කර්නල් මීඩින් හා තුවාන්ගේ ඝාතකයෝ

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,509
    6,610
    113
    " තව ස්වල්ප දිනකින් ඔබට මාව ඝාතනය කලා කියා ආරංචි වෙයි. මගේ අවමංගල උත්සවයට පැමිණ වැතිර සිටින මා දෙස බලන්න. මෘත ශරීරයක් ව වැතිර සිටින මේ මිනිසා බොහෝ රහස් දන්නේය. ඒවා හෙලි කලහොත් බොහෝ දේශපාලකයන් හමුදා නිලධාරීන් බලවත් අපහසුතාවට පත් වනු ඇත. එම නිසා මම ඒ රහස් රැගෙන මගේ මිනී වළට යමි."




    ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට හමු වන්නේ 2003 වසරේදී ය. එම වසරේදී යුද ආතතිය සහ සංග්‍රාම විඩාව පිලිබඳ දේශනයක් කිරීමට උතුරට ගිය අවස්ථාවකදී මට ඔහුව හමු විය. එවකට ඔහු මේජර්වරයෙකු වූයේය. තුවාන් මීඩීන් සේවය කලේ යුද හමුදා බුද්ධි අංශයේය. ඔහු තුල ඉතා හොඳ දැණුමක් තිබුනේය. එම නිසා අප සුභාශ් හෝටලයේදී සංවාදයේ යෙදුනෙමු.

    මේ කාලයේ මම ප්‍රභාකරන් ගේ මානසික තත්වයන් පිලිබඳව පොතක් ලියමින් සිටියෙමි. ඒ නිසා මේජර් මීඩීන් ප්‍රභාකරන් සහ ඔහුගේ අභ්‍යන්තර කවය පිලිබඳ දැන සිටි කරුණු මෙම පොත ලිවීමේදී මට ඉතා ප්‍රයෝජනවත් විය. ප්‍රභාකරන් ගේ කායාරක්‍ෂකයන් අතර උන්ඩ ප්‍රතිග්‍රාහකයන් තිදෙනෙකු සිටින බව ඔහු හෙලි කලේය. මෙම තොරතුර උසස් හමුදා නිලධාරීන් පවා දැන සිටියේ නැත.

    2005 වසරේදී වරක් ඔහු මා සොයා කොලඹ හමුදා රෝහලට ආවේය. මා විසින් මෝහන ප්‍රතිකාර මගින් සුව කරන ලද සංවර්තන ආබාධ ( Conversion Disorders ) තිබූ රෝගීන් කීප දෙනෙකු සමග ඔහු කතා කලේය. එසේම මගේ මෝහන ප්‍රතිකාර සැසියක් ද ඔහු නිරීක්‍ෂණය කලේය. තවද අත් අඩංගුවට ගත් කොටි සාමාජිකයන්ට පහර දී තොරතුරු ගන්නවා වෙනුවට මෝහනය කිරීමෙන් තොරතුරු ලබා ගත හැකිදැයි බැලීම ඔහුගේ අභිප්‍රාය විය.

    අවසන් වරට ඔහු මා හමුවූ දිනයේ ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට මෙසේ කීවේය " තව ස්වල්ප දිනකින් ඔබට මාව ඝාතනය කලා කියා ආරංචි වෙයි. මගේ අවමංගල උත්සවයට පැමිණ වැතිර සිටින මා දෙස බලන්න. මෘත ශරීරයක් ව වැතිර සිටින මේ මිනිසා බොහෝ රහස් දන්නේය. ඒවා හෙලි කලහොත් බොහෝ දේශපාලකයන් හමුදා නිලධාරීන් බලවත් අපහසුතාවට පත් වනු ඇත. එම නිසා මම ඒ රහස් රැගෙන මගේ මිනී වළට යමි."

    ඔහු මට මෙය කීවේ කොලඹ යුද හමුදා රෝහලේ මානසික රෝග වාට්ටුවේ මගේ ප්‍රතිකාර කාමරයේදීය. මම ඔහුගේ මරණය පිලිබඳ කතාව බැරෑරුම්ව නොගත්තෙමි. නමුත් ඉන් සති කීපයකට පසුව ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් කොටින් ගේ බුද්ධි අංශය විසින් ඝාතනය කල බව මට ආරංචි විය.



     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,997
    4,492
    113
    තව ටික දවසකින් එක වීඩියෝ ටයිටල්.

    S.w.r.d ට වෙඩි තියන්න ගෝටා මහින්ද පැලෑන් කල හැටි.

    ඩී. ඇස් ගේ අස්පයාට ඇන තියන්න ගෝඨා ගහපු ගේම.

    මහින්ද කෙනඩිව මරපු හැටි.

    මහින්ද හිට්ලර්ව නොමඟ ඇරපු හැටි.

    ශ්‍රි වික්‍රම අහුවුනා රාජපක්ෂ වරුන්ගේ උගුල.

    එලාරව මරා දැමු මහින්ද ගෝටා.

    ආදම්ට ඇපල් කැවූ රාජපක්ෂ වරු.