කන්ථකගෙ ප්‍රකාශය

Apr 29, 2022
4
2
3
කන්ථකගේ ප්‍රකාශය

දෙපද කිරි සිනා බැමි බිඳ සිදත් හිමි
සිවුපද මපිට නැග ආ ගමන ඉවසමි
ලෝ සත මුදනු නම් බිඳ භව'ඳුරේ බැමි
මේ ලය පලා ,හිමියනි සුබ ලකුණු දෙමි

සුදු ඇත් කඳ රතු නෙළුමක් හොඬ රන්දා
තුරඟ කතක කුස පෙර දිනයක වැන්දා
අරි අට මගේ සත් වග පැවතෙනු හන්දා
නිවන් යතුරු සලකුණ ඇගෙ කුස ඇන්දා

හිමි සඳ මෙමට මේ දුක වාවනු නොහැකි
මා නැති දාක , ඔබ ලොව්තුරු නිවන් දකි
යළි යළි මේ ලොවේ ඉපැදුම මහ දුකකි
කන්ථක සිහි නගනු ,බුදුව බෝසත් සකි

නිලංක මහේෂාන් ප්‍රනාන්දු
 

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    𝐓𝐡𝐢𝐬 𝐓𝐡𝐫𝐞𝐚𝐝 𝐁𝐫𝐨𝐮𝐠𝐡𝐭 𝐭𝐨 𝐘𝐨𝐮 𝐛𝐲 𝐀𝐯𝐚𝐧𝐭𝐠𝐮𝐚𝐫𝐝 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐓𝐞𝐚𝐦™
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    6e9r2x.jpg
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    හරි දැනුවත්වුනා, 8000 අරං මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නේ
     
    • Dislike
    Reactions: Qnjb_54