දිනක් සැවත් නුවර නිවසක් ගිනි ගෙන, ගිනි සහිත තෘණ හුලක් අහසට නැගී පියාසර කරන කපුටෙකු ගේ ඇඟට වැටිනි. කපුටා ඉන් බේරීමට අසමත්ව ගිනිගෙන දැවී මැරී වැටුණේ ය. මෙය දුටු භික්ෂු පිරිසක් තථාගතයන් වහන්සේගෙන් මෙහි පූර්ව කර්මය විචාළ හ. මේ කපුටා පෙර ගොවියෙක්ව සිටිය දී කුඹුර මැඩවීමට සිටි ගොනා බොහෝ කම්මැලි බැවින් මෙයට කිපුණු ගොවියා පිදුරු ගොඩක් ගෙන ගවයා පිදුරු වලින් වෙලා පිදුරුවලින් යටකොට ද්වේශයෙන් ගිනි තැබුවේ ය. ඒ අසරණ තිරිසනා දැවී මළේ ය. මේ මිනිස් සතා කල තිරිසන් කර්මය බොහෝ අපා දුක් ගෙන දුන්නේ ය. අවශේෂ කර්ම ලෙස තිරිසන්ව ඉපිද මේ පස්වන වතාවට ද මෙසේ දැවී මළේ යැ යි වදාළ සේක. එබැවින් මිනිසත් බව ලැබූ ඔබ මෙ බඳු තිරිසන් කර්ම කොට දුකට පත් නො වේවා
(ධම්මපද අට්ඨ කථා 452)
වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!
(Path to nirwana, FB)
