අපේ වැරැදිවලට දොස් නඟන නුවණැත්තන් ලෙස මෙහිදී අදහස් කරන්නේ දෙමවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, හිතමිතුරන් හා පැවිදි උතුමන් ය. ඒ අය එසේ කරන්නේ අප කෙරෙහි කරුණාවෙනි; අප යහමගට ගැනීමේ අරමුණිනි. මෝඩයන් හා විරුද්ධකාරයන් නඟන නින්දා අපහාස ගැන අප කලබල විය යුතු නැත. ඔවුන්ගෙන් ගැලැවෙන්නට අප කාට වත් නුපුළුවන. නුවණැත්තන් දෙන අවවාද හා උවදෙස් පිළිගෙන ඒ අනුව ජීවිතයේ දියුණුව ඇති කරගන්නට අපි වෙහෙසෙමු.
ධර්මය ගැඹුරු නිසාත්, ත්‍රිපිටකය කියවන්නට නොදන්නා නිසාත් බුදු දහමෙන් ප්‍රයෝජන ගන්නට අමාරු යැ යි සිතිය යුතු නැත. බුදුදහම ගැන පුළුල් දැනුමක් නැතත්, කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් ගුණාංග අනුව ජීවිතය හැඩගස්සවාගන්නේ නම් බුදුදහමෙන් ලබන ඒ ප්‍රයෝජනය ද ඉතා වැදගත් ය. ආචාරශීලී ගුණගරුක පුද්ගලයකු බවට පත් වන්නට වුවමනා පදනම එහි තිබේ.
සියලු සත්ත්වයෝ ලෙඩ-දුක් නැති වීමෙන් කායික සුව ලබත්වා! භය තැති ගැනීම් ආදි උවදුරු නැති වීමෙන් මානසික සුවය ලබත්වා! සැපවත් ජීවිත ගත කරත්වා! යනුවෙන් ඇරැඹෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ දෙවන කොටස යි. ලොව සියලු සතුන් වෙත මෙත් සිත් පතුරු-වන අයුරු එහි කෙටියෙන් දැක්වේ. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! යන පිළිවෙළට එය වඩා සරල ලෙස යොදාගත හැකි ය. “සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” යනුවෙන් පාලි වාක්‍යය ද ඒ සඳහා භාවිත කළ හැකි ය.
මිතුරා යන වචනය අප පාවිච්චි කරන්නේ අපට අවංක ව ම හිතවත් ව කටයුතු කරන පුද්ගලයාට යි. ඔහුගේ ගුණය මෛත්‍රිය යි; හෙවත් මිතුරුකම යි. මිතුරකුගේ ප්‍රධාන ලක්ෂණ දෙකක් ඇත. පළමු වැන්න තම හිතවතා ඇති-නැති හැම තැනකදී ම ඔහුගේ යහපත සඳහා කටයුතු කිරීම යි. දෙවැන්න නම් උවදුරුවලින් තම හිතවතා බේරාගැනීම යි. මෛත්‍රී භාවනාව කරන පුද්ගලයා තුළ ද මේ ගුණාංග දෙක ඇත.
මෛත්‍රී භාවනාව කරන්නාගේ මිතුරුකම එක් අයකුට හෝ පිරිසකට සීමා වූවක් නො ව, ලෝ වැසි සියලු දෙනා වෙත පැතුරුණු එකකි. සත්ත්ව යන වචනයෙන් මිනිසුන් ඇතුළු සියලු ප්‍රාණීහු අදහස් කෙරෙති. ලෝකයේ විවිධාකාර සත්ත්වයෝ සිටිති. සිරුරේ හැඩය, හැසිරීම, මනසේ ක්‍රියාකාරිත්වය සහ ජීවත් වන පරිසරය අනුව ඔවුන් වර්ග කළ හැකි ය. ඒ අනුව සියලු සත්ත්වයන් වෙන් වශයෙන් හඳුනාගැනීම මෛත්‍රී භාවනාව වැඩීමේදී ඉතා ප්‍රයෝජනවත් ය. එවිට කිසි ම සත්ත්වයකු අත්නොහැර, හැමදෙනා කෙරෙහි ම මෙත් සිත පැතිරැවිය හැකි වන බැවිනි. මෛත්‍රී භාවනාව වැඩීමේදී ලොව සියලු සතුන් වෙන් වශයෙන් හඳුනාගැනීම ධර්මයෙහි හැඳින්වෙන්නේ සත්ත්වාරම්මණය පරීක්ෂා කිරීම යනුවෙනි.
කරණීය මෙත්ත සූත්‍රයේ “යේ කේචි පාණ භූතත්ථි...” යනාදි වාක්‍යයෙන් සිදු කැරෙන්නේ සත්ත්ව වර්ග වෙන් කර දැක්වීම යි. අපේ ඉඳුරන්ට හසු නොවන බොහෝ දේවල් ලෝකයේ ඇත. අප අවට ලෝකයේ ඇසට නොපෙනෙන විවිධාකාර සත්ත්වයෝ සිටිති.
“තසා වා ‘ථාවරා’ අනවසේසා...” මෙහි ‘තසා’ යනු බියෙන් තැති ගත් සත්තු ය. ‘තස’ යනු කෙලෙස් සහිත සත්ත්වයෝ ය. ඔවුහු බියෙන් පෙළෙති. ථාවරා යනු කෙලෙස් බිය නැති කළ රහත් උතුමෝ ය. ‘දීඝා’ පිඹුරන් ආදි දිග සත්තු ය. ‘මහන්තා’ අලි ආදි මහත සත්තු ය. ‘මජ්ක්‍ධිමා’ ගවයන් වැනි මධ්‍යම ප්‍රමාණයේ සිරුරු ඇති සත්තු ය. ‘රස්සකා’ වැඩි උස හා දිග නැති සත්තු ය. ‘අණුකා’ ඇසට නොපෙනෙන තරම් සියුම් සිරුරු ඇති ජලයේ, පොළොවේ හා වාතයේ සිටින සත්තු ය. ‘ථූලා’ ඉබ්බන් වැනි මහත සත්තු ය.
“දිට්ඨා වා යේව අද්දිට්ඨා...” - අප දුටු හා නුදුටු සත්තු ය. “යේ ච දූරේ වසන්ති අවිදූරේ...” - අපෙන් ඈත හා අප ළඟ ජීවත් වන සත්තු ය. “භූතා වා සම්භවේසී වා...” - මෙහි ‘භූතා’ යනු උපත ලද සත්තු ය. “සම්භවේසී” – ඉපදීමට බලාපොරොත්තුවෙන් සිටින සත්තු ය.
මේ අයුරින් සියලු සතුන් වෙන් වශයෙන් සිහිපත් කරමින් කිසි ම කොටසක් හෝ අත් නොහැර සියල්ලන් ම මෛත්‍රී භාවනාවට අරමුණු කරගත යුතු ය. “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා...” සියලු සත්තවයෝ සුවපත් වෙත්වා! යනුවෙන් භාවනා කළ යුතු ය. මිනිසුන්ගේ හා සතුන්ගේ ජීවිත සමාන වටිනාකමකින් සලකා කටයුතු කරන්නට බුදුහාමුදුරුවන් අපට උගන්වා ඇත. මෙය බුදුදහමේ විශේෂ ලක්ෂණයකි.
මෙහිදී ඉතා වැදගත් වන්නේ සියලු සතුන් කෙරෙහි සමාන සිතක් ඇති කරගැනීම යි. අපට හිතවත් මෙන් ම, අහිතවත් අය කෙරෙහි ද සමාන සිතක් ඇති කරගෙන ඒ සියලු දෙනා ම නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! යන සිතිවිලි හිතේ තහවුරු කරගන්නට හැකි නම්, අප තුළ මෛත්‍රිය පවතියි.
