නාත්තන්ඩිය උඩුබද්දාව ප්රදේශයේදී එකම දිශාවට ගමන් කරමින් තිබූ ත්රීරෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් ත්රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූවාය.
අද (04) දහවල් සිදුවූ මෙම අනතුරෙන් ත්රීරෝද රථයේ රියදුරු සහ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කෙරුණි.
පිටුපසින් පැමිණි මෝටර් රථය, ත්රීරෝද රථයේ ගැටීමෙන් එය පෙරළි ගොස් එම අනතුර සිදුවී තිබුණි.
අනතුර සිදු කළ මෝටර් රථය පළාගොස් ඇති අතර පසුව පොලීසිය විසින් විමර්ශනයක් කර අදාළ සැකකරු මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බව අනාවරණය වී තිබේ.
