කරුංකා හොරා තපුල්ලයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා චෝදනා කර සිටියි.


    හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා මේ චෝදනාව එල්ල කර සිටියේ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි සිය නිවසේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ දැකීය.


    රට කඩා ගෙන වැටිලා. ඒ වගේම ලෝකය කඩා ගෙන වැටිලා. විපක්ෂය දේශපාලන වේදිකාවේ සුරංගනා කතා කියමින් ජනතාව රවටනවා. විපක්ෂයට වැඩ පිළිවෙළක්-දර්ශනයක්-ඉලක්කයක් ඇත්තේ නැහැ. මේ විපක්ෂයෙන් රටට-ජනතාවට කිසිම සෙතක් ඇත්තේ නැහැ.


    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ සෑම ප්‍රශ්නයකටම අලවන්න පුළුවන් පැලැස්තරයක් නොවෙයි. මේ අයත් එක්ක රටක් ගොඩනැගීම ඉතාම අසීරුයි. මේ අයත් එක්ක ගිහින් සාර්ථක වුණේ කොරියාව විතරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කතාව හොඳයි. නමුත් අප ඒ කොන්දේසි අනුව ක්‍රියා කළ යුත්තේ දේශීය මට්ටමේ වටිනාකම් ආරක්ෂා කර ගනිමිනුයි. සුද්දෝ ඇවිත් කිව්වා කියලා ඒ සියල්ල ගෙඩිය පිටින්ම අප බදා ගත යුතු නැහැ.


    අවුරුදු හැත්තෑ හතරකට පසු රට කඩා වැටී තිබෙන්නේ උපතේ සිට විපත දක්වා සියල්ල නොමිලයේම ලබා දීම සහ සියල්ල නොමිලයේ බලාපොරොත්තු වන නිසයි. රටේ ආදායම රුපියල් ට්‍රිලියන දෙකක් වන විට රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාමික වැටුප් සඳහා රුපියල් ට්‍රිලියන 1.8ක වැය වනවා. ඒ අනුව අතේ ඉතිරි වන්නේ රුපියල් බිලියන 250ත් 300ත් අතර ප්‍රමාණයක් විතරයි. එවැනි සුළු මුදලකින් රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද..?



    මුන් එලියට එනකොටම මතවාදිවමය තලලා දාන්න ඕනේ....​

     
    • Like
    Reactions: 2osama

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,158
    113
    රවී ත් ආවා දැන් සීන් එකට, සුපිරියක් තමයි
    maxresdefault.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කරුංකා හොරා කිව්වම ලංසා කියලා හිතුවෙ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,270
    113
    රවීන්ද්‍ර සන්දරේශ් කරුනාණායගම් මොනාද දැන් කියන්නෙ ?
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    රවියා කියන්නේ රනිල්ගේ බොක්කා.. එයාගේ කිචන් කෑබිනට් එකේ කොල්ලො තමා.. ඒකනේ දෑන් ඔය එලියට බෑහෑලා තියෙන්නේ.. ඔවුන්ව තලන්න වෙන්නේ නෑ මොන ආණ්ඩුව ආවත්..