කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

Nov 24, 2008
14,813
575
0
78
aah same question ekama matath thibba. e kale mama kale shenoxxx kiyala member skype eke thiyagena ahana eka thama:rofl:

thread ekata thanx machan:D nodanna dewal godak dana gaththa:D
 

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මෙන්න මේ වගේ මරාගන්නේ නැතුව වෙනත් අයගේ ආගම් ගැනත් පොඩ්ඩක් ඉගෙන ගන්නවනම් කොච්චර ලස්සනද?
    11.gif
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඔගොලන්ගේ පුජකවරුන්ව කොමද වෙනස් වෙන්නෙ ?

    මම අහන්නේ අමන්ත්‍රනය කරන විදිහ වගේ අනිත් එක මම ෆාදර්, ෆාස්ටර්, බ්‍රදර්,සිස්ටර්,මදර් ඔහොම කියලා තියනවා. තව මම දැකලා තියනවා ඉන පටියේ වෙනස් කම් පාට රතු කලු වගේ තව පටිය වෙනුවට ලනුවක් වගේ එකක් බැදලා තියනවා මම දැකලා තියනවා අනිත් එක එගොල්ලන්ගේ පදවි තිරණය වෙන්නේ කොමද සහ කදිනල් කියන්නේ ඔය වගේ තනතුරු සහ පාප් වහන්සෙ එහම

