කපිතාන් වැඩ පෙන්වන්න ගිහින් 32ක් ගිලී මරුට

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
කපිතාන් වැඩ පෙන්වන්න ගිහින් 32ක් ගිලී මරුට

2012 වසරේදී මගීන් ඇතුළු කාර්යමණ්ඩලය 32 දෙනෙකුට මරු කැදවමින් ගිලී ගිය අති සුඛෝපභෝගී කොස්ටා කොන්කෝර්ඩියා මගී ප‍්‍රවාහන නෞකාවේ කපිතන් ෆ‍්‍රැන්චෙස්කෝ ස්කෙටිනෝ අනතුරට හේතුවූයේ තමන් ‘‘වැඩ‘‘ පෙන්වීමට යෑම බව පසුගියදා පැවැති නඩු විභාගයකදී පාපොච්චාරණය කළේය.
මිනිස් ඝාතනය,රාජකාරිය පැහැර හැරීම,නැවේ මගින් සිටියදී නැව අත්හැර දැමිීම ආදී චෝදනා 3 ක් කපිතන් තැනට එරෙහිව නැගී තිබෙන අතර ඒවායින් එකකට හෝ වැරදිකරු යැයි ඔප්පු වුවහොත් ඔහු වසර 20 කට සිරගත කෙරෙනු ඇති බව සඳහන්ය.
ටස්කනියේ ගිගිලෝ දිවයින ආසන්නයේ ගිලී ගිය නෞකාවේ සිටි 4200 ක් පමණ දෙනා ගලවා ගැනීමට සහන සේවකයෝ සමත්වූ අතර එය ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී ඇති විශාලතම දිවිගලවා ගැනීමේ මෙහෙයුම් අතරින් එකක් ලෙස සැළකේ.
මියගිය 32 දෙනා කුටි වල සිරව සිටිහෙයින් ගලවා ගත නොහැකිවූ බව පැවසුනි.
අනතුර සිදුවූ පසු කපිතන් තැන සියල්ලටම ප‍්‍රථමයෙන් නෞකාවෙන් ඉවත්ව තම ආරක්ෂාව සළසාගෙන සිටි බවද කියැවුණි.
නඩු විභාගයේදී තම ‘‘වැඩ‘‘ පෙන්වීම ගැන විස්තර කළ ඔහු ගිගිලෝ දිවයින කොස්ටා කොන්කෝර්ඩියා හි නිල ගමන් මාර්ගයේ නොතිබුණද තම මගීන්ගේ සන්තෝශය පිණිස එසේ දුූපත ආසන්නයෙන් යාත‍්‍රා කළ බව පැවසීය.එක ගලෙන් කුරුල්ලන් තිදෙනෙකු මැරීමට අවස්ථාවක් දුටු තමා එය කි‍්‍රයාවට නැගීමට සැරසීමේදී නෞකාව ගල්පරයක හැපුණු බවත් බේරා ගැනීමට ප‍්‍රමාද වැඩිවූ බවත් ඔහු කීවේය.
‘‘කුරුල්ලන් තිදෙනා‘‘ ගැනද සදහන් කළ හෙතෙම නැවේ ප‍්‍රධාන සේවක තැනගේ නිවහන පිහිටා ඇත්තේ ගිගිලෝ දිවයිනේ වීම නිසා ඔහුව සතුටු කිරීමටත්,ගිගිලෝ දිවයිනේ පදිංචිව සිිටිනා තම මිත‍්‍රයෙකු සතුටු කිරීමටත්,නැවේ මගීන් සතුටු කිරීමටත් තමා ගිගිලෝ දිවයිනට නෞකාව යොදාගෙන ‘‘ආචාරයක්‘‘ දීමට උත්සාහ කළ බවත් නමුත් උත්සාහය වැරදීගිය බවත් පැවසුවේය.
ගල්පරයේ ගැටුණු නෞකාව වහා පසුපසට ගැනීමට උත්සාහ කළද විදුලි ජනක යන්ත‍්‍ර කි‍්‍රයාවිරහිත වීම නිසා එසේ කළ නොහැකිවූ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මිනිස් ඝාතනයට හවුල්වූ බවට නැගී ඇති චෝදනාව ප‍්‍රතික්ෂේප කරන හෙතෙම මගීන් මියගියේ නෞකාව ගල්පරයේ හැපීම නිසා නොව ජනක යන්ත‍්‍ර කි‍්‍රයාවිරහිතවීම නිසා නෞකාව පසුපසට ගැනීමට නොහැකිවීමෙන් බවට තර්ක කළේය.මගීන් සිටියදී නෞකාව අතහැර දමා දිවි බේරාගත් බවට නැගී ඇති චෝදනාවද ඔහු ප‍්‍රතික්ෂේප කළේය.
රාජකාරිය පැහැර හැරීමට පිළිතුරු දෙමින් ඔහු තමා නැව නියමිත ගමන් මාර්ගයෙන් විශාල දුරක් ඉවතට ගෙන ගියේ නැතැයි කීය.තමන් මින් පෙරද ගිගිලෝ දිවයින ආසන්නයෙන් යාත‍්‍රා කර තිබෙන බව පැවසූ හෙතෙම එම අවස්ථාවේදී කිසිවෙකුත් තමන්ගෙන් ප‍්‍රශ්න නොකළ බවත් පැවසුවේය.නඩු විභාගය ඉදිරියටත් පැවැත්වෙනු ඇත.



1FE76F6400000578-0-image-22_1417524174308.gif


22D13FE900000578-0-image-21_1417524131732.gif


23A9130D00000578-0-image-20_1417523467939.gif


23AA84C000000578-0-image-11_14175232562181.gif


23AA888500000578-0-image-12_1417523269484.gif