කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    උබ ඒක කලේ බුදුරජුන් වදාල ක්‍රමයටද.ඔතන සමතයෙන් ඒකාග්‍රතාව හදාගන්නවා.එහෙම නැතුව වෙන්න ඇති කලේ ශුවර් එකටම.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    කවුද එහෙම කිව්වෙ? කාලගුණික/ දේශගුනික විපර්යාස ඉබේටම ඇති වෙනව කිව්වෙ කවුද? උබ ඔය post කරපු article එකේවත් එහෙම ඔය නියාම ධර්ම ඉබේ ඇතිවෙනව කියල නෑනෙ.

    කර්ම නියාමය ඇතිවෙන්නෙ හේතුවක් ඇතුව. ඒක හොඳටම තේරෙනවනෙ.. ඉතුරු ඒව එතකොට හේතු රහිතවද ඇතිවෙන්නෙ?
    ඒක හේතුඵල වාදයට පටහැනි නැද්ද?

    https://www.livescience.com/10639-tsunamis-work.html
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒ භික්ශුවට විතරක් නෙවේ පොදුවේ කියනවා .

    කතමා චානන්ද, ආනාපානස්සති? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති සතොව පස්සසති. දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති. දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති. රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති. රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති. ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ‘පීතිපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පීතිපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘සුඛපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘සුඛපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති . අභිප්පමොදයං චිත්තං...පෙ.... සමාදහං චිත්තං...පෙ.... විමොචයං චිත්තං...පෙ...විමොචයං චිත්තං...පෙ.... අනිච්චානුපස්සී...පෙ.... විරාගානුපස්සී...පෙ.... නිරොධානුපස්සී...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. අයං වුච්චතානන්ද, ආනාපානස්සති.

    ආනන්‍දය, ආනාපාන සතිය කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, පලක් බැඳගෙන, ශරීරය ඎජුව තබා, සිහිය අභිමුඛයට ගෙන, හෙතෙමේ සිහි ඇතිව ආශ්වාස (හුස්ම ගැනීම) කරයි. සිහි ඇතිව ප්‍රශ්වාස (හුස්ම හෙළීම) කරයි. දීර්‍ඝව ආශ්වාස කරන්නේ, දිර්‍ඝව ආශ්වාස කරමියි දනියි. දීර්‍ඝව ප්‍රශ්වාස කරන්නේ, දීර්‍ඝව ප්‍රශ්වාස කරමියි දනියි. හ්‍රස්වව (කොටට) ආශ්වාස කරන්නේ, හ්‍රස්වව ආශ්වාස කරමියි දනියි. හ්‍රස්වව ප්‍රශ්වාස කරන්නේ, හ්‍රස්වව ප්‍රශ්වාස කරමියි දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ආනන්‍දය, මේ ආනාපාන සතියයි කියනු ලැබේ.
    ’’ආනන්‍දය, ඉදින් ඔබ ගිරිමානන්‍ද මහණතෙම වෙත එළඹ මේ දස සංඥාවන් කියන්නේය. මේ දස සංඥාවන් අසා යම් හෙයකින් ගිරිමානන්‍ද භික්‍ෂුවගේ ඒ ලෙඩය ක්‍රමයෙන් යටපත් වන්නේද, මේ කරුණ විද්‍යමාන වේ.’’

    ඉතින් හරිනෙ බං.. බුදු හාමුදුරුවො එක එක level එකටනෙ ධර්මය දේශනා කරේ. උපතිස්ස පරිබ්‍රාජකයට අනිත්‍ය සඥ්ඥාව තියා චතුරාර්‍ය සත්‍යවත් කිව්වෙ නෑ. හේතුඵල දහමේ හැඳින්වීමම ප්‍රමානවත් උනා.

    අනිත්‍ය කියන එක උඩින් විතරක් බැලුවහම සරලයි වගේ තමයි. ඒත් ඒක ගැඹුටටම හේතුඵල එක්ක බැලුවොත් නාම-රූප අවබෝධයකින් තොරව අනිත්‍ය තේරුම් ගැනීම විහිලුවක් වගේ වෙනව.

