කරාබුනැටි/එනසාල් ගන්න පුලුවන් තැන්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    තොග බිස්නස් කරන කෙනෙක්ට එනසාල්/කරාබුනැටි වගේ දේවල් කොහෙන්ද ගන්න පුලුවන්?
    බුලත්කොහුපිටිය පැත්තෙන් පුලුවන්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තොග බිස්නස් කීවෙ උබ රට යවන්නද යන්නෙ?
    රට යවන එකනම් ලේසි නෑ ඒ කම්පැනිවලින් ඉල්ලන වෙලාවට කන්ටේනර් පිටින් පටවන්න බඩු තියෙන්න ඕන. උබට ඒක බෑනෙ.
    අනික ඕවා ගන්න ටවුමෙ කඩ කෙලින්ම ගිහින්දෙන්නෙ එක්ස්පෝට් කරන උන්ට
    . උබට උන්ගෙන් අරන් ආයෙ අර කම්පැනිවලට දෙන අතරමැදි වැඩේ කරලා ලාබයක් ගන්නත් බෑ.
    හොදමදේ තමයි උබ ඔය කඩයක්දාන එක. එනසල් පැකට් කරලා විකුනපන්
     
    • Like
    Reactions: craabeysinghe

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    ගම්පොල නාවලපිටිය කොත්මලේ වගේ කරාබු වතු තියනවා. හැබැයි අර තියනවා වගේ ඒවා දෙන්නේ ටවුමේ කඩේට. ඒ ගොල්ලෝ කෙලින් ම එක්ස්පෝට් මුදලාලි ට. අතරමැද මාකට් එකක් නෑ . කරන්න තියෙන්නේ එක්කෝ කරාබු නැටි එකතු කරන්න ඕන කඩයක් දාල. ලොකු තරගයක් තියනවා. නැත්නම් පොඩි කරාබු වත්තක් අරන් කඩවන්න ඕන. බාගෙට බාගේ හරි, කිලෝ එකට ගානක් හරි දීල තමයි කඩවන්නේ . ඒකෙන් ලාබ ගන්න පුළුවන්. හැබැයි වත්ත ගන්න වැලියු එක හොඳ විශ්වාසවන්ත එක්ස්පර්ට් කෙනෙක් ලව්වා කරන්න ඕන. නැත්නම් පාඩුයි. අනික තමයි ලොකු ගස් වල කඩන්න අමාරුයි. ඒවා ඔක්කොම බලන්න ඕන.
    එහෙමත් නැත්නම් අයිති කාරය කරාබු කඩවන වත්තක් සෙට් කරගෙන ගිහිල්ල පොඩි ගානක් වැඩිය දීල කරාබු ටික ගන්න ඕන. ඊගාවට වේලලා ටිකක් කල් තියාගෙන ගණන් යද්දී විකුනන්න ඕන. ඒකත් ගොඩක් ලාබයි. කොහොම උනත් හරියට දන්නේ නැතුව නම් කරන එක එච්චර නුවනට හුරු නෑ.
     
    • Like
    Reactions: craabeysinghe

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    අපි කුලුබඩු රට යවනකොට corantine Certificate ඛියලා එකක් ගන්න ඕනිනේ. අන්න ඒක ගන්න ගියාම තමා එපා වෙන්නේ. ලංකාවටම සෙන්ටර් දෙකයි තියෙනන්නේ. එතන උං සෙටිෆිකෙට් එක දෙන්නේ නෑ. උන් අපිව යවන්නෙම ලංකාවේ ලොකුම කුලුබඩු එක්පෝට් කරන උන් ගාවට. ලංකාවටම 5 දෙනෙක් විතරලු ඉන්නේ. උංගෙං බඩු අරන් යවන්න කියලා තමයි රජයේ කට්ටිය කියන්නේ. ඒ එක්ස්පෝටර්ලා ලංකාවේ අපිට බඩු විකුණන්න හදන්නෙත් පිටරට ගානට. මගේ හිතවත් සුද්දෙකුට කෝපි කිලෝ 20ක් ඉල්ලලා යවාගන්න බැරි උනා ලංකාවේ උන් කැමති නෑ අලුතෙන් කෙනෙක් පටන්ගන්නවාට.
     
    • Like
    Reactions: flag au: