ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙල්ලෝරයේ ගතකළ ජීවිතය

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com


    රජු වෙල්ලෝරයේදී නැවතත් පිය පදවිය ලැබුවාද?
    රජුට අහිමි වීම දරාගත හැකි වූවාද?

    ලංකාවේ කොළඹ වරායේ සිට මදුරාසියේ වරායට කොන්වෝලිස් නෞකාවේ නැඟී ආ සිංහලේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එම නැව් ගමන අතරතුර මුහුණ දුන් සිදුවීම් සම්බන්ධව අපි පළමු ලිපියෙන් කතා කළෙමු.

    රජු නෞකාවෙන් බැස ගොඩබිමට ප්‍රවිෂ්ට වන විට අධික ජනතා ප්‍රසාදයක් ලැබී ඇත.රජු ට ආචාර සමාචාර දැක්වූ මදුරාපුර වැසියන්ගේ ගෞරවය රජුද හිස මඳක් නමා පිළිගෙන ඇත. රජු එම අවස්ථාවේ හැඳ සිටි ඉතා ආකර්ෂණීය ඇඳුම සම්බන්ධව ග්‍රැන්විල් සිය දින පොතේ සඳහන් කර ඇත.
    කහ, කොළ සහ රතු පාට පළල් ඉරි ඇති දිස්නය පතුරවන සැටින් වර්ගයේ විශාල කලිසම් සරුවාලයකින්ද,රන් හුයෙන් වැඩ දැමූ යට කබායකින්ද , බාහු කොටස් පුම්බා අත් කොටට තනා තිබූ උඩු කබායකින්ද රජු සැරසී සිටි බව ඔහු සඳහන් කර ඇත.තවද ගෙල වටා සුදු රේන්ද පටියක් රඳවා තිබී ඇති අතර එහි හරි මැදින් තීරුවක් පිට දිගේද තව තීරුවක් උරහිස් දෙක හරහාද විහිදා තිබී ඇත.ග්‍රැන්විල් විශේෂයෙන් සඳහන් කර ඇති කරුණක් වන්නේ රජුගේ කලිසමේ ඉණෙහි සිට වළලුකර දක්වා රත්තරන් බොත්තම් අල්ලා තිබූ අයුරුය .කිරුළ අහිමි වූවද තැනින් තැන රතුකැට , නිල්කැට වැනි මැණික් වර්ග සහ මරකත මිණි සවිකොට තිබූ මුදුන කෝණාකාරව ඉහළට නැඟුණු කන්ද උඩරට සේද හිස්වැසුමක් රජු පැළඳ සිට ඇත. රජුගේ දකුණතෙහි තිබී ඇති සේද ලේන්සුව සහ පැළද සිට ඇති රතු පැහැති විල්ලුද පාවහන් ගැනද ග්‍රැන්විල් ගේ වාර්තා වල දැක්වේ.
    රජුගේ රාජකීය ලාංඤ්චන ,කස්තාන සහ අති රමණීය ඇඳුම දැක පුදුමයට පත්වී සිටි කොන්වෝලිස් නෞකාවේ සේවකයින් ප්‍රමුඛ කපිතාන් පුදුමයෙනුත් පුදුමයට පත්වූයේ රජු සිය ඇඳුමේ අඩුපාඩු ඇති බව සහ එය අලංකාර නොවන බව පැවසූ විටය.
    මදුරාපුර වරායේ සිට වෙල්ලෝරය වෙත රැගෙන යාමට පෙර රජු සහ බිසෝවරුන්ව වරාය අසළ තනා තිබුණු කූඩාරම් වෙත මදුරාසි ආණ්ඩුව මඟින් සපයා දුන් දෝළා වලින් රැගෙන යන ලදී.කූඩාරම තුළට ඇතුළ් වීමේදී රජු ග්‍රැන්විල්ගේ පපුවට අත තබා එයට ඇතුළ් නොවන ලෙස පවසා තල්ලු කර ඇත.ග්‍රැන්විල් කාරුණික ලෙස රජු අස්වසා කූඩාරම තුළට ඇතුළ් වූ බව ඔහු සඳහන් කරයි. මේජර් මැරියට් , භාෂා පරිවර්තකයින් ,කපිතාන් ඕබ්‍රියන් සහ තමන් සියලු පහසුකම් සහිතව රජුව මදුරාපුර වෙත කැඳවාගෙන ආ බව ඔහු පවසා ඇති අතර රාජසිංහ රජුද දීර්ඝව කතා කරමින් සිය කෘතවේදීතාව පළ කර ඇත.සිය රාජකාරිය අවසන් කළ ග්‍රැන්විල් රජුගෙන් සමුගෙන කූඩාරමෙන් පිටත්ව ගොස් ඇති අතර නැවත ඔහු රාජසිංහ රජුව නොදුටු බව ඔහු ලියා ඇත.

    රාජකීය පිරිස එදින රාත්‍රිය පහන් කර ඇත්තේ කූඩාරම තුළය.ඔවුන්ව ගෙන යාමට නියමිතව තිබූ වෙල්ලෝර් බලකොටුව පිහිටා තිබී ඇත්තේ ඉන්දියාවේ පාර් නදිය අසබඩය.එම බලකොටුව ශක්තිමත් තාප්පයකින්ද දිය අගලකින්ද වට කර තිබුණි.එම බලකොටුවේ කන්ද උඩරට රජු සිටි නිසා පසුකාලීනව එම වෙල්ලෝර් බලකොටුව " කන්ඩි මහල් " යනුවෙනන් හඳුන්වා ඇත.වර්තමානයේ ද එය හඳුන්වන්නේ කන්ඩි මහල් යනුවෙනි.එහි අර්ථය " මහනුවර රජභවන" යන්නයි.එම බලකොටුවට රාජසිංහ රජුව රැගෙන යාමට පෙර සුල්තාන්වරයෙකු සහ ඔහුගේ පුත්‍රයින් එහි පදිංචිව සිට ඇත.සුල්තාන්වරයාගේ පුත්‍රයින් වාසය කළ මන්දිරය ඉංග්‍රීසින් රාජසිංහ රජුගේ පවුලට වෙන්කර දී ඇත .එහි තිබූ අනෙකුත් මන්දිර ගැට්සුර්මහල්, පච්චබේගුම් මහල් සහ පල්කොන්ඩෙයි මහල් යන නම් වලින් හඳුන්වා දී ඇත.
    මදුරාපුර සිට වෙල්ලෝරය දක්වා ගිය ගමන රජු ඇතුළු රාජකීයයන්ට එතරම් සුවදායක ගමනක් නොවීය.චිංගල්පුට්,චට්ටෝර්,හරදාචලම් වැනි ප්‍රදේශ පසු කරද්දී එම ප්‍රදේශ භාර මහේස්‍රාත්වරුන් රාජකීයයන්ව පිළිගෙන සංග්‍රහ කටයුතු කළද සමහර අවස්ථාවලදී රාජකීයයන් හට පාගමනින් යාමට සිදුවිය.එය නිසා රාජසිංහ රජු දැඩි කනස්සල්ලට සහ ලැජ්ජාවට පත් වී ඇත.රජු සමඟ ගිය බිසෝවරුන්ගේද රෝගී තත්ත්වයන් අධික වුණු බව මැරියට් පවසා ඇත.රජුගේ සිත සතුටු කිරීමට මැරියට් පලතුරු වර්ග ලබා දුන් බවද සඳහන් වේ.රජු ගමන් මහන්සිය මඟ හරවා ගැනීමට නතර වූ සැම තැනකම පාහේ ඔහුව දැක ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටීම නිසා රජුගේ සිත යම්තාක් දුරකට සතුටු වී ඇත.ජනතාව රජු හට පලතුරු සහ බුලත් ලබා දුන් බව වාර්තාවල දැක්වේ.කොන්ජිස්වරම් වෙත රජු පැමිණි විට ඔහු එහි පිහිටා තිබූ විශාල විෂ්ණු කෝවිල වෙත ගොස් මල් , බුලත් සහ පලතුරු පිදූ බව එහි වූ ලේඛන සාක්ෂි දරයි.
    දින හයක වෙහෙසකර ගමනකින් පසුව රාජකීය පිරිස වෙල්ලෝරයට ළඟා විය.ඒ 1816 පෙබරවාරි මස 28 වැනිදාය.රජු හට එහි පවුල සමඟ නිදහසේ සිටීමට ඉඩ ලබා දී තිබුණි.රජු සිංහල ජාතික සේවකයින් ඉල්ලා සිට ඇති අතර එම ඉල්ලීම පිළිගෙන සිංහල සේවකයින් සත්දෙනෙකු ආණ්ඩුව විසින් ලබා දී තිබුණි.එමෙන්ම වඩුග සේවකයින් ද එම බලකොටුවේ රජුගේ සහයට යොදා තිබුණි.ඔවුන් අතර " හරකාරස්වරුන් " නොහොත් සේවක වෙස්ගත් පොලිස් මුරකරුවන්ද සිට ඇත.තවද රජුගේ ඉල්ලීම පරිදි වෛද්‍යවරයෙකු සහ කරණවෑමියෙකුද ආණ්ඩුව විසින් ඔහුට ලබා දී තිබුණි.මාර්තු මාසය අවසානයේදී රාජසිංහ රජුගේ මව සහ නැන්දනිය ඇතුළු තවත් රජුගේ නෑදෑවෙන පිරිසක් වෙල්ලෝරයේ බලකොටුවට ගෙන ආ බව නාවික වාර්තා සඳහන් කරයි.

    රජු අශ්වයෙකු ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ නමුත් ආණ්ඩුව ඔහුට දෝලාවක් ලබා දුනි.රජතුමාට මසකට ඉන්දියානු රුපියල් දෙසියයක මුදල් දීමනාවක්ද ලබා දීමට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කළ අතර එය ඔහු ලංකාවේදී සිර අඩස්සියේ සිටින විටත් ලබා දුන් බව සඳහන් වේ.

    රජුගේ මෙම සුඛෝපභෝගි ජීවිතය ගැන වැඩි කල් නොයා ලංකාවේ සිංහල නිළමේවරුන් හට ඉන්දියානු වෙළඳුන්ගේ මාර්ගයෙන් ආරංචි විය.ඔවුන් එය ගොස් ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් හට දැන්වීය.එහිදී බ්‍රවුන්රිග් මදුරාසි ආණ්ඩුකාරවරයා හට ලිපියකින් කියා සිටියේ රජු හට මුදල් වෙනුවට ආහාර පාන සහ ද්‍රව්‍ය අවශ්‍ය තරමට පමණක් ලබා දෙන ලෙසය.තවද බ්‍රවුන්රිග් ලිපියේ සඳහන් කර තිබුණේ සිහසුන අහිමි වූ රජුට රාජකීය තත්වයකින් පෙනී සිටීමට කිසිම ඉඩක් සළසා නොදෙන ලෙසය.එමෙන්ම රාජසිංහ ඉංග්‍රීසි ආණ්ඩුවේ සිරකරුවෙකු බව ඔහු එම ලිපියෙහි දැඩිව අවධාරණය කොට සිටියේය.ඔහු තවදුරටත් ඉල්ලා සිටියේ සේවක පිරිසද අඩු කරන ලෙසය.

    රජු හට මේ තත්ත්වයන් පසුවට තේරුම් ගියේය.ඔහු කනස්සල්ලෙන් ඉතා නිහඬ දිවියක් අරඹා ඇත.රජුට හිමිවන මාසික දීමනාව තවදුරටත් මදුරාසි ආණ්ඩුව දීමට තීන්දු කළද ඔහු එය ප්‍රතික්ෂේප කොට ඇති බව රාජතාන්ත්‍රිකයකයෙකුගේ දිනපොතක දැක්වේ.එමෙන්ම බිසෝවරුන්ගේද රෝගී තත්ත්වය උත්සන්න විය.රජු ඉතාමත් ළඟින් ඇසුරු කළ "උපේන්ද්‍රම්මා" නම් බිසවක් දරුණු ලෙස රෝගාතුර විය .රජුද ඇය අසළ රෑ පුරා නිදිවර්ජිතව සිට ඇත.රජුගේ කනස්සල්ල තීව්‍ර කරමින් උපේන්ද්‍රම්මා 1818 ජූනි මස 16 වනදා අලුයම අභාවප්‍රාප්ත වූවාය.රජුගේ මානසික මට්ටම හඳුනා ගත් රජු භාරව සිටි නිළධාරින් රජුගේ සුවපහසුව වෙනුවෙන් විවිධ ඉල්ලීම් කළද නව ආණ්ඩුකාරතුමා කරන ලද්දේ ලබා දී තිබූ දීමනාද කප්පාදු කිරීමය.

    රජුගේ වැඩිමහල් දියණියගේ කන්විදීම සඳහා පැවැත්වූ උත්සවය සඳහා වියදම් කිරීමට පවා රජුගේ අත මුදල් නොවීය.පසුව ලංකාණ්ඩුවේ අවසරය පිට ඒ සඳහා ඉන්දියානු රුපියල් දහසක් ලබා දුනි. රජුගේ තවත් දියණියකටද එම වියදම ම දැරූ බව වාර්තා පෙන්වා දේ.නිහඬ ව සිටි රජු නැවතත් දිගින් දිගටම ඉල්ලීම කරන්නට විය.කෙතරම් සාධාරණ ලෙස ක්‍රියා කළද රජු සැනසිය නොහැකි බව මදුරාසි ආණ්ඩුවේ උසස් නිලතලයක් දරන්නෙකු වරෙක පවසා ඇත.ආණ්ඩුව තවදුරටත් උරණ කරමින් රජු සිය දීමනාව රුපියල් දෙසියයේ සිට දෙදාහක් දක්වා වැඩි කරන ලෙසත්,ඉඩපහසුකම් සහිත දෝලාවකුත් , තම භාවිතයට අශ්වයෙකුත් ඉල්ලා සිට ඇත. මේ තත්වයන් හමුවේ රජු සහ රජයේ නිළධාරින් අතර දිගින් දිගටම ගැටුම් ඇතිවී ඇත.
    මේ අතර රජුගේ නැන්දනියක් මිය ගිය බවත් ලංකාණ්ඩුවේ අවසරය පිට අවමඟුල් උත්සවයට මුදල් රජය විසින් සපයා දී ඇත .මේ අතර රජුගේ මව සහ දියණියක් දැඩි ලෙස රෝගාතුරව සිට ඇත.රජු නැවතත් දැඩි කනස්සල්ලෙන් සිට ඇත.රජුගේ සිත යම්තාක් දුරකට අස්වසාලමින් 1822 අගෝස්තු මස 12 වැනිදා යම් සිදුවීමක් විය. ඒ සිදුවීම නම් රජු නැවතත් පිය පදවිය ලැබීමය.සහන කපාහැරීම නිසා බිසෝවරුන් මෙන්ව රජුගේ දරුවන් ගතකරන දුක්බර ජීවිතය ගැන සිතින් හඬා වැටුණද රජු ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී සිටියේය.
    රජු ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉල්ලීම් කිරීම නවතා දැමීය. ශෝකය ඉවසාගත නොහැකි වූ රජු දිනක් රජයේ නිළධාරින් හට සිය වටිනා රෙදිපිළි පෙන්වා ඒවා විකුණා ලැබෙන මුදල් වලින් සිය පවුලේ උදවියට සැපවත් ජීවිතයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.‍රජය සමඟ දිගින් දිගටම ඇතිවූ ගැටුම් වලට අමතරව රජු සිය නෑයන් සමඟද ගැටුම් ඇති කරගත්තේ ඉතා අවාසනාවන්ත ලෙසය.1829 දී රජුගේ තෙවැනි බිසවද දියණියක් බිහිකර ඇත.වැඩිමහල් දියණියගේ විවාහ ගිවිස ගැනීමට සහ අලුත උපන් දියණියගේ ආභරණ සෑදීමට ආණ්ඩුව ඉන්දියානු රුපියල් තුන්දහසක මුදලක් පිරිනමා ඇත.
    රජු ගේ රෝගීවී සිටි දියණිය මියයාම නිසා රජුද දැඩි ලෙස රෝගාතුර වී ඇත.දියණියගේ අවසන් කටයුතු හින්දු චාරිත්‍රානුකූලව පාර් නදිය අසබඩ සිදුකර ඇති අතර අදාහන උත්සවය සඳහා හමුදාවේ ස්වදේශීක බෑන්ඩ්කරුවෙකු සහ නළාකරුවෙකු ද, ස්වදේශීක භටපිරිසකගේ ගෞරවාචාරය ලබා දී ඇත .රජුට දාව උපත ලැබූ එකම පුත් කුමරෙකු ගැන ද සඳහන් වන අතර ඔහු උපත ලබා ඇත්තේ ලංකාවේ වන අතර පසුව වෙල්ලෝරයට පැමිණි පිරිස සමඟ ඔහු පැමිණ ඇත.සමීපතමයින් අහිමි වීම, විවිධ ගැටුම් ආදිය හේතුකොට ගෙන රජුගේ සෞඛ්‍යය දැඩිව පිරිහෙමින් පැවතුණි .
    නින්ද නොයෑම, කෑම අරුචිය ආදියෙන් රජු පීඩා විඳ ඇත.රජුගේ අත්පා ඉදිමී තිබූ බව ද සඳහන් වේ.වෙනත් වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබාදීමට රජය කටයුතු කළද රජු එය වළක්වා පෙර සිටි පෞද්ගලික වෛද්‍යවරයා තමාට වඩාත් සුදුසු බව පවසා ඇත.රජුට කිසිඳු ප්‍රතිකාරයක් කළද සුවවීමක් දක්නට නොවීය.1832 ජනවාරි 30 වනදා හිරු බැස ගියේ සිංහලේ අවසන් රජුගේ හුස්ම පොදද සමඟිනි.මියයන විට 53 හැවිරිදි වියේ පසුවූ රජුගේ අවසන් කටයුතු පසුදා පහන් වන්නට පෙර සිදුකළ යුතු බව රාජකීයයන් ගේ අදහස විය.
    එය එලෙසම සිදුවූ අතර ආචාර වෙඩිමුර මධ්‍යයයේ පාර් නදිය අසබඩ සිදුකළ රජුගේ අවසන් කටයුතුද අවසන් විය. රජුගේ භෂ්මාවශේෂ තැන්පත් කොට සොහොන් ගැබක් නිර්මාණය කර ඇති අතර අදටත් ඉන්දියානු රජයෙන් එය පවිත්‍ර කිරීමට සේවකයෙකු පත්කර ඇත.රජුට දාව උපන් එකම කුමරුද වෙල්ලෝර බළකොටුව තුළින් කිසිදිනෙක පිටනොවූ අතර හඳුනා නොගත් රෝගයකින් 1843 දී අභාවප්‍රාප්ත වී ඇත.සිංහලේ අවසන් රජුගේ අවසානය මෙසේ සිදුවිය.....





     

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ශ්‍රී වික්‍රම රාජසිංහ ... මේ නම ඇසූ පමණින් අද වනවිටත් සියල්ල කරනු ලබන්නේ බැනීම පමණි. ඇහැළේපොළ පවුල අමානුෂික ලෙස ඝාතනය ,පරණාතල හිමියන් ඝාතනය ආදී ඉතා පිළිකුල් සහගත තීන්දු ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හට බැනීම එක් අතකින් සාධාරණ වුවද අප නොදුටු පැත්තක් තිබී ඇත.
    ඒ බලලෝභී සිංහල රදළයින් වූ මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ වැනි අයගේ ක්‍රියාකලාපය නිසා රජු ගත් වැරදි තීන්දු තීරණ ය . ඔවුන් විසින් රජු බීමතින් සිටි අවස්ථාවලදී බහුතරයක් දණ්ඩන පැනවීම් සඳහා රජුගේ මුද්‍රාව ලබාගත් බවත් , රජුගේ සිත බිඳී යන අයුරින් බොරු කේලාම් ගෙතූ බවත් ඉතිහාසය සාක්ෂි දරයි.
    1805 දී මාගොල්ලේදී සිදුවූ සටනේදී ඉංග්‍රීසින් ලැබූ අන්ත පරාජය පිළිබඳ ඉතා ප්‍රභල සාක්ෂි පවතී.එම සටනට නායකත්වය දෙන ලද්දේ මේ කතාවේ කතානායක වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය . සිංහල නිලමක්කාරයන්ගේ තාඩන පීඩන හමුවේ පොඩිවී සිටි රජුගේ ඇස වසා 1815 උඩරට ආක්‍රමණය කළද රජු හට රාජ්‍ය පාලනයට බාධා නොකළේ නම් 1815 දීත් බ්‍රිතාන්‍යන්ට සිදුවන්නේ 1805 මාගොල්ලේදී ඔවුන් කලින් මුහුණ දුන් සිදුවීමටම මුහුණ දී පණ රැක ගෙන පළා යාමටය...බ්‍රිතාන්‍ය පාලනය හමුවේ වැඩි කල් නොගොස් තැලී පොඩිවී ගිය සිංහලයාට රාජෙකුගේ අගය හොඳින් වැටහෙන්නට ඇති.... එකළ වැඩසිටි කුංකුණාවේ හාමුදුරුවෝ ලියූ මේ කවියෙන් එය ප්‍රත්‍යක්ෂ වේ....

    අනේ කූඹියනේ...
    තොපටත් රජෙක් ඉන්නේ..
    අපට නෑ ඉන්නේ...
    අපේ කරුමෙද මේ වෙන්නේ...
    රජෙක් ලැබුණෝතින්...
    කැවුම් කිරිබත් කන්නම්...
    පෙරහැර කරන්නම්..
    සාධු නාදෙන් ගිගුම් දෙන්නම්...

    - ජෙහාන් ගෝමස් -
    උපුටා ගැනීමකි ..ලිපියේ අයිති කරුට ස්තූතියී ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ශ්‍රී වික්‍රම රාජසිංහ ... මේ නම ඇසූ පමණින් අද වනවිටත් සියල්ල කරනු ලබන්නේ බැනීම පමණි. ඇහැළේපොළ පවුල අමානුෂික ලෙස ඝාතනය ,පරණාතල හිමියන් ඝාතනය ආදී ඉතා පිළිකුල් සහගත තීන්දු ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හට බැනීම එක් අතකින් සාධාරණ වුවද අප නොදුටු පැත්තක් තිබී ඇත.
    ඒ බලලෝභී සිංහල රදළයින් වූ මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ වැනි අයගේ ක්‍රියාකලාපය නිසා රජු ගත් වැරදි තීන්දු තීරණ ය . ඔවුන් විසින් රජු බීමතින් සිටි අවස්ථාවලදී බහුතරයක් දණ්ඩන පැනවීම් සඳහා රජුගේ මුද්‍රාව ලබාගත් බවත් , රජුගේ සිත බිඳී යන අයුරින් බොරු කේලාම් ගෙතූ බවත් ඉතිහාසය සාක්ෂි දරයි.
    1805 දී මාගොල්ලේදී සිදුවූ සටනේදී ඉංග්‍රීසින් ලැබූ අන්ත පරාජය පිළිබඳ ඉතා ප්‍රභල සාක්ෂි පවතී.එම සටනට නායකත්වය දෙන ලද්දේ මේ කතාවේ කතානායක වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය . සිංහල නිලමක්කාරයන්ගේ තාඩන පීඩන හමුවේ පොඩිවී සිටි රජුගේ ඇස වසා 1815 උඩරට ආක්‍රමණය කළද රජු හට රාජ්‍ය පාලනයට බාධා නොකළේ නම් 1815 දීත් බ්‍රිතාන්‍යන්ට සිදුවන්නේ 1805 මාගොල්ලේදී ඔවුන් කලින් මුහුණ දුන් සිදුවීමටම මුහුණ දී පණ රැක ගෙන පළා යාමටය...බ්‍රිතාන්‍ය පාලනය හමුවේ වැඩි කල් නොගොස් තැලී පොඩිවී ගිය සිංහලයාට රාජෙකුගේ අගය හොඳින් වැටහෙන්නට ඇති.... එකළ වැඩසිටි කුංකුණාවේ හාමුදුරුවෝ ලියූ මේ කවියෙන් එය ප්‍රත්‍යක්ෂ වේ....

    අනේ කූඹියනේ...
    තොපටත් රජෙක් ඉන්නේ..
    අපට නෑ ඉන්නේ...
    අපේ කරුමෙද මේ වෙන්නේ...
    රජෙක් ලැබුණෝතින්...
    කැවුම් කිරිබත් කන්නම්...
    පෙරහැර කරන්නම්..
    සාධු නාදෙන් ගිගුම් දෙන්නම්...

    - ජෙහාන් ගෝමස් -
    උපුටා ගැනීමකි ..ලිපියේ අයිති කරුට ස්තූතියී ..
    සිංහලයව විනාස කරන්නේ සිංහලය . මේක ජානවලින් එන එකක් වගේ 🤭
     
    • Like
    Reactions: NRTG and reuse

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    WhatsApp Image 2024-12-01 at 16.15.23_45d78eea.jpg
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    හිරේට ගත්ත එකාට මොන පකටද බං පඩි ගෙවන්නෙ, පහසුකම් දෙන්නෙ. ඌත් අනික් උන් වගේම හිරකාරයෙක් නෙ. රජා කියල වෙනමම සලකන්න ඕනෙද. අනික ඔය පකයා අනුන්ගෙ දරු පවුල් පිටින් මරවලා තියෙන්නෙ. හරි විදියට මුගේ උනුත් එහෙමම මරන්න තිබ්බෙ වඩිග පකයා
     
    • Like
    • Sad
    Reactions: NRTG and dbug

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    මේ සිද්ධියට ඍජුව සම්බන්ධ නොවුනත් මට වෙන කතාවක් කියන්න මතක් උනා,

    මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,

    අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.

    නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් තමන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නවනේ. ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්‍රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා

    හිතපංකෝ අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඒ මිනිස්සු කිසිම වරදක් නොකර අපිත් එක්ක තියෙන නෑදෑ කම කියන හේතුව නිසා ඉතාමත් කෘර වද දෙන ක්‍රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි