එංගලන්තෙ මහා රැජින ගේ මහත්තය ලගදී මරුනනෙ ... ජීවිතේටම කිසිම දුකක් විදලා නැතුව ඇති ... රජ පවුලෙ සේරම ගත්තොත් කවදාවත් ජිවත් වෙන්න කිසිම මහන්සියක් දරන්න ඕන නෑ ... මොකද සියලුම වියදම් ආණ්ඩුවෙන් දෙන නිසා.... නමුත් ඒ වගේ කෙනෙක්ගෙයි එංගලන්තෙ සාමාන්‍ය මනුස්සයෙක්ගෙයි ජිවිත සසදල බැලුවොත් අහසට පොලොව වගේ ... ලංකාවේ ඉන්දියාවේ වගේ ඈත ගමක මනුස්සයෙක් ගෙයි රජ පවුලෙ කෙනෙක්ගෙයි ජිවිත වල මොන තරම් වෙනසක් තියේද ... රජ පවුලෙ පොඩි එකෙක් ගත්තොත්, උන් ඉපදෙනකොටම ඉපදුනු දවසේ ඉදල මැරෙනකන් සියලු සැප සම්පත් ලැබෙනවා කියල තීරණය වෙලා ඉවරයි ... ඒ වගේම ඒ වෙලාවටම ලංකාවෙ උඩරට වත්තක ලැයිමක ඉපදුනොත් පාන් පිටි කකා රු 900 පඩියට වැඩ කරන්නයි, කසිප්පු බිල අවුරුදු 50 පනිනකොට වලකජ්ජ ගහනවා කියන එකයි තීරණය වෙලා තියෙන්නෙ ...
මේ සේරම දේවල් වෙන්නෙ කර්මය නිසාම කියල හිත හදා ගන්න පුලුවන්ද ... නැත්නම් වෙනත් දෙයක් බලපානවද ... ඉපදෙන තැන තීරණය වෙන්නෙ කලින් ආත්ම අනුවද ? නැත්නම් ඒක randomly ඒ වෙලාවට මොකක් හරි ආත්මයක් ඇතුල් වෙලා සිද්ද වෙනවද ? එංගලන්තෙ රජ පවුල උදාහරණෙට ගත්තට ලංකාවෙ උනත් සාමාන්‍ය පවුලක ඉපදුනොත් යන්තම් ඔලුව උස්ස ගන්න මොන තරම් ගේමක් දෙන්න ඕනද ? ඒ වගේම සමහර අයට උපතින්ම ඒ සියල්ල ලැබෙන්නෙ පෙර කර්මය නිසාමද ? සංවාදයට ....

.. පව තමයි. ඔයිට වඩා හොද ජිවිත ගත කරනවා ලෝකේ දියුණු වෙච්ච මිනිස්සු. මුන් නම් මෙලෝ රහක් නැති බොරු හිරකරගත්ත ජිවිත. ඕක තේරුණ එකා තමයි සම්ප්‍රදායන් ටික ආච්චිට හාල් ගරන්න කියලා දාල ගියේ. මොලේ තිබ්බ එකෙක්. එකම හොද දේ තමයි හොද කායික සෞඛ්‍යක් පවත්වාගන්න පුලුවන් උන එක.. 