කර්මය කියන එක ඇත්තක්ද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආරෝපණයි ස්කන්ධයි සලකල බලපංකො. අනාරෝපිත තහඩු කෑල්ලකට බෝලයක් ඇදිල ඇවිල්ල හැප්පෙනව. බෝලෙ ආරෝපිතයි. එතකොට කිව්වෑකි බෝලෙ තිබුණු ආරෝපණය හින්ද තමා තහඩුවට ඇදිල ඇවිල්ල හැප්පුනේ කියල.

    තව අවස්ථාවක ඒ වගේම බෝලෙකුයි තහඩු කෑල්ලකුයි තියෙනව. ඒත් දෙකම අනාරෝපිතයි. ඒත් ඇදිල ඇවිල්ල හැප්පෙනව. එතකොට කියනව ගුරුත්වාකර්ශණේ හින්ද තමා ඇදිල ඇවිල්ල හැප්පුනේ කියල.

    දැන් අනාරෝපිත අවස්ථාව කෝ මේක පැහැදිලි කරන්න ආරෝපණ ගැන මෙලෝ දෙයක් යොදාගන්න වුන්නෑ කියල අපිට කිව්වෑකිද ආරෝපණ කතාව බොරුවක් කියල ? නෑනෙ. ඒකට ආරෝපණ බලපෑවෙ නෑ එච්චරයි.

    උඹේ උදාහරණ දෙකත් ඒ වගේ. ඇදිල එනව හැපෙනව කියන අවස්ථා දෙක සලකපං. පිට ඉඳන් බලං ඉන්න ආරෝපණ මැනගන්න ක්‍රමයක්වත් නැති එකෙක්ට ඕකෙ වෙනසක් පේන්නෑනෙ. උට දෙකම එකයි. ඒ වුනාට පද්ධතියෙ ආරෝපණ මැනල බලන එකෙක්ට තේරෙනව සිද්දි දෙකම එක වුනාට වුනේ හේතු දෙකක් නිසා කියල.

    ඕකත් ඒ වගේ තමා. අපිට කර්මය ගෝචර වෙන්නෑ අපිට පේන්නෙ වෙන දේ විතරයි. ඒ වුනාට කර්මය වැඩ කරන විදිහ පේන මනස දියුණු කරපු කෙනෙක්ට පේනව අඹ පැලේ පොඩි කාලෙදිම මැරිල ගියෙ එක හේතුවක් හින්දත් අරූ අඩු වයසිං මැරිල ගියෙ තවත් වෙනස්ම හේතුවක් හින්දත් කියල.