කරණීය මෙත්ත සුත්‍රය සහා එහි තේරුම

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කරණීය මත්ථ කුසලේන
    යං තං සන්තං පදං අභිසමෙච්ච
    සක්කෝ උජුච සූජූච
    සුවචෝ චස්ස මුදු අනතිමානි

    ඒ ශාන්ත පාදය වන අමා නිවනට පැමිණ වාසය කිරිමට කැමති අයෙකු විසින්, ඒ සඳහා ඇති කරගත යුතු කුසලතා කවරෙක්ද, සියලු කටයුතු වල දක්ෂයෙක් සමර්ථයෙක් විය යුතුය. අවංක (අනුන්ට බොරු නොකරන) කෙනෙක් විය යුතුය ඉතා අවංක (තමන්ටද බොරු නොකරන) කෙනෙක් විය යුතුය. කීකරු කෙනෙක් විය යුතුය. මෘදු ගති ඇත්තෙක් විය යුතුය අධික මානය නැත්තෙක් විය යුතුය.

    සන්තුස්සකෝච සුභරෝ ච
    අප්පකිච්චෝච සල්ලහුකවුත්ති
    සන්තින්ද්‍රියෝච නිපකෝ ච
    අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ

    ලද දෙයින් සතුටු වන කෙනෙක් විය යුතුය, පහසුවෙන් පෝෂණය කල හැක්කෙක් විය යුතුය, අඩුවෙන් වැඩ කටයුතු ඇත්තෙක් විය යුතුය, සැහැල්ලු ගති පැවතුම් ඇත්තෙක් විය යුතුය, දමනය කල සන්සුන් ඉඳුරන් ඇත්තෙක් විය යුතුය, තැනට සුදුසු නුවණ ඇත්තෙක් විය යුතුය, හැඩිදැඩි අසංවර ගති නැත්තෙක් විය යුතුය, හිතමිත්‍ර කුලපවුල් වල නොඇලෙන කෙනෙක් විය යුතුය.
    න ච බුද්ධං සමාචරේ කිඤ්චි
    යේන විඤ්ඤදු පරේ උපවදෙය්‍යුං
    සුඛිනෝවා කේමිනෝ හොන්තු
    සබ්බේ සත්ථා භවන්ති සුඛිතත්තා

    නුවණැත්තන් නින්දාවට ලක් වෙන ඉතා සුලු වරදක්වත් නෙකෙරන කෙනෙක් විය යුතුය. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත්වා.
    යේ කේචි පාණභූතත්ථී
    තසා වා ථාවරා වා අනවසේසා
    දීඝා වා යේ මහන්තා වා
    මජ්ඣිමා රස්සකාණුකථුලා

    කෙලෙස් සහිත බැවින්, භයින් ත්‍රස්ත වු හෝ නිර්භය හෙයින්, ස්ථාවර වු සියලු යම්කිසි සත්ව කෙනෙක් වෙත්ද ,යම් සත්ව කෙනෙක් දීර්ඝ ජාති ඇත්තාහුද, මහත් සිරුරු ඇත්තාහුද ,මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇත්තෝද, මිටි සිරුරු ඇත්තෝද, ඉතා සියුම් සිරුරු ඇත්තෝද , ස්ථුල සිරුරු ඇත්තෝද,

    දිට්ඨා වා යේව අද්දිට්ඨා
    යේ ච දූරේ වසන්ති අවිදූරේ
    භූතා වා සම්භවේසීවා
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    ඇසට පෙනෙන්නාවු, හෝ ඇසට නොපෙනෙන්නාවුද, දුර වාසය කරන්නාවු ද, ඉපිද සිටින්නාවු ද, සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
    න පරෝ පරං නිකුබ්බේථ
    නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
    ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
    නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය

    කිසිවෙක් කිසිවෙකුට රැවටීම් ආදියෙන් හිංසා නොකෙරෙත්වා, කිසි තැනක කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරෙත්වා, නුරුස්නා ක්‍රියාවෙන් හෝ නපුරු සිතුවිල්ලෙන් හා වචනයෙන් ඔවුනොවුන්ගේ දුකක් කැමති නොවෙත්වා.
    මාතා යථා නියං පුත්තං
    ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
    ඒවම්පි සබ්බභූතේසු
    මානසං භාවයේ අපරිමාණං

    තම ජිවිතය මෙන් තම එකම පුතු සුරකින මවෙකු ලෙස, සියලු සත්වයින් කෙරෙහි අප්‍රමාණ වු මෙත් සිත පැතිරවිය යුතුය.
    මෙත්තංච සබ්බ ලෝකස්මිං
    මානසං භාවයේ අපරිමාණං
    උද්ධං අධෝච තිරියඤ්ච
    අසම්බාධං අවේරං අසපත්තං

    උඩද, යටද, හරහටද, සීමාවක් නැතිව, වෛර සිත් නැතිව, සතුරු බාධා නැතිව, සියලු ලෝකය කෙරෙහි අප්‍රමාණ වු මෙත් සිත පැතිරවිය යුතුය.
    තිට්ඨං චරං නිසින්නෝ වා
    සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
    ඒතං සතිං අධිට්ඨෙය්‍ය
    බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු

    හිටගෙන සිටින විට, ඇවිදින විට, හිඳගෙන සිටින විටද, නිදාගැනිමට ගිය විට හා නින්ද යන තුරු ද, නිදාගැනිමට ගිය විට හා නින්ද යන තුරුද ,මෙම මෛත්‍රි සහගත සිත අධිෂ්ඨානයෙන් සිහි කල යුතුය. එසේ විසීම බ්‍රහ්මවිහරණ යැයි කියනු ලැබේ.


    දිට්ඨිංච අනුපගම්ම සීලවා
    දස්සසේන සම්පන්නෝ
    කාමේසු විනෙය්‍ය ගේධං
    නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී තී

    කිසිඳු මිථ්‍යා දෘෂ්ඨියක නොඇලි,සිල් ගුණ ධර්ම දියුණු කරගෙන ,සෝවාන් මඟ දක්නා නුවණින් යුක්ත වී, කාමයන්ට ඇති ඇල්ම දුරු කොට, නැවත මව් කුසක බැස ගැනිමට නොපැමිණෙන ලෙස පිරිනිවන් පානු ලැබේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka


    Magnify Rick Moranis GIF
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    (ඛුද්‌දක නිකාය, ඛුද්‌දකපාඨපාළි, මෙත්‌ත සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/624?s=21199

    (ඛුද්දකනිකාය, ඛුද්දකපාඨපාළි, කරණීය මෙත්ත සූත්‍රය)
    https://pitaka.lk/main/?n=37180

    1) කරණීය මෙත්ත සූත්‍රයේ ගැඹුරු අර්ථය




    2) සසරින් එතෙර වීමට මෙත් වඩන අයුරු කරණීයමෙත්ත සූත්‍රය ඇසුරින්




    =======================================

    3) රතන සූත්‍රය ගැඹුරු අර්ථය - (සම්පූර්ණ දේශනාව)




    4) රතන සූත්‍රය




    5) රතන සූත්‍රයේ "සෝවාන් වුන කෙනා පව් සඟවන්නේ නෑ" කියන එකේ තේරුම

     
    Last edited:

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරනියමෙත්ත සුත්‍රය.
    පටන් ගන්නේ බොහොම ප්‍රායෝගික එදිනෙදා ජිවිතේ අපිට කරන්න පුළුවන් දේවල් වලින්.
    අවසන් වෙන්නේ නිවනෙන්.

    බුදු කෙනෙකුගේ ධර්මය හරිම විස්මිතයි. එකේ අමුතු මැජික්, කාටවත් නොතේරෙන අපබ්‍රංශ නෑ. මේ තුන් සුත්‍රයේම තියෙන්නේ නොකඩවා, විරියෙන් එදිනෙදා ජිවිතේ කරන්න ඕන දේවල්. ඒ විදියට තමා නිවනට ඕන විදියේ හිතක් හැදෙන්නේ. එහෙම සකස් උන හිතකට තමා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ.

    අර්ථ මෙනෙහි කර කර මේ තුන් සුත්රයම සජ්ජායනා කරන්න, නිකන් ඉන්න වෙලාවට අර්ථ මෙනෙහි කරන්න. නිවනට ඕන විදියේ හිතක් හැදෙනවා කියන්නේ දුක ටික ටික තුනී වෙනවා කියන එක. හිත් වල ඇති වෙන ප්‍රශ්න හැම එකකටම විසඳුම මේක තමා...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    (ඛුද්‌දක නිකාය, ඛුද්‌දකපාඨපාළි, මෙත්‌ත සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/624?s=21199

    (ඛුද්දකනිකාය, ඛුද්දකපාඨපාළි, කරණීය මෙත්ත සූත්‍රය)
    https://pitaka.lk/main/?n=37180

    1) කරණීය මෙත්ත සූත්‍රයේ ගැඹුරු අර්ථය




    2) සසරින් එතෙර වීමට මෙත් වඩන අයුරු කරණීයමෙත්ත සූත්‍රය ඇසුරින්




    =======================================

    3) රතන සූත්‍රය ගැඹුරු අර්ථය - (සම්පූර්ණ දේශනාව)




    4) රතන සූත්‍රය




    5) රතන සූත්‍රයේ "සෝවාන් වුන කෙනා පව් සඟවන්නේ නෑ" කියන එකේ තේරුම


    🙏 🙏 🙏 🙏


    මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරනියමෙත්ත සුත්‍රය.
    පටන් ගන්නේ බොහොම ප්‍රායෝගික එදිනෙදා ජිවිතේ අපිට කරන්න පුළුවන් දේවල් වලින්.
    අවසන් වෙන්නේ නිවනෙන්.

    බුදු කෙනෙකුගේ ධර්මය හරිම විස්මිතයි. එකේ අමුතු මැජික්, කාටවත් නොතේරෙන අපබ්‍රංශ නෑ. මේ තුන් සුත්‍රයේම තියෙන්නේ නොකඩවා, විරියෙන් එදිනෙදා ජිවිතේ කරන්න ඕන දේවල්. ඒ විදියට තමා නිවනට ඕන විදියේ හිතක් හැදෙන්නේ. එහෙම සකස් උන හිතකට තමා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ.

    අර්ථ මෙනෙහි කර කර මේ තුන් සුත්රයම සජ්ජායනා කරන්න, නිකන් ඉන්න වෙලාවට අර්ථ මෙනෙහි කරන්න. නිවනට ඕන විදියේ හිතක් හැදෙනවා කියන්නේ දුක ටික ටික තුනී වෙනවා කියන එක. හිත් වල ඇති වෙන ප්‍රශ්න හැම එකකටම විසඳුම මේක තමා...
    🙏🙏🙏🙏
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කරණීය මෙත්ත සූත්‍රය.. පිරිතක් පමණක් නො වේ ..

    කරණීය මෙත්ත සූත්‍රයෙන් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ලද ප්‍රයෝජන විස්තර කැරෙන ලිපියකි.

    දිනපතා ම විවිධ මෝස්තර හා විවිධ රටා ඔස්සේ භාණ්ඩ ඉදිරිපත් කිරීම වෙළෙන්දන්ගේ සිරිත යි. අපගේ සිත් ඒ වෙත ඇදී යෑම පුදුමයක් නො වේ. ඒ හේතුවෙන් ඇතැම් විට තවත් බොහෝ කලක් පාවිච්චි කළ හැකි බඩු- බාහිරාදිය ඉවත දමා, වෙනත් ඒවා මිලට ගන්නට තරම් ඇතැම් අය පෙලැඹෙති. සැබැවින් ම එය තමන්ගේ සිත රවටාගැනීමකි; නැති නම් අසල් වැසියන්ට තමන්ගේ වත්-පොහොසත්කම පෙන්වන්නට කරන මෝඩ වැඩකි; එසේ ම මුදල් නාස්තියකි.

    මෙවැනි අදූරදර්ශී ක්‍රියාවලින් බොහෝ විට අමාරුවේ වැටෙන්නේ මුදල් නැතිකමින් මිරිකී සිටින, ආදායම් අඩු පවුල්වල අය යි. විශේෂයෙන් අපේ පුංචි දරුවන් කුඩා වයසේ පටන් තමන්ට ලැබෙන දෙයකින් සෑහීමට පත් වන්නට පුරුදු නොවූවොත්, දෙමවුපියන් අපහසුතාවට පත් වනවා පමණක් නො ව, ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ පසු තම ආදායමට සරි ලන විධියට ජීවන රටාව හැඩගස්වාගන්නට ඔවුන්ට අපහසු වේ. එවැනි අය තම ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා සමාජ ද්‍රෝහී ක්‍රියාවලට වුව ද පෙලැඹෙන්නට ඉඩ තිබේ. ලද දෙයින් සෑහීමට පත් වීම ලොකු-කුඩා සැමට ම වැදගත් වන්නේ ඒ නිසා ය.

    අපට මේ ජීවිතයේ ලැබෙන සැප-සම්පත් ප්‍රමාණය කර්මය මඟින් ද යම් තරමකට පාලනය කරන බව සිතීමට පිළිවන. දෙවියන්ගේ කැමැත්ත, දෛවයේ හැටි, මේ මගේ කරුමේ හැටි යනාදි වචන ඇතැමුන් කියන්නේ ඒ අදහස ඇති ව යි. එහෙත් ඒ අදහස් කෙනකු දියුණු වන්නට දරන වෑයමට බාධාවක් කරගන්නට වුවමනා නැත. වීර්යය හා නුවණ මෙහෙයවා ක්‍රියා කිරීමෙන් කර්මය වෙනස් කළ හැකි ය.

    ලාභ-අලාභ ආදි වශයෙන් දැක්වෙන අටලෝ දහමට මුහුණ දෙන්නට අප සැමට සිදු වේ. අප පි‍්‍රය කරන දේ නොලැබෙන්නට පිළිවන; අපි‍්‍රය දේ ලැබෙන්නට පිළිවන. එය දරුණු සිත් වේදනාවලට හේතුවකි. එයින් මිදෙන්නට නම්, පි‍්‍රය-අපි‍්‍රය සෑම දෙයක් ගැන ම සම ව සිතන්නට අප පුරුදු විය යුතු ය. එය කළ හැක්කේ ‘සන්තුස්සක’ ගුණය පුරුදු කළොත් පමණි.

    ‘සුභරතා’ යනු දියුණුව බලාපොරොත්තු වන්නකු විසින් ඇති කරගත යුතු තවත් ගුණයකි. පහසුවෙන් ජීවිතය පවත්වාගෙන යෑමට හුරු වීම යනු එහි සරල තේරුම යි. අපේ සමාජයේ බොහෝ දෙනා තමන්ට ලැබෙන ආදායමේ ප්‍රමාණය ගැන හිතාබලා එයට ගැළැපෙන පරිදි ජීවිතය හැඩගස්වාගන්නට කල්පනා කරන්නේ නැත. රසවත් කෑම-බීමවලට, සුව-පහසු යහනාවලට හුරු-පුරුදු වූ අයට සුභරතා ගුණය ඉතා අවශ්‍ය යි. ආධ්‍යාත්මික දියුණුවක් ලබන්නට භාවනා කරන අයකුට පමණක් නො ව, සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනකුට ද එය වැදගත් ය. සැප-පහසුකම් සොයා වැලැපෙන අයට දියුණුව සඳහා ප්‍රයෝජනවත් දෙයක් කරගන්නට අමාරු ය.

    ඉගැනීමේ යෙදෙන දරුවකු නම්, නැති-බැරි කම් ගැන මැසිවිලි නඟන්නේ නැති ව ජීවිතය ජය ගන්නට වෑයම් කළ යුතු ය; ජීවිතයේ ප්‍රධාන අරමුණු කරා ළඟා වීමට අධිෂ්ඨාන කරගත යුතු ය. ඕනෑ ම පරිසරයක තමන්ටත්, අනුන්ටත් බරක් නැති ව ජීවත් වන්නට හැකි තැනැත්තා සුභරතා ගුණයෙන් යුක්ත කෙනෙකි.

    කාලය අප සැමට ම ඉතා වැදගත් ය. අනවශ්‍ය ලෙස නොයෙක් වැඩකටයුතු යොමු වී ඒ සඳහා වටිනා කාලය යොදවන පුද්ගලයෝ අප අතර සිටිති. නිතර දෙවේලේ පිරිස් එකතු වී, කතා-බහෙන්, විහිළු-තහළුවෙන් අනුන්ගේ ඕපාදූප කියමින් හා අසමින් කාලය ගත කරන පුද්ගලයා කාලකණ්ණියෙකි. ඒ හේතුවෙන් ඔහු ගුණදහමින් හා සම්පත්වලින් පිරිහෙනවා පමණක් නොව, එදිනෙදා කටයුතු ද අතපසු කරගනියි. රාජකථා, චෝරකථා ආදි නිසරු බස්වලින් මිදෙන ලෙස බුදුහාමුදුරුවන් උපදෙස් දී තිබෙන්නේ එබැවිනි.

    ජීවිතයේ කුමන හෝ අරමුණක් ඉටු කරගන්නට අදහස් කරන අය බාහිර වැඩකටයුතුවලින් හැකි තරම් නිදහස් ව ඒ අරමුණ වෙනුවෙන් කැප විය යුතු ය. තමන්ගෙන් ඉටු විය යුතු සමාජ යුතුකම් අත්හැරිය යුතු යැ යි එය වරදවා තේරුම් නොගත යුතු ය. පවුලේ යුතුකම් ඉටු කිරීම හා සමාජ සේවය පුද්ගලයකු සතු වැඩකටයුතුවලින් කොටසකි. එහෙත් ඒවා තමාගේ දියුණුවට බාධාවක් කරගන්නට වුවමනා නැත.

    කරණීය මෙත්ත සූත්‍රයෙහි දියුණුවට අදාළ කරුණු අතර ‘අප්පකිච්චෝ’ යනුවෙන් සඳහන් වන්නේ, බාහිර වැඩකටයුතුවලට මැදි වී කාර්ය බහුල පුද්ගලයකු බවට පත් ව තමන්ගේ දියුණුවට බාධා පමුණුවා නොගත යුතු ය යන්න යි. සන්තුස්සක ගුණය (සෑහීමකට පත් වීම) හා සුභරතා ගුණය (පහසුවෙන් යැපීමට හැකි වීම) අතර සමීප අදහසක් ඇත. ‘සල්ලහුකවුත්ති’ යන ගුණය ද බොහෝ දුරට ඒවාට සම්බන්ධ ය. චාම් සැහැල්ලු දිවිපෙවෙතකට හුරු වීම යනු එහි තේරුම යි. සැහැල්ලු දිවි පෙවෙතකට හුරු වූවොත් එදිනෙදා ජීවිතයේ මතු වන ගැටලු ඉවසා-දරාගෙන සතුටෙන් ජීවත් වන්නට අපට පිළිවන.

    චාම් ජීවිතයක් ගත කරන කෙනකුට කායික හා මානසික වශයෙන් විශාල සැහැල්ලුවක් දැනේ. නැති-බැරිකම් ගැන මැසිවිලි නඟන්නට ඔහුට වුවමනා වන්නේ නැත. බඩු-බාහිරාදිය ගොඩ-ගසාගත් විට ඒ හැම එකක් ම නඩත්තු කරන්නට හා ආරක්ෂා කරන්නට අනිවාර්යයෙන් ම සිදු වේ. භාණ්ඩ සියයක් ඇති තැනැත්තාට ඒ හැම එකක් ම ප්‍රශ්නයකි. අප විසින් සපයාගත යුත්තේ තමන්ගේ පරිහරණයට වුවමනා වැදගත් දේවල් පමණි.

    භාණ්ඩ එක්රැස් කර අසල්වැසියන්ට පෙනෙන්නට නිවෙස්වල තබාගැනීමෙන් වැදගත් සමාජ පිළිගැනීමක් ඇති වේ යැ යි සිතීම මෝඩකමකි. පුහු ආටෝපයක් සමාජයට පෙන්වන අයට සලකන ඇතැමුන් අප අතර සිටින බව සැබෑවකි. එහෙත් ඔවුන්ට පෙනෙන්නට ණය-තුරුස් වෙමින් බඩු බාහිරාදිය ගැනීමේ තේරුම කුමක් ද?

    වස්තුව දේපොළ ඇති අය වුව ද චාම් ජීවිතයකට හුරු විය යුතු ය. එය ලෝභකම ලෙස වරදවා සිතිය යුතු නැත. පුද්ගලයකුගේ වටිනාකම මතු වන්නේ ඔහු සතු වස්තුව පදනම් කරගෙන නො වේ; ගුණදහමෙන් පොහොසත් වූ තරමට ය. ඒ නිසා අපේ සිරිත්-විරිත් කතා-බහ සිත් ගන්නාසුලු විය යුතු ය; අඳින-පලඳින, පරිහරණය කරන දේ සරල හා පිරිසිදු විය යුතු ය.

    වස්තුව-දේපොළ එක්රැස් කර තබාගැනීම එක් අතකින් අසාධාරණයකි. තවත් පිරිසකගේ ප්‍රයෝජනයට බෙදී යා යුතු දේ පුද්ගලයකු යටතට පත් වන හෙයිනි. බුදුහාමුදුරුවන් සැහැල්ලු දිවිපෙවෙත හෙවත් සල්ලහුකවුත්ති ගුණය අගය කර තිබෙන්නේ මේ හේතු නිසා ය.

    ‘සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච’ යනු පුද්ගලයකු තුළ ඇති කරගත යුතු යැ යි කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් තවත් ගුණ දෙකකි. සන්තින්ද්‍රියෝ යනු ඉඳුරන් සංවර කරගත් තැනැත්තා යි. ඇස්-කන්-නාසාදි ඉඳුරන්ට හිතුවක්කාර ලෙස හැසිරෙන්නට ඉඩ දීමෙන් සිදු වන්නේ ඒවා ඇවිස්සීම යි. සිත පිනවන දේවල් පසුපස හඹා යෑම ඉඳුරන්ගේ ස්වභාවය යි. ඇස පිනවන රූප, කන පිනවන ශබ්ද, නාසය පිනවන සුවඳ ආදි වශයෙන් ඉඳුරන් ආශා කරන දේවල් සොයමින් අප දිවා රෑ වෙහෙසෙන විට, අපේ යුතුකම්, ඉගැනීම, රැකියාව ආදි දියුණුවට අදාළ කටයුතු සියල්ල අතපසු වෙයි. මේ අනතුරෙන් මිදෙන්නට ඉන්ද්‍රිය සංවරය වුව මනා ය. හදිසි කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව ආදි මානසික ආවේගයන් වළක්වාගන්නට හැකි වන්නේ එවිට ය.

    ඉඳුරන් සංවර කරගත හැකි මානසික පරිසරයක් ගොඩනඟාගැනීම විශේෂයෙන් වුවමනා කරන්නේ තරුණ වයසේ සිටින අයට ය. දැඩි තීරණ ගැනීම, අන් අයගේ උපදෙස් නොපිළිපැදීම ආදි හිතුවක්කාරකම් මැඬපවත්වාගන්නට ඉන්ද්‍රිය සංවරය වුවමනා කැරේ. කරණීය මෙත්ත සූත්‍රය පමණක් නො ව, ඉන්ද්‍රිය සංවරයේ අගය පෙන්වා දෙන බුද්ධ දේශනා රාශියක් ත්‍රිපිටකය පුරා පැතිර තිබේ.

    මිනිසා සතුන් අතරින් වෙන් ව කැපී පෙනෙන්නේ ඔහු සතු බුද්ධිය නිසා ය. කරණීය මෙත්ත සූත්‍රයේ ‘නිපක’ යන වචනය යොදා තිබෙන්නේ හොඳ නරක තෝරා-බේරාගෙන කටයුතු කළ හැකි ප්‍රඥාවන්තයා හැඳින්වීමට යි. පුද්ගලයකුට විවිධ විෂයයන් පිළිබඳ දැනුම හා උපාධි සහතික තිබුණු පමණින් ඔහු ප්‍රඥාවන්තයෙක් යැ යි කියන්නට නොපිළිවන. කෙනකුගේ ප්‍රඥාවන්තකම මතු වී පෙනෙන්නේ ඔහු කරන-කියන කටයුතුවලනි; හෙවත් කායික හා මානසික හැසිරීම අනුව ය. පුද්ගලයකුගේත්, සමාජයේත් දියුණුව සඳහා නිපක ගුණය අවශ්‍ය වේ.

    ‘නැහැදිච්චකම’ යැ යි අපේ ගම්වල භාවිතා කරන වචනයක් තිබේ. පොත්-පත්වල නොසරුප්කම, ප්‍රගල්භය යන වචන යොදා ඇත්තේ ඒ තේරුම දීමට යි. අනුන්ට හිරිහැරයක් වන පරිදි අශීලාචාර ලෙස හැසිරීම නැහැදිච්චකමකි. එය පාලි භාෂාවෙන් පගබ්භ යන වචනයෙනි. ‘අප්පගබ්භෝ’ යන වචනයෙන් අදහස් කැරෙන්නේ හැදිච්චකම හෙවත් ශීලාචාරකම යි.

    පොදු වාහන, දේපොළ ආදියට හානි කරන්නේ, පොදු තැන්වල හැසිරෙන විට, පාරේ තොටේ යන එන විට අසභ්‍ය වචන ලියන්නේ කියන්නේ, නැහැදිච්ච අය යි. අනුන්ට කරදරයක් වන ලෙස විහිළු-තහළු කිරීම, කෙනකුට කරදරයක් වන ලෙස මාර්ගයේ කෙසෙල් ලෙලි දැමීම ආදිය වුවත් නැහැදිච්චකමේ ලකුණු ය. කරණීය මෙත්ත සූත්‍රයේ ‘අප්පගබ්භ’ යන වචනය යොදා ඇත්තේ ඉහත කී අන්දමේ නොසරුප් හැසිරීම් රටාවෙන් මිදුණු, ශීලාචාර පුද්ගලයා හැඳින්වීමට යි. දියුණුව කැමැති පුද්ගලයා සමාජයට හිතැති එබඳු ශීලාචාර කෙනකු බවට පත් විය යුතු ය.

    ‘කුලේසු අනනුගිද්ධෝ’ යනුවෙන් කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන්නේ, දියුණුව කැමැති පුද්ගලයා තමන්ගේත්, ඇසුරු කරන පවුල්වලත් ගෞරවයට හානි වන අන්දමට ඒවා සමඟ ඇලී-ගැලී කටයුතු කිරීමෙන් වැළැකිය යුතු බව යි. අප විසින් හිතමිතුරුකම් පැවැත්විය යුත්තේ කිසිවකුට කරදර හිරිහැර නොවන අයුරිනි; එසේ ම කාගේත් ආත්ම ගෞරවය ආරක්ෂා වන ආකාරයට යි. එහෙත් සමහරු තමන් ඇසුරු කරන අයට හිරිහැර සිදු වන අයුරින් හැසිරෙති; සමහර විට හිතමිතුරන්ගේ පවුල් ජීවිත පවා අවුල් වන අන්දමට කටයුතු කරති. වේලාව අවේලාව නොබලා ඔවුන්ගේ නිවෙස්වලට යෑමත්, ඕපාදූප කථා කරමින් නිකරුණේ කාලය නාස්ති කිරීමත් මිතුරන්ට කරන අයහපතකි. එයින් හිතවත්කම් පලුදු වන්නට ද ඉඩ තිබේ.

    පැවිදි ජීවිතයක් ගත කරන උතුමකුගේ චරිතයට විශේෂයෙන් බලපාන කාරණයක් නම්, සීමාව ඉක්මවා දායක පවුල් සමඟ හිතවත්කම් පැවැත්වීම යි. එවැනි උතුමකුගේ කාර්යය විය යුත්තේ දායකයන්ගෙන් යැපෙමින්, ධර්මානුකූල ව ඔවුන්ට යහමග පෙන්වාදීමත්, තම ගුණ-නුවණ දියුණුවට කටයුතු කරගැනීමත් ය. පැවිදි උතුමන් දායක නිවෙස්වලට නිතර යමින්-එමින්, දායකයන් සමඟ තමන්ට නොගැළැපෙන අන්දමේ සම්බන්ධකම් පැවැත්වූවොත්, එය දෙපිරිසගේ ම ගරුත්වයට කැළැලකි.

    අප කවුරුත් කැමැති අන් අයගෙන් හිරිහැරයක් කරදරයක් නැති ව ජීවත් වන්නට යි. සමාජයේ අනෙක් අයගේ බලාපොරොත්තුවත් එය යි. වැරැදි අඩුපාඩුකම් නැති මිනිසුන් අපට කිසි දාක හමු නො වේ. අප තුළත් අපමණ වැරැදි තිබේ. අප නිතර ම වෙහෙසිය යුත්තේ අපේ වැරැදි අවම කරගෙන ජීවත් වන්නට යි.

    අප කරන, කියන, හිතන හැම දෙයක් ම හිතා-බලා කරන්නට පුරුදු වීම වැරැදි අඩු කරගන්නට තිබෙන හොඳ ම මාර්ගය යි. තමන්ට හෝ අනුන්ට හෝ හිංසාවක් පීඩාවක් සිදු නොවන ලෙස හැසිරෙන්නා නිවැරැදි ව ජීවත් වන්නෙකි. දිළිඳුකමින් පීඩා වින්දත් නිවැරැදි ජීවිතයක් ගත කරන්නකුට පුදුමාකාර මානසික සතුටක් දැනේ. බාහිර සම්පත්වලින් පිරී-ඉතිරී ගියත් වැරැදි වැඩවල යෙදෙන්නාට එබඳු මානසික සතුටක් නැත. ‘න ච ඛුද්දං සමාචරේ’.

    කොපමණ අකටයුතුවලින් මුදල් ඉපැයූවත්, වැරැදි වැඩ කළත් ඇතැමුන් කිසි කරදරයක් නැති ව සතුටින් ඉන්නේ කෙසේ ද? අප දැහැමි ව සිටිතත් මේ තරම් දුක් කරදරවලට මුහුණ දෙන්නේ ඇයි දැ? යි බොහෝ දෙන ප්‍රශ්න කරති.

    අප කවුරුත් සසර ජීවිතවල සිදු කළ කුසල – අකුසල කර්මවල කෙළවරක් නැත. පෙර ජීවිතවල සිදු කළ කුසල හෝ අකුසල කර්මයක් බලවත් නම්, මේ ජීවිතයේදී එයට මුල් තැන ලැබෙන්නට පිළිවන. ඒ නිසා වැරැදි කරන අය හොඳින් ජීවත් වන බවක් දක්නට ලැබේ. එහෙත් බාහිර ව පෙනෙන සතුට සැබැවින් ම ඔවුන්ගේ හදවත් තුළත් තිබේ ද? යන්න සැක සහිත ය.

    කරණීය මෙත්ත සූත්‍රයෙහි සඳහන් පරිදි, අත්ථකුසල පුද්ගලයකු තුළ තිබිය යුතු ගුණාංග යළිත් නම් වශයෙන් දැක්වූවොත් මෙසේ ය: 1. දක්ෂකම, 2. අවංකකම, 3. කීකරුකම, 4. මුදුමොළොක් බව, 5. නිහතමානිකම, 6. සෑහීමට පත් වීම, 7. පහසුවෙන් යැපීම, 8. කාර්ය බහුල නොවීම, 9. සරල ජීවිතය, 10. ඉන්ද්‍රිය දමනය 11. නුවණැති බව, 12. ශීලාචාරකම, 13. පවුල් සමඟ මනා සබඳකම්, 14. සුළු වරදක් වත් නොකිරීම.

    දියුණුව අපේක්ෂා කරන අත්ථකුසල පුද්ගලයාගේ කායික, වාචසික හා මානසික හැසිරීම කෙබඳු විය යුතු ද? යන්න එක්තැන් කරමින් බුදුහාමුදුරුවන් ඒ ගුණාංග සියල්ල කෙටියෙන් සඳහන් කර ඇත. එය දැක්වෙන්නේ “න ච ඛුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං” යනුවෙනි. නුවණැති අය දොස් නඟන ඉතා සුළු වරදක් වත් නොකළ යුතු ය යනු එහි සරල අදහස යි.