කරුමපයියාගේ කරුම පාලනය..............................
උපන්ගෙයි මෝඩයන්ටනම් මූ මාර මොලකාරයෙක් වෙන්න ඇති.

රටේ ආර්ථිකය පාලනය කිරීමට පෙර ජනපති සහ
අගමැති කළ යුත්තේ මුදල් ඇමැති පාලනය කිරීමයි
- ඩිව් ගුණසේකර
අනුර බාලසූරිය
මුදල් ඇමැතිවරයා පාලනය නොකර රටේ ආර්ථිකය පාලනය කිරීමට නොහැකියි. එම නිසා රටේ ආර්ථිකය පාලනය කිරීමට පෙර මුදල් ඇමැතිවරයා පාලනය කරන්න යෑයි ජනාධිපති සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව කොමියුනිස්‌ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පැවසීය.
බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී ඊයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.
ආදායම් බදු, රේගු, සුරාබදු යන දෙපාර්තමේන්තු තුනේ ඇති වී තිබෙන ප්‍රශ්නය තවම විසඳිලා නෑ. මේ කාරණයේ දී ආණ්‌ඩුව දක්‌වන ආකල්පය අපට කිසි ලෙසකින් පිළිගන්න පුළුවන්කමක් නැහැ.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌වරයාගේ සිට පහළ දක්‌වා සියලුම කොටස් එක්‌වයි විරෝධතාවය පළකර තිබෙන්නේ. මමත් ඒ දෙපාර්තමේන්තුවේ සේවය කරපු කෙනෙක්. මෙවැනි උගත් පිරිසක් විරෝධයක් දක්‌වන විට ඊට කන්නොදී සිටීමට පුළුවන්කමක් නැහැ.
එදා මෙම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් ලෙස මම කටයුතු කරන කාලේ ආචාර්ය එන්. එම්. පෙරේරා, ටී. බී. ඉලංගරත්න, µSලික්‌ස් ඩයස් බණ්‌ඩාරනායක වැනි මුදල් ඇමැතිවරු සමඟ කටයුතු කර තිබෙනවා. එදා අපිත් ඔය වගේ ප්‍රශ්න මතුකරලා, බලපෑම් කරලා බදු ප්‍රතිපත්ති, බදු පරිපාලනය, බදු නීතිය සකස් කිරීමේදී අපි ඉදිරිපත් කළ අදහස් සැලකිල්ලට ගත්තා. නමුත් වර්තමාන මුදල් ඇමැතිවරයා එය තුට්‌ටුවකටවත් තකන්නේ නැහැ. ඔහු සියල්ල දත් පුද්ගලයෙක් ලෙස කටයුතු කරන්නේ.
ඉලංගරත්න, µSලික්‌ස් ඩයස්, ආචාර්ය ඇන්. එම්. පෙරේරා යන මහත්වරු මුදල් ඇමැතිවරුන් වශයෙන් කළ දේවල් නිසයි අද ආණ්‌ඩුවක් ගෙන යන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ කියලා කෘතවේදීව මතක් කරනවා. ඔවුන් විශිෂ්ට ගණයේ මුදල් ඇමැතිවරු.
එදා තිබුණු පිරිවැටුම් බද්ද ඉවත් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා 2002 වැට් බද්ද ගෙනාවේ. මේ දෙපාර්තමේන්තුවල ඉන්නේ බුද්ධිමතුන්. සාකච්ඡාවක් සඳහා ඉඩ නොදෙන්නේ ඇයි?
ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටින්නේ රටේ ආර්ථිකය පාලනය කරන්න පෙර වත්මන් මුදල් ඇමැතිවරයා පාලනය කළ යුතුයි. මුදල් ඇමැතිවරයා පාලනය නොකර රටේ ආර්ථිකය පාලනය කළ නොහැකියි. මුදල් ඇමැතිවරයා කටයුතු කරන්නේ මූල්‍ය ධනපති ස්‌ථාවරයේ බලපෑම උඩයි. ලීසිං, µsනෑන්ස් කොම්පැනිකාරයෝ වාණිජ බැංකු කොන්ත්‍රාත්කරුවන්ගේ වුවමනාවයි ඉටු කරන්නේ.
ආණ්‌ඩුව ගෙන යන නව බදු ප්‍රතිපත්තිය නිසා රටේ මේ ආයතන සියල්ලම ගොඩනැඟිය නොහැකි පරිදි බිඳ වැටිලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් පිළිගෙන කටයුතු කරන්නේ. රජයේ ආදායම් ගොඩනඟන්නේ නැතුව ආණ්‌ඩුවක් ගෙන යන්න බැහැ. වමේ අපි අඛණ්‌ඩව මේවා ගැන කියා සිටිනවා. මෙතැන පංති ප්‍රශ්නයක් තිබෙනවා. මූල්‍ය ධනපති ස්‌ථරයට ආණ්‌ඩුව යට වෙනවා. බදු බර පටවන්නේ සාමාන්‍ය ජනතාවට. සාමාන්‍ය ජනතාවට බලපාන වක්‍ර බද්ද වැඩියි. සෘජු බදු අඩුයි. මුළු ලෝකයේම සෘජු බදු අඩු ප්‍රතිශතය තියෙන්නේ ලංකාවේ.
බදු අවශ්‍යයි. බදු නැත්නම් ණය වෙන විකල්පයක් නැහැ. බදු එන්න එන්න අඩුකර ණය වැඩි කිරීම නව ලිබරල්වාදී ප්‍රතිපත්තියක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත්ම වාර්තාවෙන් කියන්නේ සෘජු බදුවලට ආපසු යා යුතුයි කියලා. ධනපති පංතියට පුළුවන් තරම් සහන දීලා. ජනිත කරපු ආදායම බදු වශයෙන් ලැබිලා නැහැ. මේවා කොහේද යන්නේ. මේවා එක්‌තරා පංතියක ඒකරාශීවී තිබෙනවා. අතහැරීම යා යුත්තේ එතැනටයි. මාසයකට ලක්‌ෂ 2 ක මුදලක් ආදායම් ලබන කෙනාගෙන් ආදායම් බදු ගෙවන්නේ නැහැ. මෙහෙම මාසයකට රුපියල් ලක්‌ෂ 2 ක ආදායමක් ලබා බදු නොගෙවන කිසිම රටක් ආසියා කලාපයේම නැහැ.
මැතිවරණවලට වියදම් කරන්න, මේ අයගෙන් මුදල් ලබාගෙන තිබෙන නිසා ඒ අයට අත තියන්න කැමැති නැහැ.
ජනතාව මත බදු බර පටවන්න ඉඩ නොදෙන ලෙසට ආණ්‌ඩුවේ සිටින මන්ත්‍රීවරු සටන් කළ යුතුයි. දැන් අයි.එම්.එµa. එකෙන් කියලා තියෙනවා ඔවුන් කියනවා සෘජු බද්දට යන්න කියලා. වමේ අපි කියූ දේ අද අයි.එම්.එµa. එක නමැති හාම්පුතාලත් අද කියා තිබෙනවා. අද තියෙන්නේ දත් කැඩුණු ජනාධිපති මූල්‍ය අරමුදලක්. අයි.එම්.එµa. එක කෙරෙහි විශ්වාසය නැතිවෙලා. සෘජු බදු වැඩිකිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ගෙන යා යුතුයි.
සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ මහතා - මෙවර හොල්මන් කරන අයවැයක් ඉදිරිපත් කරනවා කියලා මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. මම හිතනවා මුදල් ඇමැතිවරයාට වචනය වරදින්නේ නැතුව ඇති කියලා. අපිට අපේක්‍ෂා කරන්න වෙන්නේ හොල්මන් කරන අයවැයක් තමයි. ඒ ගැන නම් සැකයක් නැහැ.
ආයෝජන එන එක නොවෙයි පසුගිය කාලේ සිදු වුණේ. එක පැත්තකින් ඩොලර් බිලියන 1.5 ක ණයක් ගන්නකොට අනෙක් දොරෙන් ඩොලර් බිලියන 2 ක් ආයෝජකයන් රටින් පිටමං කළා. ඊට ප්‍රධාන හේතුව වුණේ රුපියලේ වටිනාකම බාල්දු වීමයි.
ජනතා ආයෝජකයෝ ආදායම පහළ බසින බව කල්පනා කර තැන්පත් කර තිබූ ආයෝජන ඉවත් කර ගත්තා. මෙවැනි තත්ත්වයක් යටතේ ආයෝජකයන් විශාල වශයෙන් එයි කියා ආණ්‌ඩුව කල්පනා කරන්නේ කොහොමද? එවැනි තත්ත්වයක් යටතේ පිටරට ආයෝජන ආපසු එන්න පුළුවන්දැයි කියා අපි ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කරනවා.
සංහිඳියාව ගොඩනැඟීම පිළිබඳ කාරණයේ දී පෙරේදා යාපනයේ පැවැත්වූ පෙළපාලියකින් යම් යම් ප්‍රශ්න මතු වෙනවා. මේ පෙළපාලිය නම් කරල තිබුණේ "දෙමලුනි නැගිටියව්" කියලයි. මේ විදියට මේ පැත්තෙනුත් සිංහලයිනි නැගිටියව් කියා කියන්න ගියොත් ජාතික වශයෙන් ලොකු ප්‍රශ්න ඇතිවිය හැකියි. මේ විදිහේ සටන්පාඨ දාලා කටයුතු කිරීම සංහිඳියාව ගොඩනැඟීමට ආධාර වෙනවද? මේවායින් සිදු වන්නේ තිබෙන සංහිඳියාවත් නැතිවීමයි.
ආණ්‌ඩුවේ ශ්‍රීලනිපයට සම්බන්ධ කොටස් කියන්නේ ජනමත විචාරණයකින් තොරව ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ කෙරෙන්න ඕන කියලයි. එහෙම වූවොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකියි. මේ කාරණා පැහැදිලි විය යුතුයි.
මහාචාර්ය තිස්‌ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර, ජී. ඩී. ඊ. තිලකසිරි යන මහත්වරුද අදහස් දැක්‌වූහ.