සතුරකුට මෛත්‍රිය දැක්වීම පහසු දෙයක් නො වේ. සතුරා සිහිපත් වන විට සිතේ මතු වන්නේ ද්වේෂය යි. එහෙත් විශේෂයෙන් මෛත්‍රීය දැක්විය යුත්තේ සතුරා කෙරෙහි ය. සතුරකු අපට දිගට ම හිරිහැර කරද්දීත් නිහඬ ව සිටීම ඇතැමුන් හඳුන්වන්නේ නෝන්ජල්කමක් වශයෙනි. එහෙත් සතුරකුට එරෙහි ව සතුරුකම් කිරීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැත.
යම් කිසිවකුගෙන් අපට සිදු වන කායික හෝ මානසික හිරිහැරයට වඩා අපේ අවධානය යොමු විය යුත්තේ, එයට එරෙහි ව හිංසා පීඩා කිරීමෙන් අපට සසර දිගු කලක් විඳින්නට සිදු වන දුක් ගැහැට කෙරෙහි ය.
කරණීය මෙත්ත සූත්‍රයේ මෙසේ සඳහන් කර තිබෙන්නේ මෛත්‍රිය වඩන්නාගේ සිතේ ඇති වන සිතිවිලි පිළිබඳ ව යි. කිසිවෙක් කිසිවකුට නින්දා, අපහාස, රැවටීම්, හෙළාදැකීම් නොකෙරේවා යනු “නපරෝ පරං නිකුබ්බේථ නාතිමඤ්ඥේථ කතථචි නං කඤ්චි...” වාක්‍යයෙහි අදහස යි.
පුද්ගලයකුට හිරිහැර හිංසා සිදු කරන අන්දම විවිධාකාර ය. රවා බැලීම අත් ඔසවා තර්ජනය කිරීම, පහරදීම ආදි ක්‍රියාවලින් කෙනකු බිය ගැන්වීම සිදු වෙයි. ඇතැම් විට බැණවැදීම් ද කැරේ. රැකියාව හා නවාතැන අහිමි කරන්නට පිළිවන. ‘බ්‍යාරෝසනා’ යනු කයින් හෝ වචනයෙන් හෝ කෙනකුට එවැනි අයහපතක් කිරීම යි. ඉහතින් පැහැදිලි කර තිබෙන්නේ කිසිවෙක් හිංසා නොකෙරේවා යන මෙත් සිත පෙරදැරි කරගත් පැතුමකි. ‘පටිඝසඤ්ඤා’ යනු සිත කිලිටි කරන සිතිවිල්ලකි. එහි තේරුම කෙනකු වැනැසේවා! යැ යි සිතීම යි. මෛත්‍රී භාවනා කරන්නා අනුන්ට දුක් කරදර සිදු වනවාට කැමැති නැත. “නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය...” යන්නෙන් කියැවෙන්නේ එය යි.
අපේ සිත්වල මෛත්‍රිය දියුණු කරගත යුත්තේ කුමන ආකාරයට ද යන්න පැහැදිලි කරදීමට බුදුහාමුදුරුවන් යොදාගෙන තිබෙන්නේ ඉතා උසස් උපමාවකි. ඒ මවු සෙනෙහස යි. මවකගේ දරු සෙනෙහස ලොව සෑම කෙනකුට ම තේරුම් ගත හැකි ය. “මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවං පි සබ්බ භූතස්මිං මානසම්භාවයේ අපරිමාණං...” මවක් ඇයගේ එක ම දරුවා අසීමිත මෛත්රියකින් සිය දිවි තිබෙන තුරු රැකබලාගන්නේ යම් සේ ද, සියලු ප්‍රාණීන් කෙරෙහි එවැනි මෛත්‍රියක් සිතෙහි ඇති කරගන්න යනු එහි අදහස යි. “මෙත්තං ච සබ්බ ලෝකස්මිං මානසම්භාවයේ අපරිමාණං...” මුළු ලෝකය පුරා ම එක සමාන ව පැතිර යන මෛත්‍රියක් සිතෙහි ඇති කරගත යුතු ය.
“උද්ධං අධෝ ච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං” යනුවෙන් උඩ-යට හාත්පස වෙසෙන සියලු සතුන් කෙරෙහි කිසි ම තරහක් හෝ හිංසාවක් හිතේ ඇති කරනොගැනීමට කරණීය මෙත්ත සූත්‍රයෙන් උපදෙස් ලැබෙයි. සියලු සතුන්ට සැපතක් ම වේවා යන මෙත් සිතිවිල්ල කිසිදු බාධාවකින් තොර ව නිරතුරු ව සිතේ පවත්වා-ගන්නට අපට හැකි නම්, එයින් පෙනෙන්නේ මෛත්‍රී භාවනාව දියුණු තත්ත්වයකට පත් ව ඇති බව යි.
“තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ ඒතං සතිං අධිට්ඨෙය්‍ය...” මෛත්‍රී භාවනාව කරන්නට විශේෂ ඉරියවුවක් වුවමනා කරන්නේ නැත. එක තැනක සිටගෙන හෝ ඇවිදිමින් හෝ හිඳගෙන හෝ වැතිරගෙන හෝ මෛත්‍රී භාවනාව වැඩීමට පිළිවන. එයින් පෙනෙන්නේ ඒ සඳහා විශේෂ සූදානමක් වුවමනා නැති බව යි. ඒ අනුව මෛත්‍රී භාවනාව අප සැමට ම එදිනෙදා ජීවිතයේ වෙනත් කටයුතු කරන අතරේ පහසුවෙන් කළ හැකි භාවනාවකි. ඒ සඳහා වුවමනා වන්නේ ‘විගතමිද්ධෝ’ යනුවෙන් උගන්වා ඇති ආකාරයට සිත කය දෙකෙහි උදාසීන බව නැති කරගැනීම පමණි.
බ්‍රහ්ම යනු දෙවියන්ටත් වඩා උසස් සත්ත්ව කොට්ඨාසයකි. පෙර ජීවිතවල මෛත්‍රී භාවනාවේ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු ඒ උසස් තත්ත්වයට පත් ව සිටිති. මෛත්‍රිය සිත තුළ දියුණු කරගත හැකි නම් පුද්ගලයකුට මේ අත්බවේදී ම බ්‍රහ්මයකුට සමාන උසස් මානසික තත්ත්වයකින් ජීවිතය ගත කළ හැකි ය.
“බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු...” යන වැකියෙන් කියැවෙන්නේ ඒ බව ය.
මෛත්‍රී භාවනාවෙන් අපට ලැබෙන ප්‍රයෝජන ගැන බණ පොත්වල නිතර සඳහන් වෙයි. මෙත්තානිසංස අපට ලැබෙන ප්‍රයෝජන ගැන බණපොත්වල නිතර සඳහන් වෙයි. මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් කාරණා මෙහිදී අපට විමසා බලන්නට පුළුවන. පහත දැක්වෙන්නේ එම අනුසස් ය.
නිතර මෙත් සිතිවිල්ලෙන් කල් ගෙවන්නා සුව සේ නිදයි; සුව සේ අවදි වෙයි; මිනිසුන්ට පි‍්‍රය වෙයි; අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි; දෙවියෝ ඔහුට රැකවරණය සලසති; ගින්දරෙන් වස-විසවලින් හා ආයුධවලින් ඔහුට සිදු වන උවදුරු වළකියි. ඔහු වහා සිත එකඟ කරගනී. ඔහුගේ මුහුණ පැහැපත් ය. මනා සිහි නුවණින් යුතු ව අවසන් හුස්ම හෙළයි. මෙලොවදී රහත් බව නොලැබුවොත්, මතු බඹ ලොව උපදියි.
