කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

කර්මය පිලිබද මගේ ගැටලු

1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම
2. වේතනාව යහපත් උවත් ක්‍රියාව අයහපත් නම් විපක කේබදු ද? (උදා: අසල්වාසි වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කරනවා තම පවුල ‍රැක ගැනිමට එම පුද්ගලය තම ක්‍රියාවද යහාපත් බව සිතයි)
3. කර්මය ශුන්ය කර හැකිද? රහත් වුනා කියන්නෙ එසේ නොවෙද?
4. පෙර අත්මයක නොදත් වරදකට දඩුවම් ලැබිම කොතරම් දුරට සාදාරනද?
5. මම හොදයි හිතගෙන කරන දෙයක් තව කෙනෙකුට නොදැනුවත්ම හො වරදක් වෙනවා න්ම් කර්මය බලපන්නෙ කෙසෙද? ( අනෙකාට අයහපත්ක් වන බව නොදනි)
6. මම උන පුද්ගලයකු නොමැති නම් කර්මය විපක විදින්නෙ කවුරුන්ද? කර්මය තන්පත් වනෙනේ කොහෙද?
7. කුඩා කල එතරම දනුමක් නොමැතිව කරන ලද කර්මයන්ට ලැබෙන විපාක අඩුද?
8. ලෝක තල 31ක් බුදු දහමෙ කියවෙනවා, මෙවා සැබැ ස්තානයන්ද? නති නම් මනසික තත්වයන්ද? ආනත්ම නම් ආපායෙ දුක් විදින්නේ කෙසෙද?

පින්වත් දර්මය ගැන මනා අවබොදයක් ඇති කෙනෙකු කරුනාකර මට මෙ ප්‍රශ්න විසදා ගැනිමට උදව් වෙන්න .. පුලුවන්නම් Reference දෙන්න
 
Aug 29, 2010
55
2
0
1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම
*කිසිම අයුරකින් යුද්දය හෝ කලකෝලාහල ඇනකොටාගැනීම් බුදු දහම අනුමත කරන්නේ නැත.
2. වේතනාව යහපත් උවත් ක්‍රියාව අයහපත් නම් විපක කේබදු ද? (උදා: අසල්වාසි වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කරනවා තම පවුල ‍රැක ගැනිමට එම පුද්ගලය තම ක්‍රියාවද යහාපත් බව සිතයි)
*අයහපත් ‍ක්‍රියාවක දී චේතනාව හෝ කර්මය යහපත් නොවේ.යහපත් චේතනාවකින් කිසිම විටක අයහපතක් විය නොහැක.
3. කර්මය ශුන්ය කර හැකිද? රහත් වුනා කියන්නෙ එසේ නොවෙද?
*බුදුවරුන්ගේ රහතුන්ගේ සමහර කර්ම ජීවමානවම අහෝසි වේ.පිරිනිවන් පෑමෙන් සියලු කර්ම අහෝසි වේ.
4. පෙර අත්මයක නොදත් වරදකට දඩුවම් ලැබිම කොතරම් දුරට සාදාරනද? *දත් හෝ නොදත් කර්ම කියා දෙයක් නැත.පිරිනිවනට යන තරු සියලු කර්ම විදීමට සිදුවේ.ඒකයි සංසාරය මේතරම් බිහිසුනු.
5. මම හොදයි හිතගෙන කරන දෙයක් තව කෙනෙකුට නොදැනුවත්ම හො වරදක් වෙනවා න්ම් කර්මය බලපන්නෙ කෙසෙද? ( අනෙකාට අයහපත්ක් වන බව නොදනි)
*යමක් හොඳ වන්නේ චේතනාව අනුවයි.සිත විබාගකර බැලීමට මනා සිහිනුවන දහම් දැනුම තිබිය යුතුයි.චේතනාව යහපත් නම් විපාකයද යහපත්ය.
6. මම උන පුද්ගලයකු නොමැති නම් කර්මය විපක විදින්නෙ කවුරුන්ද? කර්මය තන්පත් වනෙනේ කොහෙද?

*ඔබ දැන් විඳින්නේ මොනවාද-ඔබ කවුද?කර්මය තිබෙන තැන දැනගෙන මොනවා කරන්නද?බැටරියක එලිය තිබෙන්නෙ කොතනද?වහ වහා නිවන අවබෝද කරගන්න වෙහෙසෙන්න.
7. කුඩා කල එතරම දනුමක් නොමැතිව කරන ලද කර්මයන්ට ලැබෙන විපාක අඩුද?
*චේතනාව ප්‍රබලනම් කර්මට ලොකු පොඩි කතාවක් අදාල නැත.
8. ලෝක තල 31ක් බුදු දහමෙ කියවෙනවා, මෙවා සැබැ ස්තානයන්ද? නති නම් මනසික තත්වයන්ද? ආනත්ම නම් ආපායෙ දුක් විදින්නේ කෙසෙද?
*ස්තාන ලෙස ඔබ දකින්නේ ඔබේ ඇහැට හෝ මහාලොකු විද්‍යාවට අසුවන තැනක් නම් එවැනි තැනක් කොහේවත් නැත.
ඔබ අනාත්ම බව ප්‍රත්‍යක්සයෙන් අවබෝද කරගන්නේ නම් අපායක් ගැන හිතන්නටවත් අවශ්‍ය නැත.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඉසුරුසිරි;8348404 said:
1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම
*කිසිම අයුරකින් යුද්දය හෝ කලකෝලාහල ඇනකොටාගැනීම් බුදු දහම අනුමත කරන්නේ නැත. ok ltte eka marapu ekath waradi ehenum ?
2. වේතනාව යහපත් උවත් ක්‍රියාව අයහපත් නම් විපක කේබදු ද? (උදා: අසල්වාසි වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කරනවා තම පවුල ‍රැක ගැනිමට එම පුද්ගලය තම ක්‍රියාවද යහාපත් බව සිතයි)
*අයහපත් ‍ක්‍රියාවක දී චේතනාව හෝ කර්මය යහපත් නොවේ.යහපත් චේතනාවකින් කිසිම විටක අයහපතක් විය නොහැක. (mchan accroding to u methana chethanawa yahapath eka nisa no problem ne?
3. කර්මය ශුන්ය කර හැකිද? රහත් වුනා කියන්නෙ එසේ නොවෙද?
*බුදුවරුන්ගේ රහතුන්ගේ සමහර කර්ම ජීවමානවම අහෝසි වේ.පිරිනිවන් පෑමෙන් සියලු කර්ම අහෝසි වේ. (Ok oya kiyanne karmaya parisan dimata kenek ithuru nowenawa kiyana eka ne?
4. පෙර අත්මයක නොදත් වරදකට දඩුවම් ලැබිම කොතරම් දුරට සාදාරනද? *දත් හෝ නොදත් කර්ම කියා දෙයක් නැත.පිරිනිවනට යන තරු සියලු කර්ම විදීමට සිදුවේ.ඒකයි සංසාරය මේතරම් බිහිසුනු. Ok
5. මම හොදයි හිතගෙන කරන දෙයක් තව කෙනෙකුට නොදැනුවත්ම හො වරදක් වෙනවා න්ම් කර්මය බලපන්නෙ කෙසෙද? ( අනෙකාට අයහපත්ක් වන බව නොදනි)
*යමක් හොඳ වන්නේ චේතනාව අනුවයි.සිත විබාගකර බැලීමට මනා සිහිනුවන දහම් දැනුම තිබිය යුතුයි.චේතනාව යහපත් නම් විපාකයද යහපත්ය. e kiyanne mama hodai kiyala hithuwoth anik ayata karadarayak unath no problem ne?
6. මම yaන පුද්ගලයකු නොමැති නම් කර්මය විපක විදින්නෙ කවුරුන්ද? කර්මය තන්පත් වනෙනේ කොහෙද?

*ඔබ දැන් විඳින්නේ මොනවාද-ඔබ කවුද?කර්මය තිබෙන තැන දැනගෙන මොනවා කරන්නද?බැටරියක එලිය තිබෙන්නෙ කොතනද? eliya matama enne kohomada?වහ වහා නිවන අවබෝද කරගන්න වෙහෙසෙන්න.
ekainum hodai 7. කුඩා කල එතරම දනුමක් නොමැතිව කරන ලද කර්මයන්ට ලැබෙන විපාක අඩුද?
*චේතනාව ප්‍රබලනම් කර්මට ලොකු පොඩි කතාවක් අදාල නැත. agreed
8. ලෝක තල 31ක් බුදු දහමෙ කියවෙනවා, මෙවා සැබැ ස්තානයන්ද? නති නම් මනසික තත්වයන්ද? ආනත්ම නම් ආපායෙ දුක් විදින්නේ කෙසෙද?
*ස්තාන ලෙස ඔබ දකින්නේ ඔබේ ඇහැට හෝ මහාලොකු විද්‍යාවට අසුවන තැනක් නම් එවැනි තැනක් කොහේවත් නැත. true mchan I expected the same answer .... are we living in a real world? what we think real is a potical delution
ඔබ අනාත්ම බව ප්‍රත්‍යක්සයෙන් අවබෝද කරගන්නේ නම් අපායක් ගැන හිතන්නටවත් අවශ්‍ය නැත.
true

thank you for ur wise answers
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ධර්මය ගැන මනා අවබෝධයක් මට ඇතැයි සිත්න්නේ නැහැ. නමුත් මට අවබෝධ වෙන විදිහට පිලිතුරු දෙන්නම්.

කර්මය පිලිබද මගේ ගැටලු

1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම
නැත.

2. වේතනාව යහපත් උවත් ක්‍රියාව අයහපත් නම් විපක කේබදු ද? (උදා: අසල්වාසි වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කරනවා තම පවුල ‍රැක ගැනිමට එම පුද්ගලය තම ක්‍රියාවද යහාපත් බව සිතයි)
දී ඇති උදාහරණය සුදුසුයි කියා හිතන්නේ නැහැ. නමුත යහපත් චේතනාවකින් කරන දෙයක ප්‍රතිඵලය, යහපත් විය යුතුයි.

3. කර්මය ශුන්ය කර හැකිද? රහත් වුනා කියන්නෙ එසේ නොවෙද?
තර්කානුකූලව බැලූ විට කරම ශුන්‍ය කර ගත හැකි විය යුතුයි. රහත් වුණා කියන්නේ කර්ම ශුන්‍ය කර ගැනීමක් නොවේ. රහතුන්ටද කරන ලද කර්ම වල බලපෑම තිබේ.

4. පෙර අත්මයක නොදත් වරදකට දඩුවම් ලැබිම කොතරම් දුරට සාදාරනද?
සාධාරණ අසාධරණ බව පිලිබඳ ප්‍රශ්නයක් මෙහි නැත. පෙර කරන ලද කර්ම වල බලපෑම යතා ස්වභාවයකි.

5. මම හොදයි හිතගෙන කරන දෙයක් තව කෙනෙකුට නොදැනුවත්ම හො වරදක් වෙනවා න්ම් කර්මය බලපන්නෙ කෙසෙද? ( අනෙකාට අයහපත්ක් වන බව නොදනි)
ඔබේ චේතනාව යහපත් නම් ප්‍රතිඵලය යහපත් වේ.

6. මම උන පුද්ගලයකු නොමැති නම් කර්මය විපක විදින්නෙ කවුරුන්ද?
මමය මාගේ කියා දෙයක් නැත (අනාත්මය )යන සංකල්පයෙන් අදහස් වෙන්නේ ඔබ අදහස් කරනාවට වඩ වෙනස් ගැඹුරු දෙයකි. ඔබේ වේදනාව ඔබට පාලනය කල නොහැක. එබැවින් තමා යන සංකල්පය අපේ සිතෙහි තිබුණද, සැබවින්ම එය වැරදි සංකල්පයක් බව මෙහි සරල තේරුම බව මගේ හැඟීමයි. නමුත් තමා කරනා කර්ම පල දෙන්නේ තමාටය, එබැවින් පුද්ගලයෙකු ලෙස ගත හැකි යමක් තිබේ. නමුත් එය තමාගේය යන මුලාවෙ නොවැටිය යුතුය.

කර්මය තන්පත් වනෙනේ කොහෙද?
මේ ප්‍රශ්නය මමත් බොහෝ දුරකට හිතපු, ගොඩක් දෙනෙක්ගෙන් අහපු ප්‍රශ්නයක්. නමුත් මට මේ වෙනකන් සෑහීමකට පත් විය හැකි පිලිතුරක් ලැබුනේ නැහැ.

7. කුඩා කල එතරම දනුමක් නොමැතිව කරන ලද කර්මයන්ට ලැබෙන විපාක අඩුද?
අයහපත් චෙතනාවකින් නොකරණ කර්ම වලට නරක විපාක ලැබීමට විදිහක් නැත.

8. ලෝක තල 31ක් බුදු දහමෙ කියවෙනවා, මෙවා සැබැ ස්තානයන්ද? නති නම් මනසික තත්වයන්ද?
මේවා higher planes of existance. එනම් මානසික තතව වලට අනුව වෙන් කල ලෝක. මින් සමහරක් අපේ ඇසට ස්ංවේදී නැති මානවල පවතින බවයි සඬහන් වෙන්නේ.
 
  • Like
Reactions: DemonAkalanka
Aug 29, 2010
55
2
0
Originally Posted by Y2K
කර්මය තන්පත් වනෙනේ කොහෙද?

මේ ප්‍රශ්නය මමත් බොහෝ දුරකට හිතපු, ගොඩක් දෙනෙක්ගෙන් අහපු ප්‍රශ්නයක්. නමුත් මට මේ වෙනකන් සෑහීමකට පත් විය හැකි පිලිතුරක් ලැබුනේ නැහැ.

කර්මය එක්තරා ආකාරයක ශක්තියක්.එය තැන්පත්/ ගබඩාවුන විසේස තැනක් පෙන්විය නොහැකියි.අපේ හඬ විශ්වයේ පවතින්නේ යම් සේද එසේම කර්මයද විශ්වයේ රැදී තිබේ.අවුරුදු 50ක සිදුවිමක් වුවත් අපේ මොලයේ මතකයේ (අපි එය දනිමු)තිබිය හැකි සේම කර්ම බලයද අ‍ප ඇසුරුකරමින් අපත් සමගම මේ ගමන යයි.බවය වෙනස් වුවත් ඒ කර්ම සිදුකල තැනැත්තා පසුපස නොනැවතී කර්ම බලවේගයද පසුපසින් යයි.අවාසනාවට හෝ වාසානාවට අපට එය අනුපිලිවෙලින් ලැබෙන තුරු අප සමගම කර්මය/ශක්තිය තිබුන බව නොපෙනෙයි.චක්කංව වහතෝ පදං (රියට බැදි ගොනු පසුපස එන රෝදය මෙනි)කියපු බුදුවදන හිතා බලන්න.ආත්ම කෝටි ගානක දුර කර්මයක් වුවත් පරණ නැත.කර්මයට පිලිවෙලක් තිබේ.එහෙත් දිට්ටදම්ම වේදනිය ලෙස වහාම විපාක ලැබිය හැකියි.කර්ම විෂය අචින්ත්‍ය බැවින් වැඩිදුර හිතන්න එපා කියලා බුදුන් වදාලේ මෙහි ඇති නියම තත්වය අපිට කොහොමවත් අවබෝද නොවන බව බුදු නුවනින්ම දුටු නිසයි.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඉසුරුසිරි;8354138 said:

In answering these subtle questions, the Venerable Buddhaghosa writes in the Visuddhi Magga:

"No doer is there who does the deed;
Nor is there one who feels the fruit;
Constituent parts alone roll on;
This indeed! Is right discernment."

mata meka therenne na ban pls explain
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
What is the cause of Karma? Source http://buddhanet.net/e-learning/karma.htm

Ignorance (avijja), or not knowing things as they truly are, is the chief cause of Karma. Dependent on ignorance arise activities (avijja paccaya samkhara) states the Buddha in the Paticca Samuppada (Dependent Origination).

Associated with ignorance is the ally craving (tanha), the other root of Karma. Evil actions are conditioned by these two causes. All good deeds of a worldling (putthujana), though associated with the three wholesome roots of generosity (alobha), goodwill (adosa) and knowledge (amoha), are nevertheless regarded as Karma because the two roots of ignorance and craving are dormant in him. The moral types of Supramundane Path Consciousness (magga citta) are not regarded as Karma because they tend to eradicate the two root causes.

Who is the doer of Karma?
Who reaps the fruit of Karma?
Does Karma mould a soul?

In answering these subtle questions, the Venerable Buddhaghosa writes in the Visuddhi Magga:

"No doer is there who does the deed;
Nor is there one who feels the fruit;
Constituent parts alone roll on;
This indeed! Is right discernment."

For instance, the table we see is apparent reality. In an ultimate sense the so-called table consists of forces and qualities.

For ordinary purposes a scientist would use the term water, but in the laboratory he would say H 2 0.

In this same way, for conventional purposes, such terms as man, woman, being, self, and so forth are used. The so-called fleeting forms consist of psychophysical phenomena, which are constantly changing not remaining the same for two consecutive moments.

Buddhists, therefore, do not believe in an unchanging entity, in an actor apart from action, in a perceiver apart from perception, in a conscious subject behind consciousness.

Who then, is the doer of Karma? Who experiences the effect?

Volition, or Will (tetana), is itself the doer, Feeling (vedana) is itself the reaper of the fruits of actions. Apart from these pure mental states (suddhadhamma) there is no-one to sow and no-one to reap.

this article says there is no-one to sow and no-one to reap then thrs no problem knw? if its no clue who has done the karma (becoz thrs no self ) if you can't find the culprit for sure how do u take action agaist him (Karumaya karana pudgalaya = karmaya vipaka dena pudgalaya)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
wheel_of_life.jpg
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
My Argurment

In answering these subtle questions, the Venerable Buddhaghosa writes in the Visuddhi Magga:

"No doer is there who does the deed;
Nor is there one who feels the fruit;
Constituent parts alone roll on;
This indeed! Is right discernment."

කර්මය තැප්පත් වන්නෙ කොහෙද? කර්මය වපුරන්නෙත් නෙලාගන්නෙත් එක් කෙනෙක් මද?

එක හාමුදුරු නමකගේ පොතක තිබුනා පිලිතිරක් මෙන්න මෙහෙම
කර්මය විදින්නෙ ඕබත් නෙමෙයි තව කෙනෙකුත් නෙමෙයි කියලා, මොකක්ද මෙකෙ තෙරුම?

මෙ ප්‍රශ්නයට පමනක් පිලිතුරක් නැත්තේ ඇයි? මේක පොඩ්ඩාක් වෙනස් තියරි එකක් දැන් මම මෙ කියන්න යන්නේ

මම කියලා දේයක් නැ එහෙනම් කටවත් කියන්න බැ අරයගෙ වැ‍රැද්ද මෙයාගේ වැ‍රැද්ද කියලා . එතකොට විපාකයෙදිත් එහෙමයි මගෙ වැ‍රැද්ද අහවලාගෙ වැ‍රැද්ද කියා දෙයක් නොමැත?

මෙන්න මෙ කරුන නිසා තමයි සැම ආගමකම කියන්නේ එකිනෙකාට ප්‍රෙම කරන්න කියලා ප්‍රර්තනා කරන්නෙ සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා කියලා මෙකේ ලොකු තෙරුමක් තියෙනවා කියලා දැන මම හිතනවා එතකොට එහෙනම් ඇයි මෙ කරුන එච්චර පැහැදිලි කිරිමක් කරන්නෙ නැත්තේ ? එකට එකම හෙතුව තමයි මෙහෙම කියද්දි කෙනෙකුට පුලුවන් වැරදිකරාම මට බලපන්නෙ නැ නෙ එක නිසා වැරදිකරාටකමක් නැ කියලා (මොකද මෙතනදි වෙන්නෙ යම් පුද්ගලයකු මමත්වයක් නොමැත කියලා ආ එහෙනම් කර්මයටත් උරුමක් කරුවෙකු නැ කියලා වැරද්ද නිගමනවලට එලබෙන්න පුලුවන්)

දැන් තව කෙනෙකුට හිතෙන්න පුලුවන් වෙන කෙනෙකු කල දෙයකට විපාක විදින එක ආසාදාරනයි කියලා? පිලිතුර: ප්‍රශ්නය වැරදි, වෙන කෙනෙක් කියන්නේ කාටද? ඔබටද? වෙනකෙනෙකුටද? නැතහොත් දෙදෙනාටමද?

තව කෙනෙක් දොස් නාගන්න පුලුවන් එක හරිම ආසාදාරනයි කියලා? නමුත් බුදුදහාම අනුව කාට දොස් නගන්නද? මැවුම්කරුවෙකුත් නැ නෙ? මෙක තමයි සසර ගොඩාක් බියකරුයි කියන්නෙ

අපි ඔක්කොම එක්කෙනෙක්, හාරි පුදුමයි නෙද? මේක අපිට විදාත්මකව දැනට ඔප්පු කරන්න බැ නමුත් මෙක සතයක් නම් පොඩ්ඩාක් හිත්න්න අපිට වෙන කෙනෙක් තවත් කෙනෙකුට වරදක් කරත් බලන් ඉදලා බැ ඔක්කොමල එකා මෙන් හිතන්න වෙනවා ඕයාගෙ අම්මා මගෙත් අම්මා ඕබෙ සාහොදරයා මගේ සහොදරයා වෙනවා සැම ජිවියතයක්ම හැමොටම වටිනවා මෙ බව ඔක්කොමලටම තෙරුම් ගියොත් සියලු දෙනා ජ්යග්‍රකයන් වෙනවා

දැනට විදාවෙන් මිට සාමන මත පල වෙනවා (කර්මය ගැන නෙමෙයි we all are one concept එක ගැන) ඉදිරියෙදි මෙ ගැන විදාවෙන් හොයාගන්නත් පුලුවන් සමහර විට මනසට පමනක් ගොචර වෙන්නත් පුලුවන්

(මෙක මගෙ මොලේට අපු පොඩි අදහස්ක් ඕයාලාගෙ අදහස්වුත් පල කරන්න)

Who then, is the doer of Karma? Who experiences the effect?

Volition, or Will (tetana), is itself the doer, Feeling (vedana) is itself the reaper of the fruits of actions. Apart from these pure mental states (suddhadhamma) there is no-one to sow and no-one to reap.
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කර්මය තැප්පත් වන්නෙ කොහෙද? කර්මය වපුරන්නෙත් නෙලාගන්නෙත් එක් කෙනෙක් මද?

එක හාමුදුරු නමකගේ පොතක තිබුනා පිලිතිරක් මෙන්න මෙහෙම
කර්මය විදින්නෙ ඕබත් නෙමෙයි තව කෙනෙකුත් නෙමෙයි කියලා, මොකක්ද මෙකෙ තෙරුම?

මෙ ප්‍රශ්නයට පමනක් පිලිතුරක් නැත්තේ ඇයි? මේක පොඩ්ඩාක් වෙනස් තියරි එකක් දැන් මම මෙ කියන්න යන්නේ

මම කියලා දේයක් නැ එහෙනම් කටවත් කියන්න බැ අරයගෙ වැ‍රැද්ද මෙයාගේ වැ‍රැද්ද කියලා . එතකොට විපාකයෙදිත් එහෙමයි මගෙ වැ‍රැද්ද අහවලාගෙ වැ‍රැද්ද කියා දෙයක් නොමැත?

මෙන්න මෙ කරුන නිසා තමයි සැම ආගමකම කියන්නේ එකිනෙකාට ප්‍රෙම කරන්න කියලා ප්‍රර්තනා කරන්නෙ සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා කියලා මෙකේ ලොකු තෙරුමක් තියෙනවා කියලා දැන මම හිතනවා එතකොට එහෙනම් ඇයි මෙ කරුන එච්චර පැහැදිලි කිරිමක් කරන්නෙ නැත්තේ ? එකට එකම හෙතුව තමයි මෙහෙම කියද්දි කෙනෙකුට පුලුවන් වැරදිකරාම මට බලපන්නෙ නැ නෙ එක නිසා වැරදිකරාටකමක් නැ කියලා (මොකද මෙතනදි වෙන්නෙ යම් පුද්ගලයකු මමත්වයක් නොමැත කියලා ආ එහෙනම් කර්මයටත් උරුමක් කරුවෙකු නැ කියලා වැරද්ද නිගමනවලට එලබෙන්න පුලුවන්)

දැන් තව කෙනෙකුට හිතෙන්න පුලුවන් වෙන කෙනෙකු කල දෙයකට විපාක විදින එක ආසාදාරනයි කියලා? පිලිතුර: ප්‍රශ්නය වැරදි, වෙන කෙනෙක් කියන්නේ කාටද? ඔබටද? වෙනකෙනෙකුටද? නැතහොත් දෙදෙනාටමද?

තව කෙනෙක් දොස් නාගන්න පුලුවන් එක හරිම ආසාදාරනයි කියලා? නමුත් බුදුදහාම අනුව කාට දොස් නගන්නද? මැවුම්කරුවෙකුත් නැ නෙ? මෙක තමයි සසර ගොඩාක් බියකරුයි කියන්නෙ

අපි ඔක්කොම එක්කෙනෙක්, හාරි පුදුමයි නෙද? මේක අපිට විදාත්මකව දැනට ඔප්පු කරන්න බැ නමුත් මෙක සතයක් නම් පොඩ්ඩාක් හිත්න්න අපිට වෙන කෙනෙක් තවත් කෙනෙකුට වරදක් කරත් බලන් ඉදලා බැ ඔක්කොමල එකා මෙන් හිතන්න වෙනවා ඕයාගෙ අම්මා මගෙත් අම්මා ඕබෙ සාහොදරයා මගේ සහොදරයා වෙනවා සැම ජිවියතයක්ම හැමොටම වටිනවා මෙ බව ඔක්කොමලටම තෙරුම් ගියොත් සියලු දෙනා ජ්යග්‍රකයන් වෙනවා

දැනට විදාවෙන් මිට සාමන මත පල වෙනවා (කර්මය ගැන නෙමෙයි Oneness Concept එක ගැන) ඉදිරියෙදි මෙ ගැන විදාවෙන් හොයාගන්නත් පුලුවන් සමහර විට මනසට පමනක් ගොචර වෙන්නත් පුලුවන්

(මෙක මගෙ මොලේට අපු පොඩි අදහස්ක් ඕයාලාගෙ අදහස්වුත් පල කරන්න)
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
According to above argument lets answer this question

Who then, is the doer of Karma? Who experiences the effect?

Volition, or Will (tetana) (ඹබේ හො මගේ), is itself the doer, Feeling (vedana) (ඹබේ හො මගේ) is itself the reaper of the fruits of actions. Apart from these pure mental states (suddhadhamma) there is no-one to sow and no-one to reap. (ඕබත් නෙමෙයි මමත් නෙමෙයි)
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඉසුරුසිරි;8354138 said:
Originally Posted by Y2K
කර්මය තන්පත් වනෙනේ කොහෙද?

කර්මය එක්තරා ආකාරයක ශක්තියක්.එය තැන්පත්/ ගබඩාවුන විසේස තැනක් පෙන්විය නොහැකියි.අපේ හඬ විශ්වයේ පවතින්නේ යම් සේද එසේම කර්මයද විශ්වයේ රැදී තිබේ.අවුරුදු 50ක සිදුවිමක් වුවත් අපේ මොලයේ මතකයේ (අපි එය දනිමු)තිබිය හැකි සේම කර්ම බලයද අ‍ප ඇසුරුකරමින් අපත් සමගම මේ ගමන යයි.බවය වෙනස් වුවත් ඒ කර්ම සිදුකල තැනැත්තා පසුපස නොනැවතී කර්ම බලවේගයද පසුපසින් යයි.අවාසනාවට හෝ වාසානාවට අපට එය අනුපිලිවෙලින් ලැබෙන තුරු අප සමගම කර්මය/ශක්තිය තිබුන බව නොපෙනෙයි.චක්කංව වහතෝ පදං (රියට බැදි ගොනු පසුපස එන රෝදය මෙනි)කියපු බුදුවදන හිතා බලන්න.ආත්ම කෝටි ගානක දුර කර්මයක් වුවත් පරණ නැත.කර්මයට පිලිවෙලක් තිබේ.එහෙත් දිට්ටදම්ම වේදනිය ලෙස වහාම විපාක ලැබිය හැකියි.කර්ම විෂය අචින්ත්‍ය බැවින් වැඩිදුර හිතන්න එපා කියලා බුදුන් වදාලේ මෙහි ඇති නියම තත්වය අපිට කොහොමවත් අවබෝද නොවන බව බුදු නුවනින්ම දුටු නිසයි.

කර්මය යනු එක්තරා ආකාරයක ශක්තියක් යනු මගේත් හැඟීමයි. නමුත් පුද්ගලයාට කර්මය බැඳි පවතින බැවින් ඒය පවතින තැනැක් නිශ්චිතව කිව නොහැකියි යන්න තර්කානුකූල නැත. මා කලින් කී පරිදි, මෙයට නිශ්චිත පිලිතුරක් මට මෙතෙක් ලැබී නැත. හඬ විශ්වයේ පවතින ආකාරය කර්මය පවතින ආකාරයට සමාන කිරීම කල හැකි බවක් මට නොසිතේ. විශ්වයේ ශක්තිය නොයෙක් ආකාරයෙන් පවතින බව සැබෑවකි. නමුත් යම් විශේෂ වස්තුවකට එම ශක්තිය සම්බන්ධ වන්නේ නම් එසේ සම්බන්ධ වන ආකාරයක් තිබේ. කර්මය අප සමගම මේ ගමන යන බව කීමෙන් වඩත් පැහැදිලි වන්නේ කර්මය තැන්පත් වන ආකාරයක්, හා පුද්ගලයා මත එය ක්‍රියා කරන පැහැදිලි ක්‍රමවෙදයක් ඇති බවයි.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
According to above argument lets answer this question

Who then, is the doer of Karma? Who experiences the effect?

Volition, or Will (tetana) (ඹබේ හො මගේ), is itself the doer, Feeling (vedana) (ඹබේ හො මගේ) is itself the reaper of the fruits of actions. Apart from these pure mental states (suddhadhamma) there is no-one to sow and no-one to reap. (ඕබත් නෙමෙයි මමත් නෙමෙයි)

You are touching two deep concepts of buddhism at the same time. The will(Chethna) is the karma, meaning what we think will become actions, and so the thoughts are indeed karma. The result will be also a feeling on you whether it's good or bad(vedana). But you cannot call these yours(No self) because you are not really in control. It is not you. Thinking that a self exists in wrong in this sense. In here we are talking about a state of mind that force us to believe there is a self. It's a concept built in to us. The universe operates in such a way, that it is almost impossible to truly seperate from this concept. The words I, we are man made to further explain these concepts but truely there is no self.

The concept of doer and the reaper becomes more clear when you think that we are not talking about one life time. According to buddhism, through out the samsara, we take various physical forms, but are bound by our karma. So saying that doer is just the thoughts, and reaper is the feelings makes much sense in this case, since there is no constant form of an individual but it changes all the time.

Anyways, that's my two cents. I'm not an expert and I try really hard to understand things, but still it's really really deep. My understanding can be completely wrong. One important thing to remember is that the language and words that we use are just man made, sometimes it is not enough to explain universal truths, which can only be understood by self. Try "What buddha taught" by walpola rahula himi, this gives a fair explanation of the concept of no self.
 
Aug 29, 2010
55
2
0
ඉසුරුසිරි;8354138 said:
Originally Posted by Y2K
කර්මය තන්පත් වනෙනේ කොහෙද?

කර්මය එක්තරා ආකාරයක ශක්තියක්.එය තැන්පත්/ ගබඩාවුන විසේස තැනක් පෙන්විය නොහැකියි.අපේ හඬ විශ්වයේ පවතින්නේ යම් සේද එසේම කර්මයද විශ්වයේ රැදී තිබේ.අවුරුදු 50ක සිදුවිමක් වුවත් අපේ මොලයේ මතකයේ (අපි එය දනිමු)තිබිය හැකි සේම කර්ම බලයද අ‍ප ඇසුරුකරමින් අපත් සමගම මේ ගමන යයි.බවය වෙනස් වුවත් ඒ කර්ම සිදුකල තැනැත්තා පසුපස නොනැවතී කර්ම බලවේගයද පසුපසින් යයි.අවාසනාවට හෝ වාසානාවට අපට එය අනුපිලිවෙලින් ලැබෙන තුරු අප සමගම කර්මය/ශක්තිය තිබුන බව නොපෙනෙයි.චක්කංව වහතෝ පදං (රියට බැදි ගොනු පසුපස එන රෝදය මෙනි)කියපු බුදුවදන හිතා බලන්න.ආත්ම කෝටි ගානක දුර කර්මයක් වුවත් පරණ නැත.කර්මයට පිලිවෙලක් තිබේ.එහෙත් දිට්ටදම්ම වේදනිය ලෙස වහාම විපාක ලැබිය හැකියි.කර්ම විෂය අචින්ත්‍ය බැවින් වැඩිදුර හිතන්න එපා කියලා බුදුන් වදාලේ මෙහි ඇති නියම තත්වය අපිට කොහොමවත් අවබෝද නොවන බව බුදු නුවනින්ම දුටු නිසයි.

කර්මය යනු එක්තරා ආකාරයක ශක්තියක් යනු මගේත් හැඟීමයි. නමුත් පුද්ගලයාට කර්මය බැඳි පවතින බැවින් ඒය පවතින තැනැක් නිශ්චිතව කිව නොහැකියි යන්නතර්කානුකූල නැත. මා කලින් කී පරිදි, මෙයට නිශ්චිත පිලිතුරක් මට මෙතෙක් ලැබී නැත. හඬ විශ්වයේ පවතින ආකාරය කර්මය පවතින ආකාරයට සමාන කිරීම කල හැකි බවක් මට නොසිතේ. විශ්වයේ ශක්තිය නොයෙක් ආකාරයෙන් පවතින බව සැබෑවකි. නමුත් යම් විශේෂ වස්තුවකට එම ශක්තිය සම්බන්ධ වන්නේ නම් එසේ සම්බන්ධ වන ආකාරයක් තිබේ. කර්මය අප සමගම මේ ගමන යන බව කීමෙන් වඩත් පැහැදිලි වන්නේ කර්මය තැන්පත් වන ආකාරයක්, හා පුද්ගලයා මත එය ක්‍රියා කරන පැහැදිලි ක්‍රමවෙදයක් ඇති බවයි.
නැවතද කියන්න සිදුවන්නේ ඉහත බුදු වදනමයි.ඉන් එහාට ඔබලාට යමක් කියහැකි තරම්(ඒ වචනයට ඔබ්බෙන්)මා සමතෙක් නොවේය.සියල්ල තර්කයට අසු වේද?ඔය අති තියුනු තැන් සිත දියුනු කරද්දී සෑහෙන වැටහේවි.ඉක්මනින් කලයුතු දේ ඉස්සරවෙලාම කරගනිත්ව!
බවය වෙනස් වුවත් ඒ කර්ම සිදුකල තැනැත්තා පසුපස නොනැවතී කර්ම බලවේගයද පසුපසින් යයි.අවාසනාවට හෝ වාසානාවට අපට එය අනුපිලිවෙලින් ලැබෙන තුරු අප සමගම කර්මය/ශක්තිය තිබුන බව නොපෙනෙයි.චක්කංව වහතෝ පදං (රියට බැදි ගොනු පසුපස එන රෝදය මෙනි)කියපු බුදුවදන හිතා බලන්න.කර්ම විෂය අචින්ත්‍ය බැවින් වැඩිදුර හිතන්න එපා කියලා බුදුන් වදාලේ මෙහි ඇති නියම තත්වය අපිට කොහොමවත් අවබෝද නොවන බව බුදු නුවනින්ම දුටු නිසයි.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඉසුරුසිරි;8363134 said:
නැවතද කියන්න සිදුවන්නේ ඉහත බුදු වදනමයි.ඉන් එහාට ඔබලාට යමක් කියහැකි තරම්(ඒ වචනයට ඔබ්බෙන්)මා සමතෙක් නොවේය.සියල්ල තර්කයට අසු වේද?ඔය අති තියුනු තැන් සිත දියුනු කරද්දී සෑහෙන වැටහේවි.ඉක්මනින් කලයුතු දේ ඉස්සරවෙලාම කරගනිත්ව!
බවය වෙනස් වුවත් ඒ කර්ම සිදුකල තැනැත්තා (no self right then who are u chasing?) පසුපස නොනැවතී කර්ම බලවේගයද පසුපසින් යයි.අවාසනාවට හෝ වාසානාවට අපට එය අනුපිලිවෙලින් ලැබෙන තුරු අප සමගම කර්මය/ශක්තිය තිබුන බව නොපෙනෙයි.චක්කංව වහතෝ පදං (රියට බැදි ගොනු පසුපස එන රෝදය මෙනි)කියපු බුදුවදන හිතා බලන්න.කර්ම විෂය අචින්ත්‍ය බැවින් වැඩිදුර හිතන්න එපා කියලා බුදුන් වදාලේ මෙහි ඇති නියම තත්වය අපිට කොහොමවත් අවබෝද නොවන බව බුදු නුවනින්ම දුටු නිසයි.

yeah may be our knowledge is not enough or there is something forgotten or misunderstand or can not explain by words

but Buddha certainly knows how is works?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හිතන්න එපා කිව්වට විදාවෙන් අද මෙවා ගැන් නිතර පරික්ශන කරනවා විශ්වයේ සම්භාවය ගැනත්, මේ අනුව බලන කල නැවත ඉපදෙන්නෙත් ඕබ නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි

මාගේ විශ්වසයනම් මගේ අනන්යතාවය එහෙමත් නැතහොත් කුමන හො දෙයක් තියනවා නිවන් දකින තුරු අපිලග පවතින

විදා පර්යෙශන මගින් ආත්මයක් ගැන විශ්වසයක් තියෙනවා එ වගේම තමයි පුනුරුප්පත්තියට එරිහිවත් මත ගොඩාක් ඉදිරිපත් වෙනවා, විශෙශයෙන් පෙර බව ගැන කතා කරන්නෙ කොහොමද කියන එකත් සාදාරන සාක්ශි තියෙනවා

මලා චෙතනාව අපිව හොද ලමයින් කරන එක නිසා බොරු කිව්වාට පව් නැද්ද?

-------------------------තරහා ගන්න එපා පොඩි මතයක් පමනයි ----------------------