කන්ඩලම

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ස්වභාව සෞන්දර්යයෙන් අනූන Heritance Kandalama​


attachment.php


Heritance Kandalama යනු ශ්‍රීලංකාවේ ඉදි වූ සුඛෝපබෝගී මෙන් ම දර්ශනීය හෝටලයකි . ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවාගේ අසමසම වූ හැකියාවේ හා පරිකල්පන ශක්තියේ ප්‍රතිඵලයක් වන මෙය ස්වභාව සෞන්දර්යයෙන් අනූන දර්ශනීය නවාතැනකි.

හෝටලය අවට පරිසරය තුළට මිශ්‍ර කිරීම හේතුවෙන් පිටතින් නොපැහැදිලි වුවත් එහි ඇතුළත විශාල ඉඩ පහසුකම් සහිත විවේකී ස්ථානයක් වන අතර හෝටලයක් තුළින් පරිසරයට වන බලපෑම ඉතාම අවම වන අයුරින් මෙහි ඉදිකිරීම් සිදු කර ඇත. මෙම ව්‍යුහය නිර්මාණය කර ඇත්තේ, ස්වාභාවික බේසමක් ආකාරයට ඇති මෙම ස්ථානයේ ජල ප්‍රවාහයට බලපෑමක් සිදු නොවන ආකාරයටයි . 1999 දී පාරිසරික තිරසරභාවය සඳහා හරිත සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු වූයේ මෙහි වූ අනර්ග නිපැයුම හේතුවෙනි.

ඇතුළත මනරම් වූ නාන තටාකයන්ගෙන් සමන්විත වන අතර අලංකාරවත් දැව නිර්මිත කාමරවල සිට දර්ශනීය ජලාශ ,වන රොද සහ දුරින් පිහිටි සීගිරි පර්වතය ද දැක ගත ගැනීමට හැකියාවක් ඇත.

මෙහි බැල්කනියේ සිට වඳුරන්ගෙන් දර්ශන සහිත ව ස්වභාව සෞන්දර්යය අපූරුවට විඳ ගැනීමට හැකි වන අතර , දර්ශනීය අවන්හලක්, නිදහස් බාර් පෙදෙසක් සහ ක්‍රීඩාවට කැමති අය සඳහා ද විවිධ පහසුකම් සලසා දී ඇත. හෝටල් කාමර 162 පුරාවට දිගු මංතීරු සවි කර ඇති අතර සුඛෝපභෝගි ආපනශාලා මගින් මිත්‍රශීලී සහ ඉතා කාර්යක්ෂම ආහාර සේවාවක් ලබා ගත හැකිය.

දඹුල්ලේ පිහිටා ඇති මෙය ශ්‍රීලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයෙහි හදවත තුළ පිහිටුවා ඇති හෙයින් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය සහ තවත් ඵෙතිහාසික ස්ථාන රාශියකට පහසුවෙන් පිවිසීමට අවස්ථාව ලබා දේ. එසේ ම මින්නේරිය, කඩුල්ල සහ වස්ගොමුව යන ජාතික වනෝද්‍යානවලට ද පහසුවෙන් ළඟාවිය හැකි වන ලෙස මෙය ඉදි කර ඇත .

සුවිශේෂී අත්දැකීමක් වන උණුසුම් වායු බැලුන් මතින් ගුවනේ ගමන් කිරීම සඳහා ඔක්තෝබර් සහ මැයි මාස අතරතුර සෑම උදෑසනකදීම අමුත්තන්ට විශේෂ අවස්ථාවක් හෝටලය විසින් ලබා දී ඇත.

HERITANCE KANDALAMA


source http://thewoman.lk/heritance-kandalama/
 

Attachments

  • 1.jpg
    1.jpg
    85 KB · Views: 345

firerix

Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    ඕක හදන කාලේ දබුල්ලේ උන් පට්ට විදිහට ගේම ඉල්ලුව පන්සලේ ගණයා ගිනිතීයාගන්නත් හැදුව බාවාට පොල් ගැහුවා ..අන්තිමට දබුල්ලේ අනාත කළු කොට කෑත සින්ඝලු 50 % වගේ ජිවත් වෙන්නේ දැන් ඔය හෝටලේ නිසා සහ අර ගිනිතීයාගන්න හැදුව ගණයා වළදන්නේ හෝටලෙන් පිනට හැමදාම ...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,965
    113
    Kotahena
    https://www.heritancehotels.com/kandalama/ මේකෙන් යන්න official. මොකටද traffic ගන්න ඔය හැටි දඟලන්නේ?
    Thank you. මම තවම අක්කගේ ඔය කියන සයිට් එකට එක දවසක් වත් ලින්ක් එක Click කරලා ගියේ නෑ. ත්‍රෙඩ් එක බලල ක්ලෝස් කරලා දානවා :lol:
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    munge kemath hodai.. relax feeling eka hodatama denena place ekak machan.. ewagema hawasa 6 wage weddi kelewen batanalawak play karanawa hotel ekema ekek wenna athi ekat fatta :yes::yes:
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    munge kemath hodai.. relax feeling eka hodatama denena place ekak machan.. ewagema hawasa 6 wage weddi kelewen batanalawak play karanawa hotel ekema ekek wenna athi ekat fatta :yes::yes:

    ubatath ahunada, uba ahuwe nedda kauda kiyala weda karana ekekgen.
    holman seen ekaklu. kauruth danne ne sadde enne kohenda kiyala. mun hoyannath gihin thiyenawalu sadde passen.
    Patta kelawane, aththa wennath athi.
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ඕක හදන කාලේ දබුල්ලේ උන් පට්ට විදිහට ගේම ඉල්ලුව පන්සලේ ගණයා ගිනිතීයාගන්නත් හැදුව බාවාට පොල් ගැහුවා ..අන්තිමට දබුල්ලේ අනාත කළු කොට කෑත සින්ඝලු 50 % වගේ ජිවත් වෙන්නේ දැන් ඔය හෝටලේ නිසා සහ අර ගිනිතීයාගන්න හැදුව ගණයා වළදන්නේ හෝටලෙන් පිනට හැමදාම ...

    :lol::lol:

    ගණයා umbe pawlatama seeni dala puke arala wage :lol::lol: