"සෙන්ට්‍රල් එක ලඟ බහින අය ඉස්සරහට එන්න.."
ඒ සද්දෙට මම ආයෙත් කවුලුවෙන් වට පිට හොඳට බැලුවා.හැමදේම ඉස්සර වගේමයි..පාසල් වෑන්ර්රථ පේලි ,අයිස් ක්‍රීම් කාපු කඩ වගේම තව ගොඩාක් දේවල්.බස් එකෙන් බැහැලා මම ප්‍රධාන ගේට්ටුව ලඟට ආවේ හුරුපුරුදු කවුරුවත් ඉදීවිද කියන බයෙන්.සිරිපාල අංකල්ට මාව අඳුර ගන්න බැරිවුනේ මොන හේතුවකට වුනත් මම ඒ ගැන සතුටු වුනා.
" ඇයි ළමයෝ.."
"අස්වීමේ සහතිකය ගන්න.."
"හා.මේ පොතේ අස්සන් කොරලා යන්න.."
හම්බන්තොට ගිනි අව්වේ සැරට පිච්චෙන්න නොදී අපිට සෙවන දුන්න සුදු අරලියා පේළියත්,පාර දෙසට වන්නට තිබුන ක්‍රීඩා පිටියේ මායිම දිගට තිබුන විලෝ ගස් පේලියත්,ඈතට පෙනෙන පාසල් මාතාවගේ ගොඩනැගිලි සමූහයත් හිතට අරන් ආවේ කියාගන්න බැරි මොකද්දෝ දුකක්.ඒ දවස් කොච්චර ලස්සන වුනත් හැමදේම අවසානයේ මහා දුකක් වුනේ මගේ වැරැද්ද නිසා වෙන්න ඇති.
සනුජි කොහේ ඉඳලා දුවන් ආවද මම දන්නේ නෑ.ඒත් ගෙනාපු ආරංචිය නම් හරිම වැදගත්..
"අද කෙමෙස්ට්‍රි ටීචර් නෑ.ලාස්ට් පීරියඩ් දෙකම හිස්.."
හයවෙන කාලච්ඡේදයෙන් පස්සේ ලැබෙන නිදහස ගැන හිත හිත ඉඳලම ෆිසික්ස් ගණන් ටිකත් හරියට හදාගන්න බැරි වුනා.
"කමක් නෑ.හිස් පීරියඩ් එකේ සත්‍යානන්ද සර්ගේ ටියුට් එකක් කරනවා..."එහෙම හිතලා හිත ශේප් කරගත්තා.
උසස් පෙළ අපේ පංතියේ හිටියේ ළමයි 20ක් වගේ.හිස් පීරියඩ් එකක් ආපු ගමන් ඒ ගොඩාක් අය ලයිබ්රියට හරි ලැබ් එකට හරි යන නිසා ගොඩාක් දවස් වලට එයාටයි මටයි නිදහසේ කථාකරන්න පුලුවන් වුනා.ඒ බව දන්න නිසාම,ඒ කිව්වේ කසුන්,එහෙමත් නැත්තම් මීට අවුරුදු හතරකට විතර කලින් මාව එයාගේ ජිවීතේම විදියට හිතපු කෙනා මගේ දිහා හොරාට බලනවා මම ඇස් කොණින් දැක්කා.හැබැයි මම නෙවෙයි ඔළුව උස්සලා එයා දිහා බැලුවේ.
"අරුණි..ඇයි ඊයේ ඉක්මනට ගියේ..?"
එයා එහෙම අහගෙන මගේ ලඟට ඕනි තරම් ඇවිත් ඇති.ඒ වචන මට කටපාඩම් වුනේ ඒ හින්ඳාමයි.
"අයියා එන්න ඉස්සරවෙලා වෑන් එකට යන්න එපායැ කසූ..."
ඒ මගේ සුපුරුදු උත්තරේ.මම හිතන්නේ එයාටත් ඒක කටපාඩම් ඇති.
"මේක හරිම වදයක් අරුණි..ගෙදර ගියත් හිතට නිදහසක් නැහැ.."
"හ්ම්ම්..."
"මේ සතියේවත් පංති යන එලාවට මාව මුණගැහෙනවද..?"
"ම්ම්ම්..."
"ඇයි අරුණි මේ..?"
එයා එහෙම අහගෙන මගේ ඩෙස් එක උඩ වාඩි වුනා.මුලු විද්‍යා අංශයම වගේ දන්න ප්‍රසිද්ධ රහසක් වුන අපේ සම්බන්ධය නිසා කවුරුවත් ඒගැන අමුතුවෙන් පුදුම නොවෙන වග මම දැනන් හිටියත්,
"ඇයි මේ..අනේ එහා ඩෙස් එකට යන්නකෝ කසු..හොඳ නෑනේ ඔහොම ඉන්න.."
මම එදා හිතක් පපුවක් නැතිව කියලා තිබුනා.අපේ පංතියේ බිත්ති ඒ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන් ඉඳලා තිබුනා.ගොඩාක් දවස් වලට මම එහෙම කිව්වම එයා නැගිටලා පංතියෙන් එළියට යනවා.මට මතකයි ඒ ඇස් පුරෝගෙන ගියපු දුක.ඔයාට දීපු හැම දුකකටම මම අද විඳවනවා කසුන්..සත්තයි..
අම්මා තාත්තා විතරක් නෙවෙයි අයියත් මාව හැදුවේ කොට්ට දෙකක් දෙපැත්තේ තියලා බෝනික්කෙක් වගේ.එයාලට කොහොම වුනත් මට නම් ඒක ඒ කාලේ හරිම වදයක් වුනා.ඒ ඒකාකාරී බවෙන් මිදෙන්න මිසක් හැගීමක් ඇතිව ඔයාට "හා" කීවේ නැති බව ඔයා දැනන් හිටියේ නෑ කසුන්..
හැමදේම ගලාගෙන යද්දී මේ දේවල් අයියාට ආරංචි වුන නිසා එයා කිහිප වතාවක්ම ස්කෝලේ ඉස්සරහදිම ගුටි කෑවා.ඒත් එයා මම ගැන එක දශමයවත් අහිතක් හිතුවේ නැති බව මට විශ්වාසයි.මම ස්කෝලේ එනකම් මාර ගස් යට බංකුවේ වාඩි වෙලා ගේට්ටුව දිහා බලන් හිටියේ නැති දවසක් ඒ අවුරුදු දෙක ඇතුලේ තිබුනේ නැති තරම්..
ආදරේ..කියන වචනේ තේරුම තියා ඒ වචනේ පපුවෙන් කියන්නවත් දැනගෙන හිටියේ නැති මම "මේක නතර කරමු" කියලා කිව්වේ අපිට ඇඩ්මිෂන් දෙන දවසේ කියලත් මට හොඳට මතකයි.මම කිව්වේ බොරු කියලා.මම කලේ විහිලුවක් කියලා මුලින් හිනාවක් මැවුන ඔයාගේ මුහුණේ පුදුමය,දුක,කේන්තිය අන්තිමට මහ අමුතුම හැගීමක් මැවුනා කියලා පිළිවෙලින් මට යන්තමට මතකයි..
අපි පාසලට සමු දුන්නේ ඒ විදියට වුනත් ඔයා මට එහෙම සමු දීලා නෑ කියලා මට තේරුනේ පංති ඉවර එලා න හැම දවසකම ඔයා මාතර ටවුන් එකට වෙලා බලන් ඉන්න හැටි දැක්කම..පස්සේ පස්සේ මම ටවුන් එන්නේ නැතිව මගදිම බෙලිඅත්ත බස් එකට නැග්ගේ වෙන කරන්න දෙයක් මගේ පව්කාර ඔලුවට ආවේ නැති හින්දාමද මන්දා කසුන්..
විභාගෙට මාසයක් දෙකක් තියලා ඔයා පිස්සෙක් වගේ දැගලුවා කියලා මට යාලුවෝ කියද්දී මම කිසිම හැඟීමක් නැතිව හිටියේ මොන හිතකින්ද කියලා මට අදටත් නොතේරෙන්නේ මට දැන් ඔයා නැති අඩුව හොඳට දැනෙන හින්දා වෙන්න ඇති.
ඔයා ගැන පිරිලා හැංගිලා තිබුන හැම හැඟීමක්ම එකපාරටම කඩා බිඳගෙන එළියට පැන්නේ දවසක් උදේ පාන්දර සනුජි දුන්න දුරකථන ඇමතුම නිසා..
"කසුන් වස බීලා.අමාරුවෙලා මාතර ගෙනිහින්.එහේදි නැතිවෙලා.අද උඹ පංති එන්න එපා.කොල්ලෝ ලෙඩ දාවී..."
එදායින් පස්සේ එක දවසක් වත් මම මාතර පංති නොගියේ ඔයාගේ යාලුවොන්ට බයේ නම් නෙවෙයි.මට යන්න තරම් හයියක් නැති නිසා.ඔයාට මේ කිසි දෙයක් ඇහෙන්නේ නෑ කසුන්.මම ඒක දන්නවා.
මුලු මාතරම සුදු කොඩි ඇදලා,කවිකොළ ගහලා,දවස් දෙකක් ඔක්කොම පංති නිවාඩු දීලා ඔයාව මේ ලෝකෙන් දුර යැව්වා කියලා මට ආරංචි වුනා.මම ඇඬුවා කසුන්..සත්තයි..මම ඇඬුවා..මට දැන් අඬන්න,අඬලා ඉල්ලන්න දෙයක් ඉතිරි වෙලා නෑ කසුන්..
(2008 වසරේදි අප අතරින් වියෝවූ කසුන් සොයුරාගේ නම කථාවට යොදා ගත්තේ මමත්,තවත් බොහෝ දෙනෙකුත් දන්නා පරිදි ඔහු තරම් හොඳ මිතුරෙකු තවත් නොමැති වූ නිසාවෙනි.කසුන් වස බිව්වේ ඇය නිසාය.ඇය දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ය.ඒ වගත් ලියා තැබිය යුතු ය...)

Last edited: