කන්යා_පටලය_ගැන_විකාර_මත_සහ_සැබෑ_තත්වය_මෙන්#

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    කන්යා_පටලය_ගැන_විකාර_මත_සහ_සැබෑ_තත්වය_මෙන්#

    කුමරි බඹසර, පතිවත, කන්‍යා භාවය වැනි කුමන වදනකින් හැඳින්වුවද අප කතා කරන්නේ එකම දෙයක් පිළිබඳවය. ඒ කාන්තාවකගේ පිවිතුරු බව පෙන්වන සංකේතය යැයි අප සමාජයේ සාම්ප්‍රදායිකව පිළිගනු ලබන සංකේතයක් පිළිබඳවය. බටහිර සමාජයේ මෙය සැළකිල්ලකට නොගන්නා තත්වයකට පත්ව ඇතත්, අප සමාජයේ ද අතීතයේ තරමට වර්තමානයේ මේ පිළිබඳව ඇති සැළකිල්ලක් නොතිබුණත්, මෙය දැඩිව සොයා බලන්නන් දුර්ලභ නැත.
    තරුණියකගේ කන්‍යාභාවය රඳා පවතින ‛කන්‍යා පටලය’ පිළිබඳ පසුගිය වසර ගණනාව මුළුල්ලේ විවිධ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ කළ වෛද්‍ය විද්‍යාත්මක දැනුවත් කිරීම් නිසා බොහෝ තරුණියෝ නිරපරාදේ දෝෂාරෝපණයට ලක්වන්නට තිබුණු අවස්ථාවලින් නිදොස් වූහ. අතීතයේ කන්‍යාභාවය නිසා තරුණියන්ගේ ජීවිත අඳුරු බවට පත්වූ අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබිණි. 1984 වසරේදී ‛දෙවැනි ගමන’ නමින් අප රටෙහි සිනමා පටයක් තිරගත වන්නේ ද මේ සමාජ ගැටලුව පිළිබඳ කතා කරමිනි. එහිදී අවසානයේ සියල්ල සතුටින් නිමාවට පත් වුවද එවැනි සතුටුදායක නිමාවන්ට පත් නොවූ ජීවිත ද බොහෝ ය.
    කෙසේ මුත් කන්‍යාභාවය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලින් පසුව ඇතැමුන් නැගූ චෝදනාව වූයේ ඇතැම් තරුණියන් ‛වැරදි ක්‍රියාවල’ යෙදී, පසුව මෙම වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලට මුවා වී සිය වරද වසා ගන්නා බවය. නමුත් ‛වැරදි ක්‍රියාවන්ගේ’ නිරත වුව ද කන්‍යා පටලය ආරක්ෂා කරගන්නට සමත් තරුණියක් සිටින්නේ නම් ඔවුන් මෙසේ සිතන පුද්ගලයන්ගේ ප්‍රශංසාවට ලක්විය හැකි බව මොවුන් සිතන්නේ නැත. අනෙක වර්තමානයේ කෘත්‍රිම ලෙස කන්‍යා පටලය නැවත සකස්කිරීමේ පහසුකම් ද තිබේ.
    ඒ නිසා තරුණියකගේ පිරිසිදු බව මනින්නට සිරුරේ කොටසක් වන කන්‍යා පටලය නමැති ‛සම් කැබැල්ල’ මත රඳා පැවතීම කෙතරම් දුරට යුක්ති සහගත ද යන්න කල්පනා කොට බැලිය යුතුය. මන්ද තරුණියකගේ අනාගත ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ සම් කැබැල්ලක් මත නොව ඇය තුළ ගොඩ නගා ගන්නා අධ්‍යාත්මික බව, අධ්‍යාපනික හා සමාජ දැනුම ආදිය මත වන බැවිනි. කෙසේ වෙතත් තවමත් බොහෝ දෙනෙකු තුළ මේ පිළිබඳ වැරදි මත ඇති බැවින් ඒ පිළිබඳ යමක් කතා බහ කිරීමේ වරදක් නැත.
    කන්‍යා පටලය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන Hymen නම් වදන බිඳී ඇත්තේ ‛පටලය’ යන්න හඳුන්වනු ලබන ග්‍රීක වදනකිනි. එමෙන්ම ග්‍රීක දේව විශ්වාසවලට අනුව ඔවුන්ගේ විවාහය සම්බන්ධ දෙවියා වන්නේ ද ‛හයිමන්’ ය. තරුණිකගේ ප්‍රථම ලිංගික එක්වීමකදී ‛බිඳී යාම’, ‛ඉරීම‛, ‛කැඩීම’ ආදී බොහෝ දේ සිදුවන්නේ මෙයටය.