    මටත් දැන් ගන්න ඕන
    :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි කියන්නෙ මචන් කතෝලික සභාවෙන් 16 වෙනි සියවසේදි වෙන් වුන, අදටත් විශාල අනුගාමිකයන් ප්‍රමාණයක් ඉන්න ප්‍රධානතම ක්‍රිස්තියානි සභාවක්... මේ අය සාම්ප්‍රදායික කතෝලික වත් පිලිවෙත් සහ ඇදහීම් වලට විරෝධය පෑවා... ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් protest කලා... මේ protest කියන වචනයෙන් තමයි Protestant එහෙමත් නැත්තම් ප්‍රොතෙස්තන්ත කියන නම පවා හැදුනේ... ප්‍රොතෙස්තන්ත බයිබලය ගත්තොත් කතෝලික බයිබලයේ පරණ ගිවිසුමේ තියන සමහර කොටස් ඔවුන් ඉවත් කරලා තියනවා, ඒවායේ අධිකාරී ස්වරූපයක් තියන බව සඳහන් කරමින්.. ඊට අමතරව මරියතුමිය, සාන්තුවරුන්, සමහර ගැලවීමේ අභිරහස් වගේ සමහර කතෝලික සංකල්ප ඔවුන් දැඩිව ප්‍රතික්ශේප කරනවා.. මේ අයගේ උත්සාහය වුනේ කතෝලික සභාවට ප්‍රතිසංස්කරන ඇති කරන්න... අර මුලින් කියපු විවාදාත්මක කාරණා සම්බන්ධව.. නමුත් ඒක අසාර්ථක වුන නිසා ඔවුන් බෙදී වෙන් වුනා(පසුකාලීනව ප්‍රොතෙස්තන්ත සභාවත් ගොඩක් කොටස් වලට බෙදී ගියා)... කතෝලිකයන්ව ඔවුන් හැඳින්වුවේ ක්‍රිස්තු ධර්මය විකෘති කරගත්ත පිරිසක් විදියට තමයි... නමුත් කතෝලිකයන් අනිත් අතට මේ අය වැරදි බව ප්‍රකාශ කලා.. මේ විවාදය බොහොම ධරුනු වුනා යුරෝපයේ... ලංකාව සම්බන්ධව ගත්තොත්, පෘතුගීසීන් කතෝලික ආගමිකයන්... නමුත් ඔවුන්ට පසුව ආපු ලන්දේසීන් ප්‍රොතෙස්තන්ත අය... මේගොල්ලො මෙහෙ ආවට පස්සේ,ලංකාවේ කතෝලික ජනතාව සමූල ඝාතනය කලා... පල්ලි විනාශ කරලා කතෝලික ආගම ඇදහීම තහනම් කලා.. පෘතුගීසීන් මේ රටට අවේ 1505 දි නේ.. මුල්ම ලන්දේසි සෙනෙවියා අවේ 1602 දි.. 1796 ඉන්ග්‍රීසීන් රට අල්ල ගන්නකම් ඔවුන් මේ කතෝලික ආගම මර්ධනය කලා... පියතුමන්ලා හිටියේ නැහැ දිව්‍ය පූජාව වත් පවත්වන්න... ඒ අයව මරා දැම්මා.. ජුසේ වාස් කියන පියතුමා ඉන්දියාවේ ඉඳන් ඇවිත් හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන රට පුරා ගිහින් දිව්‍ය පූජාව පවත්වන්න ලොකු වෙහෙසක් ගත්තා... මේ දුෂ්කර කාල සීමවේදි කතෝලිකයන්ට ජීවිත ආරක්ෂා කරගන්න පිහිට වුනේ, මේ රටේ බෞද්ධ ජනතාවයි... විමලධර්මසූරිය රජතුමා පවා අන්තිමේදි ජුසේ වාස් පියතුමාගේ සහයට ඉදිරිපත් වුනා.. තව අපි තෙරුම් ගන්න ඕනා එක කාරණාවක් තමයි,පෘතුගීසීන්ගේ කාලයේදි තාන්න මාන්න වලට ආගම මාරු කරපු අය හිටියා නම් ඒ අය මේ දුෂ්කර කාල පරිච්ඡේදයේදි පැහැදිලිවම හැලිලා ගියා කියන එක... ආගම අදහන්න පූජකයෙක්වත් නොසිටි අවුරුදු 150 ක විතර මේ කාල පරිච්ඡේදයේදි බොහොම අමාරුවෙන් සහ කතෝලික සභාව ගැන සැබෑ ලෙසම විශ්වාසයෙන්,ජීවිත පරිත්‍යාගයෙන් සිටි අය පමණක් ඉතුරු වුනා කියල කිව්වොත් මම හිතන්නෙ ඕගොල්ලොත් එකඟ වේවි.. ඒ නිසා වර්තමාන ශ්‍රී ලාංකික කතෝලික ජනතාව පැවත එන්නේ සැබෑ ලෙසම ආගම විශ්වාස කළ පිරිසකගෙන්... ලාංකීය බෞද්ධ ජනතාව ඒ වෙලාවේදි, කතෝලිකයන්ට ලබා දුන් සහය ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍යයයි.. අදටත් ලංකාවේ ආගමික සහජීවනයට ඊට වඩා හොඳ උදාහරණයක් නැහැ... එතකොට පසුකාලීනව ආව ඉංග්‍රීසීන් වුනත් කතෝලිකයන් නොවෙයි... ඔවුන් බොහොමයක් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානින්.. නමුත් අදටත් ලංකාවේ වැඩිම පිරිසක් ඉන්නේ කතෝලිකයන්,මේ අය රටේ සංස්කෘතියත් එක්ක බොහෝ දුරට බද්ධ වෙලා ඉන්නවා අදටත්... ඒත් ප්‍රොතෙස්තන්ත සහ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි අනුගාමිකයන් මේ රටේ ඇත්තේම නැති තරම්.. ඉතාම සුලු ප්‍රමාණයක් පමණයි ඉන්නේ... මම හිතනවා මේ කරුණ පැහැදිලි ඇති කියලා.. :cool:

    වටින ත්‍රෙඩ් එකක් :love:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අසරණ උන හැගර් ඉස්මයිල් එක්ක කාන්තාරේ තනි උනා. ඉස්මයිල්ට බොන්න වතුර හොයන්න හැගර් හැම තැනම දිව්වා. අන්තිමට දෙවියන්ට කෑ ගහලා මොර දුන්නා තමාට උනා අසාධාරණය කියලා. දෙවියන් වහන්සේ උත්තර දීලා කිවවා ඉස්මයිල්ගෙන් අලුත් පරපුරක් ගොඩ නගනවා කියලා. ඒ පරපුර තමයි අද ඉන්න මුස්ලිම් උදවිය. මේක බොහොම සාරාංශයක් විතරයි.
    :)

    මෙහෙම දෙයක් ඇහැව්වෙ අදයි,ක්‍රිස්තියානි ක‍තෝලික හා මුස්ලිම් අය අතර මුල් කාලෙ සම්බන්ධයක් තියෙනව කියල..
     

    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    මෙහෙම දෙයක් ඇහැව්වෙ අදයි,ක්‍රිස්තියානි ක‍තෝලික හා මුස්ලිම් අය අතර මුල් කාලෙ සම්බන්ධයක් තියෙනව කියල..

    මීට අමතරව යුදෙව්වොත් එක්කත් සම්බන්දයක් තියනව නේද.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මුස්ලිම්, කතෝලික/ක්‍රිස්තියානි, ජුදෙව් යන ආගම් එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද ? මේ දස පනත ඒ ඒ ආගම් වල තියෙන්නේ කොහොමද ? කුරානයේ හා බයිබලයේ වෙනස් කම් මොනවද ?
     

    ElaRosa

    Junior member
  • Feb 15, 2013
    265
    16
    18
    මචන් වෙලා ගියා කිව්ව විදියට උඹේ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න. මෙන්න මෙහෙමයි විස්තරේ. අපේ ආගම පටන් ගන්නේ ආබ්‍රහම් කියන ආදී පියා ගෙන්. මේ පියාගෙන් තමයි අද අපේ ලෝකේ ප්‍රධානම ආගම තුනක් නිර්මාණය වෙලා තියෙන්නේ. යුදෙව්, කතෝලික/ක්‍රිස්තියානි, හා මුස්ලිම්. දෙවියන් වහන්සේගේ ජනතාවගේ ආගම තමයි යුදෙව්. ආබ්‍රහම් යුදෙව් ආගමට අනුව හිටපු කෙනෙක්. එයාගෙයි මෙයාගේ බිරියටයි සැහෙන කාලයක් යනකන් ළමයි හම්බුනේ නැහැ. මේ හේතුවෙන් මෙයාගේ බිරිය තමාගේ සේවිකාවක් වන "හැගර්" සමග යහන් ගත වෙලා එයාල වෙනුවෙන් හැගර්ට දාව දරුවෙක් ලබා දෙන්න කියලා එබ්‍රහම්ට කිවවා. බිරියට අවනත උන ආබ්‍රහම් මගින් හැගර් ට පුතෙක් හම්බුනා. එයාගේ නම තිබ්බේ "ඉස්මයිල්" කියලා. ටික කාලයක් යනකොට අබ්‍රහම්ගේ නෝනටත් දරුවෙක් හම්බුනා. එයාගේ නම "ඊසාක්". තමාගේ දරුවයි සේවිකාවගේ දරුවයි දැකපු අබ්‍රහම්ගේ නෝනා හැගර්ට තමාගේ දරුවා අරගෙන පිට වෙන්න කිව්වා. අසරණ උන හැගර් ඉස්මයිල් එක්ක කාන්තාරේ තනි උනා. ඉස්මයිල්ට බොන්න වතුර හොයන්න හැගර් හැම තැනම දිව්වා. අන්තිමට දෙවියන්ට කෑ ගහලා මොර දුන්නා තමාට උනා අසාධාරණය කියලා. දෙවියන් වහන්සේ උත්තර දීලා කිවවා ඉස්මයිල්ගෙන් අලුත් පරපුරක් ගොඩ නගනවා කියලා. ඒ පරපුර තමයි අද ඉන්න මුස්ලිම් උදවිය. මේක බොහොම සාරාංශයක් විතරයි.

