Mekath kiyawala balanna.... Habai atta natta danne ussapu evunma tamai...
කරාටේ ධම්මික 'පැහැරගැනීමේ' ඇත්ත කතාව
පාතාල නායකයකු බව කියන කරාටේ ධම්මික හෙවත් ධම්මික ප්රදීප් කුමාර නැමැත්තා පසුගිය 22 දා පොලිස් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මැඩලීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිෙබන බව වාර්තා වේ
රඹුක්කන ප්‍රදේශයේ පිහිටි වාහන සේදීමේ ස්ථානයකදී මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට රඳවා ඇත්තේ අදාළ ඒකකය රහසිගතව පවත්වාගෙන යන කොළඹ, හැව්ලොක් ටවුන්හි විලාසිතා නිවසේ ඉහළම මාලයේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ගෝලයකු වන කරාටේ ධම්මික මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුට ආරක්ෂාව සැපයීමට බව පොලිස් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මැඩලීමේ ඒකක ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය 22 සෙනසුරාදා උදෑසන කරාටේ ධම්මිකව අත්අඩංගුවට ගැනීමෙන් පසු එදිනම සවස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ කරාටේ ධම්මිකගේ මස්සිනා වන කඩුවෙල ''කෙටේ සුදු මහත්තයා'' අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහි දී, කරාටේ ධම්මිකගේ ජීවිතය ආරක්ෂා කිරීම පිළිබඳව මෙන්ම දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවශ්‍යතාවය මත කරටේ ධම්මිකගේ මූලිකත්වයෙන් සිදු කල ඝාතන, මංකොල්ලකෑම් සහ පැහැගැනීම්වලට අදාල තොරතුරු සැගවීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව හෙළි වේ. ආරක්ෂක ලේකම්වරයාගේ සමවයසේ පාසල් මිතුරෙකු වන කඩුවෙල කෙටේ සුදුමහත්තයා මීට පෙරද අවස්ථා කිහිපයකදීම කරාටේ ධම්මික පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කර ඇති බව අනාවරණය වෙයි.
කරාටේ ධම්මිකව අත්අඩංගුවට ගන්නා අවස්ථාවක කෑගල්ල පොලිස් කොට්ඨාසයේ ඉහළ නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක්ද සහභාගි වී ඇත. සංවිධාන අපරාධ මැඩළීමේ ඒකක නිලධාරීන් කැගල්ල පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ, ධම්මිකව ඝාතනය කිරීමට නියෝග ලැබී ඇති බවයි. එම නිසා මෙම අත්අඩංගුවට ගැනීමට අදාල තොරතුරු සගවා තබා ගන්නා ලෙසටද එම ඒකකයේ නිලධාරීන් කෑගල්ල පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මීට පෙරද අවස්ථා ගණනාවකදීම පොලිස් දෙපාර්තමේන්තුවේ විෙශ්ෂ මෙහෙයුම් ඒකක නිලධාරීන් කරාටේ ධම්මිකව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කලද ඒ සියලු උත්සාහයන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා විසින් නතරකර තිබිණි. පසුගිය අටවෙනිදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමෙන් පසු ඔහුට හිතවත් පාතාල සාමාජිකයන් පිරිසක් කරාටේ ධම්මිකව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව හෙළි වේ. එයින් කරාටේ ධම්මිකව බේරාගැනීම මෙම අත්අඩංගුවට ගැනීමේ අරමුණ වී ඇති බව අදාල ඒකකයේ ආරංචි මාර්ග අනාවරනය කර සිටියි.
අද (24) දිනපතා පුවත්පත්වල සඳහන් ව තිබූ ආකාරයට අනියම් බිරිඳක සමග සිටියදී කරාටේ දම්මිකව නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය බව සඳහන් ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇත්තේ, මෙම අත්අඩංගුවට ගැනීම රහසක් ලෙස තබා ගැනීමටය. එහෙත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ධම්මිකව ඝාතනය කිරීමටද එමගින් බාධාවක් ඇති නොවේ. එවිට එම ඝාතනයේ වගකීම නාඳුනන කණ්ඩායමක් පිට පැටවීමේ හැකියාව ආණ්ඩුවට ඇත.
Source: Lankatruth
http://www.lankatruth.com/si/index....1-10-25-06-52-41&catid=36:2011-10-17-04-27-38