කඳුරට වතුරටික උතුරට හැරවීම තවත් අර්බුදයක

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කඳුරට වතුරටික උතුරට හැරවීම තවත් අර්බුදයක


    කඳුරට වතුරටික උතුරට හැරවීම තවත් අර්බුදයක ආරම්භයද
    රට දැවැන්ත අනතුරක හෙළමින් උතුරු මැද වාරි ඇළ නොහොත් NCP ව්‍යාපෘතියේ ඉදිකිරීම මේවන විට යහපාලන රජය විසින් ආරම්බ කරනු ලැබ තිබේ.
    image_7f312c2283.jpg

    මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ සැලසුමකට අනුව මීට වසර හතහලිහකට පමණ පෙර උතුරු මැද වාරි ඇළ නොහොත් NCP සැලසුම සකස් කරන ලදි. යටගොස් තිබූ මෙම ලෝක බැංකු ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ අණ්ඩුව සමයේ නැවත ක්‍රියාත්මක කිරීම සඳහා මැනුම් කටයුතු සහ සැළසුම සකස් කරන ලද අතර යහපාලන ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු මේ වන විට සිදුකරයි.

    රජය පවසන පරිදි උතුරු උතුරු මැද හා වයඔ යන පළාත්වල ජනතාව දූගී භාවයට පත්ව ඇත්තේ ජල හිඟය නිසාය. එමනිසා එම ජනතාව වෙනුවෙන් මෙම වාරි ඇළ සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. රුපියල් බිලියන 120 ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත ඉදි කිරීමට නියමිත මෙම ව්‍යපෘතිය මෙරට නැවතත් පාරිසරික හා සමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයකට ගෙන යෑමේ ප්‍රවනතාවයද ඉතාමත් වැඩිය. එම අර්බුදය නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් විය හැකි නිසා මෙහි පාරිසරික හා දේශපාලන හානිය මෙහිදි පෙන්වාදීමට කැමැත්තෙමු.

    දැනටමත් දැවැන්ත පාරිසරික හානියක් සිදුකරමින් ඉදිවෙන මොරගහ කන්ද හා කළු ගඟ ජලාශ නිම කිරීමෙන් අනතුරු එම ජලය කිලෝමීටර් 66 දිග ඉහළ ඇලහැර ඇළ ඔස්සේ මහකනදරාවට ගෙන යනු ලබයි. දෙවනුව මාන්නකට්ටියේ සිට චෙන්මඩුකුලම් දක්වා කිලෝමිටර් 95ක වාරි ඇළක් ඉදිකිරිමට නියමිත අතර එම වාරි ඇළ ඉදිවන්නේ උතුරු මැද හා උතුරු පළාත්වල දැවැන්ත වන සංහාරයක් සිදු කරමිනි. එයින්ද නොනැවතී එම පාරිසරික සංහාරය වඩා තීව්‍ර කරමින් චෙන්මකුලම් සිට ඉරණමඩු දක්වාත් ඉරණමඩු සිට යාපනයේ අර්ධද්වීපය දක්වාත් මෙයින් ජලය ගෙන යාමට සැලසුම් කර ඇත.

    උතුරු මැද වාරි ඇළට සමගාමීව රන්දෙණිගල ජලාශයේ සිට කිලෝමිටර් 52ත් දිවෙන වාරි ඇළක් ඔස්සේ එහි ජලය කළු ගඟ හා මොරගහකන්ද ජලාශවලට හැරවීමටත් අංගමැඩිල්ල අසල වේල්ලක් බැඳ එහි ජලය පොම්ප මගින් මින්නේරිය ජලාශයට ලබාදීමටත්, මහවැලි ගඟ කාලිංගණුවරින් හරස්කර අංගමැඩිල්ලට ලබාදීමටත් කටයුතු සකස් කරමින් පවතින අතර මෙයින් පුරාන වාරි පද්ධතිය අවුල් ජාලයක් බවට පත්වනවා පමණක් නොව විශාල පාරිසරික හානියක් මෙම ප්‍රදේශවල සිදු වනු ඇත.

