කදිර්ගාමර් ඝාතනය කලේ ගෝඨාගේ එල්.ටි.ටි.ඊ.ය ද ?

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උඹලට පුලුවන් හිනා වෙන්න විතරයි..අැත්ත කවදාවත් හංගන්න බෑ..

    me yana widiyata LTTE eka mukuthma karala nathi ahinsaka sanwidanayak witharai ban,ubalage katha walata hina wenna neme adanna one ban
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    'ලංකා ඊ නිව්ස්' මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම පිළිබඳ සිදුවන පරීක්ෂණයේදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත යුද හමුදා බුද්ධි අංශ විසින් ව්‍යාජ එල්ටීටීඊ සංවිධානයක් පවත්වාගෙන යමින් යම් යම් දේශපාලන ඝාතන සිදුකරන ලදැයි අනාවරණය වීමත්, එවැනි ඝාතන සඳහා එවකට බලයේ සිටි දේශපාලනඥයන් ඇතුළු බලවත් පිරිස් අනුබල හා උපදෙස් ලබාදුන් බව හෙළිවීමත් මත හිටපු කීර්තිමත් විදේශ කටයුතු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ මරණය පිළිබඳ නැවත විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඔහුගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය ඇතුළු පවුලේ අය පවසති.

    2005 වසරේ අගෝස්තු 12 වැනි දින කොළඹ බුලර්ස් පාරේ පිහිටි කදිර්ගාමර් මහතාගේ නිවෙසේ පිහිනුම් තටාකය අසලදී 'ස්නයිපර්' තුවක්කුකරුවකු (දුර සිට වෙඩි තබන) විසින් කරන ලද වෙඩි තැබීමකින් ඒ මහතා ජීවිතක්ෂයට පත්විය.

    කදිර්ගාමර් මහතා එවකට එල්ටීටීඊ සංවිධානයේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටි අයකු වූ නිසා ඔහුට අති විශේෂ ආරක්ෂාවක් ලබා දිය යුතුව තිබුණත් ඔහුගේ එම පෞද්ගලික නිවෙසට අවශ්‍ය ආරක්ෂාව සැලැසීමට කදිර්ගාමර් මහතාට ආරක්ෂාව සැලසූ යුද හමුදා 'කොමාන්ඩෝ' බළකාය අපොහොසත් වී තිබිණි.

    කදිර්ගාමර් මහතා ඝාතනය වූ අවස්ථාවේ මෙරට ජනාධිපති ධුරයේ කටයුතු කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වන අතර අගමැතිවරයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

    නැවත පූර්ණ පරීක්ෂණයක් :

    කදිර්ගාමර් මහතාගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය 'සිලෝන ටුඩේ' පුවත්පත හා ප්‍රකාශ කර ඇත්තේ පියාගේ ඝාතනය හා බැඳුණු තවමත් නොවිසඳුණු ගැටලු රාශියක් ඇති බැවින් තම පවුලේ උදවිය දස වසරකට පෙර සිදුවූ මේ සිද්ධිය පිළිබඳ නැවත පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති බවයි.

    කදිර්ගාමර් මහතාගේ බුලර්ස් පාරේ නිවෙස ඉදිරිපිට පිහිටි ඒ මහතාගේ මිතුරකුගේ යැයි පැවැසූ නිවෙසක උඩු මහලේ සිට 'ස්නයිපර්' තුවක්කුකරුවකු 2005 අගෝස්තු මස 5 වැනි දින රාත්‍රි 11ට පමණ තම පෞද්ගලික නිවෙසේ පිහිනුම් තටාකයේ දිය නා නිවෙසට යෑමට සූදානම් වූ කදිර්ගාමර් මහතාගේ හිසට වෙඩි තබනු ලැබීය.

    මේ ඝාතනය එල්ටීටීඊය විසින් සිදු කරන ලද්දක් බව එවකට පොලිස්පතිව සිටි චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනු ලැබුවත් එල්ටීටීඊ සංවිධානය ප්‍රසිද්ධියේම තමන් මේ ඝාතනයට සම්බන්ධ නැතැයි පවසා තිබිණි.

    ''මේ ඝාතනය ගැන එල්ටීටීඊයට ඇඟිල්ල දිගු කළ හැකිය. ඔවුන්ගේ සම්බන්ධයක් තිබිය හැකි බව කියන්නත් පුළුවන්. එහෙත් මේ සඳහා එල්ටීටීඊයට උපදෙස් දී ඇත්තේ වෙනත් අය දැයි කිව හැක්කේ කාටද?'' අජිතා කදිර්ගාමර් සඳහන් කර ඇත.

    කදිර්ගාමර් මහතාගේ මරණයෙන් පසු ඒ මහතාගේ පවුලට අයත් ඉඩ කඩම් රාශියක් පැවැති රජය විසින් අත්පත් කරගෙන ඇතැයිද කදිර්ගාමර් මහතාගේ පවුලට අයත් බවට ඉඩම් ඔප්පු තිබියදීත් එවැනි විශාල ඉඩමක ජනාධිපති මැඳුරක් ගොඩනඟා ඇතැයිද අජිතා කදිර්ගාමර් මහත්මිය චෝදනා කර තිබේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/7608-gota-s-shadow-ltte-killed-kadirgamar

    BUMP