කරණීය මත්ථ කුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජුච සූජූච
සුවචෝ චස්ස මුදු අනතිමානි
ඒ ශාන්ත පාදය වන අමා නිවනට පැමිණ වාසය කිරිමට කැමති අයෙකු විසින්, ඒ සඳහා ඇති කරගත යුතු කුසලතා කවරෙක්ද, සියලු කටයුතු වල දක්ෂයෙක් සමර්ථයෙක් විය යුතුය. අවංක (අනුන්ට බොරු නොකරන) කෙනෙක් විය යුතුය ඉතා අවංක (තමන්ටද බොරු නොකරන) කෙනෙක් විය යුතුය. කීකරු කෙනෙක් විය යුතුය. මෘදු ගති ඇත්තෙක් විය යුතුය අධික මානය නැත්තෙක් විය යුතුය.
සන්තුස්සකෝච සුභරෝ ච
අප්පකිච්චෝච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියෝච නිපකෝ ච
අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
ලද දෙයින් සතුටු වන කෙනෙක් විය යුතුය, පහසුවෙන් පෝෂණය කල හැක්කෙක් විය යුතුය, අඩුවෙන් වැඩ කටයුතු ඇත්තෙක් විය යුතුය, සැහැල්ලු ගති පැවතුම් ඇත්තෙක් විය යුතුය, දමනය කල සන්සුන් ඉඳුරන් ඇත්තෙක් විය යුතුය, තැනට සුදුසු නුවණ ඇත්තෙක් විය යුතුය, හැඩිදැඩි අසංවර ගති නැත්තෙක් විය යුතුය, හිතමිත්‍ර කුලපවුල් වල නොඇලෙන කෙනෙක් විය යුතුය.
න ච බුද්ධං සමාචරේ කිඤ්චි
යේන විඤ්ඤදු පරේ උපවදෙය්‍යුං
සුඛිනෝවා කේමිනෝ හොන්තු
සබ්බේ සත්ථා භවන්ති සුඛිතත්තා
නුවණැත්තන් නින්දාවට ලක් වෙන ඉතා සුලු වරදක්වත් නෙකෙරන කෙනෙක් විය යුතුය. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත්වා.
යේ කේචි පාණභූතත්ථී
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා
මජ්ඣිමා රස්සකාණුකථුලා
කෙලෙස් සහිත බැවින්, භයින් ත්‍රස්ත වු හෝ නිර්භය හෙයින්, ස්ථාවර වු සියලු යම්කිසි සත්ව කෙනෙක් වෙත්ද ,යම් සත්ව කෙනෙක් දීර්ඝ ජාති ඇත්තාහුද, මහත් සිරුරු ඇත්තාහුද ,මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇත්තෝද, මිටි සිරුරු ඇත්තෝද, ඉතා සියුම් සිරුරු ඇත්තෝද , ස්ථුල සිරුරු ඇත්තෝද,
දිට්ඨා වා යේව අද්දිට්ඨා
යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
ඇසට පෙනෙන්නාවු, හෝ ඇසට නොපෙනෙන්නාවුද, දුර වාසය කරන්නාවු ද, ඉපිද සිටින්නාවු ද, සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
න පරෝ පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය
කිසිවෙක් කිසිවෙකුට රැවටීම් ආදියෙන් හිංසා නොකෙරෙත්වා, කිසි තැනක කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරෙත්වා, නුරුස්නා ක්‍රියාවෙන් හෝ නපුරු සිතුවිල්ලෙන් හා වචනයෙන් ඔවුනොවුන්ගේ දුකක් කැමති නොවෙත්වා.
මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බභූතේසු
මානසං භාවයේ අපරිමාණං
තම ජිවිතය මෙන් තම එකම පුතු සුරකින මවෙකු ලෙස, සියලු සත්වයින් කෙරෙහි අප්‍රමාණ වු මෙත් සිත පැතිරවිය යුතුය.
මෙත්තංච සබ්බ ලෝකස්මිං
මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධෝච තිරියඤ්ච
අසම්බාධං අවේරං අසපත්තං
උඩද, යටද, හරහටද, සීමාවක් නැතිව, වෛර සිත් නැතිව, සතුරු බාධා නැතිව, සියලු ලෝකය කෙරෙහි අප්‍රමාණ වු මෙත් සිත පැතිරවිය යුතුය.
තිට්ඨං චරං නිසින්නෝ වා
සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු
හිටගෙන සිටින විට, ඇවිදින විට, හිඳගෙන සිටින විටද, නිදාගැනිමට ගිය විට හා නින්ද යන තුරු ද, නිදාගැනිමට ගිය විට හා නින්ද යන තුරුද ,මෙම මෛත්‍රි සහගත සිත අධිෂ්ඨානයෙන් සිහි කල යුතුය. එසේ විසීම බ්‍රහ්මවිහරණ යැයි කියනු ලැබේ.
දිට්ඨිංච අනුපගම්ම සීලවා
දස්සසේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගේධං
නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී තී
කිසිඳු මිථ්‍යා දෘෂ්ඨියක නොඇලි,සිල් ගුණ ධර්ම දියුණු කරගෙන ,සෝවාන් මඟ දක්නා නුවණින් යුක්ත වී, කාමයන්ට ඇති ඇල්ම දුරු කොට, නැවත මව් කුසක බැස ගැනිමට නොපැමිණෙන ලෙස පිරිනිවන් පානු ලැබේ