    උතුරු මැද වාරි ඇළ නිර්මාණය කිරීමේදී උතුර සහ උතුරු මැද පළාත්වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දොළහකින් සහ වයඔ පළාතේ ප්‍රදේශ කිහිපයකින් ඉඩම් රජයට පවරා ගැනීමට හා වනාන්තර ඉඩම් එළි කිරීමට සැළසුම් කර ඇති අතර මේ වන විටත් ඉරණමුඩු ආශ්‍රිතව මෙම විනාශය ආරමිභ කර ඇත.

    මොරගහ කන්ද ජලාශයෙන් ආරමිභ වන NCP ඇළ යාපනය අර්ධද්වීපයට යන තෙක් කිලොමිටර් 200ක දුර ප්‍රමාණයක් කෑලෑ ඉඩම් හරහා හා ඇතම් ස්ථානවල මිනිසුන් ඉවත් කර ජනාවාස ඔස්සේත් ඉදි කිරීමට නියමිතය. උතුරු මැද වාරි ඇළ මාර්ගයේ පළල ඇළ රක්ෂිතය සමග මීටර් 120 කි. එහි දිග කිලොමිටර් 200 කි. ඒ අනුව මිටර් 120 පළල කිලෝමිටර් 200 දිග වනාන්තර තීරුවක් හා එහි සතා සිවුපාවගේ නිවහනුත් අහිමිවන අතර ඉන් වනාන්තර ඛණ්ඩනය වීමත් අලි ඇතුන් ගේ අලි මංකඩ විනාශ වීමත් වැළැක්විය නොහැක. අතුරු ඇළ මාර්ගය සඳහාද දැවැන්ත පාරිසරික හානියක් සිදුකර වනන්තර විනාශ කරමින් ඇළ වේලි ඉදි කිරීම මෙහෙදී සිදුවේ.

    විශේෂයෙන් වයඔ, උතුර හා උතුරු මැද පළාත්වල වැව් රක්ෂිත ගණනාවක් හා වනාන්තර ප්‍රදේශ ගණනාවක් මෙම ව්‍යපෘතිය නිසා විනාශ වන අතර පුරාණ වාරි කර්මාන්තයේ එල්ලංගා පද්ධති ගණනාවක් සහමුලින්ම විනාශවේ. පුරාණ වාරිමාර්ග ජාලය අවුල් ජාලාවක් බවය පත්කරන මෙම ව්‍යපෘතිය නිසා කුඩා මස්වැල්ලාව, මහ මස්වැල්ලාව , රන්පත් විල, සියඔලා වැව, තම්මැන්නා කුලම්, පලාතොට වැව, කුඩා පට්ටිය දිවුල් වැව, කාපිරි ගම වැව, ඇහැටු වැව, කොන් වැව, පත්තක්කා වැව, දික්වැව, ගුරළු පොත වැව සහ වයඔ පළාතේ මී ඔය අශ්‍රිතව ඇති හා තවත් කුඩා වැව් 700ක් පමණ එල්ලංගා පද්ධති හා ඒ අවට ප්‍රදේශ ගණනාවක වනන්තර මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වේ.

    පුරාණ වාරි කර්මාන්තයේ ජල කළමණාකරනය සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ මෙම වාරි පද්ධති තෙත් භූමි ලෙස සුවිශේෂි කාර්යක් ඉටු කරනු ලබයි. එමෙන්ම වියළි කාලයේදී ජලය ගබඩාකර ගැනීම සඳහාද පාරිසරික වශයෙන් එල්ලංගා පද්ධතිය වැදගත්වේ. එලෙස සුවිශේෂි කාර්යක් ඉටුකරන එල්ලංගා පද්ධති නැවත පණගන්නවා වෙනුවට මෙම වාරි රාටාව වෙනස්කර කරන විනාශයේ ප්‍රතිඵල මෙම ප්‍රදේශවල ජනතාවට පමණක් නොව මුළු රටටම බලපානු ඇත. මෙය ඉතිහාසයේ දැවැන්තම පාරිසරික විනාශය බවට පත්වන බවට කිසිදු සැකයක් නොමැත.

    වර්තමානයේ මෙරට ඉදිකළ මහා පරිමාණ ජලාශ ඇළ වේලි කිසිවක් බලා පෙරොත්තු වූ ප්‍රගතියෙන් අඩකටවත් ළඟා විමට බැරිවී තිබේ. එසේ තිබියදී නැවත නැවතත් මෙවන් විනාශ කිරීමෙන් මෙරට ජනතාවට හෝ පරිසරයට සිදු වන සෙතක් නොමැත.

    මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘති ඉදි වන්නේත් NCP ඇළ උතුරට හැරෙන්නේත් පොලොන්නරුවට ජලය ගෙන යන ප්‍රධාන වාරි පද්ධතිය වන ඇලහැරට ඉහළින්ය. එමෙන්ම පොලොන්නරු ප්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය වන ඇළහැරින් ජලය ගෙන යන සුදු කන්ද වැටියෙන් හා කොදුරුවාව කඳු වැටියෙන් දෙපස ආවරණය වූ වාරි පද්ධතිය පරාක්‍රම සාගර ඇළ මාර්ගය , අංගමැඩිල්ල, අහස් ගඟ, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල , කන්තලේ , වෙන්රාස කුලම් හා ත්‍රීකුණාමලයෙන් මුහුදට වැටෙන තෙක් වූ වාරි පද්ධතිය දැඩි අර්බුදයකට ලක්වන අතර මොරගහ කන්ද , කළු ගඟ ව්‍යාපෘති හරහා උතුරු මැද වාරි ඇළට ජලය හැරවූ විට ඇළහැරින් ඉහත ජල මාර්ග වලට යන ජල ප්‍රමාණය අඩු වේ.

    image_9b2b0839e8.jpg

    image_960542fd3e.jpg


    දැනටමත් පොලොන්නරුව ඇතුළු ප්‍රදේශවල ජනතාවගේ වගා බිම්වලට අවශ්‍ය තරම් ජලය ලබා නොදෙන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් උතුරට ජලය හැරවූ විට මෙම ප්‍රදේශවලට ලැබෙන ජලය තවත් අඩුවේ. මෙයින් මෙම ප්‍රදේශවල පාරාම්පරික ගොවීන් මෙන්ම 1960 පසුව බලහත්කාරයෙන් පදිංවි කළ ගොවි ජනතාවද අර්බුදයට ලක්වේ.

    මෙම ඇළ පාරිසරික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙනුත් ප්‍රශ්න ගණනාවක තවත් ආරමිභයකි. උතුරු මැද වාරි ඇළ ඔස්සේ අනුරාධපුරයට හා පොලොන්නරුවට ලැබීමට තිබෙන ජලය යාපනයට හැරවූ විට ජල හිඟයට මුහුණ දෙන අනුරාධපුර , පොලොන්නරු ඇතුළු ප්‍රදේශවල ජනයා හා උතුරේ ජනයා අතර ජලය මුල්කරගන ගැටුම් ඇතිවීමේ ඉඩකඩ මෙමගින් විවර කරදෙනු ලබයි. මෙම ලෝක බැංකු බෙදුම් ඇළෙහි පරමාර්ථය එයයි. යුද්ධය නොමැති නම් හිලරි ක්ලින්ටන්ලාට හෝ ඇමරිකානු ආයුධ නිෂ්පාදන සමාගම්වලට ලාබ ලැබීමට බැරිය. සිරියාව දෙකඩ කිරීමට ඔවුන් 2013 සිට භාවිතා කරන උපක්‍රමයම අද දවසේ ලංකාවේද ක්‍රියාත්මක කරමින් සිටී.

    ලොව පුරා මෙවන් සිදූවීම්වලට ඕනෑ තරම් උදාහරණ තිබේ. 1945 වසරේ ඉංදියාවේ පංජාබ් ප්‍රාන්තය හා ඒ අවට ගම් බටහිර ආක්‍රමණිකයන් විසින් කොටස් දෙකකට වෙන් කරන ලදි. ඒ එක් කොටසක් පාකිස්තානය ලෙසත් අනික් කොටස ඉන්දියාවට අයිති වන ලෙසත්ය. පන්ජාබ් යනු ගංගා පහේ භූමිය යන්නයි. පාකිස්තානයට ප්‍රධාන වශයෙන් ජලය ලැබෙන්නේ ඉංදු , චෙනාබි හා ජෙලුමි යන ගංගාවලිනි. එයිනුත් වැඩි ප්‍රමාණයක් ජලය ලැබෙන්නේ ඉංදු ගංගාවෙනි. පසු කාලීනව ඉන්දියාව විසින් ඉන්දු , රවි, බෙයාස්, සතුල්ජී යන ගංගාවලින් ඇළවේලි බැඳ හරස් කර ඉන්දියානුවන්ට අවශ්‍ය ජලය ලබාගන්නා ලද අතර එමගින් පකිස්ථානයට යන ජල ප්‍රමාණය අඩු විය.



    ඉන්දියානු පාකිස්තාන් යුද්ධය ආරම්භ වන්නේ මෙම ජල ගැටලුව මූලික කාරණයක් කරගනිමින්ය. අද දවස වන විටිත් ඇළ වේලි විශාල සංඛ්‍යාවක් බැඳ පාකිස්තානයට ගලායන ජලය ඉන්දියානු රජය විසින් හරස් කොට ඇත. එය පාකිස්ථානය දේශපාලනිකව පරාජය කිරීමට භාවිතා කරන යුද උපක්‍රමයක් ලෙස ඉන්දියාව භාවිතා කරයි. අනෙක් අතින් වේලිවල රඳවා තබා ඇති ජලය වැසි කාලයේදි එක්වරම නිදහස් කිරීම මගින් පාකිස්තානයට කෘතිම ගංවතුර ඇති කිරිම වැනි අමානුෂික ක්‍රියා ද සිදු කරයි. ජලය මුල් කර ගනිමින් ඇති වූ පාකිස්තානු ඉන්දියානු යුද්ධය අපට දෙන උදාහරණය නම් උතුරු මැද වාරි ඇළ විසින් නිර්මානය කරන්නට යන්නේ එවන් වටපිටාවක්ද යන වගයි.

    උතුරේ ජනතාවට ජලය ලබාදීම අත්‍යාවශ්‍ය කරුණකි. ඒ සඳහා කළ යුතු හොදම ක්‍රියාමාර්ගය වන්නේ මන්නාරමේ යෝධ වැව , ඉරණමඩු වැනි මහ වැව් හා ඒ අශ්‍රිතව ඇති කුළු වැව්, දන වැව් හා ගම් වැව් නැවත ප්‍රතිසංස්කරණය කිරීම හා ඇලෙව්ලි ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශයේ ජල ගබඩාව සුරක්ෂිත කිරිමයි. උතුරේ ජනතාව කෙදිනකවත් මහවැලි ජලයෙන් යැපුණේ නැත. ඔවුන්ටම ආවේණික වූ ජල සංරක්ෂණ ක්‍රියාමර්ග ඔවුන් විසින් භාවිතා කරන ලදි. ඒ අනුව යාපනයේ ජනයා පෙරදී භාවිතා කරන ලද පොකුණු 1000කට වැඩි ප්‍රමාණයක් යුද්ධය සමඟ විනාශ වී ගොස් ඇත. මෙම පොකුණු ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීමට පුළුවන . පෙරදී මෙන්ම වර්තමානයේදී ද වර්ෂා කාලයේදී වැලි කොට්ට දමා කලපු හරස් කර ගත් ජනයා ජලයේ ලවණතාවය වැඩි වන තෙක් එම ජලය භාවිතයට ගනී.



    රජය කළ යුත්තේ මෙම ජල සංරක්ෂණ ක්‍රියා මාර්ග ආරක්ෂා කරමින් සොබාදහම හා ජනයාත් එම වටිනාකමුත් ආරක්ෂා කිරීමයි. අනෙක් අතට පාරම්පරිකව ජලය ලබාගන්නා ක්‍රමවේද තිබියදි ඒවා විනාශ කිරීම මගින් අද මහවැලි ගොවියා මුහුණ දෙන සමාජිය හා පාරිසරික අර්බුදයට උතුරේ ජනතාව මෙමගින් ඇද දමනු ලබයි.

    ලෝක බැංකු ණය මත ඇළවේලි නිර්මාණය කළත් රජයට වර්ෂාව හෝ ජලය නිර්මාණය කිරීමට බැරිය. දහස් ගණන් වනාන්තර භූමි මධ්‍යම කදුකරයේ හා රටේ අනෙක් ප්‍රදේශ ලව විනාශ වන විට වර්ෂාව ඇදගන්නා හා භූගත ජලය රකින වනාන්නතර විනාශ වී යයි. එසේ වූ විට උතුරට ජලය දෙන්නේ කෙසේද?

