කරපිංචා මිංචි රම්පේ වඩවයි ඔබේ රූපේ
ශාකමය රසකාරක සහ කුළුබඩුවල ප්‍රති ඔස්සිකාරක බහුල වන බව නවීන පර්යේෂණවලින් හෙළිවී තිබේ. සීනි, ලුණු සහ සංතෘප්ත මේද වෙනුවට කුළුබඩු හා ශාකමය රසකාකර වැඩිපුර යොදා ගැනීමෙන් ඔබේ ආහාරවේල වඩාත් රසවත් මෙන් ම ගුණදායකවද පිළියෙල කර ගත හැකිය.
කරපිංචා රම්පේ, සැල්දිරි කොත්තමල්ලි කොළ මිංචි වැනි රසකාරක මෙන්ම අමුමිරිස්, ගම්මිරස්, කොත්තමල්ලි, කහ, කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, ගොරකා, දෙහි වැනි ස්වභාවික රසකාරක හා කුළුබඩු යෙදීමෙන් ඔබ දියවැඩියාව, අධික රුධිර පීඩනය හා පිළිකා වැනි බොහෝ රෝගවලින් වළක්වාලන බව ඔබ දන්නවාද?
මෙම කුළු බඩු හා රසකාරක එළවළු ව්‍යංජනවලට පමණක් නොව සලාද සදන විට, පෝරණුවේ පුළුස්සා සකස් කරනු ලබන ආහාරවලට මෙන්ම මාළුපාන්, පැටිස්, කට්ලට් වැනි කෑම වර්ගවලට පිරවුම් සදන විට යහමින් යොදා ගන්න. එය වැඩි රසයක් ගෙනදෙනවා මෙන්ම නිරෝගී බවට ඔසුවක් ද වේ.
තිරිහන් බව රැකගන්න
තාරුණ්‍යය හැමදාම රැක ගන්නට අකැමැති වන්නේ කවුද? දිගුකලක් තරුණ බව රැක ගන්නට නම් දිනපතා ආහාර වේලට නැවුම් පලතුරු සහ එළවළු යහමින් එකතු කර ගන්න. මෑ, බෝංචි, දඹල වැනි රනිල කුලයේ ආහාර වැඩිපුර ගන්න. ඒවා ශක්ති අගය මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද ඉහළ ය.
රටකජු, කජු, ආමන්ඩ් වැනි ඇටවර්ග අහුරක් පමණ දිනපතා ආහාරයට එක් කර ගන්න. සාලයා, සැමන්, හුරුල්ලා, කෙලවල්ලා, බලයා, අලගුඩුවා වැනි මාළු වර්ගයක් නිතර ආහාරවේලට එක්කර ගන්න. මේ මාළු වර්ගවල ඕමේගා 3 හිතකර මේද අම්ල බහුලව තිබේ. එය ඔබේ හදවතට හිතකරය. මොළයේ සෛල වඩයි. අමතක වීමේ රෝගය මෙන්ම සම රැළි ගැසීමේ අවධානමද අඩු කරයි. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතරම ඇටකටු ගොඩනැඟීමට උපකාරී වන කැල්සියම් වැඩි කරයි.
මහත අඩු කරගන්න ලෙමන් යුෂ බොන්න
දිනපතා උදෑසන හිරු එළියේ මිනිත්තු 15ක් ඇවිදීමෙන් ශරීරයට අවශ්‍ය දෛනික විටමින් සී ප්‍රමාණය පහසුවෙන් ම ලබා ගත හැකිය. හිරුඑළිය ඍජුවම සිරුරට විටමින් ඩී ලබා දෙන හොඳම මාර්ගය වේ. එය ඇතැම් පිළිකා වර්ගවලින් ඔබ ආරක්ෂා කර දෙයි.
සිරුරේ මහත වැඩියි කියා ඔබත් හිත් තැවුල් ගන්නවාද? පහසුවෙන් ම සිරුරේ බර අඩු කරගන්නට නම් දිනපතා ම ලෙමන් ගෙඩියක් හෝ දෙහි කුලයේ පලතුරක් ආහාරයට ගන්න. ඒවායෙහි ඔබේ සිරුරේ ඇති විෂ නසන ගුණයක් තිබේ. ආහාර ජීරණ ගුණය වඩන අතර සිරුරේ ඇති අනවශ්‍ය මේද දහනය කරයි. ශරීරය තුළ සෛල වර්ධනය කරයි. තුරුණු බව රැක දෙයි.
දෙහි කුලයේ පලතුරුවල ඇති ලයිමෝලේන් නමැති සංඝටකයෙහි ඇතැම් පිළිකා වැළැක්වීමේ ගුණයක් ඇතැයි පර්යේෂණවලින් සනාථ වී තිබේ. දිනපතා උදෑසන අවදි වූ සැණින් මද උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් ගෙඩියක යුෂ මුසු ෙකාට පානය කිරීමෙන් පහසුවෙන් මළ මුත්‍ර පිට වේ. එය ඔබේ නිරෝගී බවට බෙහෙවින් ඉවහල් වෙයි. ලෙමන්වල ඇති පෙක්ටීන් සංඝටකය මඟින් පමණට වඩා කුස පිරුණු ගතිය ඉවත් කර සිරුරේ සීනි මට්ටම පාලනය කරයි. එමඟින් මේද හා තෙල් අධික ආහාර ගැනීමට ඔබ තුළ ඇති ගිජු බවද අඩු වෙයි.
සිනාසී සුව වෙන්න
අප සිනහසෙන විට මොළයෙන් නිකුත් කෙරෙන එන්ඩෝෆින් නමැති රසායනිකය නිසා මනස සැහැල්ලු වන බව පර්යේෂණවලින් හෙළිවී තිබේ. සිනහව ආතතිය පාලනය කරන අතරම අපගේ ආයු වඩන බවද සොයාගෙන තිබේ. සිනහව ඔබ මෙන්ම අන්‍යයන්ගේ ද සිත සුව පිණිසම හේතු වේ.
අමු මිරිස් කරලක ඇති විටමින් සී ප්‍රමාණය දොඩම් ගෙඩියක ඇති විටමින් ප්‍රමාණයට වැඩි බව ඔබ දන්නවාද? මින්පසු එළවළු මාලු පිණිවලට යොදන අමු මිරිස් පිඟානේ පැත්තකින් තබා ඉවත් කරනු වෙනුවට ආහාරයට ගන්න. අමු මිරිස්වල ප්‍රතිඔක්සිකාරක බහුලය. ඉක්මනින් ඉදී යාම වැළැක්වීමට අමුමිරිස් ශීතකරණයේ අසුරන්නට පෙර එහි නැටි කඩා ඉවත් කරන්න.
හොඳනම් සලකන්න