කනේ පහර
January 19, 2021 02:51 pmමිහින්තලේ ප්රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයාට විපක්ෂයේ ම මන්ත්රීවරයෙකු විසින් පහරදීමක් සිදුකර තිබේ.
මිහින්තලේ ප්රාදේශිය සභා රැස්වීම අතරතුරදී අද (19) එම සිද්ධිය සිදුවූ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
එහිදී විපක්ෂ නායකවරයා ප්රාදේශිය සභා රැස්වීම සඳහා පැමිණ ඇති අතර ඒ වනවිට විපක්ෂනායක අසුනේ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරයෙකු වන ඉන්දික රුක්ෂාන් මන්ත්රීවරයා අසුන්ගෙන සිට තිබේ.
එම අවස්ථාවේදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
එහිදී ඉන්දික රුක්ෂාන් මන්ත්රීවරයා විපක්ෂනායක අසුනෙන් නැගිට විපක්ෂනායක නිසාර් මොහොමඩ් මහතාට පහරක් එල්ල කළේය.
එය ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ මිහින්තලේ ප්රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය නියෝජනය කරන බවත් ඉන්දික රුක්ෂාන් මන්ත්රීවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බවත්ය.
ඉන් පසු එම ස්ථානයට මිහින්තලේ පොලීසියේ නිලධාරීන් පිරිසක් ද පැමිණ තිබේ.
මේ වන විට ඉන්දික රුක්ෂාන් මන්ත්රීවරයා මිහින්තලේ පොලීසිය වෙත රැගෙනගොස් ඇති බව වාර්තා වේ.