කමල් ගුණරත්නගේ මහින්ද චින්තනය

monson

Well-known member
  • May 7, 2007
    25,629
    28,624
    113
    කමල් ගුණරත්නගේ මහින්ද චින්තනය

    Kamal.gif

    තිවංක සපරමාදු

    මේ සතියේ රණ විරු ඝෝෂාව ඉහළටම නැග්ගේය. සතිය ආරම්භ යේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය ‘රෝඞ් ටු නන්දිකඩාල්’ පොත එළිදැක්වූයේ මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රධානත් වයෙනි. ඊට පසු කොළඹ මහාධිකරණය විසින් අනියම් මිනීමැරුමට වරදකරු කරන ලද විමල් වික්‍රමගේ නමැති විශ්‍රාමික හමුදා මේජර්වරයකු ගෙවිය යුතු වන්දියක් ගෙවන්නට මුට්ටි කාසි එකතුකිරීමේ ව්‍යාපාරයක් අරඹන ලදි.

    මාංචු සහිතව පලා යන එල්ටීටීඊ සාමාජිකයකුට වෙඩි තබා මරාදැමීමට වරදකරුවූ විමල් වික්‍රමගේට වසර දහයකට අත්හිටුවන ලද, වසර දෙකක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන නියම කළේය. මරණකරුගේ ඥාතීන්ට රුපියල් ලක්‍ෂ විස්සක වන්දියක් ගෙවන ලෙසද නියම කෙරිණි. මේ මුට්ටි කාසි එකතු කරන්නේ අධිකරණයෙන් නියම කරන ලද රුපියල් ලක්‍ෂ විස්සක වන්දිය ගෙවීමටය. මුට්ටි කාසිවලින් ඒ සම්පූර්ණ මුදල හොයාගන්නට බැරිවුණොත් අඩුවන මුදල පිරවීමට මහින්ද රාජපක්‍ෂ මහතා දැනටමත් පොරොන්දුවී තිබේ. (ඇත්ත වශයෙන්ම රුපියල් ලක්‍ෂ විස්සම තමාගේ අතින් ගෙවීමත් ඔහුට මහ කජ්ජක් නොවේ.)

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විශ්‍රාම ගියදාට පසුදාම සිය පොත එළිදැක්වූයේය. ඒ වෙනුවෙන් ඒ සති අන්තයේ හැම පුවත්පතකම පාහේ ඔහුගේ සම්මුඛ සාකච්ඡා පළකොට තිබුණි. ප්‍රභාකරන් සමඟ අන්තිම සටන කළ හමුදා සේනාංකය භාරව සිටි රණවිරුවා ලෙස ඔහු ඒ පුවත්පත්වලින් විරුදාවලි ලැබුවේය. ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ගියේ ජනාධිපතිවරයා විසින් හමුදාපති ධුරයට පත්නොකැරුණු නිසාය. අවුරුදු 55 වන විට විශ්‍රාම ගත යුතු හමුදා නිලධාරියකුට ඊට වඩා කලක් සේවය කළ හැක්කේ හමුදාපති ධුරයට පත්කළොත් පමණකි. නැතහොත් ජනාධිපතිවරයා විසින් සේවා දීර්ඝයක් ලබාදුන්නොත් පමණකි. හමුදාපති ධුරයට පත්නොවන්නකුට සේවා දීර්ඝයක් ලැබෙන්නේ කලාතුරකිනි. ඒ අනුව විශ්‍රාම යන්නට සිදුවූ කමල් ගුණරත්නට හමුදාපති නොවීම ගැන බලවත් කනස්සල්ලක් තිබෙන බව ඔහුගේ සෑම පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකින්ම පැහැදිලි වෙයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජ්‍යෙෂ් ඨත්වයම නොබලා දක්‍ෂකම් මත හමුදාවේ උසස්වීම් ලබාදුන් නිසා ඉහළට යන්නට හැකිවුණු නමුත් විවිධ හිතවත්කම්මත යුද බිමේ ඇත්තටම නොසිටි නිලධාරීන් තනතුරුවලින් ඉහළට යෑම නිසා තමාට හමුදාපති ධුරය නොලැබුණු බව කමල් ගුණරත්න ඒවායේදී කියයි.

    ‘ඕනෑම වෘත්තීය හමුදා නිලධාරියකුගේ ආසාවක් තියෙනවා දවසක ලොකු පුටුවේ වාඩිවෙන්න. ඒක වැඩ කළ පමණින් ලැබෙන්නේ නැහැ. වාසනාවක් තියෙන්න ඕනෑ කියලා මට හිතුණා. මොකද මම වැඩ කළා. ඒත් මට එතෙන්ට යන්න බැරිවුණා.’ (ඉරිදා රිවිර, 2016.09.11) ඔහු කියයි.
    ඔහු විශ්‍රාම යන්නේ ඒ කහට හිතේ තියාගෙනය. විශ්‍රාම ගොස් ඔහු කියන කතාවලින් හමුදා පරිචය ගැන ඔහුගේ දැනුම පෙන්නනවාටත් වඩා කෙරෙන්නේ ලංකාවේ ජාතීන් අතර විරසකය තවත් වැඩිකිරීම බව පෙනේ. කමල් ගුණරත්නගේ පොතත්, ඒ වෙනුවෙන් පැවැත්වූ උත්සවයත් මහින්ද, ගෝඨාභය කියන ඊනියා යුද විරුවන් ඉහළට ඔසොවා තැබීම සඳහා සංවිධානාත්මකව කරන ලද්දක්යැයි සිතෙන තරමට එයින් ඔවුන් දෙදෙනා ඔසොවා තැබුණි. කමල් ගුණරත්න එදා උත්සවයේදී කතාකළේත්, පුවත්පත්වලට දී ඇති සම්මුඛ සාකච්ඡාවල නොකියා කියා ඇත්තේත් මහින්ද-ගෝඨාභයගේ වර්ණනාවය. ඔහු යුද වීරයන් තිදෙනකු නම් කරයි. ඒ මහින්ද, ගෝඨාභය හා සරත් ෆොන්සේකාය. එහෙත්, ඔහුගේ උත්සවයට සරත් ෆොන්සේකා පැමිණ සිටියේ නැත. සරත් ෆොන්සේකා ඊට නොපැමිණීම අහම්බයක් ලෙස නොපෙනෙන්නේ, මහින්ද හා ගෝඨාභයට උත්සවයේ මුල් තැන ලැබීමත් පොත ඇතුළේ සරත් ෆොන්සේකා දැඩි විවේචනයට ලක්කොට තිබීමත් නිසාය. වෙන විදියකින් හරියටම කියනවා නම් මේ පොත මහින්ද-ගෝඨාභය දේශපාලන ව්‍යාපෘතියේ එක් පියවරක් බව පෙනෙයි.

    කමල් ගුණරත්න හමුදා නිලධාරියෙකි. විශ්‍රාම ගිය නිසා ඔහුට දැන් දේශපාලන අදහස් දැක්වීමට හැකියාවක් ඇති නමුත්, ඔහුට හුරුපුරුදු හමුදා දෘෂ්ටිකෝණය විශ්‍රාම ලබා දින දෙක තුනකින් ගැලවේයැ’යි හිතන්නට අමාරුය. ඒ නිසා ඔහු කියන දේශපාලන කතාවල ඇත්තේ මිලිටරි ඇසකි. හරියටම කියන්නේ නම් එහි ඇත්තේ ජාතිකවාදය හා මිලිටරිවාදය එකට කලතාගත් මහින්ද චින්තනයමය.

    රටක් ඇතුළත හෝ පිටත හෝ යුද්ධයක් කරනවාද නැද්ද යන්න දේශපාලන තීරණයකි. ඒ තීරණය ගතයුත්තේ දේශපාලන නායකයන් විසිනි. ආණ්ඩුව යුද්ධ කරන්නට තීරණය කළොත්, යුද්ධ කිරීම හමුදාවේ වගකීමයි. වෙනත් තේරීමක් හමුදාවට නැත. ඒ සඳහා හමුදා නිලධාරීන්ට හා සෙබළුන්ට වේතන, ආයුධවල සිට වාහනාදි සමාජයේ බොහෝ දෙනකුට නැති අතිවිශාල සැප පහසුකම් ප්‍රමාණයක් මහජනතාවගේ බදු මුදලෙන් සපයනු ලැබේ. හමුදා සෙබළුන් හා නිලධාරීන් යුද්ධයට යන්නේ ඉන් විය හැකි හානි ගැන පූර්ව තක්සේරුවක් ඇතිවය. ඒ නිසා, යුද්ධය කළ ‘රණවිරුවන්’ කියා කෙනෙක් ඇත්තටම නැත. ඔවුහුද වැටුපකට සේවය කරන රජයේ නිලධාරීහුය. ‘රණවිරුවන්’ කියන්නේ මහින්ද රාජපක්‍ෂ දේශපාලන ව්‍යාපෘතිය විසින් තමන්ගේ පැවැත්ම සඳහා හමුදාවට පටබැන්ද වෙළෙඳ නාමයකි. එක් රාජපක්‍ෂ කෙනෙක් ඒ රණවිරුවන් බල්ලන් නෑවීමට යොදාගත්තේය. පුංචි රාජපක්‍ෂ කෙනෙක් රේස් පැදීම සඳහා වැලි කොට්ට ගොඩගැසීමට රණවිරුවන් යොදා ගත්තේය. තවත් රාජපක්‍ෂ කෙනකුට සුදුසුකම් නැතිව නාවුක හමුදාවේ ඉහළ නිල ලැබුණේය. ලොකු රාජපක්‍ෂ කෙනෙක් රණවිරුවන් ජීවිතය දී ලබාගත් යුද ජයග්‍රහණය මැරෙනකම් ජනාධිපති පුටුවේ වාඩිවී සිටීම සඳහා ආයෝජනය කළේය.

    යුද්ධයක් නොකිරීම හෝ යුද්ධය කරගෙන යන අතරමඟ නැවැත්වීමට තීරණය කිරීම හෝ දේශපාලන අධිකාරියේ වැඩකි. කරගෙන යන යුද්ධයක් නවත්වන්නට තීරණය කළොත් අවසන් තැන වාඩිලාගෙන සිටීම හෝ නැවත පැමිණීම හෝ හමුදාව කරන්නේ දේශපාලන අධිකාරියෙන් ලැබෙන අණ අනුවය. එහෙම නැතිව, යුද්ධ නොකරන වේලාවක යුද්ධය කිරීමත්, යුද්ධය නවත්වන්නටයැ’යි අණදුන් වේලාවක එය නොනැවැත්වීමත් හමුදාවේ කාර්යභාරය නොවේ. ඒ දේශපාලන තීන්දු ගැන විවේචනය කරන්නට හමුදාවට කොහෙත්ම බැරිය. එහෙත් කමල් ගුණරත්න සිය සම්මුඛ සාකච්ඡාවලදී චන්ද්‍රිකාගේ යුද්ධ කිරීම ගැන පාච්චල් කොට කතාකරන අතර මහින්දගේ නායකත්වය ගැන වර්ණනා කරයි. ඒ මහින්ද චින්තනය නිසාය.

    කමල් ගුණරත්නගේ මහින්ද චින්තනය එළියට පනින තැන් රිවිර සම්මුඛ සාකච්ඡාවේ තිබේ. මේ බලන්න:
    ‘උතුරේ ආයෙත් පරණ තත්ත්වය ඇතිවෙයිද?
    ඔය ප්‍රශ්නය අවුරුදු 5කට කලින් මගෙන් ඇහුවා. මම එදා කිව්වා නෑ, ආයෙත් එහෙම වෙන්නේ නෑ, ප්‍රභාකරන් වෙනුවෙන් තවත් ඒ වගේම කෙනෙක් නැතිව කවදාවත් මේ වගේ දෙයක් නැවත සිද්දවෙන්නේ නෑ කියලා.
    දැන් අවුරුදු පහක් ගෙවිලා. බොහෝ දේවල් වෙනස්වෙලා. දැන් මොකද හිතෙන්නේ?
    ඔව්. අද සිද්දවෙන දේවල් අපි දකිනවා. යාපනය සරසවියේ උඩරට නැට්ටුවොන්ගේ නර්තන අංගය දැකලා ඊට දෙමළ සිසුන් එල්ල කළ ප්‍රහාරය දකිද්දී, මොරගහකන්ද ජලාශය විවෘත කළාට පස්සේ උතුරේ මහ ඇමති ඒ ජලාශයෙන් කොටසක් ඔවුන්ට ඕනෑයැයි කියද්දී මැලේසියාවේ තානාපතිට ගහපු ආකාරය දකිද්දී අපි දැන් ආපහු හිතන්න ඕනෑ. අපි කතාකරන්නේ සංහිඳියාව ගැන. එයාලා කතා කරනවාද සංහිඳියාව ගැන. නෑ. එයාලා කතා කරන්නේ ඉඩම් බලතල පොලිස් බලතල නීති හදන්න බලය වගේ දේවල් ගැන. අපි සංහිඳියාව ගැන බණ කියවද්දී අර මිනිහා අයිතිවාසිකම් ගැන නම් කෑගහන්නේ මම හිතන්නේ දැන් අපි පොඞ්ඩක් නතරවෙලා ආපහු හිතුවා නම් හරි මෙතන දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
    ඔබ මේ කියන්නේ නැවතත් යුද්ධයක සේයාවක් ගැනද?
    මේ මම කිව්ව ප්‍රශ්නය හරියට කළමනාකරණය නොකළොත් ආයෙත් මේ රට අසූව දශකයේ මුල සිදුවූ සිදුවීම්වලට යනවා. අපි අමතක කරන්න හොඳ නෑ, දොළොස්දහස් දෙසීයක් පුනරුත්ථාපනය වෙච්ච ත්‍රස්තවාදීන් අද සිවිල් සමාජයේ ජීවත්වෙනවා. මම දන්නේ නැහැ ඒ පුනරුත්ථාපනය කොච්චර දුරට සාර්ථකද කියලා. ඔයින් 500ක් හරි අවිආයුධ අතට ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
    එහෙම වුණොත්?
    මෙහෙම දේකට සූදානමක් හරි තියෙනවා නම් ඒක මුලින්ම දැනගන්න තිබුණ එකම මාර්ගය තමයි හමුදා බුද්ධි සේවය. ඒත් දැන් බුද්ධි අංශ සාමාජිකයාගේ බිරින්දෑවරු පන්සල් කෝවිල්වල යදිමින් ඉන්නවා. ඒක හරිද?’
    මේ ප්‍රශ්න හා උත්තරවලින් පෙනෙන්නේ, මේ විශ්‍රාමලත් හමුදා නිලධාරියා මහින්ද චින්තනය අනුවම යමින් රට තුළ අවුලක් නිර්මාණය කරන්නට හදන ආකාරයයි. යාපනය සරසවි ප්‍රශ්නය උඩරට නැටුම්වලට විරුද්ධවීමක් තරම් සරල දෙයක් නොවන බව දන්නෝ දනිති. මොරගහකන්දේ අයිතිය ඉල්ලීමත්, මැලේසියාවේ තානාපතිට ගැසීමත් මේ හිටපු හමුදා නිලධාරියා දකින්නේ යුද්ධයට නැවතත් පාර කැපීමක් හැටියටය. මේ එකිනෙක සිදුවීම්වල පැතිමානයන් වෙනස් බවත්, ඒවා ඇමතිය යුත්තේ එකිනෙකට වෙනස් ආකාරයට බවත් අලුතෙන් කිවයුතු නැත. එහෙත් කමල් ගුණරත්න මේවා දකින්නේ ආයෙත් යුද්ධයක සේයාවක් හැටියට ඉතාම පැතලිවය. එක පැත්තකින් ඔහු ඇත්තක් පිළිගනියි. ඒ, ඔහු කියන පරිදි වීරෝදාර හමුදාව යුද්ධය අවසන් කළත් ‘ප්‍රශ්නය’ අවසන්වී නැති බවය. ප්‍රශ්නය අවසන් කිරීම සඳහා දේශපාලන තීන්දු තීරණ ගැනීම අවශ්‍ය වෙයි. එය හමුදාවට හෝ හමුදා නිලධාරීන්ට හෝ අයිති වැඩක් නොවේ. දේශපාලන නායකයන්ට අයිති වැඩකි.

    සංහිඳියාව ගැන කමල් ගුණරත්න කෙතරම් නොදියුණු ලෙස හිතන්නේද යන්න ඔහුගේ අදහස්වලින් හොඳින්ම පැහැදිලි වෙයි. ‘අපි සංහිඳියාව ගැන කතාකරද්දී ඔවුන් අයිතිවාසිකම් ගැන කෑගහනවා’ ඔහු කියයි. සංහිඳියාව කියන්නේ එරමිණිය ගොතාගෙන කරන භාවනාවක් නොවේ. ඒ සඳහා විරසක වී සිටි පාර්ශ්ව අතර අවබෝධය සහයෝගය වැඩිය යුතුය. ඒ පාර්ශ්වයන්ගේ සාධාරණ ඉල්ලීම්වලට සහනයක් ලැබිය යුතුය. ලංකාවේ යුද්ධය දෙමළ ජනතාවගේ සාධාරණ දේශපාලන ඉල්ලීම්වලට පිළිතුරු නොලැබීම නිසා හටගත් ප්‍රතිඵලයකි. ඉඩම් බලතල, පොලිස් බලතල, නීති හදන්න බලය වගේ දේවල් ගැන කතාකිරීම සහගහන අපරාධ නොවේ. දෙමළ මිනිසුන්ගේ සාධාරණ ඉල්ලීම්ය. මේ සාධාරණ ඉල්ලීම් බිල්ලන්, කුමන්ත්‍රණ ලෙස නම්කොට ප්‍රශ්නය කුණුකිරීම මහින්ද චින්තනයයි. කමල් ගුණරත්න සිතන බව පෙනෙන්නේද ඒ චින්තනයටම අනුවය.
    කමල් ගුණරත්න වැනි අය දැනගෙන සිටියේ රාජපක්‍ෂ ආණ්ඩුව කියන විදියට යුද්ධ කරන්නටය. ඒ යුද්ධයෙන් දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් නැති වග තේරුම් ගන්නට ඔහුගේ හමුදා මානසිකත්වය තුළ ඉඩක් නැත.

    මේ ප්‍රශ්න කළමනාකරණය කරන්නට තවමත් ඔහු හිතන්නේ මිලිටරිමය ක්‍රමයකින් බව පෙනේ. ‘පුනරුත්ථාපනය වෙච්ච 12000ක් ඉන්නවා. එයින් 500ක් ආයුධ ගත්තොත්..’ යන බිය ඔහු ඇතිකරන්නේ හිතාමතාමය. එක පැත්තකින් තමාත් සේවයේ හිටි කාලයේ රාජපක්‍ෂ ආණ්ඩුව කළ පුනරුත්ථාපනය කෙතරම් පලදායකද යන්නත් කමල් ගුණරත්න ප්‍රශ්න කරයි. සමහර විට ඔහුගේ අදහස, ඒ 12,000 නැවතත් සමාජයට නොඑවිය යුතුව තිබුණා යන්නද විය හැකිය. එහෙත්, ආයෙත් යුද්ධයක් ඇතිවේයැ’යි ඔහු සමාජයේ ඇතිකරන බිය ඊට වඩා භයානකය. මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය කරන්නේද ඒ බිය සමාජය තුළ වැපිරීමය. නැවතත් දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීමට ඉඩක් ඇති බව පැහැදිලිය. ඒ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නොදී සිටියොතිනි. ඒ නිසා යුද්ධයේ හේතු සොයාගොස් ඒවා සිඳලීම අත්‍යවශ්‍යය. සංහිඳියාව යනු ඒ ක්‍රියාවලියේ එක් පෙරමුණකි.

    රණවිරුවන්ගේ නාම යෙන් කරන හැම දෙයක්ම වැසැංගිය යුතු බව කමල් ගුණරත්න හිතන බවද පෙනෙයි. ‘තව කැරැල්ලක් එනවාද කියා හොයාගන්නේ බුද්ධි අංශයයි. දැන් බුද්ධි අංශයේ සාමාජිකයන්ගේ බිරින්දන් පන්සල් කෝවිල්වල යදිනවා.’යි ඔහු කියයි. මේ කියන්නේ කුමක්දැ’යි පැහැදිලිය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ගැන අත්අඩංගුවේ සිටින බුද්ධි අංශ නිලධාරීන් ගැනය. ඔවුන් රිමාන්ඞ් වී සිටින්නේ යුද්ධ කළ නිසා නොවේ. කාගේ හෝ ඉහළ අණකට අනුව, යුද්ධයට පිටින් ගොස් අහිංසක මිනිසකු පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට ගෙනගොස් අතුරුදන් කිරීම නිසාය. ප්‍රගීත් සමඟ පෞද්ගලික ආරාවුලක් ඒ කිසිම හමුදා බුද්ධි නිලධාරියකුට නැති බව පැහැදිලිය. එහෙත්, ඔවුන් කිසිවකුගේ හෝ අණකට එය සිදුකර තිබේ. ඒ නිලධාරීන්ගේ බිරින්දන් පන්සල් දේවාලවල යද්දී ප්‍රගීත්ගේ බිරිඳද නොයන පන්සලක් කෝවිලක් පල්ලියක් නැත. ඒ අතුරුදන් කළ තමාගේ සැමියා හොයාගන්නටය. එතකොට බර වැඩි කාගේ දුකද? හමුදා නිලධාරීන්ගේ බිරින්දන් ගේද? එක්නැලිගොඩ බිරිඳගේද? නැතිනම් ඒ දුක සමානද?
    යුද්ධයක් කළ තැනක යුද්ධය මුවාවෙන් වෙනත් අපරාධ සිදුකරන බව ලෝකයේ පිළිගත් තත්ත්වයකි. හමුදා නීතිය හා විනය පද්ධතිය අනුවත් එය වැරදිය. යුද්ධ කරන අතරේ මිනිසුන්ගේ දේපළ මංකොල්ලකෑම, ගැහැනුන් දූෂණය කිරීම අපරාධ වන්නේ එහෙයිනි. කිසිම යුද්ධයකදී කිසිම පුද්ගලයකු අතුරුදන් කිරීමද කළ නොහැකිය.

    ඉහළ හමුදා නිලධාරියකු හැටියට එවැනි අපරාධයක් කමල් ගුණරත්න අනුමත කරන්නේද?
    අනෙක් අතට, හමුදා බුද්ධි අංශ සාමාජිකයන් රිමාන්ඞ් වී සිටීම හා හමුදා නිලධාරීන් දංගෙඩියට යැවීම ගැන විවේචනය කරන කමල් ගුණරත්න, කිසිම අවස්ථාවකදී ප්‍රශ්න නොකළ දෙයක්ද තිබේ. ඒ යුද්ධය ජයගත් වීරයන් තුන්දෙනා අතරට තමා නම් කළ සරත් ෆොන්සේකා, යුද්ධය අවසන් වී මාස ගණනක් ඇතුළත් තිරිසන් ලෙස අත්අඩංගුවට ගෙන හිරේ දැම්මේ ඇයිද යන ප්‍රශ්නයයි. බුද්ධි නිලධාරීන් මිනිසකු අතුරුදන් කිරීමේ අපරාධයට රිමාන්ඞ් වන විට සරත් ෆොන්සේකා හිරේදැම්මේ දේශපාලනය කළ වරදටය. කමල් ගුණරත්න හමුදාවේ ගෞරවය ඇත්තටම රකින විශිෂ්ට හමුදා නිලධාරියකු නම් ඔහු මුලින්ම ඇසිය යුතු ප්‍රශ්නය එයයි. අවශ්‍ය නම් ඒ ප්‍රශ්නය තමාගේ පොත පිළිගන්වන විට වේදිකාවේදීම මහින්ද රාජපක්‍ෂගෙන් හෝ ගෝඨාභය රාජපක්‍ෂගෙන් අහන්නට කමල් ගුණරත්නට හැකියාව තිබිණි. එවැන්නක් නොඇසීමෙන් පෙනෙන්නේ ඔහුගේ චින්තන රටාවයි. ඒ මහින්ද චින්තන රටාවයි.

    ඒ නිසා, මාධ්‍ය මගින් කමල් ගුණරත්න අපේ කාලයේ යුද වීරයකු හැටියට ඔසොවා තබන්නට හැදුවාට ඔහුත් රාජපක්‍ෂ නරාවලේම සාමාජිකයකු හැටියට අපට පෙනෙන බව කිවයුතුය.

    - http://ravaya.lk/?p=20598
     
    Last edited:
    • Like
    Reactions: absolutel

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔන්න මුලින්ම උබේ රේප් කපලම මගේ අදහස කියන්නම්...රේප් කැපුවේ උබත් එක්ක තියන තරහකට නෙමෙයි මම උබේ අදහසට විරුද්ද හින්ද...

    මුලින්ම කියන්නම් මම චන්දෙ දුන්නේ මහින්දට නෙමෙයි my3 ට රනිල්ට චන්දෙ දුන්නේ නෑ... මම ඊයේ කමල් ගුණරත්න මහත්තයාගේ කතාව ඇහුවා දෙරණේ ගිය...ඇත්තටම ඔහු එතැනදී පෞද්ගලික කාරනා පස්සට තියලා දෙන්න ඕනි ගව්රවය යුද්දේ කරපු හැමෝටම දුන්නා මට එතැනදී මහින්දගේ දේශපාලන නායකත්වය ගැන වගේම ගෝටා ගැනත් ආඩම්බරයක් ඇති උනා..ඒ වගේම ෆොන්සේකා මහත්තයා ගැන මාර අබිමානයක් ඇති උනා...යුද්දේ ඉවර උනාට පස්සේ ඒ හැමෝම තමන්ගේ ගව්රවය නැති කර ගත්තා.. එත් යුද්දේ වෙලාවේ මේ හැමෝම එකතු වෙලා මේ රට බෙර ගත්තා... ඒ ගව්රවේ ඒ හැමෝටම දෙන්න පුරුදු වෙයන් ඒකට දේශපාලනේ ගාව ගන්න එපා...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    nodakin vitarak..Gen.kamal katawath kade giye na bn..oya article eka vadakuth na, mokada ravaya kiyanne NGO ekakin yapena newspaper ekak.. oka liyana kathru la NGO ekakata vada karana venama agenda ekak tiyana un tikak, poddak hoyala balapan okun gana..
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඔන්න මුලින්ම උබේ රේප් කපලම මගේ අදහස කියන්නම්...රේප් කැපුවේ උබත් එක්ක තියන තරහකට නෙමෙයි මම උබේ අදහසට විරුද්ද හින්ද...

    මුලින්ම කියන්නම් මම චන්දෙ දුන්නේ මහින්දට නෙමෙයි my3 ට රනිල්ට චන්දෙ දුන්නේ නෑ... මම ඊයේ කමල් ගුණරත්න මහත්තයාගේ කතාව ඇහුවා දෙරණේ ගිය...ඇත්තටම ඔහු එතැනදී පෞද්ගලික කාරනා පස්සට තියලා දෙන්න ඕනි ගව්රවය යුද්දේ කරපු හැමෝටම දුන්නා මට එතැනදී මහින්දගේ දේශපාලන නායකත්වය ගැන වගේම ගෝටා ගැනත් ආඩම්බරයක් ඇති උනා..ඒ වගේම ෆොන්සේකා මහත්තයා ගැන මාර අබිමානයක් ඇති උනා...යුද්දේ ඉවර උනාට පස්සේ ඒ හැමෝම තමන්ගේ ගව්රවය නැති කර ගත්තා.. එත් යුද්දේ වෙලාවේ මේ හැමෝම එකතු වෙලා මේ රට බෙර ගත්තා... ඒ ගව්රවේ ඒ හැමෝටම දෙන්න පුරුදු වෙයන් ඒකට දේශපාලනේ ගාව ගන්න එපා...

    එකෙන්ම මචන්... සමහරක්ට මේ ඇත්ත සමාජයෙන් යට ගහන්න හෙන අමාරුවක් තියෙනවා... ඒ හින්ද තමයි මේවගේ දේවල් ඉඳල හිටලා හරි සමාජයේ කතාබහ වෙනකොට ඒ දේවල් වැරදි පැත්තට හරවන්න පු# ඉරාගෙන දඟලන්නේ... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: xcorat

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ආනන්දේ කොල්ලෙක් තමා

    ආනන්දේ උන් තමා යුද්දෙදි ගේම ගැහුවේ

    ගෝටා , පොන්සේකා (කලවැදි වේසිගෙ පුතා), ජගත් ඩයස් , කමල්

    තව ඕනෙද?
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    ඔන්න මුලින්ම උබේ රේප් කපලම මගේ අදහස කියන්නම්...රේප් කැපුවේ උබත් එක්ක තියන තරහකට නෙමෙයි මම උබේ අදහසට විරුද්ද හින්ද...

    මුලින්ම කියන්නම් මම චන්දෙ දුන්නේ මහින්දට නෙමෙයි my3 ට රනිල්ට චන්දෙ දුන්නේ නෑ... මම ඊයේ කමල් ගුණරත්න මහත්තයාගේ කතාව ඇහුවා දෙරණේ ගිය...ඇත්තටම ඔහු එතැනදී පෞද්ගලික කාරනා පස්සට තියලා දෙන්න ඕනි ගව්රවය යුද්දේ කරපු හැමෝටම දුන්නා මට එතැනදී මහින්දගේ දේශපාලන නායකත්වය ගැන වගේම ගෝටා ගැනත් ආඩම්බරයක් ඇති උනා..ඒ වගේම ෆොන්සේකා මහත්තයා ගැන මාර අබිමානයක් ඇති උනා...යුද්දේ ඉවර උනාට පස්සේ ඒ හැමෝම තමන්ගේ ගව්රවය නැති කර ගත්තා.. එත් යුද්දේ වෙලාවේ මේ හැමෝම එකතු වෙලා මේ රට බෙර ගත්තා... ඒ ගව්රවේ ඒ හැමෝටම දෙන්න පුරුදු වෙයන් ඒකට දේශපාලනේ ගාව ගන්න එපා...
    :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~

    මෙහෙමයි මචන් ඕනේ කෙනෙකුට නඩුවක් දාන්න පුළුවන්. අපිට වුනත් රජයේ ඇමති කෙනෙකුට විරුද්දව නඩුවක් දාන්න පුළුවන්. ඒ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි. එඉ වුනාට තීන්දුව අපිට පක්ෂව හම්බවෙන්නේ නෑ. ඊට පස්සේ නඩු දැමම එකාට තමයි කරදරේ. මෙඉකේ කතන්දරෙත් එහෙමයි. අවුරුදු 20 කට ආසන්න කාලයක් තිස්සේ ඉවර නොකෙරුව නඩුව අවුරුදු දෙකෙන් ඉවර කරා. නඩුව අවුරුදු 20 ක් තිස්සේ අද ගෙන යන්න හේතුව වෙන්න ඇත්තේ කලින් තිබ්බ රජයවල් වල බලපෑම වෙන්න පුලුහන්. බොහෝ විට නඩුව හමුදා නිලධාරියාට අවාසි වෙන විදිහට තියෙන්න ඇති.:sorry:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රාවය කියන්න‍ේ හැමදාම සුලු ජාතිකයන්ට කඩ‍ේ ගිය පත්තරයක් . ඕකුන් හැමදාම සිංහලයාට බ‍ෞද්ධයාට විරුද්ධවයි කටයුතු ක‍ෙරුව‍ේ ... ඕකුන්ග‍ේ පත්තර හ‍ොදයි උන් වග‍ේම කාලකන්නින්ට....
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රාවය කියන්න‍ේ හැමදාම සුලු ජාතිකයන්ට කඩ‍ේ ගිය පත්තරයක් . ඕකුන් හැමදාම සිංහලයාට බ‍ෞද්ධයාට විරුද්ධවයි කටයුතු ක‍ෙරුව‍ේ ... ඕකුන්ග‍ේ පත්තර හ‍ොදයි උන් වග‍ේම කාලකන්නින්ට....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රාවය කියන්න‍ේ හැමදාම සුලු ජාතිකයන්ට කඩ‍ේ ගිය පත්තරයක් . ඕකුන් හැමදාම සිංහලයාට බ‍ෞද්ධයාට විරුද්ධවයි කටයුතු ක‍ෙරුව‍ේ ... ඕකුන්ග‍ේ පත්තර හ‍ොදයි උන් වග‍ේම කාලකන්නින්ට....

    yeah right! Just shoot the messenger!:D
     
    • Like
    Reactions: monson

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    එකෙන්ම මචන්... සමහරක්ට මේ ඇත්ත සමාජයෙන් යට ගහන්න හෙන අමාරුවක් තියෙනවා... ඒ හින්ද තමයි මේවගේ දේවල් ඉඳල හිටලා හරි සමාජයේ කතාබහ වෙනකොට ඒ දේවල් වැරදි පැත්තට හරවන්න පු# ඉරාගෙන දඟලන්නේ... :yes::yes::yes::yes:

    ආහ් චතුර...... ඔයා මෙතන
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    "රටක් ඇතුළත හෝ පිටත හෝ යුද්ධයක් කරනවාද නැද්ද යන්න දේශපාලන තීරණයකි. ඒ තීරණය ගතයුත්තේ දේශපාලන නායකයන් විසිනි. ආණ්ඩුව යුද්ධ කරන්නට තීරණය කළොත්, යුද්ධ කිරීම හමුදාවේ වගකීමයි. වෙනත් තේරීමක් හමුදාවට නැත. ඒ සඳහා හමුදා නිලධාරීන්ට හා සෙබළුන්ට වේතන, ආයුධවල සිට වාහනාදි සමාජයේ බොහෝ දෙනකුට නැති අතිවිශාල සැප පහසුකම් ප්‍රමාණයක් මහජනතාවගේ බදු මුදලෙන් සපයනු ලැබේ. හමුදා සෙබළුන් හා නිලධාරීන් යුද්ධයට යන්නේ ඉන් විය හැකි හානි ගැන පූර්ව තක්සේරුවක් ඇතිවය. ඒ නිසා, යුද්ධය කළ ‘රණවිරුවන්’ කියා කෙනෙක් ඇත්තටම නැත. ඔවුහුද වැටුපකට සේවය කරන රජයේ නිලධාරීහුය."

