සහෝ ඇත්තටම බොහොම වැඳගත් නූලක් නොවෑ දාලා තියෙන්නෙ.. ගොඩක් අයට වැඳගත් වෙයි කියලා මම හිතනවා..
මේක මගේ මතය..
ඇත්තටම මම ඔය කන්‍යා පටලය ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ.. ඒක ඇත්තටම පලක් නැති දෙයක් විදියටයි මට හිතෙන්නෙ.. ආදරයයි ඔය කන්‍යාභාවයයි කියන්නෙ දෙකක්.. ඔය විකාරය නිසා ආදර සම්බන්ධතාවය පවා කඩා වැටෙන්න පුළුවන්..
සහෝ කියලා තියෙනවා වගේ දැන් කාලෙ ශල්‍යකර්ම වලින් පවා කන්‍යා පටලය නැවත තිබූ තත්වයට පත් කරගන්න ඕනම කෙනෙක්ට පුළුවන්.. ඒකට වැඩි මුදලක් යන්නෙත් නැහැ.. ඉතින් කලින් පිරිමියෙක් සමග ලිංගිකව එකතු වෙච්ච කෙනෙක් ඒ වගේ ශල්‍යකර්මයක් කරලා කන්‍යාවියක් වගේ තවත් කෙනෙක් එක්ක යාළු වෙන්න ඉඩ තියෙනවා.
ඒ වගේමයි කෙල්ලෙක් තවත් කෙනෙක් එක්ක ඔයා කියලා තියෙනවා වගේ Anal සෙක්ස් කරලා තියෙන්න පුළුවන්..
සමහර විට හොඳ ගතිපැවතුම් තියෙන කෙල්ලෙක් ඉන්න පුළුවන්.. නමුත් උපතින්ම එයාගෙ කන්‍යා පටලය පිහිටලා නැති වෙන්න පුළුවන්..
දැන් ඔය කන්‍යා පටලය ගැන මට ඒ තරම් වැදගත්කමක් නැහැයි කිව්වෙ මේකයි.. මම කලිනුත් කිව්වා ආදරය කියන දේ ඕකට සම්බන්ධ කරගන්න එක වැරදියි කියලා.. සමහර විට මම ආදරේ කරන කෙල්ල වෙන කෙනෙක් එක්ක කලින් සම්බන්ධයක් පවත්වලා තියෙන්න පුළුවන්.. ගොඩක් එහෙම සම්බන්ධ වලදි ගොඩක් අය ලිංගිකව එකතුවෙනවා.. ඒක අද කාලෙ සාමාන්‍ය දෙයක්නේ..
ඉතින් යම්කිසි හේතුවක් මත ඒ කොල්ලා එයාව දාලා ගියා වෙන්න පුළුවන්.. එහෙමත් නැත්නම් ඒ කෙල්ල ඒ කොල්ලව දාලා ගියා වෙන්න පුළුවන්.. දැන් ඒ සම්බන්ධකම අවසානයි.. කෙල්ල මට ආදරේ කරනවා.. කොල්ලා වෙන කෙනෙකුට ආදරේ කරනවා..
ඒත් යම් දවසක මම ඒ කෙල්ලගෙන් අහනවා ඔයා මීට කලින් වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවද කියලා.. හැබැයි ඒ වෙලාවෙදි නැහැයි කිව්වොත් ලිංගිකව එකතු වෙලත් නැහැයි කිව්වොත් එතන සම්පූර්ණයෙන්ම කෙල්ල ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙන එකයි වෙන්නෙ.. එයා සමහර විට බයට බොරු කියන්න පුළුවන්.. නැත්නම් වෙනත් දෙයක් නිසා බොරු කියන්නත් පුළුවන්.. ඒත් දැන් යාළුවෙලා ඉන්න කොල්ලට (මට) ඇත්තටම ආදරේ නම් කවදාවත් බොරුවක් කියන්න උවමනා නැහැ.. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් එයාට ඇත්ත කියන්න ඕන.. එතකොට ඒ කෙල්ල ගැන තියෙන විශ්වාසය තව තවත් වැඩි වෙනවා.. බොරු කිව්වොත් වෙන්නෙ එයාට ඒ ආදරේ නැතිවෙන එක විතරයි..
මම නම් කියන්නෙ ආදරයයි, ඔය මෙලෝ වැඩකට නැති කන්‍යාභාවයයි දෙක පටලව ගන්න එපා කියලා.. අපේ සමහර වැඩිහිටියො ඕක විශ්වාස කරනවා වෙන්න පුළුවන්.. ගොඩක් කොල්ලගෙ අම්මා.. ඒත් ඒක මහ විකාරයක් හැටියටයි මම නම් දකින්නෙ.. යල් පැන ගිය දේවල් ඒවා..
මුඛ සංසාර්ගය ගැන නම් කතා කලේ නැත්තෙ ඒක ඒ තරම් ලොකු දෙයක් නොවෙන නිසා.. ඔයා කියලා තියෙනවා වගේ ඒකෙ අහිතකර බලපෑමක් නැහැ..
මම මේ කෙටියෙන් ලිව්වෙ අද ටිකක් කාර්යබහුල නිසා.. බොහොම ස්තුතියි නැවතත් සහෝට..