    අනෙක් අතින් උතුරු මැද වාරි ඇළ තන්නනේ උතුරේ ජනතාවට ඇති අප්‍රමාණ වූ දයාව නිසා නොවේ. මෙම ඇළ ගෙන යන ප්‍රදේශ වල ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් ආර්ථික බෝග වගාව වෙනුවෙන් ලබා ගැනීමට රජය මේ වන විට සැලසුම් කර ඇත. කන්තලේ උක් වගාව තවත් ප්‍රමාණයකින් වගා බිම් වැඩි කරන අතර උතුර හා උතුරු මැද ප්‍රදේශ ගණනාවක උක්, රටකජු, කජු, ග්‍රීන් ගෑම් , ෆාම් අපනයනය කළ හැකි එළවළු හා පලතුරු උදාහරණයක් ලෙස කැවෙන්ඩිස් කෙසෙල් වැනි බෝග වගාව සදහා අනුරාධ පුරය , වව්නායාව , මන්නාරම ප්‍රදේශවලින් කැලෑ ඉඩම් ලබා ගැනීමට හා ඒවා බහු ජාතික සමාගම් ඇතුළු සමාගම්වලට ලබාදීමට ජාතික භෞතික සැළසුම අනුව සැළසුම් කර ඇත. එම වගාවලට අවශ්‍ය ජලය සැපයීම මෙම උතුරු මැද වාරි ඇළේ ප්‍රධාන අරමුණයි.



    එයට අමතරව උතුර මැද වාරි ඇළට සමගාමීව උතුරු මැද , වයඔ හා උතුර ප්‍රදේශවල වැව් 1000ක් ආර්ථික ඒකක වශයෙන් හදුන්වා දීම සිදුකරන අතර එම වැව් 1000 ක් ජලය ආර්ථික බොග වගාව සදහා යොදා ගනු ලබයි. කෙටියෙන්ම කිවහොත් වැව් හා ජලය පෞද්ගලීකරණයට මීට සමගාමී සිදු වේ.

    එවිට අවට ප්‍රදේශවල ජනතාවට සිය ගොවිතැන් බතට ජලය ලබා ගැනිම ගැටලුවක් වනවා මෙන්ම ආර්ථික වශයෙන් හා සමාජිය වශයෙන් මෙම ප්‍රදේශ විනාශ වීමත්, අලි මිනිස් ගැටුම ඇතුළු තවත් පාරිසරික ආර්බුද මේ ප්‍රදේශවල නිර්මාණය වීමත් නෙවැළක් විය හැකිය.

    ලෝක බැංකුව හා බහු ජාතික සමාගම් සැනසීම වෙනුවෙන් ලංකාවේ ජනවාර්ගික ගැටුම් ඇති කිරිම හා ස්භාවික සම්පත් සූරා කෑම පසුගිය රජය මෙන්ම වර්තමාන රජයත් සිදුකරමින් ඇත. උතුරු මැද වාරි ඇළ නිසා සිදුවන දැවැන්ත ඉඩම් මංකොල්ලය හා ජලය විකිණීමේ ක්‍රමාණුකූල සැලසුම සිංහල හා දමිළ ජනයා තවතවත් අනාථයින් බවට පත්කරනු ඇත.

    රටකට ජනපතිවරුන් හෝ අමාත්‍යමණ්ඩලයක් තෝරාපත් කර ගන්නේ භූමිය ඇතුළු ස්වාභාවික සමිපත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හා සමාජය සුරක්ෂිත කිරීම වෙනුවෙනි. නමුත් උතුරු මැද වාරි ඇළ ව්‍යපෘතිය නිසා වයඹ , උතුර හා උතුරු මැද ජනයාට ජීවත් වීමට ඇති ඉඩමි හා වටිනා පරිසර පද්ධති විදේශිය සමාගම්වලට බදු දීම පමණක් නොව ඔවුන්ගේ විශාල ගොවි ව්‍යාපාර වෙනුවෙන් සමස්ත ජල ශිෂ්ඨාචාරයම වනසා එම ඉඩමි වලට අවශ්‍ය ජලය සැපයීමත් මෙමගින් සිදුවේ.

    මෙරට ජනයාගේ හා පරිසරයේ අවශ්‍යතා තුට්ටුවකට මායිමි නොකර ඉබාගාතේ නටන ලෝක බැංකු රූකඩ වෙනුවෙන් සොබාදහම හා ජන සමාජය පවා දීම වෙනුවට මෙම සිදුකරන විනාශය අප විසින්ම වළකාගත යුතුය.

