කැමැත්තෙන් හෝ අකමැත්තෙන් IMF යන්න වෙනවා.. වැරදුනොත් අර්බුදය උග්‍ර වෙයි..- කබ්රාල්..
රට තුල පවතින තත්වය යටතේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු වීම සුදුසු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබේ.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ යෝජනාවලියක් ද මහ බැංකුව විසින් රජයට දැනටමත් ඉදිරිපත් කර ඇත.
මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ පවතින තත්වය යටතේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම තීරණය ගැනීමට සිදුවන බවයි.
පවතින ගැටළුව විසඳාගැනීම සඳහා තුන්වෙනි පාර්ශ්වයක සහයෝගය ලබා ගැනීමට සිදුවන බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මෙම තීරණය මගින් රටට අත්වන වාසි සහ අවාසි තත්ත්වයන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් එම ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බව ද එසේ කටයුතු නොකළහොත් පවතින අර්බුදය තවත් උත්සන්න විය හැකි බව ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.
රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලෙස යෝජනා අටකින් සමන්විත යෝජනාවලියක් ද මහ බැංකුව විසින් රජයට භාර දී ඇතැයිද රටේ ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් වැඩි ඈතට නොහොත් පවතින ගැටලු විසඳා ගත හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් කබ්රාල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
------ Post added on Mar 21, 2022 at 3:40 PM