කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
mchan someone can say there should be a self or advantages of having a self or imporatance of having a self or indentity

I wish i can read above mention book "What buddha taught" till then question remain same for some experties to answer.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඉසුරුසිරි;8363134 said:
නැවතද කියන්න සිදුවන්නේ ඉහත බුදු වදනමයි.ඉන් එහාට ඔබලාට යමක් කියහැකි තරම්(ඒ වචනයට ඔබ්බෙන්)මා සමතෙක් නොවේය.සියල්ල තර්කයට අසු වේද?ඔය අති තියුනු තැන් සිත දියුනු කරද්දී සෑහෙන වැටහේවි.ඉක්මනින් කලයුතු දේ ඉස්සරවෙලාම කරගනිත්ව!
බවය වෙනස් වුවත් ඒ කර්ම සිදුකල තැනැත්තා පසුපස නොනැවතී කර්ම බලවේගයද පසුපසින් යයි.අවාසනාවට හෝ වාසානාවට අපට එය අනුපිලිවෙලින් ලැබෙන තුරු අප සමගම කර්මය/ශක්තිය තිබුන බව නොපෙනෙයි.චක්කංව වහතෝ පදං (රියට බැදි ගොනු පසුපස එන රෝදය මෙනි)කියපු බුදුවදන හිතා බලන්න.කර්ම විෂය අචින්ත්‍ය බැවින් වැඩිදුර හිතන්න එපා කියලා බුදුන් වදාලේ මෙහි ඇති නියම තත්වය අපිට කොහොමවත් අවබෝද නොවන බව බුදු නුවනින්ම දුටු නිසයි.

Thanks. But this is something we already know. Not the answer I'm looking for. Thanks anyway.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මාගේ විශ්වසයනම් මගේ අනන්යතාවය එහෙමත් නැතහොත් කුමන හො දෙයක් තියනවා නිවන් දකින තුරු අපිලග පවතින

මගේ අදහසත් ඒක තමා. මම කියන්ඩ අදහස් කලේ බුදු දහමේ එන අනාත්මවාදය මීට වඩා වෙනස් බවයි. අනාත්මයි කියන එකෙන් අදහස් කරන්නේ අනන්‍යතාවය නැති බව නොවේ.
 
Last edited:

Cric_Zon3

Member
Jul 10, 2010
53
4
0
කර්මය පිලිබද මගේ ගැටලු

1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම

machan kawadawath budu haamuduruwo kisima sathwayek ta hinsa karanna kiyala nehe . kochhcara darunu minihek wa unath maithri yen thamai honda maargayata ganna kiyala thiyenne.
example : Angulimaala - angulimala minissu 999 marala ididdith king kosol minihawa maranna yanakota buduhaamuduruwo eka anumatha kale nehe.
angulimaala thamnge ammawa maranna yana bawa dana ganna buduhaamuduruwo ethanata gihin angulimaalatama thamn karana kriyawe yahapatha ayahapatha therum ganna ida denawa. anthimata 999 minissu meruwa anglimaala rahathan wahanse namak wenawa :) eth issella karmayen gelawenna hamben nehe. rahath unath horungen hinsaa widala a karmaya gewala thamai niwan dakinne ;)

mata therena hatiyata mama pahadili kala machan :)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඕව් මම මේ ත්‍රඩ් එක දැම්මේ අපේ මිනිස්සු එක එක කතා කියනවා සමහර වෙලවට හිතෙනව අබෞදධ වුනත් මට පොඩ්ඩාක් හරි වැටහිමක් තියෙනවා කියලා හිතවා ගොඩාක් නාමික බෞදදයන්ට වඩා..... කොටින්න ම කියනවා නම් මට කෙනෙක් කිව්වා කර්මය කියලා දෙයක් නැ නැවත ඉපදිපකුත් නැ කියලා, ජාතක කාතාත් බොරුලු එවා කිව්වේ මනුස්සයන්ව හොද මාරිගෙට ගන්නලු බලන්න කොච්චර නම් මුනුස්සු දහාම විකqති කරනවද?
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ජාතක කාතාත් බොරුලු එවා කිව්වේ මනුස්සයන්ව හොද මාරිගෙට ගන්නලු

