ්ජ බරක් සෙට් උනා. ළඟ පාත ලැට් එකකුත් නෑ. පුරුද්දට වගේ මොබයිල් එකෙන් ෆොටෝ එකක් ගත්ටා ඉන්ස්ටග්‍රෑම් දාන්න. ඈතින් කවුද එනවා වගේ ඉක්මනට මාරු වෙන්න ඕන
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මහන්සිවෙලා වැඩකරලා ගෙදර ලස්සන කරන්න මල් ඉත්තක් ගත්ත.
    මට එහායින් හොරාට මගේ ෆොටෝ එක ගන්න අපතයා , ඕක අන්තර්ජාලයේ දාල එකේ ඉන්න වැඩ නැති මෝඩ පහේ කොල්ලෝ අතල් ගනීවිද දන්නේ නැහැ