කඳවුරේ විහාරය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔඩ්ඩුසුඩ්ඩාන් කඳවුරේ විහාරය මානව හිමිකම් කොමිසමට ප්‍රශ්නයක්‌

    ඔඩ්ඩුසුඩ්ඩාන් හමුදා කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ඉදිකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම ඔඩ්ඩුසුඩ්ඩාන් හමුදා කඳවුරේ ප්‍රධානියාට සහ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට නියෝග කර ඇත.

    පුදුකුඩිඉරිප්පු මාර්ගයේ පිහිටි මෙම කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ඉදිකර ඇති බවට මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබේ.

    දිසා ලේකම් කාර්යාලය විසින් මෙම හමුදා කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ස්‌ථාපිත කර ඇති බව තහවුරු කර ඇත.

    කීර්ති වර්ණකුලසූරිය