    රවීන්ද්‍ර කාරියවසම්

    පරිසරවේදී

    සොභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

    http://www.lankadeepa.lk/features/කඳුරට-වතුරටික-උතුරට-හැරවීම-තවත්-අර්බුදයක-ආරම්භයද/2-516456
     
    Last edited:
    • Like
    Reactions: maduranga90

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාරිසරික හානි වෙනව තමා..එහෙම බැලුවොත් අපි හුස්ම ගන්න එකත් පරිසර හානියක්..මොකද අපි CO2 පිටකරන නිසා..උතුරු මැද මිනිස්සු නිරන්තර නියගයකින් පීඩා විදිනව ..ඒ මිනිස්සුන්ට වතුර දෙන්ඩයි මහින්ද ඔය ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ...ඉස්සල්ලා මිනිස්සු කාල බීල ඉන්ඩ ඔනෙ නේද...
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,253
    1
    420
    83
    sri lanka
    පාරිසරික හානි වෙනව තමා..එහෙම බැලුවොත් අපි හුස්ම ගන්න එකත් පරිසර හානියක්..මොකද අපි CO2 පිටකරන නිසා..උතුරු මැද මිනිස්සු නිරන්තර නියගයකින් පීඩා විදිනව ..ඒ මිනිස්සුන්ට වතුර දෙන්ඩයි මහින්ද ඔය ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ...ඉස්සල්ලා මිනිස්සු කාල බීල ඉන්ඩ ඔනෙ නේද...

    100% agree but should do with proper planning and minimal environment pollution otherwise that will be disaster....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දෙන්න වතුර තියෙන්නේ එපෑයේ.දැන් තෙත් කලාපෙට මාසයක් පෑව්වොත් කාන්තාර වගේ වේලිලා යනවා..මාස දෙකක් වැස්ස නැති වුනොත් නියඟයක් කියලා කියන්නේ දැන්.
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    mona boruda ban , mama polonnaruwe meheta hambena wathurak na oya project eken serama demalunta , dan moragahakanda hadapu nisa polonnaruwe pradana wau pirenne na , e nisa minneriya saha girithale wau walin waga karana minissu waga karanne auruddta eka kannai , my3ya polonnaruwe unata u polonnaruwtama tama kelawanne , weli goda damma mahawaliya winasai , sudu araliya hotel eka nisa parakrama samudre bageta purawanne onna yaha palane , e madiwata pohora sahanadaret kapala
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පාරිසරික හානි වෙනව තමා..එහෙම බැලුවොත් අපි හුස්ම ගන්න එකත් පරිසර හානියක්..මොකද අපි CO2 පිටකරන නිසා..උතුරු මැද මිනිස්සු නිරන්තර නියගයකින් පීඩා විදිනව ..ඒ මිනිස්සුන්ට වතුර දෙන්ඩයි මහින්ද ඔය ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ...ඉස්සල්ලා මිනිස්සු කාල බීල ඉන්ඩ ඔනෙ නේද...

    මහින්ද පටන් ගත්තෙ? ගෞරවය මහින්දට?
    එකකොට හයිවේ චන්ද්‍රිකා.
    ගෞරවය?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාරිසරික හානි වෙනව තමා..එහෙම බැලුවොත් අපි හුස්ම ගන්න එකත් පරිසර හානියක්..මොකද අපි CO2 පිටකරන නිසා..උතුරු මැද මිනිස්සු නිරන්තර නියගයකින් පීඩා විදිනව ..ඒ මිනිස්සුන්ට වතුර දෙන්ඩයි මහින්ද ඔය ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ...ඉස්සල්ලා මිනිස්සු කාල බීල ඉන්ඩ ඔනෙ නේද...
    :yes::yes::yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නුවර පැත්තෙ කිලෝමීටර් 20 ගානක උමගක් හාරනව කිව්වෙ මේකද?:oo:..හරියට කරානම් වේලෙන පැතිවල දුප්පත් මිනිස්සුන්ට වතුර ලැබිල හොඳක් වෙයි නැත්නම් ලොකු පාරිසරික විනාශයක් වෙන්නෙ..අපේ ගෙවල් යටිනුත් හාරයිද දන්නෑ හිටං :baffled:
     

    Similar threads