ජාතක කතා ඇත්තටම ධර්මයට සම්බන්ධයක් නැති බවයි මගේ හැඟීම. පාඩමක් ගන්න පුලුවන් උපදේශ කතාවක් විදිහට සලකනවා මිසක් හරිද නැද්ද කියලා හිතන්ඩ යාම වැඩක් නැහැ. ගොඩක් ජාතක කතා තියෙන්නේ, ගාථාවයි දෙකයි මම දන්න තරමට. ඒවා අතිශයෝක්තියට නගලා පස්සේ ගොඩ නගලා තියෙනවා.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
කර්මය යනු එක්තරා ආකාරයක ශක්තියක් යනු මගේත් හැඟීමයි. නමුත් පුද්ගලයාට කර්මය බැඳි පවතින බැවින් ඒය පවතින තැනැක් නිශ්චිතව කිව නොහැකියි යන්න තර්කානුකූල නැත. මා කලින් කී පරිදි, මෙයට නිශ්චිත පිලිතුරක් මට මෙතෙක් ලැබී නැත. හඬ විශ්වයේ පවතින ආකාරය කර්මය පවතින ආකාරයට සමාන කිරීම කල හැකි බවක් මට නොසිතේ. විශ්වයේ ශක්තිය නොයෙක් ආකාරයෙන් පවතින බව සැබෑවකි. නමුත් යම් විශේෂ වස්තුවකට එම ශක්තිය සම්බන්ධ වන්නේ නම් එසේ සම්බන්ධ වන ආකාරයක් තිබේ. කර්මය අප සමගම මේ ගමන යන බව කීමෙන් වඩත් පැහැදිලි වන්නේ කර්මය තැන්පත් වන ආකාරයක්, හා පුද්ගලයා මත එය ක්‍රියා කරන පැහැදිලි ක්‍රමවෙදයක් ඇති බවයි.

කර්මය කියන්නේ ශක්ති විශේෂයක් තමයි...අප විසිනම ගොඩ නගන ශක්ති විශේෂයක්... අපි කරන කර්ම (කාය කර්ම්, වචි කර්ම, මනෝ කර්ම) .. ආකාශධාතුවේ (මෙය අහස වත් අවකාශය (space) වත් නොවේ) තැන්පත් වන්නෙ ... ඒකට අන්නන්තරය කියලා කියනවා .. මේක ආකාශ ධාතුවට නිදහස් වන්න අපේ මනසින්ම ගොඩනැගීම නිසයි .. (පටිච්ච සමුප්පාදයට අනුව ... විඥාන පච්චයා නාමරූප කියන තැන) ... මින් නිකුත් වනේ බුදුපියාණන්වහන්සේට පමණක් ගෝචර ශුද්ධාෂ්ඨක [තවත් බිඳිය නොහැකි සියුම් රූප කොටස් අටක්] කියන අංශු විශේෂයක් ... ඉතින් අපිට මෙසේ තැන්පත් වන කර්ම .. ආපහු ඇදිලා එන්න අපි තුල පරිසරයක් ගොඩනැගෙන්න ඕන (ලෝභ ද්වේශ මෝහ හෝ අලෝභ අද්වේශ අමෝහ) ... මේකට කියනවා සමනන්තරය කියලා... ඉතින් මෙසේ ඇදිලා එන ශක්තිය ආපහු අපිට බලපෑමක කරන්නේ පටිච්ච සමුප්පාදයට අනුවයි (නාමරූප පච්චයා විඥාන කියන තැන) මේකට කියනව අඤඤමඤඤ ප්‍රත්‍ය කියලා ... ඔය විදිහට තමයි කර්ම රැස්වෙන්නෙයි විපාක දෙන්නෙයි...
 
හොඳ වැදගත් පැහැදිලි කිරීමක්, මේ ගැන හිතන්ඩ ඕනේ. Source එකත් දෙන්ඩ පුලුවන් නම් බොහොම පිං...මං හිතන්නේ අභිධර්මයේ කොටසක් වෙන්ඩ ඕනේ???
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
හොඳ වැදගත් පැහැදිලි කිරීමක්, මේ ගැන හිතන්ඩ ඕනේ. Source එකත් දෙන්ඩ පුලුවන් නම් බොහොම පිං...මං හිතන්නේ අභිධර්මයේ කොටසක් වෙන්ඩ ඕනේ???

ඔව් අභිධර්මයේ "පට්ටාන ප්‍රකරණය" සහා [සූවිසි ප්‍රත්‍ය (පටිච්චසමුප්පාදය 24 ආකාරයකින් ප්‍රත්‍යවන ආකාරය)] "විභංග ප්‍රකරණය" කියන කොටස් ... මේකෙන් තමයි ලෝකයක් හටගන්න කොහොමද.. පැවත්ම යන්නේ කොහොමද .. නිරෝධ කරන්නෙ කොහොමද කියලා.. තියෙන විග්‍රහයක් .. බුදුදහම අතුරුදහන් වෙනකොට මුලින්ම අතුරුදහන් වන්නේ පට්ටානය කියලා කියනවා...
 
  • Like
Reactions: AncientGlory

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
කර්මය පිලිබද මගේ ගැටලු
1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම
යුද්දය කුමන අවස්ථාවකවත් බුදුදහම අනුමත කරන්නේ නැත.

කර්මය පිලිබද මගේ ගැටලු
2. වේතනාව යහපත් උවත් ක්‍රියාව අයහපත් නම් විපක කේබදු ද? (උදා: අසල්වාසි වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කරනවා තම පවුල ‍රැක ගැනිමට එම පුද්ගලය තම ක්‍රියාවද යහාපත් බව සිතයි)
යහපත් චේතනාවකින් අයහපත් ක්‍රියාවක් කල නොහැක.
ඔබගේ උදාහරණයටම අනුව සලකා බැලුවහොත් එය නිවැරදි ක්‍රියාවක්නම් ඕනෑම හොරකමක් කර එය බොහෝදෙනෙකුගේ හිතසුව පිණිස කරනලද දෙයක් යනුවෙන් එය සාධාරණීකරනය කලහැක.

කර්මය පිලිබද මගේ ගැටලු

3. කර්මය ශුන්ය කර හැකිද? රහත් වුනා කියන්නෙ එසේ නොවෙද?
සමහර කර්ම ශුනය කර හැකි අතර ආනන්තරීයපාපකර්ම ආදි ප්‍රබල කර්ම විපාක නොදී ශුනය කරගත නොහැක.

කර්මය පිලිබද මගේ ගැටලු

4. පෙර අත්මයක නොදත් වරදකට දඩුවම් ලැබිම කොතරම් දුරට සාදාරනද?
ගිය අවුරුද්දේ ඔබවිසින් සිදුකර ඔබට අමතකවතිබු වරදකට මේ අවුරුද්දේ දඩුවම් ලැබීම කෙතරම් දුරට සාධාරණද?

කර්මය පිලිබද මගේ ගැටලු

5. මම හොදයි හිතගෙන කරන දෙයක් තව කෙනෙකුට නොදැනුවත්ම හො වරදක් වෙනවා න්ම් කර්මය බලපන්නෙ කෙසෙද? ( අනෙකාට අයහපත්ක් වන බව නොදනි)
ඔබ නොදැනුවත්ව හෝ කෙනෙකුට වරදක් නොකිරීමේ අදහසින් ඔබවිසින් යහපත් චේතනාවෙන් කර දෙයකින් තව කෙනෙකුට වරදක්වුවත්, ඔහුට වරදක් කිරීමේ අදහසක් තමාට නොතිබුන නිසා එයින් තමාට අයහපතක් සිදුනොවෙයි.

කර්මය පිලිබද මගේ ගැටලු

6. මම උන පුද්ගලයකු නොමැති නම් කර්මය විපක විදින්නෙ කවුරුන්ද? කර්මය තන්පත් වනෙනේ කොහෙද?
මේ ගැටළුව මේ ආකාරයට කෙටියෙන් පැහැදිලි කිරීමට අපහසුය.මේ පිළිබද අවබෝධයක් ලබාගැනීමට නම් පළමුවෙන්ම මමය මාගේ යන සංකල්පය ගැන හරි ආකාරව තෙරුම් ගතයුතුය.තමා වසගයේ පැවැත්විය නොහැකි (අනාත්ම ) බව හරිආකාරව තේරුම් ගන්න විට මේය පැහැදිලි වනු ඇත.

මම උන පුද්ගලයකු නොමැති නම් ඔබ ආහාර අනුභව කරන්නේ කා සදහාද?
ඔබ විසින් විවිධ ක්‍රියාවන් සිදුකරන්නේ කා සදහාද?

මම උන පුද්ගලයකු ඇත්නම් ඒ කුමක්ද?
ඔබේ ඇසද ,අතපයද, ශරීරයේ කොටසක්ද, හිතද, හැගීම් දැනීම්ද?
ඒසියල්ලන්ගේම එකතුවක් නම් ඒ එකක් හෝ නැතිවු තැන ඔබකියා කෙනෙක් නැද්ද?

කර්මය පිලිබද මගේ ගැටලු

7. කුඩා කල එතරම දනුමක් නොමැතිව කරන ලද කර්මයන්ට ලැබෙන විපාක අඩුද?
ඔබ කුඩා කල ගින්දර පිච්චෙන බව නොදැන ගින්දර ඇල්ලුවෙනම් පිච්චෙන්නේ අඩුවෙන්ද?

කර්මය පිලිබද මගේ ගැටලු

8. ලෝක තල 31ක් බුදු දහමෙ කියවෙනවා, මෙවා සැබැ ස්තානයන්ද?
නති නම් මනසික තත්වයන්ද?
ආනත්ම නම් ආපායෙ දුක් විදින්නේ කෙසෙද?

මේවා මානසික මට්ටම් අනුව විවිධ තල අනුව විග්‍රහ කර ඇති සැබෑ ස්ථාන උවත්, ඒ අප විසින් භෞතික වශයෙන් සලකන ස්ථානයන් වැන්නක් නොවේ.
පළමුවෙන්ම ආනත්මයන්න පිළිබව හරි ආකාරව තේරුම් ගත යුතුයි.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

මම සොයාගත් කරුනු වලට අනුව මෙන්න පිලිතුරු

Comment කරපු ධර්මයට ඇලුමකරන එලකිරි මිත්‍රයන සියලු දෙනාටම මගේ ප්‍රනාමය පුදකර සිටිමි ඕබගේ සැම අදහසකටම මගේ ගෞරවය පුද කරන අතර මා සොයගත් පිලිතුරු ඔබටද රුකුලක් වේයැයි සිතමි.

1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම

කිසිදු අවස්තාවක බුදුදහම මිනිස් ගාතනය අනුමත නොකර්යි. කොටින්ම ආත්ම ආරක්ශාවට පවා තවකෙනෙකු ඝාතනය කිරිම කිසිසෙත් අනුමත නොකරයි. නමුත් යුධ භාටයාට පුලුවන් නම් හිතන්න මම මෙ දේ කරන්න ජිවිත ගාන්නක් ‍රැකගන්න කියලා වෛරයෙන් තොරවිමට පුලුවන්තරම් උසහා කරොත් මම හිතන්නෙ කර්මයේ බරපතල කම අඩු වේ. (කෙනෙකුට කියන්න පුලුවන් එක කරන්න බැරි දෙයක් කියලා නමුත් එහෙම අවස්තා අපි ඕනැ තරම දැකලා තියෙනවා ඇස් දෙක වහගෙන බොහොම දුකෙන් කෙනෙකුව ගාතනය කරනවා, වෙනත් විකල්පයක් නැතිම තැන) එකෙන් කියන්නෙ පව් නැ කියලා නෙමෙයි නමුත් මම හිතන්නෙ වේට් එක අඩුයි

හිනදු ආගමේ කියන්නේ වේන විකල්පයක් ඇත්තේම නැතිනම් යුද්ධ කරන්න කියලා, ජෙසුස් වහන්සේ එතුමාව ජුදා සොල්දාදුවන් අල්ලාගන්න එන වෙලාවේ එතුමාගේ ගොලයෙක් වන පෙදුරු සොල්දාදුවෙකුගෙ කඩුව ගෙන කන කපපු අවස්තාවේ එතුමා කිව්වේ පෙදුරු ඕය කඩුව බිම දමන්න මන්දයත් අවි ගාත්තො අවියෙන්ම නසි" කියාය එ විතරක් නෙමේ එ මොහොතේදිත් ඒතුමා ඒ සොල්දාදුවාගෙ කන සුවකරනවා. ඉස්ලාම දහාමේ කිමක් කියනවාද කියලා මට සොයගන්න බැරි වුනා.

විනිසුරු වරයෙක් මරන දඩුවම දෙනකොටත් හිතන්න ඕනා මේ ඔහුවිසින් කරනලද කර්මයක නිසා ඔහුට එ දඩුවම අත් වු බවයි. ක්‍රඩා ගැනත් එහෙමයි අපෙ සිත්වලට වෛරයක් අවොත් එක හොද නැ, සමහර ‍රැකියත් සුදුසු නැ

විශෙසයෙන් සදහන් කරන්න උනා දෙශපලන්යන ගැන එතනදි ඕවුන් රවටන්නෙ මුලු ජ්නතවම්යි එහි විපාක වැඩියි එක්කෙනෙක්ට බොරු කියනවා වගෙ නෙමෙයි මුලු රටටම බොරු කරනවා වන්චා කරනවා කියන්නේ? ඉතින් ඕයාලා හිතනවාද දෙශපාලනයෙක් වුන නම් කොච්චර වසනාවක්ද මොනවායින් අඩුවක්ද කියලා? නමුත් මදකට හරි හිතුවද එහි වගකිම් ගැන? එවා පැහැර හැරියොත් එහි ප්‍රතිවිපාක ගැන? රට ‍රැවැට්‍ටුවාට තම වේතනාව දන්නෙ තමන්මය.

2. වේතනාව යහපත් උවත් ක්‍රියාව අයහපත් නම් විපක කේබදු ද? (උදා: අසල්වාසි වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කරනවා තම පවුල ‍රැක ගැනිමට එම පුද්ගලය තම ක්‍රියාවද යහාපත් බව සිතයි)

අයහපත් ක්‍රයාවක් යහපත් වෙතනාවකින කොතෙක් දුරට කල හැකිද? නමුත් කර්මයේ බලවත් බව වෙනස් වේ. මෙතනදි සදහන් කල යුතු වැදගත් දෙයක් වනුයේ යම් අයුරකින එම ක්‍රයාව යහපත් චේතනාවෙන් කල හැකි නම් එහිදි පව් නත (නමුත් එසේ කල නොහැක)

3. කර්මය ශුන්ය කර හැකිද? රහත් වුනා කියන්නෙ එසේ නොවෙද?

