කරාපිටිය රෝහලේ හදිසි තත්ත්වයක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    තව ටිකක් උද්ගෝසන කරානම් අඩු කර ගන්ඩ පුලුවන්
    FB_IMG_1621864776939.jpg
    FB_IMG_1620991388277.jpg
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ගෙවල්වල මිනිස්සුන්වත් පරිස්සම් කරගෙන උබලත් පරිස්සම් වෙයල්ලා වෙන කියන්න දෙයක් නෑ. හේතුව කොච්චර සාදාරණ උනත් ගුරුවරුත් මේ වෙලාවේ පාරට බැහැලා ගොඩදාගන්න තිබ්බ තුවාලේ පිළිකාවක් කරා ☹️☹️☹️☹️
    aniwa :(
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113

    අනේ මගේ රටට මොකද මේ වෙන්නේ​

    අනේ මගේ රටට නොවෙයි. උබලගේ ගොබ්බ පාලකයෝ හිංදා තමයි ලංකාවට මේ වගේ කෙළ වෙලා ඉන්නේ. කොරෝනා වලක්වගන්න ඕන තරම් අවස්ථාව තිබ්බා.
     
    • Like
    Reactions: Boralugoda01

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අනේ මගේ රටට නොවෙයි. උබලගේ ගොබ්බ පාලකයෝ හිංදා තමයි ලංකාවට මේ වගේ කෙළ වෙලා ඉන්නේ. කොරෝනා වලක්වගන්න ඕන තරම් අවස්ථාව තිබ්බා.
    ඒකනං ඇත්තම තමා
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    719
    2,071
    93
    33
    රෝහලේ හදිසි තත්වයක් කියන්නෙ මොකද්ද බන්? කවුරුහරි දනන්වද ඕකෙ ප්‍රොටොකෝල් එක මොකද්ද කියල? :unsure::unsure::unsure:
    රෝහලක හදිසි තත්ත්වයක් කියලා රෝහල් අධ්‍යක්ෂක තීරණය කලාට පස්සෙ තවදුරටත් අලුත් රෝගීන් බාර ගන්නෙ නෑ කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙනවා. එතකොට ඒ පළාතට අදාල අනෙක් රෝහල් වලින් එන අසාධ්‍ය රෝගීන් (ඕනෑම රෝගයක) බාරගන්නෙ නෑ. එතකොට අනෙක් රෝහල් වලින් රෝගීන් හදිසි තත්ත්වයට පත් වෙච්ච රෝහලට නැතුව වෙනත් ද්විතීයික හෝ තෘතීයික මට්ටමේ රෝහලකට ගිලන් රථ යොමු කරනවා.

    හදිසි තත්ත්වයක් නම් කරන්නෙ රෝහල් පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි. රෝගීන් සඳහා ප්‍රමාණවත් මානව සම්පතක් නොමැති වීම (කාර්ය මණ්ඩලයට කොරෝනා වැළඳිලා අඩු වෙන කොට සහ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට), රසායනාගාර පහසුකම් ප්‍රමාණාත්මක නැති වීම ඕවා තමා හේතු. ඔහොම එකින් එක වහලා දානකොට තමා ඉන්දියාවේ වගේ පාරෙ රෝගීන්ට ඉන්න සිද්ධ වෙන්නෙ. ඕවා වෙනවා කියලා මාස ගානකට කලින් වෛද්‍යවරුන් කිව්වා. නැතුව මේවා කට ඇරන් පුදුම වෙන්න සිද්ධ වෙන අලුත්ම දේවල් නෙවෙයි. වලක්වා ගත හැකිව තිබූ තත්ත්ව. සෞඛ්‍ය අංශ කියන දේ තඹේකට ගනන් ගන්නෙ නැත්නම් ඕක වෙන්නෙ. රට වහන්න කිව්වහම බොරු සංචරණ සීමා දාල, PCR අඩු කරලා, රෝගීන් අඩු කලාට, මේ සිද්ධි මාධ්‍ය වලින් වැහුවට මේ වගේ දේවල් වෙන එක ආණ්ඩුවට නවත්වන්න බෑ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    <p>කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර තිබෙනවා.
    කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වී රෝහල් කාර්ය මණ්ඩලය ද ආසාදනය වීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බවයි එහි දැක්වෙන්නේ.</p>
    කොවිඩ් ආසාදිත සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා කොවිඩ් ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවක් නොමැති රෝගීන් අදාල ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදෙශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩ පහසුකම් ලැබෙන තුරු නිවෙසේ වෙත ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසත් එමගින් උපදෙස් දී තිබෙනවා.එමෙන් ම සංකූලතා ඇති රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් කොවිඩ් රෝගීන්ට වෙන්කර ඇති ඒකකවලින් ලැබෙනතුරු තමන්ගේ ඒකකවල වෙන්කර තබාගන්නා ලෙස ද අධ්‍යක්ෂවරයා සියලු අංශ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරු වෙත දැනුම් දී තිබෙනවා. <strong>(colombotimes.lk)
    කිව්වට අහන් නෑනෙ තව පාටිදාලා ට්‍රිප් ගිහින් බීලා ආතල් ගනිල්ලා මෝඩ හැත්ත
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෝහලේ හදිසි තත්වයක් කියන්නෙ මොකද්ද බන්? කවුරුහරි දනන්වද ඕකෙ ප්‍රොටොකෝල් එක මොකද්ද කියල? :unsure::unsure::unsure:
    ආපදා තත්වයක් කියල කියන්නෙ. ඒ වෙලාවට සේවකයින්ට නිවාඩු දාන්න බෑ, වැඩට එන්න ඕනෙ.