    අනිත්‍ය කියන එකේ තේරුම 'වෙනස් වන බව'. දෙයක් වෙනස් වෙනවනම් එතන 'කාලයේ' ගතවීමක් තියනව. එතකොට වෙනස් වීමට හේතුව කාලයද, නැත්තං වෙන එකක්ද හේතුව? හරියට කල්පනා කරොත් තේරෙයි වෙනස් වෙමින් පැවතීමට හේතුව වෙන්නෙ කාලය නෙමේ. අවශේශ ප්‍රත්‍යන් කියල. බුදුදහමෙ කොතනකවත් කාලය හේතුවක් ලෙස අරගෙන නෑ. මම දන්න විදිහට. ඒ කියන්නෙ 'කාලය' කියල දෙයක් නෑ. හැබැයි 'තණ්හාව' ට කාලයේ බලපෑමක් නෑ. ඒ නිසයි අඩු ඥානයක් තියෙන පුද්ගලයෙකුට චතුරාර්‍ය සත්‍ය හොඳට ගැලපෙන්නෙ..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    Exactly.. සුනාමිය ආවෙ භූ ස්ථර වල ප්‍රශ්නෙ හින්ද තමයි. භූ ස්ථර වල වෙනස උනේ මොන හේතුව නිසාද? ඔහොම ඔහොම කෙලවරක් නැතුව හොයන්න ගියොත් හේතුඵල වශයෙන් විශ්වයේ නිර්මාන අවදියටම යන්න වෙනව. අන්තිමට විද්‍යාව එච්චර දියුනු නැති නිසා එක තැනකින් නතරවෙයි හේතුව හොයගන්න බැරුව.

    ඒ නිසා කොහොම බැලුවත්, අනික අභිධර්මයෙ පැහැදිලිවම ඒක කියනවනෙ මචං.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Karmaya paladenne mama mage kiyalaa deyak ethinisaawath nethinisaawath padanam karagana newei.Eya , eka ekkenaage kriyaawaliyen( eka ekkenaagei ssansaara gamana) nipadawana prathipalayak nisa eka eka ekkenaata bAdheepawathinawaa. Esei bedee sitimin vipaakadhenawaa.Ekai mata hithenne.

    Badi pawatinna kumak ho tibiya yutui neda. Athmaya kiyala deyak natnam, mama kiyala deyak natnam, karmaya katada patisan denne?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    Exactly.. සුනාමිය ආවෙ භූ ස්ථර වල ප්‍රශ්නෙ හින්ද තමයි. භූ ස්ථර වල වෙනස උනේ මොන හේතුව නිසාද? ඔහොම ඔහොම කෙලවරක් නැතුව හොයන්න ගියොත් හේතුඵල වශයෙන් විශ්වයේ නිර්මාන අවදියටම යන්න වෙනව. අන්තිමට විද්‍යාව එච්චර දියුනු නැති නිසා එක තැනකින් නතරවෙයි හේතුව හොයගන්න බැරුව.

    ඒ නිසා කොහොම බැලුවත්, අනික අභිධර්මයෙ පැහැදිලිවම ඒක කියනවනෙ මචං.

    හේතුපල දහමක් ගැන මෙතන පටලවගන්න ඕනේ නැහැ. නොදන්නා දේවල් කියල ඇන ගන්න එපා. එකට විශ්වයේ සම්බවය ගැන දන ගන්න ඕනේ නැහැ. ඔය විදියට උදේට වතුර රත්කරල කිරි දල තේ එකක් හැදුවත් එක තේරුම් ගන්න විශ්වයේ සම්බවයටම යන්න වෙනවා?. සුනාමි ඇතිවෙන හැටි 8 වසරේ ළමයෙක් උනත් දන්නවා.

    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හේතුපල දහමක් ගැන මෙතන පටලවගන්න ඕනේ නැහැ. නොදන්නා දේවල් කියල ඇන ගන්න එපා. එකට විශ්වයේ සම්බවය ගැන දන ගන්න ඕනේ නැහැ. ඔය විදියට උදේට වතුර රත්කරල කිරි දල තේ එකක් හැදුවත් එක තේරුම් ගන්න විශ්වයේ සම්බවයටම යන්න වෙනවා?. සුනාමි ඇතිවෙන හැටි 8 වසරේ ළමයෙක් උනත් දන්නවා.

    හරි එහෙනම් කියපන් පෘතුවිය ඇති උනේ කොහොමද?. මොකද සුනාම් එන්නනම් පෘතුවියක් තියෙන්න ඕනනෙ.

    ඒකත් ඉබේමද ඇති උනේ?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අනිත්‍ය නිසා දුක ඇතිවෙනවනන් ලෙඩක් සනීප උනාම දුකක් ඇතිවෙන්න එපායෑ? අනික සිංහල ජාතිය අනිත්‍යයි කියල කියන්න පුලුවන්ද? මට නං හිතෙන්නෙ අනාත්ම සංකල්පය තමයි වැදගත් වෙන්නෙ කියල.

