කන්ථකගේ ප්‍රකාශය
දෙපද කිරි සිනා බැමි බිඳ සිදත් හිමි
සිවුපද මපිට නැග ආ ගමන ඉවසමි
ලෝ සත මුදනු නම් බිඳ භව'ඳුරේ බැමි
මේ ලය පලා ,හිමියනි සුබ ලකුණු දෙමි
සුදු ඇත් කඳ රතු නෙළුමක් හොඬ රන්දා
තුරඟ කතක කුස පෙර දිනයක වැන්දා
අරි අට මගේ සත් වග පැවතෙනු හන්දා
නිවන් යතුරු සලකුණ ඇගෙ කුස ඇන්දා
හිමි සඳ මෙමට මේ දුක වාවනු නොහැකි
මා නැති දාක , ඔබ ලොව්තුරු නිවන් දකි
යළි යළි මේ ලොවේ ඉපැදුම මහ දුකකි
කන්ථක සිහි නගනු ,බුදුව බෝසත් සකි
නිලංක මහේෂාන් ප්‍රනාන්දු
දෙපද කිරි සිනා බැමි බිඳ සිදත් හිමි
සිවුපද මපිට නැග ආ ගමන ඉවසමි
ලෝ සත මුදනු නම් බිඳ භව'ඳුරේ බැමි
මේ ලය පලා ,හිමියනි සුබ ලකුණු දෙමි
සුදු ඇත් කඳ රතු නෙළුමක් හොඬ රන්දා
තුරඟ කතක කුස පෙර දිනයක වැන්දා
අරි අට මගේ සත් වග පැවතෙනු හන්දා
නිවන් යතුරු සලකුණ ඇගෙ කුස ඇන්දා
හිමි සඳ මෙමට මේ දුක වාවනු නොහැකි
මා නැති දාක , ඔබ ලොව්තුරු නිවන් දකි
යළි යළි මේ ලොවේ ඉපැදුම මහ දුකකි
කන්ථක සිහි නගනු ,බුදුව බෝසත් සකි
නිලංක මහේෂාන් ප්‍රනාන්දු