කලබල නොවන්න
Posted: 5:00 pm, June 13, 2013
Share on facebookShare on twitterShare on emailShare on pinterest_shareMore Sharing Services0
පෙ
රටුගාමි සමාජවාදී පක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රය ආශ්‍රිතව ඇති වී ඇති දේශපාලන අර්බුදය නිසා දේශපාලනයට සංවේදී වන බොහෝ තරුණ කණ්ඩායම් මේ මොහොතේ දී අර්බුදයට ගොස් ඇත. මෙවැනි මංසන්ධියක දී එවැනි අය කළ යුත්තේ මොහොතකට එකතැන නතර වී මෙතෙක් ලංකාවේ සිදු වූ දේශපාලන අරගල වල ඉතිහාසය යළි හැදෑරීමයි.
90 දශකයේ සිට සමාජ ව්‍යාපාරයක් ලෙස වැඩ කරත්දී අපට හොදින් දැනුන දේ වූයේ ධනවාදය නම් සමාජ ව්‍යුහයත්, එය මිනිසාගේ ආත්මයට සම්බන්ධ වන ආකාරයන් සිදු වූ මහා වෙනසයි. මේ වෙනස පැහැදිලි කිරීමට අප වචන කිහිපයක් යොදා ගත්තේය. ඒවා නම් පශ්චාත්-නූතනවාදය, ආත්මීය ස්ථාවර, කතිකාව, ලිංග-භේදය, ශිෂ්ටාචාරය අර්බුදයට යාම, සංස්කෘතිය මිලේජ්ජ වීම, ෆැසිස්ට්වාදය අධිපති සමාජ බල රටාව බවට පරිවර්තනය වීම, ප්රජාතන්ත්රවාදය ඛාදනය වීම, ජාතිවාදය මතුවීම.
තවමත් ලංකාවේ බොහෝ වාම කණ්ඩායම්, පක්ෂ සහ පුද්ගලයන් ක්‍රියාත්මක වන්නේ ධනවාදයේ සම්භාව්‍ය ව්‍යුහය සිහි තබාගෙනය. එනම් කම්කරුවා සහ ෆැක්ටරිය තුළදී වන ප්රතිවිරෝධය හරහා කම්කරුවා සංවිධානය කිරීම පිළිගත් ප්‍රමිතිය ලෙස සලකා බැලෙයි. නමුත් නූතන ධනවාදය තුළ ශ්‍රමිකයා සහ ප්රාග්ධනය අතර ගැටුම නිරූපණය වන්නේ අධෝ-ව්‍යුහයෙන් පලා යන ෆැන්ටසි පිළිතුරක් ලෙස උපරි-ව්‍යුහය තුළය. අධෝ-ව්‍යුහය සහ උපරි-ව්‍යුහය යනු අප කලින් කල්පනා කල ආකාරයට සහසම්බන්ධ ප්‍රති පක්ෂයක් නෙවී. අධෝ-ව්‍යුහයේ පිපිරීමක් වොල්කනයිස් කිරීමට උපරි-ව්‍යුහය යෙදවේ. උදාහරණයක් ලෙස ධනවාදයේ මූලික පසමිතුරුතාවයෙන්(පිපිරීම) ගැලවීමට නම් එය දෙමලාගෙන් වොල්කනයිස් කරනු ලැබේ. එවිට දෙමලා යනු ෆැන්ටසි පැච් එකකි.
කුමාර් ගුණරත්නම් තම පක්ෂයේ ජාතික ගැටළුව සම්බන්ධ මතය එහි නායකත්ව ගොනුවට සංවාදය සදහා එකතු කර ඇත. එවිටම පක්ෂය පිපිරී ගියේය. ජාතික ගැටළුව තවමත් දේශපාලන පක්ෂ තුළ බෝම්බ යථාර්ථයක් බිහි කරන්නේ මන්ද? කුමාර් ට අනුව බලය බෙදීම අනාගත සමාජවාදයට අනතුරකි.
ම
න්ද යත් සිංහල-දකුණ සමාජවාදයට යන විට අධිරාජ්‍යවාදය තමිල් ඊළම ධනවාදයට ගෙන යන නිසාය. අනුමාන කිරීමක් ලෙස ගතහොත් කුමාර් ගේ අදහස නිවැරදිය. නමුත් ව්‍යවහාරය න්‍යායට වෙනස්ව ක්‍රියා කරන තැන් ඇත. ( ජ.වි.පෙ තුළම ලාල්කාන්තගේ ජාතිය පිළිබද අදහස පක්ෂයේ අදහස නෙවී.)
ධනවාදය තුළ අවසාන අහිමිවීම යනු ජාතියයි. කෙනෙකුට ජාතිය අහිමි වූ පසු සම්මුඛ වන්නේ ආත්මීය ලෝකයේ අවසන් ගිමන් හල වන හිස් බවයි. බොහෝ දෙනා සිතන්නේ මිනිසාගේ අවසාන ස්ථානයට අර්ථයක් තිබිය යුතු බවයි. නමුත් මනුෂ්‍ය ආත්මයේ අවසාන තැන ‘හිස් තැනකි’. [Empty Place] කුමාර් වැනි දේශපාලන නායකයෙකු පවා සිතන්නේ මිනිසාට කුමන හෝ අවසාන සාරයක් තිබිය යුතු බවයි. අනුගාමිකයන්ට මෙවැන්නක් නැත්තේ ඔවුන්ගේ ‘සාරය’ නායකයා නිසයි. ඒ නිසා නායකයා සහ සාමාජිකයන් අතර ගැටුම පසමිතුරුතාවයකි. එය ප්රතිවිරෝධයක් නොවේ. අයෙකු තමාට තම අනන්‍යතාවය පූර්ණ කිරීමට ඉඩ නොදෙනු ඇත්තේ අනෙකා යැයි විශ්වාස කරයි. නමුත් මෙය තමන්ගේම හිතලුවක් පමණි. කෙනෙකු මෙසේ කරන්නේ තමන් තමා තුළම අත් විදින හිස් බව දරාගත නොහැකි නිසාය. එබැවින් මනුෂ්‍යයා තමාට පරිපූර්ණ වීමට ඉඩ නොදෙන්නේ බාහිර අනෙකෙක් යැයි අනුමාන කර ඒ තැනැත්තාව විනාශ කිරීමට සියල්ල කරයි. ( ඒ හින්ද තමයි මේ අප ජීවත් වන යුගයේ පන්ති දේශපාලනයටත් වඩා දෘෂ්ටිවාදය විචාරය කිරීම ප්‍රබල වෙලා තියෙන්නේ.) සිංහලයාට පරිපූර්ණ වීමට ඉඩ නොදෙන බාහිර බාධකය මේ යුගයේ දෙමළා වෙලා තියෙන්නේ මේ හින්දයි. කිසිවකු වටහා නොගන්නේ දෙමළා යනු තමන්ගේ ස්වයං-බාධාව පිටතට බහිෂ්කරණය කිරීමක් බවයි.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,