    අනිත්‍ය නිසා නෙමේ බන් දුක ඇති වෙන්නෙ. දුක ඇති වෙන්නෙ තණ්හාව නිසා.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    වලස්මුල්ලේ අභය හාමුදුරුවෝ ඊයෙ ප්‍රඥා TV එකේ කියපු බණ ඇහුවද අනිත්‍ය නිසා තමයි දුක ඇතිවෙන්නෙ සහ ඒ 2කම හින්දා අනාත්ම වෙනවා කියල . බලන්න නිරපේක්ෂත්වයේ මග යූටියුබ් චැනල් එක.

    උඹ චතුරාර්ය සත්‍ය අහල නැද්ද බං...

    දුකට හේතුව තණ්හාව කියලනෙ බුදුහාමුදුරුවො කියන්නෙ. ඒක දෙවනි ආර්ය සත්‍ය. කාටවත් බොරු කරන්න බෑ..

    දුකට හේතුව අනිත්‍ය නම් එක බුදුහාමුදුරුවො කියනවනෙ, බුදුහාමුදුරුවොම තමා අනිත්‍ය කියල දුන්නෙත්, උන්වහන්සේම තමා තණ්හාව කියල දුන්නෙත්.. ඒත් බුදුහාමුදුරුවොම තමා කිව්වෙ දුකට හේතුව තණ්හාව කියල.
    සත්‍ය තේරුම් ගැනීම ඔබට බාරයි..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඉතින් හරිනෙ බං.. බුදු හාමුදුරුවො එක එක level එකටනෙ ධර්මය දේශනා කරේ. උපතිස්ස පරිබ්‍රාජකයට අනිත්‍ය සඥ්ඥාව තියා චතුරාර්‍ය සත්‍යවත් කිව්වෙ නෑ. හේතුඵල දහමේ හැඳින්වීමම ප්‍රමානවත් උනා.

    අනිත්‍ය කියන එක උඩින් විතරක් බැලුවහම සරලයි වගේ තමයි. ඒත් ඒක ගැඹුටටම හේතුඵල එක්ක බැලුවොත් නාම-රූප අවබෝධයකින් තොරව අනිත්‍ය තේරුම් ගැනීම විහිලුවක් වගේ වෙනව.
    -------
    ..

    මුලින් සුත්‍ර සුත්‍ර කියවපන්, එතන ක්‍රමවේදය තියනවා.
    නැත්තන් ඔතන මම දැම්ම සුත්‍රය කියවපන් හරියට.

    ගිරිමානන්දසූත්‍රයේ ආනාපානසතිය ගැන වදාරපු කොටස ඔය තියෙන්නේ.ගිරිමානන්ද භික්ශුවට දස සඥ්ඥා වඩන්න කියලා ඊලගට වදාරනවා භික්ශුවක් අරන්‍යගතව, රුක්කමූලගතව ආශ්වාශ ප්‍රාශ්වාසයේ සිත පිහිටුවමින් එතන සිට අනිච්ච වවඩන්න කියලා.
    එතන සීමාවක් , ලෙවල් එකක් පනවලා නෑ සෝවාන් කෙනෙක්ටද, හේතුඵලදහම දන්න කෙනෙක්ටද, මේක ගැලපෙන්නේ කියලා.එහෙනම් ඒක පොදුවේ කාටත් ගැලපෙනවා සීමාවක් නොදැම්ම නිසා.කොමන් සෙන්ස් ඒක.

    උබ දැන් මෙතන කියනවා නාම රූප අවබෝදයකින්ලු අනිච්චවඩන්න ඔනේ කියලා.නැත්තන් විහිලුවක්ලු.ඒකියන්නේ බුදුරජුන් කියපුදේ විහිලුවක්.
    එහෙනම් බුදුහාමුදුරුවෝ , ඔතනදී කියනවා මහනෙනි මුලින්ම මිස්ටර් බෝල්ඩ් කියන විදියට හේතුඵලදහම, කර්මය , නාමරුප, තන්හාව අවබෝධකරන් එන්න කියල, ඊටපස්සේ අනිච්ච වඩන්න කියලා.එහෙමමදෙයක් කොහේවත් කියලා නෑ.

    දැන් උබ සීමාදානවා අනිච්ච වඩන්න සුදුසු අයගැන. ඒකියන්නේ උබ බුදුන්වහන්සෙගේ දහමට ඌනපුරන දෙනවා.
    කිසිම සොර්ස් එකකුත් නෑ තමුන්ගේ මතය හරියි කියන්න.

    ඉහත තියෙන්නේ පොදුවේ ඔනෑම කෙනෙක්ට නිවන්මග යන්න දේශනා කරපු විදිය ( ගිරිමානන්ද සුත්‍රයේ ) .මට කියන්න ඔනේ ඒපොදු ක්‍රමයේ අනිච්චානුපස්සනාව තියනවා කියන එක.එය සාමාන්‍යකෙනෙක්ට වැඩීමට කිසි ප්‍රශනයක් නැතිනිසයි එහෙම දේශනා කරලා තියෙන්නේ.කෙනෙක්ට ඔනේනම් තව දේවල් වඩලත් ඔතනට එන්නපුලුවන් ඒක නෙවෙයි මගේ පොයින්ට් එක උනේ.

    සිරීපාදෙට නල්ලතන්නියෙන් විතරක් නෙවේ,කුරුවිට, රත්නපුර වගේ තව මාර්ග තියනවා.

    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    waradi 100% -99% karamaya nisa wenna naha ekata balapanawa

    සෘතු නියාම
    බීජ නියාම
    කම්ම නියාම
    ධම්ම නියාම

    ෙම් සතර බලපානවා
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මුලින් සුත්‍ර සුත්‍ර කියවපන්, එතන ක්‍රමවේදය තියනවා.
    නැත්තන් ඔතන මම දැම්ම සුත්‍රය කියවපන් හරියට.

    ගිරිමානන්දසූත්‍රයේ ආනාපානසතිය ගැන වදාරපු කොටස ඔය තියෙන්නේ.ගිරිමානන්ද භික්ශුවට දස සඥ්ඥා වඩන්න කියලා ඊලගට වදාරනවා භික්ශුවක් අරන්‍යගතව, රුක්කමූලගතව ආශ්වාශ ප්‍රාශ්වාසයේ සිත පිහිටුවමින් එතන සිට අනිච්ච වවඩන්න කියලා.
    එතන සීමාවක් , ලෙවල් එකක් පනවලා නෑ සෝවාන් කෙනෙක්ටද, හේතුඵලදහම දන්න කෙනෙක්ටද, මේක ගැලපෙන්නේ කියලා.එහෙනම් ඒක පොදුවේ කාටත් ගැලපෙනවා සීමාවක් නොදැම්ම නිසා.කොමන් සෙන්ස් ඒක.

    උබ දැන් මෙතන කියනවා නාම රූප අවබෝදයකින්ලු අනිච්චවඩන්න ඔනේ කියලා.නැත්තන් විහිලුවක්ලු.ඒකියන්නේ බුදුරජුන් කියපුදේ විහිලුවක්.
    එහෙනම් බුදුහාමුදුරුවෝ , ඔතනදී කියනවා මහනෙනි මුලින්ම මිස්ටර් බෝල්ඩ් කියන විදියට හේතුඵලදහම, කර්මය , නාමරුප, තන්හාව අවබෝධකරන් එන්න කියල, ඊටපස්සේ අනිච්ච වඩන්න කියලා.එහෙමමදෙයක් කොහේවත් කියලා නෑ.

    දැන් උබ සීමාදානවා අනිච්ච වඩන්න සුදුසු අයගැන. ඒකියන්නේ උබ බුදුන්වහන්සෙගේ දහමට ඌනපුරන දෙනවා.
    කිසිම සොර්ස් එකකුත් නෑ තමුන්ගේ මතය හරියි කියන්න.

    ඉහත තියෙන්නේ පොදුවේ ඔනෑම කෙනෙක්ට නිවන්මග යන්න දේශනා කරපු විදිය ( ගිරිමානන්ද සුත්‍රයේ ) .මට කියන්න ඔනේ ඒපොදු ක්‍රමයේ අනිච්චානුපස්සනාව තියනවා කියන එක.එය සාමාන්‍යකෙනෙක්ට වැඩීමට කිසි ප්‍රශනයක් නැතිනිසයි එහෙම දේශනා කරලා තියෙන්නේ.කෙනෙක්ට ඔනේනම් තව දේවල් වඩලත් ඔතනට එන්නපුලුවන් ඒක නෙවෙයි මගේ පොයින්ට් එක උනේ.

    සිරීපාදෙට නල්ලතන්නියෙන් විතරක් නෙවේ,කුරුවිට, රත්නපුර වගේ තව මාර්ග තියනවා.

    මුලින්ම මම කියන්න ඕනෙ. හැමවෙලේම contraversial දෙයක් මම කියද්දි ඒක වැරදෙන්න පුලුවන්. ඒ නිසයි ඒ වගේ දෙයක් කියද්දි 'මගෙ අදහස නම්' කියල දැම්මෙ.

    මම අහන්නෙ මේකයි.

    බුදු කෙනෙක් ඉපදෙන්නෙ හේතුඵල දහම කියල දෙන්නනද? නැත්තං සමාධිය වඩල තණ්හාව අඩු කරන හැටි කියල දෙන්නද?