මම කියවලා තියෙන විදිහට කර්මය ශුන්ය කල නොහැක පලදිමේ සම්බාවිතාවය අඩ්ඩු කල හැකි. හැකිතාක් ධර්මයේ හැසිරෙන්න. අර ලුනු කාතව වගේ ලුනු වතුර ටිකකට දම්මුවොත් ලුනු ගතිය වැඩි නමුත් ගගට දැමුවොත් ලුනුගතිය දැන්නෙ නැති තරම් මෙහිදි ගොඩාක් අය හිතන්නෙ පවට පින කැපිලා යනවාය කියලා නමුත් එය එසේ නොමේයි මෙහිදි වතුර කොප්පයකට ලුනු දැම්මත් ලුවු එහි අඩන්ගු වෙනවා ගගට දැමුවත් ලුනු ජලෙහි තියෙනවා

ඇත්තටම ශුන්ය වෙනවා නම් හොඩාක් හොදයි නමුත් එය එසේ නොවෙ.

කර්මයෙ වරිගිකරනයෙදිත් මට ප්‍රශ්න මතුවෙනවා එක ප්‍රශ්නයක් තමයි ඕය දිට්ටදම්ම වෙද කර්ම මෙ අත්මයෙදි හො ඉලග ආත්මෙදි විපාක දෙන බවත් විපාක නොදුනොහොත් එය ආහොසිවන බවත් සදහන් වෙනව නෙ, එ කියන්නෙ කර්මය බරපතල බව වැඩිවන්න වැඩි වන්න එහි අයුශ ප්‍රමනය හින වනවා නොවෙද? (මා වැරිදිනම් නිවැරදි කරන්න අවශ්ශ නම් මා උපුටා ගැනිම් සදාන් කරන්නම්) එය එසෙ නම් මම දන්නෙ නැ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා අනිවාරයෙන්ම එය (ගරුක කර්ම) මෙ භවයේදි හො ඉලග භවයේස්දි විපාක දෙනවම කියා,

එසෙ නම් එකේ වරදකුත් නැ, මොකද එකෙන් අවස්තාවක් දෙනවා අපිට

කට්ටිය කිව්වා වගෙ මෙක ගොඩක් ගැබුරු දෙයක් නමුත් අපට අවශ්ය ප්‍රමනයට එවා දර්මයේ සදහන් වෙනවා වැඩෙ තියෙන්නෙ අපි එවා හරියට අවබොද කර ගන්නෙ නැති කමයි.

4. පෙර අත්මයක නොදත් වරදකට දඩුවම් ලැබිම කොතරම් දුරට සාදාරනද?
ඉහත අපෙ මිතුරෙක් සදහන් කර වගේ එකයි අප මෙයින් එගොඩ විය යුත්තේ සාන්සරය බියකරුයි කියන්නෙ එකයි. දර්මයෙ සදහන් වෙනවා ඕබ එහි බියකරුබව දන්නවා නම් හිස ගිනිගත්තත් එය නිවිමට උත්සහ නොකර සසරෙන් එගොඩ වෙන්න වෙර දරාවි කියලා බලන්න මොනතම ලස්සනට අපෙ බුදුහාමුදුරුවෝ මෙ ගැන කදිම උපමාවකින් විස්තර කරන ආකාරය

5. මම හොදයි හිතගෙන කරන දෙයක් තව කෙනෙකුට නොදැනුවත්ම හො වරදක් වෙනවා න්ම් කර්මය බලපන්නෙ කෙසෙද? ( අනෙකාට අයහපත්ක් වන බව නොදනි)

2 වැනි පිලිතුරම තමයි

6. මම උන පුද්ගලයකු නොමැති නම් කර්මය විපක විදින්නෙ කවුරුන්ද? කර්මය තන්පත් වනෙනේ කොහෙද?

"ඕබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි" මගේ අදහස හරි නම් සසර තවත් බියකරුයි.

7. කුඩා කල එතරම දනුමක් නොමැතිව කරන ලද කර්මයන්ට ලැබෙන විපාක අඩුද?

වේතනාවේ තිර්වතවය අඩු හෙයින් විපාකද එසෙ විය හැක යන්න මගෙ නිගමනයයි

8. ලෝක තල 31ක් බුදු දහමෙ කියවෙනවා, මෙවා සැබැ ස්තානයන්ද? නති නම් මනසික තත්වයන්ද? ආනත්ම නම් ආපායෙ දුක් විදින්නේ කෙසෙද?