    වසර දහස් ගණනක් තිස්සේ බොහෝ සමාජයන්වල පැවති විශ්වාසය වූයේ මෙය බිඳී යද්දී වේදනාවක් දැනෙන බවය. එබැවින් වර්තමානයේ ද තරුණියකට මෙම වේදනාව දැනිය යුතු යැයි පොදු පිළිගැනීමක් තිබේ. එමෙන්ම මෙය බිඳී යාමේදී රුධිර වහනයක් වන බව ද පවතින තවත් එක් විශ්වාසයකි. විවාහයේ දෙවැනි දවසේදී මනාලියගේ ඇතැම් නැන්දම්මාවරුන් මෙසේ වහනය වූ රුධිරය සහිත සුදු රෙදි කඩ බැලීමට ‛පොර කන’ අවස්ථාවන් ද දක්නට ලැබේ.
    එක් මංගල අවස්ථාවද මනාලයාගේ පාර්ශවයේ වැඩිහිටියෙක් සියලු දෙනාටම දැනුම් දුන්නේ ‛මනාලියගේ පෙරමග සළකුණු සුබ‛ බවය. එයින් පැවසුනේ සුදු රෙදි කඩ මත රුධිරය පැවති බවය. එක් විවාහක යුවලක් පවසා සිටියේ ඔවුන් විවාහයට පෙර ‛තහනම් ගහේ ගෙඩිවල රස’ බැලූ මුත් වැඩිහිටියන් සැනසීම සඳහා වෙනත් බාහිර ආකාරයකින් රුධිරය ස්වල්පයක් රෙදි කඩ මත තවරා ගත් බවය. කෙසේ නමුත් අද ද මෙවැනි කරුණු සොයා බලන විවාහයන් කොතෙකුත් දක්නට ලැබේ. වැඩිහිටියන් පමණක් නොව සියලු දේ පිළිබඳවම මනා අවබෝධයක් ඇති තරුණයන් පවා මේ ‛සම් කැබැල්ල’ පසුපස දිව යන්නේ එය තරුණියකගේ පිවිතුරු බව මනින් එකම සංකේතය ලෙස සිතමිනි.
    එසේ හෙයින් තවමත් බොහෝ දෙනෙකු මේ පිළිබඳව දරන්නේ වැරදි අදහස් බව පැහැදිලිය.
    වෛද්‍ය විද්‍යාත්මකව නම් බිළිඳියක් ලෙස උපදින අවස්ථාවේදීම බොහෝ දෙනෙකුගේ කන්‍යා පටලය පිහිටා නැත. බොහෝ කන්‍යා පටල ‛ඩෝනට්’ එකක හැඩයෙන් මැදින් සිදුරක් සහිතව පිහිටා තිබේ. අලුත් උපන් අවස්ථාවේදී කන්‍යා පටලය ඉතා පැහැදිලිව දකින්නට ඇති අතර එය ඉතා තද ගතියෙන් ද යුක්තය. නමුත් වයසින් වැඩෙත්ම බොහෝ කන්‍යා පටල තුනී බවට පත්වන අතර මැදින් ඇති සිදුර ද පළල් වෙයි. එමෙන්ම ශාරීරික ක්‍රියාකාරකම් නිසා ද කන්‍යා පටලය තවත් තුනී වී යාමට ඉඩ ඇති බව ද සොයාගෙන තිබේ.
    කෙසේ නමුත් ඇතැමුන් විශ්වාස කරන පරිදි කන්‍යා පටලය යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වසාගනිමින් පැතිරී ඇති දෙයක් නොවේ. නමුත් කලාතුරකින් එවැනි තත්වයන් දැකිය හැකි අතර එවැනි අවස්ථාවක සුළු සැත්කමකින් කන්‍යා පටලයෙහි සිදුරක් ඇති කළ යුතුය. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු සිතා සිටින පරිදි එවැනි තත්වයක් පැවතියේ නම් තරුණියන්ට මාසික ඔසප් වීම සිදුවන්නට හැකියාවක් නැත. මන්ද යෝනි මාර්ගය අවහිර වී ඇති බැවිනි. කෙසේ නමුත් සෑම තරුණියකගේම කන්‍යා පටලය මැද ඇති සිදුර ඩෝනට් එකක හැඩයෙන් යුක්ත නොවේ.
    ඇතැමුන්ගේ ඇත්තේ ‛ඉනිමඟක්’ වැනි දිගටි හැඩයකි. මේ සිදුර හරහා ඉනිමඟක මෙන් හරස් අතට සම් කොටස් තැනින් තැන වැඩී තිබේ. ඇතැම් තරුණියන්ගේ කන්‍යා පටලය මී වදයක් මෙන් සිදුරු කිහිපයකින් යුක්තය. එමෙන්ම තරුණියක් 200 දෙනෙකුගෙන් එක් අයෙකුගේ කන්‍යා පටලය මැද ඇති සිදුර ඇඟිල්ලක් ඇතුළු කිරීමට පවා නොහැකි ලෙස කුඩාවට පිහිටා තිබේ. එවැනි අවස්ථාවකදී ප්‍රථම ලිංගික එක්වීමේදී පවා මෙය බිඳී යන්නේ නැත. එවැනි තත්වයන්වලදී සුළු ශල්‍යකර්මයක් මගින් මෙය විශාල කරන්නට සිදුවූ අවස්ථාවන් ද ඕනෑ තරම් අසන්නට ලැබේ. කන්‍යා පටලය පිළිබඳ මේ තොරතුරු අනාවරණය කරමින් නිව්යෝර්ක් නුවර හන්ටර් කොලේජ් හි හෙද මහාචාර්යවරියක වන කැරොල් රෝයි දීර්ඝ නිබන්ධනයක් ද සම්පාදනය කොට තිබේ.
    බොහෝ දෙනෙකු විශ්වාස කරන පරිදි මේ තුනී පටලය කැඩී බිඳී යද්දී දැනෙන්නේ ඉතා සුළු වේදනාවකි. එක්කෝ වේදනාවක් දැනෙන්නේම නැත. නමුත් වේදනාවක් දැනිය යුතු යැයි සාම්ප්‍රදායිකව පිළිගැනීමක් පවතින නිසා ප්‍රථම ලිංගික එක්වීමේදී වේදනාවක් දැනුනේ යැයි ඇතැම්හු පවසති. ප්‍රථම ලිංගික එක්වීමේදී වේදනාවක් දැනෙන්නේ සැබවින්ම මේ පටලය බිඳී යාම නිසා නොවේ. බොහෝ තරුණියන් විවිධ හේතු නිසා ප්‍රථම ලිංගික එක්වීම යනු ‛මහා භයානක අත්දැකීමක්’ යැයි පෙර සිටම ඇති කරගත් භීතිය නිසා ඇගේ යෝනි ප්‍රදේශයේ ඇතිවිය යුතු ශාරීරික ඉහිල් බව ඇති වන්නේ නැත.
    අනෙක පිරිමි පාර්ශ්වයෙන් සිදුවන යම් යම් ක්‍රියාවන් නිසා ද මෙම ඉහිල්වීමට බාධා ඇති වේ. එවිට යෝනි ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශී සංකෝචනය වී පැවතීමෙන් ලිංගික එක්වීමට බාධා ඇති වේ. වේදනාව ඇතිවන්නේ ඒ හේතුව නිසා මිස කන්‍යා පටලය බිඳී යාම නිසා නොවේ.
    “තමන්ගේ සහකාරිය පිළිබඳ ඉතා සංවේදීව සිතන තරුණයන් පවා ලිංගික උපක්‍රම නිසි පරිදි යොදා නොගැනීම නිසා ලිංගික එක්වීම සහකාරියට වේදනාවක් ගෙන දෙන අවස්ථාවන් ඉතා බහුලයි” යනුවෙන් ලිංගික චිකිත්සාව පිළිබඳ ආචාර්යවරියක වන සැන්ඩ්‍රා ලයිබ්ලම් පවසයි.
    කන්‍යා පටලය ගැටලුවක් කරගත් තරුණයන් සේම වැඩිහිටියන් ද ඕනෑ තරම් දක්නට ලැබේ. පිරිමින්ට ද කන්‍යාභාවය පෙන්වීම සඳහා යම් නිර්ණායකයක් පැවතියේ නම් ඔවුන් මේ තරමටම තරුණියන්ගේ කන්‍යා භාවය පසුපස ලුහුනොබඳිනු ඇත.
    කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ යම් පුද්ගලයකු පිළිබඳ ඇති ‛චරිතවත් බව’ හෙවත් හොඳ නමයි. එය තරුණියන්ට පමණක් නොව තරුණයන්ට ද පොදු කරුණකි. සමාජය තුළ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීම තුළින් ඇතිවන හොඳ නම් මේ දෙපාර්ශ්වයටම වටිනා ගූණාංගයකි. හොඳ නමක් නොමැතිව කන්‍යා පටලය පමණක් ආරක්ෂාවීමේ අර්ථයක් නැත. එමෙන්ම තරුණියකගේ මෙන්ම තරුණයකුගේ ද සැබෑ වටිනාකම රැඳී පවතින්නේ යහපත් හැදියාව, අවංක බව, සත්‍යගරුක වීම ආදී මානව ගුණාංගයන් මතය. ඔබගේ යුග දිවියටත්, සමාජයටත් වඩාත් යහපත් හෙට දවසක් බිහිවන්නේ එවිටය.

    නිරන්ජම් කරුණාතිලක.
     
    • Like
    Reactions: Sahitha

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    21616468_1334472683346340_6984776492662571379_n.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ethkota lankawe kello karanne oya deken mona ekda?

    mata wadak na virginity eka , nikan danaganna ahanne

    මචන්, මගේ අත්දැකීම් අනුව නම් ගොඩක් කෙල්ලෝ ස්වංවින්දනයේ යෙදෙනවා අඩුයි බටහිර සමාජෙත් එක්ක බලද්දි... ඒක පව් වැඩක් වැරදි වැඩක් විදියට තමයි දකින්නේ.. සමහරු හෝදන්නෙත් හෙන පරිස්සමෙන්...:Pවෙන රටවල් වල ඩිල්ඩෝ වගේ දේවල් සාමන්‍ය දෙයක් උනාට මෙහේ සමාජේ එහෙම නෑ...

    තමන් වර්ජින් කියලා හිතන් ඉන්න කෙල්ලෝ ගොඩක් වෙලාවට ක්ලිට් එක උඩ පහලට අත ගාන එක තමා කරන්නේ කෙල චුට්ටක් ගාලා...

    තමන් වර්ජින් නෙමෙයි කියලා දන්න අය ඇඟිල්ල දානවා මචන්... ඒ දැම්මත් G-ස්පොට් එක ස්ටිමුලේට් කරන්නේ අත ලොස්සක්...

    ලයිෆ් එකේ හිටිය එක ex කෙනෙක්,එයා ස්වංවින්දනයේ යෙදෙන්නේ වෙනම විදියකට.. ශවර් එක අල්ලන් ඉඳිමෙන් තමයි එයා සතුටක් ලබන්නේ.. :D
     
    • Like
    Reactions: HSW

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචන්, මගේ අත්දැකීම් අනුව නම් ගොඩක් කෙල්ලෝ ස්වංවින්දනයේ යෙදෙනවා අඩුයි බටහිර සමාජෙත් එක්ක බලද්දි... ඒක පව් වැඩක් වැරදි වැඩක් විදියට තමයි දකින්නේ.. සමහරු හෝදන්නෙත් හෙන පරිස්සමෙන්...:Pවෙන රටවල් වල ඩිල්ඩෝ වගේ දේවල් සාමන්‍ය දෙයක් උනාට මෙහේ සමාජේ එහෙම නෑ...

    තමන් වර්ජින් කියලා හිතන් ඉන්න කෙල්ලෝ ගොඩක් වෙලාවට ක්ලිට් එක උඩ පහලට අත ගාන එක තමා කරන්නේ කෙල චුට්ටක් ගාලා...

    තමන් වර්ජින් නෙමෙයි කියලා දන්න අය ඇඟිල්ල දානවා මචන්... ඒ දැම්මත් G-ස්පොට් එක ස්ටිමුලේට් කරන්නේ අත ලොස්සක්...

    ලයිෆ් එකේ හිටිය එක ex කෙනෙක්,එයා ස්වංවින්දනයේ යෙදෙන්නේ වෙනම විදියකට.. ශවර් එක අල්ලන් ඉඳිමෙන් තමයි එයා සතුටක් ලබන්නේ.. :D

    thanks machn , paw bng , lankawe thiyena gon adahas
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙට්ටිය කඩාගන්නැතුව උකේ ඇරගන්න, සැප ගන්න කෙල්ලො ඕන තරම් ඉන්නවා..
    එහෙව් සමාජයක පෙට්ටියෙන් කෙල්ලොන්ගෙ පතිවත බලන උන් ගැන මොන කතාද.. :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    thanks machn , paw bng , lankawe thiyena gon adahas

    පව් නෙමෙයි අපේ උන්ගේ වැරැද්ද.
    ලංකාවේ මාකට් එකට සරිලන විදිහට ඉන්න ඕන. නාත්තන් අපේ උන්ගේන් වේසි කියල අහගන්න වෙනවා. මිනිහෙකුට සැපක් දෙන්න දන්නේ නැහැ. ගොන් පාට් දාන අහවල් එකක් දැක්කම අම්මෝ මේ මොකක්ද මේ කියල මහා පුදුමයට පත් වෙන කෙල්ලෝ තමයි අපේ උන්ට පත්තිනි අම්මල. මාර පට්ට වටිනා කෙල්ලෝ.
    ඉතින් උන් බලන්නේ ඔය ගොබ්බ විදිහට ඉන්න. ඉතින් බන්දයින් පස්සේ අපේ උනුත් කිසි අතල් එකක් ගන්න විදිහක් නැහැ. අනික් උන්ගේ ලීක වෙච්ච ලින්ක් හොයා හොයා කුහක කන් කර කර අතල් ගන්න උන්ට ඉරිෂ්‍ය කරගෙන ජිවත් වෙන්න තමයි දන්නේ. අපේ රටේ මහ මෝඩ හැත්තක් ඉන්නෙ
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala

    ... කන්‍යාභාවය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලින් පසුව ඇතැමුන් නැගූ චෝදනාව වූයේ ඇතැම් තරුණියන් ‛වැරදි ක්‍රියාවල’ යෙදී, පසුව මෙම වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලට මුවා වී සිය වරද වසා ගන්නා බවය. නමුත් ‛වැරදි ක්‍රියාවන්ගේ’ නිරත වුව ද කන්‍යා පටලය ආරක්ෂා කරගන්නට සමත් තරුණියක් සිටින්නේ නම් ඔවුන් මෙසේ සිතන පුද්ගලයන්ගේ ප්‍රශංසාවට ලක්විය හැකි බව මොවුන් සිතන්නේ නැත. ...

    ... ඒ නිසා තරුණියකගේ පිරිසිදු බව මනින්නට සිරුරේ කොටසක් වන කන්‍යා පටලය නමැති ‛සම් කැබැල්ල’ මත රඳා පැවතීම කෙතරම් දුරට යුක්ති සහගත ද යන්න කල්පනා කොට බැලිය යුතුය. මන්ද තරුණියකගේ අනාගත ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ සම් කැබැල්ලක් මත නොව ඇය තුළ ගොඩ නගා ගන්නා අධ්‍යාත්මික බව, අධ්‍යාපනික හා සමාජ දැනුම ආදිය මත වන බැවිනි. ...

    ඇත්තෙන්ම හොඳ ලිපියක්... ජීවිතයම සම කැබැල්ලක් මත තීරණය කිරීම කොච්චර නං යුක්ති සහගතද යන එක..
    පිරිමික්ට ඕනේ කුපාඩි කමක් කරලා ඇවිල්ල මේ සම් කෑල්ල හොයල බලන සමාජයක මේ වගේ වැදගත් ලිපි මගින් වත් යම් තරමකට අවබෝදයක් කතිකාවතක් ඇති කරන්න ඕනේ...

    බොහොම ස්තුතියි පල කරාට...
    :):):):)

    80dkn54y80he4114g.jpg
     

    Similar threads