    මෙ ඇත්තටම විදුරු කාමරවල ඉගෙන ලියන එවුන්.හමුදාව කියන්නේ රජයේ නිලදාරීන් බව අත්තක් නමුත් ඔවුන් දන්නවා ඔවුන් මෙ ගමනේ අවසනය මොකද්ද වෙන්නේ කියල.ඔවුන්ගේ ජීවිතය පවා නැති වෙන්න් පුළුවන්.ඒ වගේ දෙයක හිත හදාගෙන යනවා කියන්නේ ඒ වගේ මිනිස්සු නිකම්ම නිකම් නිලදාරීන් වෙන්නේ නී.
    අතට පැන ලැබුනම මුන් හිත්තන්නේ ගොඩක් දේවල කරන්න පුළුවන් කියලා.
    ඔය පැනෙන් ලියපු දේ ගැන හදවතෙන් අහන්න.උබට කවරු හරි වරෙන් හමුදාවට යන්න කියල කතා කලොත් උබ යනවද??යන්න පුලුවන්ද.
    වැඩක් නැ බන් උබලට මුල අමත්තකයි ප්‍රබාකරන් කිව්වා හරි.....................................
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න මුලින්ම උබේ රේප් කපලම මගේ අදහස කියන්නම්...රේප් කැපුවේ උබත් එක්ක තියන තරහකට නෙමෙයි මම උබේ අදහසට විරුද්ද හින්ද...

    මුලින්ම කියන්නම් මම චන්දෙ දුන්නේ මහින්දට නෙමෙයි my3 ට රනිල්ට චන්දෙ දුන්නේ නෑ... මම ඊයේ කමල් ගුණරත්න මහත්තයාගේ කතාව ඇහුවා දෙරණේ ගිය...ඇත්තටම ඔහු එතැනදී පෞද්ගලික කාරනා පස්සට තියලා දෙන්න ඕනි ගව්රවය යුද්දේ කරපු හැමෝටම දුන්නා මට එතැනදී මහින්දගේ දේශපාලන නායකත්වය ගැන වගේම ගෝටා ගැනත් ආඩම්බරයක් ඇති උනා..ඒ වගේම ෆොන්සේකා මහත්තයා ගැන මාර අබිමානයක් ඇති උනා...යුද්දේ ඉවර උනාට පස්සේ ඒ හැමෝම තමන්ගේ ගව්රවය නැති කර ගත්තා.. එත් යුද්දේ වෙලාවේ මේ හැමෝම එකතු වෙලා මේ රට බෙර ගත්තා... ඒ ගව්රවේ ඒ හැමෝටම දෙන්න පුරුදු වෙයන් ඒකට දේශපාලනේ ගාව ගන්න එපා...

    එකෙන්ම
     
    • Like
    Reactions: prisly

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඔන්න මුලින්ම උබේ රේප් කපලම මගේ අදහස කියන්නම්...රේප් කැපුවේ උබත් එක්ක තියන තරහකට නෙමෙයි මම උබේ අදහසට විරුද්ද හින්ද...

    මුලින්ම කියන්නම් මම චන්දෙ දුන්නේ මහින්දට නෙමෙයි my3 ට රනිල්ට චන්දෙ දුන්නේ නෑ... මම ඊයේ කමල් ගුණරත්න මහත්තයාගේ කතාව ඇහුවා දෙරණේ ගිය...ඇත්තටම ඔහු එතැනදී පෞද්ගලික කාරනා පස්සට තියලා දෙන්න ඕනි ගව්රවය යුද්දේ කරපු හැමෝටම දුන්නා මට එතැනදී මහින්දගේ දේශපාලන නායකත්වය ගැන වගේම ගෝටා ගැනත් ආඩම්බරයක් ඇති උනා..ඒ වගේම ෆොන්සේකා මහත්තයා ගැන මාර අබිමානයක් ඇති උනා...යුද්දේ ඉවර උනාට පස්සේ ඒ හැමෝම තමන්ගේ ගව්රවය නැති කර ගත්තා.. එත් යුද්දේ වෙලාවේ මේ හැමෝම එකතු වෙලා මේ රට බෙර ගත්තා... ඒ ගව්රවේ ඒ හැමෝටම දෙන්න පුරුදු වෙයන් ඒකට දේශපාලනේ ගාව ගන්න එපා...

    එකෙන්ම :yes::yes::yes:
     
    • Like
    Reactions: prisly