මේවා සැබැ ස්තාන නොවෙයි, අර කව්ද කිව්වා වගේ සැබැ යැයි කියා දෙයක් තිබෙද? ආපයක් ගැන හිතන කොට මෙන්න මෙහෙම දෙයක් සරලව කියන්න පුලුවන් ඕබ කෙන්තුයෙන් වෛරයෙන් සිටින විට ඕබට දැනෙන්න පුලුවන් ඇතුලති ඕබව පිලිස්සෙන ස්භාවයක් අන්න එකේ උච්චතම අවස්තාවට කො‍ටුවිම ආපායයි සුරලොවත් ඕකෙ එනෙක් පත්තයි හොද වැඩක් පිනක් හො දර්මය කියවන කොට පාවා දැනෙන සිසිල මෙනතරම් මිහිරිද අන්න එහි උච්චිතම අවස්තාවට කො‍ටුවිම සුරලොවයි මම දන්නෙ නැ ඔබ හැම කෙනාම මෙ කරුන අදදැකලා තියෙනවාද කියලා මමනම් එය අද්දැකලා තියෙනවා.

මිනිස්ස ලොකය ධර්ම අවබොදයට ගොඩාක්ම හොද වෙන්නෙ මෙන්න මෙ කරුන මතයි. පව් කිරිමෙන් දුගතියට යන බවත් පින මතුවු විට සුගතියට යන බවත් එයද තවකලික දෙයක් බවත් හොදම සෙල්ලම කියන්නෙ සුවර්ගයේ සිට ආපායට එක්පරටම උසස්විම් ලැබිය හැකි නිසාය.

References

What Buddhists Believe
Abidharmaya E-book
31 planes of existance
 
Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඔව් අභිධර්මයේ "පට්ටාන ප්‍රකරණය" සහා [සූවිසි ප්‍රත්‍ය (පටිච්චසමුප්පාදය 24 ආකාරයකින් ප්‍රත්‍යවන ආකාරය)] "විභංග ප්‍රකරණය" කියන කොටස් ... මේකෙන් තමයි ලෝකයක් හටගන්න කොහොමද.. පැවත්ම යන්නේ කොහොමද .. නිරෝධ කරන්නෙ කොහොමද කියලා.. තියෙන විග්‍රහයක් .. බුදුදහම අතුරුදහන් වෙනකොට මුලින්ම අතුරුදහන් වන්නේ පට්ටානය කියලා කියනවා...

Thank you very much brother. Now let me try and get hold of this.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
යුද්දය කුමන අවස්ථාවකවත් බුදුදහම අනුමත කරන්නේ නැත.

එකගයි

යහපත් චේතනාවකින් අයහපත් ක්‍රියාවක් කල නොහැක. එකගයි

ඔබගේ උදාහරණයටම අනුව සලකා බැලුවහොත් එය නිවැරදි ක්‍රියාවක්නම් ඕනෑම හොරකමක් කර එය බොහෝදෙනෙකුගේ හිතසුව පිණිස කරනලද දෙයක් යනුවෙන් එය සාධාරණීකරනය කලහැක.
එකගයි නමුත් විපාක වෙනස් විය හැක

සමහර කර්ම ශුනය කර හැකි අතර ආනන්තරීයපාපකර්ම ආදි ප්‍රබල කර්ම විපාක නොදී ශුනය කරගත නොහැක.

මා දන්න තරමින් කිසිදු කර්මයක් ශුන්ය කරගත නොහැකි සිදුවන්නෙ ආහොසිවිමක් පමනි

ගිය අවුරුද්දේ ඔබවිසින් සිදුකර ඔබට අමතකවතිබු වරදකට මේ අවුරුද්දේ දඩුවම් ලැබීම කෙතරම් දුරට සාධාරණද?

ඔබ දඩුවම් දෙන්නේ ගිය අවුරුද්දෙ (පෙර භාවයේ) වැරදිකරපු කෙනාටම ද? (ආසාදරනකම් කතා කල නොහැකි මන්ද කට දොස් පවරන්නඩ්ද?)

ඔබ නොදැනුවත්ව හෝ කෙනෙකුට වරදක් නොකිරීමේ අදහසින් ඔබවිසින් යහපත් චේතනාවෙන් කර දෙයකින් තව කෙනෙකුට වරදක්වුවත්, ඔහුට වරදක් කිරීමේ අදහසක් තමාට නොතිබුන නිසා එයින් තමාට අයහපතක් සිදුනොවෙයි. එකගයි

මේ ගැටළුව මේ ආකාරයට කෙටියෙන් පැහැදිලි කිරීමට අපහසුය.මේ පිළිබද අවබෝධයක් ලබාගැනීමට නම් පළමුවෙන්ම මමය මාගේ යන සංකල්පය ගැන හරි ආකාරව තෙරුම් ගතයුතුය.තමා වසගයේ පැවැත්විය නොහැකි (අනාත්ම ) බව හරිආකාරව තේරුම් ගන්න විට මේය පැහැදිලි වනු ඇත.

මම උන පුද්ගලයකු නොමැති නම් ඔබ ආහාර අනුභව කරන්නේ කා සදහාද?
ඔබ විසින් විවිධ ක්‍රියාවන් සිදුකරන්නේ කා සදහාද?

මම උන පුද්ගලයකු ඇත්නම් ඒ කුමක්ද?
ඔබේ ඇසද ,අතපයද, ශරීරයේ කොටසක්ද, හිතද, හැගීම් දැනීම්ද?
ඒසියල්ලන්ගේම එකතුවක් නම් ඒ එකක් හෝ නැතිවු තැන ඔබකියා කෙනෙක් නැද්ද?

මගේ විකල්ප අදහස ඕබ පිලිගන්නෙද?

ඔබ කුඩා කල ගින්දර පිච්චෙන බව නොදැන ගින්දර ඇල්ලුවෙනම් පිච්චෙන්නේ අඩුවෙන්ද?
එකග විය හැක නමුත් තිර්වතාවය වෙනස් විය හැකි යැයි මගෙ හැගිමයි

මේවා මානසික මට්ටම් අනුව විවිධ තල අනුව විග්‍රහ කර ඇති සැබෑ ස්ථාන උවත්, ඒ අප විසින් භෞතික වශයෙන් සලකන ස්ථානයන් වැන්නක් නොවේ.
පළමුවෙන්ම ආනත්මයන්න පිළිබව හරි ආකාරව තේරුම් ගත යුතුයි.

භෞතික ස්තනයන් නොවේ සමහර ලොකවල භෞතික කයක් නොමැත

පිලිතුරුවලට ස්තුති ගොඩක් එවාට එකග විය හැක.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කර්මය කියන්නේ ශක්ති විශේෂයක් තමයි...අප විසිනම ගොඩ නගන ශක්ති විශේෂයක්... අපි කරන කර්ම (කාය කර්ම්, වචි කර්ම, මනෝ කර්ම) .. ආකාශධාතුවේ (මෙය අහස වත් අවකාශය (space) වත් නොවේ) තැන්පත් වන්නෙ ... ඒකට අන්නන්තරය කියලා කියනවා .. මේක ආකාශ ධාතුවට නිදහස් වන්න අපේ මනසින්ම ගොඩනැගීම නිසයි .. (පටිච්ච සමුප්පාදයට අනුව ... විඥාන පච්චයා නාමරූප කියන තැන) ... මින් නිකුත් වනේ බුදුපියාණන්වහන්සේට පමණක් ගෝචර ශුද්ධාෂ්ඨක [තවත් බිඳිය නොහැකි සියුම් රූප කොටස් අටක්] කියන අංශු විශේෂයක් ... ඉතින් අපිට මෙසේ තැන්පත් වන කර්ම .. ආපහු ඇදිලා එන්න අපි තුල පරිසරයක් ගොඩනැගෙන්න ඕන (ලෝභ ද්වේශ මෝහ හෝ අලෝභ අද්වේශ අමෝහ) ... මේකට කියනවා සමනන්තරය කියලා... ඉතින් මෙසේ ඇදිලා එන ශක්තිය ආපහු අපිට බලපෑමක කරන්නේ පටිච්ච සමුප්පාදයට අනුවයි (නාමරූප පච්චයා විඥාන කියන තැන) මේකට කියනව අඤඤමඤඤ ප්‍රත්‍ය කියලා ... ඔය විදිහට තමයි කර්ම රැස්වෙන්නෙයි විපාක දෙන්නෙයි...

ගින්දර කොල්ලො මට පුලුවන් නම් දෙන්න මෙ පිලිබදව කොහිද සදහන් වන්නේ? අනිවා එකයි වෙන කටවත් කර්මය ක්‍රයාකරන විදිය, විපක දෙන්නෙ මොන කර්මයද කියලා කියන්න බැරි . කියන්න පුලුවන් බුදුකෙනෙකුට විතරයි

එතනදිත් මම දන්න තරමට හරියටම ඉදිරියෙදි පල දෙන වෙලාව කියන්න බැ බුදුවරයෙකුට වුනත්? මොකද හිතනනෙ? එයන්න පුලුවන්නෙ පල දුන්නෙ කුක්ද කිය විතරයි හරිද?

එහෙම නැතුනම මම් වැරදි කියන්න පුලුවන් ඇති එත් එ කොහොමද?

මොනවා වුනත් ලොකු දෙයක් මම දැන ගත්තා බොහොම පින සාහොදරය පුලුවන් නම් මට විස්තර දෙන්න කියවන්න.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa

එතනදිත් මම දන්න තරමට හරියටම ඉදිරියෙදි පල දෙන වෙලාව කියන්න බැ බුදුවරයෙකුට වුනත්? මොකද හිතනනෙ? එයන්න පුලුවන්නෙ පල දුන්නෙ කුක්ද කිය විතරයි හරිද?

එහෙම නැතුනම මම් වැරදි කියන්න පුලුවන් ඇති එත් එ කොහොමද?

බුදුපියාණන්වහන්සේට හරියටම 100% කියන්න පුළුවන් කර්මයක් (හොඳ හෝ නරක) විපාක දෙන්නේ කොහොමද,, කවදද විපාක දීලා ඉවර වෙන්නෙ... කියලා... ඒක උන්වහන්සේගේ අනාවරණ (කිසිදෙයක් වහන්න බැහැ) ඤාණයට හසුවන දෙයක් ... විපාකයක් දෙන කොට බහු හේතු නිසා එන බහු ඵලයක් එන්නේ (ඒකයි වෙන කෙනෙකුට හරියටම කියන්න බැරි) .... බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙන්වා ... මෙය සැරියුත් මහරහතන්වහන්සේටවත් හරියට කියනන් බැහැ කියලා ...
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ඔබගේ උදාහරණයටම අනුව සලකා බැලුවහොත් එය නිවැරදි ක්‍රියාවක්නම් ඕනෑම හොරකමක් කර එය බොහෝදෙනෙකුගේ හිතසුව පිණිස කරනලද දෙයක් යනුවෙන් එය සාධාරණීකරනය කලහැක.
එකගයි නමුත් විපාක වෙනස් විය හැක
අනිවාර්යයෙන්ම වෙනස්වේ
එකම පුද්ගලයෙකුට එක හා සමාන ක්‍රියාවකදීවුවත් විවිධාකරයෙන් කර්මය සකස්වීම සිදුවියහැක.

සමහර කර්ම ශුනය කර හැකි අතර ආනන්තරීයපාපකර්ම ආදි ප්‍රබල කර්ම විපාක නොදී ශුනය කරගත නොහැක.
මා දන්න තරමින් කිසිදු කර්මයක් ශුන්ය කරගත නොහැකි සිදුවන්නෙ ආහොසිවිමක් පමනි
සමාවෙන්න මා මෙහිදී ශුනය වීම යනුවෙන් අදහස්කලෙ කර්ම අහෝසිවීමයි.

ගිය අවුරුද්දේ ඔබවිසින් සිදුකර ඔබට අමතකවතිබු වරදකට මේ අවුරුද්දේ දඩුවම් ලැබීම කෙතරම් දුරට සාධාරණද?
ඔබ දඩුවම් දෙන්නේ ගිය අවුරුද්දෙ (පෙර භාවයේ) වැරදිකරපු කෙනාටම ද? (ආසාදරනකම් කතා කල නොහැකි මන්ද කට දොස් පවරන්නඩ්ද?)
ගැටළුවනම් අද සිටින්නේ ගිය අවුරුද්දෙ සිටි ඔබමද කියායි.
මේ පිළිබද ඉදිරියේදී විස්තරයක් කිරීමට බලාපොරොත්තුවෙනවා.

මේ ගැටළුව මේ ආකාරයට කෙටියෙන් පැහැදිලි කිරීමට අපහසුය.මේ පිළිබද අවබෝධයක් ලබාගැනීමට නම් පළමුවෙන්ම මමය මාගේ යන සංකල්පය ගැන හරි ආකාරව තෙරුම් ගතයුතුය.තමා වසගයේ පැවැත්විය නොහැකි (අනාත්ම ) බව හරිආකාරව තේරුම් ගන්න විට මේය පැහැදිලි වනු ඇත.

මගේ විකල්ප අදහස ඕබ පිලිගන්නෙද?
"ඕබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි" මගේ අදහස හරි නම් සසර තවත් බියකරුයි.
ඔබේ විකල්ප අදහස මම පිළිගන්නව.

"ඕබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි" යන්න කෙසේවිය හැකි ඔබ සිතනවාද?
ඒ පිලිබද ඔබගේ ආකල්පය කුමක්ද?

ඔබ කුඩා කල ගින්දර පිච්චෙන බව නොදැන ගින්දර ඇල්ලුවෙනම් පිච්චෙන්නේ අඩුවෙන්ද?
එකග විය හැක නමුත් තිර්වතාවය වෙනස් විය හැකි යැයි මගෙ හැගිමයි
විවිධවු ක්‍රියාවන් සදහා බොහෝ හේතුන් නිසා කර්ම සකස්වීමේ ආකාරය වෙනස්වියහැක.
:yes: