කරණම් ගහපු ත්‍රීවීල් ඵක CCTV😱

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113


    නාත්තන්ඩිය උඩුබද්දාව ප්‍රදේශයේදී එකම දිශාවට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූවාය.

    අද (04) දහවල් සිදුවූ මෙම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු සහ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කෙරුණි.

    පිටුපසින් පැමිණි මෝටර් රථය, ත්‍රීරෝද රථයේ ගැටීමෙන් එය පෙරළි ගොස් එම අනතුර සිදුවී තිබුණි.

    අනතුර සිදු කළ මෝටර් රථය පළාගොස් ඇති අතර පසුව පොලීසිය විසින් විමර්ශනයක් කර අදාළ සැකකරු මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බව අනාවරණය වී තිබේ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ පකේ කරත්ත පාරෙ යන කාලේ හදපු නීති අලුත් කරන්න ඕනේ , බලාපල්ලා අපි පාර්ලිමේන්තුවට යවන උන්ට වාසි වෙන නීති හදාගන්න නම් මුන් රෑ පාර්ලිමේන්තු ඇරලා හරි නීති අලුත් කරගන්නවා., අර බලපන් අර බැසිල්ට එන්න නීති රකින හැටි ලැජ්ජාවක් නැතුව.

    අනතුරක් හිතලා මතලා කරන්නේ නැහැ,ඕනෙම කෙනෙක් කෙනෙක් අතින් වෙන්න පුළුවන්. හැබැයි අනතුරකදී පලා යාම මරණයක් සිදු කළාසේ සලකන්න ඕනේ. ඇප දෙන්න බැහැ.
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඔය බලහන්කො ඉතින්, බීලා වාහන එලෝන පරයොන්වනම් උල තියලත් මදි. පකේ ට්‍රැෆික්ලටත් පේන්නෙ බයික් ත්‍රීවීල් විතරනෙ.
     
    • Like
    Reactions: malakadss

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    බලපන් ඉතින් ගෙදෙට්ට කෑම බීම ගෙන්න ගිය ජෝඩුවක්ද කොහෙද
    ඊලගට යන කාර් කරය්වත් නැවැත්තුවේ නැහැනේ
    ඔක්කොම එකයි
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    මචන්ලා අපි මහමග ගමන් ගන්න විට අනතුරු වෙන්න පුළුවන් නමුත් මේ විදිහට වගකීමක් නැති විදිහට හැසිරීම අනුමත කරන්න බැහැ . අනතුරක් ඇති වූ විගස අප මුල් තැන දිය යුත්තේ මිනිස් ජීවිත බේරා ගැනිමටියි. වාහන යකඩ ගොඩවල් සල්ලි වලට ගන්න පුළුවන් , නමුත් මිනිස් ජීවිත සල්ලි වලට ගන්න බැහැ .