කරුනා සමාව ඉල්ලයි

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    134088619_236980221269279_7374887949944623111_n.jpg


    එල්ටීටීඊ සංවිධානය නියෝජනය කළ තමන් වැනි නායකයින් හා තවත් සාමාජිකයින් රැසක් පොදු සමාව යටතේ නිදහස්ව සිටියදි ඉතිරි සියලූ දෙමළ දේශපාලන සිරකරුවන්ද පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතු යැයි දෙමළ එක්සත් නිදහස් පක්ෂයේ නායක විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සඳහන් කරනවා.

    ඔහු පෙන්වා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මැතිවරණ කාලයේදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දු ලබාදුන් බවයි. ඒ මහතා මේ බව පැවසුවේ කිළිනොච්චියේදි පැවැත්වු මාධ්‍ය හමුවේදීයි.

    “දෙමළ දේශපාලන සිරකරුවන් සියලූ දෙනා අනිවාර්යෙන්ම නිදහස් කළ යුතුය යන ස්ථාවරයේ මම සිටිනවා. යුද්ධය අවසන් වු කාලයේ එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වටිනා තීරණයක් ගනු ලැබුවා. ඒ එල්ටීටීඊ සංවිධානයේ නායකයින් ඇතුළු සියලූ දෙනා පොදු සමාවක් යටතේ නිදහස් කිරීමයි. ඒ අනුව අප ඇතුළු විශාල එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක් නිදහස් කරනු ලැබුවා.දැනට නිදහස් කිරීමට සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණයි. ඔවුන්ද නිදහස් විය යුතුයි. ඇත්තෙන්ම ඔවුන්ගේ ජීවිත ඉතා වේදනාකාරියි.

    එම දේශපාලන සිරකරුවන් ඇත්තෙන්ම අයත් වන්නේ සාමාන්‍ය ජනතාව ගණයටයි. ඔවුන් සෘජුවම යුද්ධයට හෝ සම්බන්ධ වුවන් නොවෙයි. අප ඔවුන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අවධානයෙන් පසු වෙනවා. අතුරුදන්වුවන්ගේ ගැටලූවටත් ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතුයි. අතුරුදන්වුවන්ගේ ගැටලූවට ඔව් හෝ නැහැ යන පිළිතුර ලබාදිය යුත්තේ රජයයි. එවිට එම අතුරුදන්වුවන්ගේ ඥාතීන් හට ඉතිරි යුතුකම් ඉටු කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

    ලෝකය දැන් වෙනස් වෙලා තිබෙනවා. ඉස්සර අපගේ නායකයින් තනි රටක් ඉල්ලා සිටියාට වර්තමානයේ එවැනි ඉල්ලීම් වලංගු වන්නේ නැහැ. නමුත් දෙමළ ජනතාව වශයෙන් අප අපගේ ඉල්ලීම් අභිලාෂයන් ඉටු කර ගනිමින් නිදහස් ජනතාවක් වශයෙන් ජීවත් විය යුතුයි.

    අප පක්ෂය එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහාත් ඉදිරිපත් වෙනවා. නමුත් තවම අප පක්ෂය තනිව ඉදිරිපත් වෙනවාද අනෙකුත් පක්ෂ හා එක්ව තරඟ කරනවාද කියා තීරණය කර නැහැ. දෙමළ ජාතික සන්ධානය සමග වුවත් අපි කතා කරන්න සුදානම්. දෙමළ ජාතික සන්ධානය අප විවේචනය කළා. ඒ ඔවුන්ගේ වැරදි පෙන්වාදීම සදහා පමණයි. දෙමළ ජාතික සන්ධානය පසුගිය ආණ්ඩුවට සහයෝගය ලබාදුන්නත් ජනතාව වෙනුවෙන් කිසිවක් අත් කරදීමට සමත් වුණෙ නැහැ. නමුත් දෙමළ ජනතාවගේ අභිලාෂයන් දිනා ගන්න සියලූ දෙමළ පක්ෂ එක්ව කටයුතු කළ යුතුයි කියා මම විශ්වාස කරනවා”
     

    Similar threads