අපේ කන්ද උඩ වත්තේ රබර් ගලවලා රබර් කොට පල්ලට ගන්න ඔය වගේ සිස්ටම් එකක් හදලා තිබ්බා. ඉස්සර වෙලාම කලේ ලොකු ගස් දෙකක් අල්ලලා කේබල් එකක් ඇදලා ඒක රැචට් කරලා ටයිඩ් කලා. ඊට පස්සේ ඒකට ගැලපෙන්න බොලොක්කයක් හදාගෙන ආවා ලියවන පට්ටලේකට දීලා ඒකට රේසර් ගහලා බොලොක්කේ ගලවන්න පුලුවන් වෙන්න හදලා තිබ්බේ.. ඒකට වෙනම ලණුවක් දාලා පොඩි බොලොක්ක 2ක් දැම්මා ලොකු බොලොක්කේ ඇදලා ගන්න පුලුවන් වෙන්න. රබර් කොට නම් කිලෝ 150-200 ක්විතර අරන් යනවා එකපාරට. කාලයක් යනකොට කේබල් එකේ කම්බි කැඩුනම ඒවා කපන්න එක්කෙනෙක් එල්ලලා යවනා කේබල් එක දිගේ. තේ දළු නම් එච්චර බර නැති නිසා කාලයක් යවන්න පුලුවන් වේවි.
ow mchan ehema system ekak thamai balannone motor ekak dala
Meke Video ekak thibba mama baluwa..Meka Karaganna knowledge eka thiyna aya nene hoyaganna.ශ්‍රමය සහ කාලය ඉතිරි කිරීමේ අරමුණින් රැහැන් මගින් තේ දලු ප්‍රවාහන ක්‍රමයක් පසුගියදා රත්නපුර පැල්මඩුල්ල හෙට්ටිකන්ද ප්‍රදේශයේ දී සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ සහ රබර් වතු ආශ්‍රිත බෝග වගා හා කර්මාන්තශාලා නවීකරණය සහ තේ සහ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ මඟ පෙන්වීමෙන් සාර්ථකව එළිදැක්විණි.
කුඩා තේ වතු සහ රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 2.3 ක පිරිවැයක් මත ඉදිකර ඇති මෙම තේ දලු ප්‍රවාහන ව්‍යාපෘතිය මගින් තේ ගොවීන්ගේ කාලය මෙන් ම ශ්‍රමය ද විශාල ලෙස ඉතිරි කර ගැනීමට හැකිවේ.
විධිමත් මාර්ග පහසුකමක් නොමැතිවීමෙන් හෙට්ටිකන්ද ඉහළ කඳු ප්‍රදේශවල පිහිටි තේ වගා භූමිවල අස්වැන්න කඳු පාමුලට ගෙන ඒමට විශාල කාලයක් සහ ශ්‍රමයක් දැරීමට සිදුවිය. අඩිපාරවල් ඔස්සේ කදු මුදුනේ පිහිටි වගා භූමි වලට පිවිසීමත් කඳුමුදුනේ සිට තේ දලු පහලට ගෙන ඒමත් කාලය සහ ශ්‍රමය වැය වන ඉතා අසීරු කරුණක් විය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට්ටිකන්ද කඳු මුදුනෙහි පිහිටි තේ වගාවන්හි ඵලදායිතාවය ඉහළ නැංවීමේ අරමුණින් තේ දලු ප්‍රවාහන පද්ධතිය ස්ථාපිත කිරීමට පියවර ගැනිණි.
කඳු මුදුනේ සිට මීටර් 465 ක දිගින් යුත් වානේ කම්බියක් මගින් කඳු පාමුල ඇති තේ දලු එකතු කිරීමේ ස්ථානය හා සම්බන්ධ කිරීමෙන් තේ දලු ප්‍රවාහනය කිරීම සිදුවේ.
මෙම රැහැන් පද්ධතිය ස්තාපිත කිරිම සදහා කුඩා තේ වතු සහ රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතියට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහය ලැබී ඇත.
හෙට්ටිකන්ද කඳු ප්‍රදේශය ආශ්‍රිතව හෙක්ටෙයාර් 70ක පමණ තේ වගා භුමි තුළ තේ වගාකරුවන් 40 දෙනෙකු පමණ වගාවේ නිරතව සිටින අතර ඔවුන්ගේ දෛනික නිෂ්පාදන කිලෝ ග්‍රෑම් 2000 පමණ වේ.
මෙම තේ දලු අස්වැන්න කඳු මුදුනේ සිට මීටර් 465 පහලින් යුත් මාර්ග පහසුකම් සහිත එකතු කිරිමේ මධ්‍යස්ථානය කරා කේබල් පද්ධතිය මගින් එවීමට ගත වන කාලය විනාඩි හතරකි.
එනමුත් කිලෝග්‍රෑම් 20 පමණ තේ දළු ගෝනියක් කර මගින් පහලට ගෙන ඒමට පැය භාගයක පමණ කාලයක් ගත වෙයි. එමෙන්ම විශාල ශ්‍රමයක් දැරීමට සිදුවෙයි.
------ Post added on Jan 14, 2025 at 10:42 AM
