කපන්නේ කසනවටද?

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
කපන්නේ කසනවටද?

(ආණ්ඩුවට ඕන පිල්ම් විතරද හෝල් වල දුවන්න ඕනා)






උතුරේ සාමාන්‍ය වැසියන්ගේ ජන ජීවිතය අළලා තමන් නිෂ්පාදනය කළ ‘මාරු තඩම්’ (විකල්ප මගක්) වීඩියෝ චිත්‍රපටය යාපනයේ සිනමා ශාලාවක දී මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙමින් තිබිය දී සිනමා ශාලාව තුලට කඩා වැදුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් චිත්‍රපට දර්ශනය නතර කොට තමා සහ චිත්‍රපට උපකරණ පොලිසිය වෙත රැගෙන ගිය බව නිෂ්පාදක එස්.රමණන් පවසයි.

‘මාරු තඩම්’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව රාජ්‍ය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන ගොස් එය ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දෙන මෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ එම වීඩියෝ චිත්‍රපටය රාජ්‍ය විරෝධී හෝ කාමුක දර්ශන වලින් තොර නම් ඊට ප්‍රදර්ශන අවසරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව එහි නිලධාරීන් කියා සිටි බවයි එස්.රමණන් පවසන්නේ.

‘මාරු තඩම්’ චිත්‍රපටය තුළ රාජ්‍ය විරෝධී කතා වස්තුවක් නොමැති බවත්,නිෂ්පාදක එස්.රමණන් කියා සිටියි.

චිත්‍රපට සංස්ථාවතමා සහ තම චිත්‍රපට උපකරණ ඔවුන්ගේ භාරයට ගෙන රැගෙන ගිය පොලිසිය, චිත්‍රපටය සහ ප්‍රදර්ශන උපකරණ පසුව ලබා දෙන බව පවසමින් තමා මුදා හළ බවයි කියා සිටියේ.

එම සිද්ධියෙන් පසුව විවිධ පුද්ගලයන් තමන්ට දෝෂාරෝපණය කරන්නටත් තර්ජනය කරන්නටත් පටන් ගෙන ඇති හෙයින් මෙන් ම,පොලිසිය ස්ථිරව යමක් ප්‍රකාශ නො කළ නිසා විශාල බියක් දැනෙන බවත් ‘මාරු තඩම්’ නිෂ්පාදකවරයා කියා සිටියි.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, පොලිසියත් ‘මාරු තඩම්’ චිත්‍රපටය නරඹා ඇති අතර රාජ්‍ය විරෝධී දර්ශන හෝ අදහස් එම චිත්‍රපටයේ අඩංගු නොවන බවයි.

එහෙත් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ තැනැත්තා අත් අඩංගුවට ගන්නා ලද්දේ නිසි බල පත්‍රයක් නොමැතිව එය ප්‍රදර්ශනය කිරීමේ වරදට යැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ, සැක කරුට අවවාද කොට නිදහස් කළ අතර ඔහුගේ චිත්‍රපටය ඇතුළු සියලු දේ ඔහුට ආපසු ලබා දීමට පොලිසිය පියවර ගන්නා බවයි කියා සිටියේ.


source http://tinyurl.com/kjxwxt6


 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙත් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ තැනැත්තා අත් අඩංගුවට ගන්නා ලද්දේ නිසි බල පත්‍රයක් නොමැතිව එය ප්‍රදර්ශනය කිරීමේ වරදට යැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ, සැක කරුට අවවාද කොට නිදහස් කළ අතර ඔහුගේ චිත්‍රපටය ඇතුළු සියලු දේ ඔහුට ආපසු ලබා දීමට පොලිසිය පියවර ගන්නා බවයි කියා සිටියේ.






    :confused::confused::confused::confused:
     

    24 lanka news

    Member
    Aug 6, 2014
    163
    5
    0
    එය ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දෙන මෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ එම වීඩියෝ චිත්‍රපටය රාජ්‍ය විරෝධී හෝ කාමුක දර්ශන වලින් තොර නම් ඊට ප්‍රදර්ශන අවසරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව එහි නිලධාරීන් කියා සිටි බවයි එස්.රමණන් පවසන්නේ.:dull: