මෙවර මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය පවසයි.
පක්ෂ මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයින්ගේ අනුමැතිය ඒ සඳහා හිමිව ඇති බව එහි මාධ්‍ය ලේකම් එරන්ද නවරත්න මහතා සඳහන් කළේය.
ඒ අනුව පක්ෂ සභාපතිවරයා හා ලේකම්වරයා ඒ පිළිබඳ අද හෝ හෙට දින මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය...
http://sinhala.adaderana.lk/news/141543/ඥානසාර-හිමි-පාර්ලිමේන්තුවට-
