2025 වසර අවසානය වන විට මෙතෙක් පැවති වැඩිම දළ නිල සංචිත ප්‍රමාණයට ළඟා වීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
මහ බැංකුවේ වාර්ෂික අවසාන ඉලක්කය ඉතා පහසුවෙන් ළඟා කර ගැනීමට හැකි වනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
සංචිත ගොඩනැගීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාව යටතේ යම් ඉලක්කයක් සපුරා ගැනීමට රජයට ඇස්තමේන්තුවක් ඇති බව මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේය.
දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන වාරිකය අනුමත වන විට ඩොලර් මිලියන 340ක් පමණ ලැබීමට නියමිතය. ඊට අමතරව, අයවැය සඳහා ලෝක බැංකුව සමඟ අත්සන් තැබූ ගිවිසුමක් යටතේ ඩොලර් මිලියන 370ක් පමණ ලැබීමට නියමිත බව ද හෙතෙම කියා සිටියේය.
මීට අමතරව, ලබන මාසයේ දී ද ලෝක බැංකුවෙන් තවත් මුදලක් ලැබීමට නියමිත අතර, මේ අනුව දෙසැම්බර් අග වන විට රජයට ඩොලර් මිලියන 700ත් 850ත් අතර මුදලක් ලැබීමට නියමිතය.
මෙම ලැබීම් සමඟ, අවුරුද්ද අවසන් වන විට මෙතෙක් තිබූ වැඩිම සංචිත මට්ටමකින් වසර අවසන් කිරීමට හැකි වනු ඇත.