    ඊසාක් තමයි යුදෙව් නව පරපුර බිහිකරන්නේ. ඊසාක් ගේ පුතුන් වන ජාකොබ් හා එසව් ගෙන් ඊළඟ පරපුර හැදෙනවා. ජාකොබ් ගෙන් ජෝශප්, ජෝශප් ගෙන් පසු මෝසස්. මෝසස් තමයි යුදෙව් ජනතාව ඊජිප්තුවේ වහල් බවෙන් නිදහස් කරගෙන දෙවියන් විසින් පොරොන්දු උණු දේශය වෙත රැගෙන යන්නේ. ඒ දේශය තමයි ජුදෙව් දේශය නොහොත් අද කාලේ පලස්තීනය. මේ අතර තුර තමයි ජනතාවට දස පනත දෙන්නේ. යුදෙව් ජනතාව පලස්තීනය වෙත ඇවිත් එහෙ පදිංචි වෙමින් ව්‍යාප්ත උනා අද තියන ඉශ්‍රයලයට. මේ පලස්තීන ජාතිකයන් ඉස්මයිල්ගෙන් පැවත එන ජනතාව. දැන් තේරෙනවනේ දෙගොල්ල අතර රණ්ඩු සරුවල් අදටත් වෙන්නේ ඇයි කියලා. යුදෙව් ජනතාවගේ දෙවියන්ගේ නීතිය තදයි. නමුත් ඒ කලේ වෙනකොට ජුදයාව පාලනය කලේ රෝමෙන්. මේ අතරතුරේදී තමයි දෙවියන් වහන්සේගේ එකම පුතා වන ජේසු තුමා ඉපදෙන්නේ. එතුමත් යුදෙව් ජාතිකයෙක්. එතුමාවත් යදෙව්, මුස්ලිම් චාරිත්‍රයට අනුව චර්මද්චේදනය කරා. අවුරුදු 30 දී එතුමා දෙවියන් වහන්සේගේ පණිවුඩය මිනිසුන් අතරට ගෙනාවා. නමුත් මේ ඉගැන්වීම් යුදෙව් ඉගැන් වීම් වලට වඩා හත් පසින්ම වෙනස් නිසා යුදෙව් ආගමික නායකයන් ජේසු තුමාව රෝම නීතිය අනුව කුරුසයේ ඇන ගහලා මැරුවා. දවස් තුනකින් ජේසු තුමා සඳහන් කල පරිදිම මරණෙන් නැගිටීමෙන් තමයි ජේසු තුමාටම වෙන් උන ආගම් හැදුනේ. නමුත් ජේසු තුමා කිව්වේ නැහැ මම අවේ මේ ආගම පතුරුවන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. එක කාලයත් එක්කම හැදුන එකක්. එතුමාට ඕනේ උනේ ප්‍රේමයේ පණිවුඩය ජනතාව අතරේ පතුරුවන්න.

    කතෝලික, රෝමානු කතෝලික කියන්නේ දෙකම එකයි. කොන්ස්ටන්ටින් කියන රෝම අධිරාජ්‍යයා තමයි රෝමානු කතෝලික පල්ලිය හැදුවේ. අද වතිකානුව ඒ ප්‍රතිපලයක්. අපේ රෝමානු කතෝලික ආගම පාලනය කරන්නේ රෝමේ වතිකානුවෙන් පාප් තුමාගේ නායකත්වයෙන්. ක්‍රිස්තියානි ආගම වෙනමම බයිබලය මත හා දෙවියන් ජේසු තුමා අතර ගොඩ නැගුන ආගමක්. අපි රෝමානු කතෝලිකයන් හැටියට සාන්තු වරයන් මාර්ගයෙන් දෙවියන් යදිනවා. කෙලින්ම දෙවියනුත්, ජේසු තුමත්, ජේසු තුමාගේ මව වන මරිය තුමියවත් අදහනවා.
    :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: