ගෙයින් එළියට බැස්සහම හිතේ බයක් සකක් නැතුව කෑම ටිකක් කන්න පුළුවන් කඩ කීයද තියෙන්නෙ. හොඳ රසවත්, ගුණවත්, පිරිසිඳු කෑම වේලක් සුපිරි පන්නයේ හෝටලයකින් නම් ගන්න පුළුවන්. ඒත් මධ්‍යම ප්‍රාන්තික අපිට ඒ වගේ හෝටලයකින් මාසෙට පස් හය වතාවක් කෑවොත් බඩුම තමයි. පාර පුරාම එක දිගට තියෙන චීන අවන්හල් වලින් සමහර විට පෝර ගොඩක් වගේ ලොකු බත් එකක් ලැබෙනවා හැබැයි මෙලෝ රහක් නෑ. එහෙමත් නැති නම් සෑහෙන්න මුදලක් අපෙන් අය කරනවා අසාධාරණ විදියට. ඔය මොකුත්ම නැත්නම් කාපු වෙලාවෙ ඉඳන් බඩ විවිධ සෙල්ලම් දානවා.
මම නිතර යන එන පාරේ බඩගින්නක් දැනුනම යන සාමාන්‍ය හෝටල් කිහිපයක් තියෙනවා. මම මේ නූලෙන් උත්සාහ කරන්නෙ අන්න ඒ එක් හෝටලයක් ගැන විස්තර කියන්නයි. (අනිත් ඒවත් වෙලාව ලැබෙන විදියට පොඩ්ඩ පොඩ්ඩ දාන්නම්)එතකොට එළකිරියෙ ඉන්න අපේ අනිත් යාළුවන්ටත් ඒක වැදගත් වේවි, ගමනක් බිමනක් යද්දි ඒ හෝටල් වලින් අවුලක් නැතිව බඩට යමක් දා ගන්න පුළුවන්.
මේ ආපන ශාලාව තියෙන්නෙ ගණේමුල්ල බස් නැවතුම්පලට මීටර් 100ක් විතර කඩවත දෙසට වෙන්න. මේකෙ නම GREEN CHILE (No. 285, Kadawatha Rd, Ganemulla - 077 0844731) . වැඩිය කලබල තැනක් නෙමෙයි. නිතරම සෙනඟ පිරුණ ස්වභාවයක් නෑ. සුහදශීලි සිනහවකින් අපව පිළිගන්නවා.
මෙතනදි අපට ගන්න ලැබෙන්නෙ චීන ක්‍රමයට සකසූ ආහාර පමණයි (බත් වර්ග හා ඩෙවල් වර් ගා. අප ඇණවුම් කරන ආහාරය විනාඩි 5ත් 10ත් අතර වේලාවකදී අපට ලැබෙනවා. කීරි සම්බා ෆ්‍රයිඩ් රයිස් එකක මිල රු. 170යි. එයට පලහන ලද ග්‍රෑම් 220ක කුකුළු මස් කැබැල්ලක්, චොප්සි, බටු මෝජු සහ චිලි පේස්ට් ලැබෙනවා. මෙයම බාස්මතී බත් සමඟ රු. 200ක මිලකටයි ඔවුන් අලෙවි කරන්නෙ.
ඉතින් ඒ ගාණට මේ කෑම එක වටිනවා, මොකද එය පිරිසිදුව හා රසවත්ව ලැබෙන නිසා. තරු පංතියේ හෝටලයක තිබෙන රස නැති වුණාට අහඹු ලෙස මට හමු වූ මෙම හෝටලයේ කෑම රසයි. පෙම්වතුන්ට නම් කදිම තැනක් කෑම ටිකක් කන්න. මොකද මෙතන කිසිම කලබල ජරා ජීර්ණ තැනක් නොවන නිසා නිවිසැනසිල්ලෙ කථා බහ කරමින් කෑම ගන්න පුළුවන්.
ඔයාලත් ගණේමුල්ල හරහා කොහේ හරි යනවා නම්, බඩගිනි වෙලාවක මෙතනට ගොඩ වෙන්න සුදුසුයි කියලා මම නිර්දේශ කරනවා.
ඔයාලත් දන්න මේ වගේ තැන් තියෙනවා නම් thread දාන්න. ගෙයින් එළියට ගිය වෙලාවට තමයි අම්මා උයන කෑම වල අගේ තේරෙන්නෙ.