අවසානයේ සඳහන් කරුණ හැරුණු විට ඉතිරි ආනිසංස මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵල වශයෙන් අපට මෙලොවදීම ළඟා කරගත හැකි ඒවා ය. මෛත්‍රිය යනු මිතුරකුගේ ස්වභාවය යි. හොඳ මිතුරකුට සමාජයෙන් ලැබෙන යහපත් ප්‍රතිචාරය ගැන විස්තරයක් ත්‍රිපිටකයේ ඇතුළත් මිත්තානිසංස සූත්‍රයේ තිබේ. මෛත්‍රී භාවනා කරන පුද්ගලයා ද සමාජයේ මිතුරකු නිසා ඔහුට එම ආනිසංස හිමි වෙයි.
සමාජයේ සියලු දෙනා කෙරෙහි ම මිත්‍රශීලි හැඟීමෙන් කටයුතු කරන පුද්ගලයා යන එන හැම තැනකදී ම සංග්‍රහ ලබන බව මිත්තානිසංස සූත්‍රයේ දැක්වෙයි. ඔහුගේ ඇසුරේ සිටින අයට ද ජීවත් වීමට මග සැලැසෙයි. ඔහු සෑම තැනකදී ම ගරු-බුහුමන් ලබයි. සොර–සතුරන්ගෙන් ඔහුට උවදුරු ඇති නො වේ. රජවරු ඔහුට හිරිහැර නො කරති. සිනා මුසු මුහුණින් නිවෙසින් පිට වන මෛත්‍රී භාවනා කරන්නා ආපසු නිවෙසට එන්නේත් සිනා මුසු මුහුණින් යුතු ව ය; නෑදෑයන් අතර කැපී පෙනෙයි. ඔහුගේ ගුණ-යහපත්කම් ගැන උත්සව සභාවල කථා කරන අතර, කීර්තිය සිව්දිග පැතිර යයි. මිත්‍රශීලී පුද්ගලයාට යස-ඉසුරු හා පිරිවර සම්පත්වලින් අඩුවක් නැත. දෙවියකු මෙන් බබළන ඔහු වෙත සිරිකත ළඟා වෙයි. ඔහු කරන රැකියාවෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. ඔහුට හොඳ දරුවන් ලැබෙන අතර, වගා කරන ගස්වැල්වල හොඳින් පල දරන අත්ගුණයක් ඇත. හදිසි අනතුරුවලින් පුදුම සහගත ලෙස ඔහු බේරෙයි. හොඳින් මුල් බැසගත් නුග ගසක් සුළඟට නො වැටෙයි. එසේ ම සමාජයේ මුල්බැසගත් අවංක මිතුරකු වනසන්නට සතුරන්ට නොහැකි ය.
මහපිරිත් පොතේ ඇතුළත් ඛන්ධ පරිත්තයෙහි මෛත්‍රී භාවනාවේ යෙදෙන්නට අනුබල දෙන වැදගත් සිද්ධියක් සඳහන් වේ. සර්පයකු දෂ්ඨ කිරීමෙන් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වූ පුවත ඇසූ බුදු හාමුදුරුවන් වදාරා තිබෙන්නේ, එම භික්ෂුව මෛත්‍රී භාවනාව වැඩුවා නම්, එබඳු ඇබැද්දියකට මුහුණ නොපාන බව යි. එසේ ම මෛත්‍රිය සත්‍යක්‍රියාවක් වශයෙන් යොදාගත හැකි බව ඛන්ධ පරිත්තයෙන් පැහැදිලි වේ. මෛත්‍රී භාවනාවේ අනුසස් ඇසීමෙන් කෙනකුට ඇති වන්නේ හැඟීම් පමණි. අප ප්‍රායෝගික ව එහි නිරත වී ජීවමාන අත්දැකීම් වශයෙන් මෛත්‍රී භාවනාවේ අනුසස් භුක්ති විඳින විට සිතට දැනෙන සතුට වචනයෙන් කිව නොහැකි ය.