~ කපුවන්ගේ 'අමුක ඩුමුක ගේම්'..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්රන් ඇතුළු වටිනා දේවල් සහ මුදල් නිවෙස්වලට රැගෙන යන බවට රට පුරා ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් පූජා වට්ටි මත තබා දහස් ගණනින් දුන් මුදල් ප්‍රමාණයන් 50%කින් පමණ අඩු කර ඇතැයි මාධ්‍ය වාර්තාවක සඳහන් ය.ඒ වෙනුවට කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ ඇති මහරගම අපේක්ෂා රෝහලේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට බැතිමතුන් පෙළඹී ඇති බව ද එහිම සඳහන් වෙයි.

    අංගොඩ ලොක්කාගේ පවුම් 38 ක රන් තැටියට වූ දේ..​

    එය ඉතා සතුටුදායක ප්‍රවෘත්තියකි. මක් නිසා ද යත් මෙම ප්‍රවණතාව කල් ඇතිව දක්නට ලැබුණි නම් දෙවියන් ගේ නාමයෙන් මේ වන විට අකාලයේ මරු වසඟයට පත් ජීවිත විශාල ප්‍රමාණයක් ජීවත් කර ගත හැකිව තිබූ බැවිනි.පසුව ඉන්දියාවේ දී මිය ගිය බව පැවසෙන 'අංගොඩ ලොක්කා' නම් අපරාධ කරුගේ බිරිඳ විසින් තම පුතු ගේ ග්‍රහ අපල දුරු වීමට කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක රන් තැටිය අතුරුදන් වීම සම්බන්ධව ප්‍රධාන කපුවා හා දේවාලයේ ගබඩාව භාර කපුවා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දුන් නියෝගය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් විසින් පූජා වට්ටි මත තබා රුපියල් දහස් ගණනින් මුදල් නෝට්ටු ලබා දීම නතර කර තිබේ. නමුත් මෙය කතරගම කපුවන් කළ පළමු එවැනි ක්‍රියාව සේ සිතීමට තරම් අප බොළඳ විය යුතු නෙවේ.

    කුඩා පඬුරු මුදල්වලින් පමණක් රුපියල් ලක්ෂ 3450 ක්..​

    මේ තත්වය යටතේ මහා දේවාලයට ගොස් කපුවන් හමුවේ පුද පඬුරු ඔප්පු කිරීම වෙනුවට ඇතැම් බැතිමතුන් කිරි වෙහෙර පසුපස දේවාලයට හා අභිනවාරාමයේ දේවාලයට යාමට ද පටන්ගෙන ඇති බව ද අනාවරණය විය.කතරගම කිරි වෙහෙර හා සම්බන්ධ දේවාලය අතීතයේ කතරගම රජකම් කළ මහාසේන හෙවත් මහාඝෝෂ නම් රජු ගේ දේවත්වය පදනම් කර ගත් එකක් බව පැවසෙයි.එය අතීතයේ කතරගම උපාසක දෙවියන්ගේ දේවාලය ලෙස ද හැඳින්වුණු බව පැවසෙයි. එමෙන්ම කතරගම වන්දනා කරුවන් ආකර්ශනය කර ගත හැකි ආකාරයට කතරගම අභිනවාරාමයේ වෙනම දේවාලයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ද මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ ඔහු ගේ දියණියක විවාහ කර ගත් තවත් කපුවකු දැඩි විරෝධය පළ කොට ඇති අතර එය මුල් කොට ගත් ඔවුන් ගේ කලහකාරී හැසිරීමක් ද පසුගිය කාලයේ වාර්තා වී තිබේ. ඉහත සඳහන් මාධ්‍ය වාර්තාවට අනුව කතරගම දේවාලයට ගතවූ මාස 11 තුළ පඬුරු පෙට්ටියට බැතිමතුන් දමන කුඩා පඬුරු මුදල්වලින් පමණක් රුපියල් ලක්ෂ 3450 ක් එකතුවී ඇත. මේ වන තෙක් දේවාලයේ කපුවන් වෙත පූජාවට්ටි වෙත තබා පඬුරු ලෙස දෙන මුදල් ප්‍රමාණය මීට වඩා විසි ගුණයකින් වැඩි විය හැකි වුවත් ඒවා ගණනය කළ නොහැකි බව දේවාලයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පූජා වට්ටියට එක් කළ යුතු පඬුර සහ අතුරුදහන් ප්‍රධාන කපුවා..​

    අපගේ ජන සංස්කෘතියට අනුව දෙවියන් සඳහා පූජා වට්ටි මඟින් පුද පඬුරු පිදීමට දිගු ඉතිහාසයක් තිබේ.ඒ පූජා වට්ටියේ පඬුර යනු කහ දියරෙන් සෝදා සුදු පිරුවටයකින් ඔතන ලද කාසියක් ලෙස ද ප්‍රකට ය.පළතුරු රසකැවිලි,මල් මාලා ආදියෙන් යුතු පූජා වට්ටියට එක් කළ යුතු පඬුර ලෞකිකත්වය සංකේතනය කරන්නක් බව ඒ සම්බන්ධ පර්යේෂකයන් ගේ මතයයි.එහෙත්, එම පූජා වට්ටිය මතට තම මුදල් පසුම්බියෙන් ඇද තබන මුදල් නෝට්ටුව එලෙස සාම්ප්‍රදායික හෝ අර්ථ ගැන්විය හැකි දෙයක් නොවේ.එමෙන්ම පූජා වට්ටිය මත තබා දේවාල වල කපුවන්ට දෙන රන් රිදී මුතු මැණික් ආදී වටිනා දේ සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද ඒ ටිකම ය.පවත්නා නීතිය අනුව ප්‍රධාන දේවාල වල පින් කැට වලට වැටෙන මුදල් රජය හෙවත් මහා භාරකාරයා සතු ය. ඒවාට පඬුරු වශයෙන් ලැබෙන මුදල් ද කපුවන් විසින් පසුව පින් පෙට්ටියට දැමීමේ සිරිතක් අතීතයේ තිබිණ.නමුත් එසේ පඬුරු නොවන මුදල් සහ වටිනා දේවල් සම්බන්ධ නිසි හිමිකාරීත්වයක් නොමැති නිසා කපුවන් ඒවා ගෙවල් වලට ගෙන යාමේ පුරුද්දක් දැන් කලෙක සිට පවතී. පොලිස් අත් අඩංගුවට පත්වීමට නියමිතව සිටිය දී මේ වන විට අතුරුදන් ව ඇතැයි පැවසෙන කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා පසුගිය දා එසේ පූජා වට්ටියේ ඇති වටිනා දේ පවා කපුවන්ට අයිති බව කියා සිටියේ ඒ අවිචාරවත් පුරුද්ද තම ව්‍යාජ උරුමයක් බවට පත් කර ගනිමිනි.ඔහු මෙම බරපතල සාවද්‍ය මතය මීට පෙර ද පුවත් පත් මඟින් ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව ප්‍රධාන කපුවා කතරගම දේවාලයට ලැබුණු පවුම් තිස් අටක රන් තැටිය සම්බන්ධයෙන් ද ඒ අයථා හිමිකම රැක ගැනීමට ගොස් වැඩේ වරද්දා ගෙන ඇති බව පෙනෙයි.

    සිංහල බෞද්ධ දේවාල සහ හින්දු දේවාල වල වෙනස..​

    1931දි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඇති කරන ලද අංක 19 දරණ විහාර දේවාලගම් පනතින් දේවාල සම්බන්ධ පාරම්පරික රාජකාරි සඳහා නීතිමය ආරෝපණයක් ලබා දී ඇත. රට පුරා එවැනි දේවාල තිස් දෙකක් තිබේ.එම දේවාල වල ප්‍රධාන පරිපාලන නිලධාරියා එම පනත ප්‍රකාර ඡන්දයකින් තෝරා ගන්නා බස්නායක නිලමේ ය.එමෙන්ම එම දේවාල වල රාජකාරී මණ්ඩල ප්‍රධානියා බෙත්මේ රාළ ලෙස හැඳින්වේ.මේ වන විට නිතිපතා අති විශාල මුදල් සම්භායක් ගලා එන කතරගම දේවාලයේ කපුවන් ගෙන් සමහරක් බෙත්මේ නිලය පසුකොට බස්නායක නිලමේ තනතුරට පවා අභියෝග කරන මට්ටමට පත්ව තිබේ."එයාලා පත් වෙන්නේ අවුරුදු පහට අපි තමයි හැමදාම මේවායෙ ඉන්නේ" යනුවෙන් වර්තමාන ප්‍රධාන කපුවා පසුගිය කාලයේ මාධ්‍ය වලට කළ ප්‍රකාශ මඟින් පැහැදිලි වනුයේ ඔහු දේවාලයේ සමස්ත පරිපාලන ව්‍යුහයම ප්‍රතික්ෂේප කරන බවකි.එය ඔහුගේ කූටෝපායක් බව පැහැදිලිය. අප බොහෝ දෙනකු දන්නා අන්දමට හින්දු දේවාල වෙත ගලා එන මෙවන් ධනස්කන්ධයන් මෙලෙස ඒවයේ පූජකයන්ට යටි මඩි ගහන්නට ඉඩ සළසා නැති අතර එම කෝවිල් වලට ලැබෙන හැම සතයක්ම එහි මූල්‍ය යාන්ත්‍රණයට ඇතුළු වන සේ ඒවායේ පරිපාලන ව්‍යුහය සකස් කොට තිබේ.දෙවියන් වෙනුවෙන් බැතිමතුන් දෙන සකල විධ පුද පඬුරු "අම්මාගේ අප්පාගේ බූදලයක්" මෙන් තමන් සතු කර ගැනීමට කපුවන්ට මෙවන් හැකියාවක් ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතික පදනමකින් යුතු දේවාල වල පමණි.

    කපුවන්ට වැරදි ක්‍රමයකට දෙන "බැලය"​

    අප රටේ අතීත ජන සම්ප්‍රදාය අනුව දේවාලයක පූජා වට්ටියේ ඇති පඬුරට අමතරව කපුවාට දෙන සේවා ගාස්තුව ඇතැම් ප්‍රදේශවල හඳුන්වා දී ඇත්තේ "බැලය" යන නමිනි. එකල ඇතැම් විට එය ධාන්‍ය හෝ පොල් පුවක් ආදියෙන් ද ගෙවා ඇති බව පෙනෙයි.එහෙත්, එය පූජා වට්ටිය මත තබා කරන පිදුමක් නොවේ.ඒ අනුව වත්මන් කතරගම බැතිමතුන් පූජා වට්ටිය මහ තබා දෙන රුපියල් දහසේ හෝ පන්දහසේ නෝට්ටුව ද එලෙස කපුවන්ට වැරදි ක්‍රමයකට දෙන "බැලයක්" මිස දෙවියන්ට දෙන පඬුරක් නොවන බව ඔවුන් මඳකට වත් සිතා ඇති බවක් නොපෙනේ.දේවාල වලින් මේ ආකාරයේ බරපතල සොරකම් සිදුවීමට මූලය එයම බව දැන් වත් බැතිමතුන් සිහි නුවනින් සිතා බලා එම මුදල් හෝ වෙනත් වටිනා දේ උතුම් සමාජ මෙහෙවරකට යෙදවිය හැකි ආකාරයට දේවාල පරිපාලනය වෙත යොමු කිරීමට බැතිමතුන් දෙවියන් ගේ නාමයෙන් සිතට ගත යුතු ය.මක් නිසා ද ඔබ දෙවියන්ට යැයි සිතා දෙන රුපියල් සත හෝ රන් රිදී කතරගම දෙවියන් පරිහරණය කරනු තබා අඩු ගණනේ කපුවන් ඒවා දෙවියන්ට දෙන්නේ වත් නැති බැවිනි.

    -හේමන්ත රන්බණ්ඩාර​

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    1nkxrfA.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොන මගුලකටද ඕවට යන්නෙ. ගියත් මොකද සල්ලි දෙන්නෙ. බල්ලෙක්ට පාං අරන් දානව ඊටවඩා සියගුණයක් හොඳයි.

    yanawa madiwata plathuru wattith ussan yanne