බුදු දහමින් හික්මුණු සමාජයක ගබ්සා නැත. එහෙත් දහම් දිවයිනක් සේ ප්‍රකට ශ්‍රී ලංකාවේ ගබ්සා පුවත් බහුල ය. දහම් ඇසුර නිසි පරිදි නොලැබීම ඊට හේතුව ය. අපේ බොහෝ තරුණියන්ගෙන් නැගෙන දුක් මුසු කතා ඇසූ මේ වෛද්‍ය ලේඛකයා ගබ්සාව රටින් තුරන් කිරීමේ අරමුණින් ඉතා වැදගත් කරුණු රැසක් මේ ලිපියෙන් ඉදිරිපත් කරයි.
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි
“ඩොක්ටර්, මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මා හදිසියේ මුහුණ පා ඇති ගැටලුව විසඳාගැනීමට ඔබගෙන් උපකාරයක් අවශ්‍යයි. මගේ යෙහෙළිය ගැබ් ගැනීමකට ලක් ව ඇතත්, අප පසුවන්නේ දරු උපතකට ඉඩ දිය නොහැකි අවස්ථාවකයි. වුවමනාවෙන් සිදු කොට ගන්නා ගබ්සාව ශ්‍රී ලංකාවේදී නීති විරෝධී බව දන්නා නමුත් අප සිටින්නේ අතිශය අසීරු තත්ත්වයකයි. ඔබේ උපකාරය මට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේදී ගබ්සාවක් සිදු කොට ගැනීම සඳහා සුදුසු ස්ථානයක් සොයාගැනීමටයි. පිළිතුර හැකි ඉක්මනින් බලාපොරොත්තු වෙමි. ඔබට ස්තුතියි.”
සන්ධ්‍යා භාගයේදී ලැබෙන එස්එම්එස් පණිවුඩයෙන් හදිසි විසඳුමක් අයැද සිටින්නේ සිදු ව ඇති හදිසි වැරදීමක් සඳහා ය. යෝජනා වන විසඳුම සුදුසු හෝ නුසුදුසු ලෙස වර්ගීකරණය කිරීම ද තරමක අපහසු කාර්යයක් වන්නේ ගැටලුවේ පාර්ශ්වකරුවන් බාලවයස්කයන් වීමත් සමඟ ය.
අදාළ විමසුම සඳහා අපගෙන් සැපයෙන එස්එම්එස් පිළිතුර මෙබඳු ය:
“මෙහිදී වඩාත් සුදුසු වන්නේ පිළිගත් නාරි හා ප්‍රසවවේද වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීමය.”
එහිදී අප තවදුරටත් දන්වා සිටින්නේ ඔවුන්ගේ ගැටලුවේ ස්වභාවය හරිහැටි තහවුරු කොට ගැනීමට හා ඉදිරි විසඳුම් සඳහා වන කතිකාවතකට සුදුසු වෛද්‍යවරයකු පිළිබඳ ව ය.
“ස්තුතියි ඩොක්ටර්, ඒ වෛද්‍යවරයාට ගබ්සාවක් සිදු කොට දීමට හැකි වේවි ද? එවැන්නක් සඳහා වැය කළ යුතු මුදල කොපමණ ද? මවගේ ආරක්ෂාව ගැන අපට සහතික විය හැකි ද?”
ඔහු දෙවනුව දන්වා සිටින විස්තරය එබඳු ය. ඒ පිළිබඳව මෙලෙස සටහන් වූයේ අපේ උත්තරය ය:
“ඔහු සුදුසුකම්ලත් ප්‍රවීණ නාරි හා ප්‍රසවවේද වෛද්‍යවරයෙකි. ඔබේ ගැටලුව හඳුනාගැනීමට ඔහුට හැකියාවක් ඇත.”
තොරතුරු හුවමාරුව සිදු වන්නේ අධිවේගී ව ය. තවත් විමසුම් ද ප්‍රතිපැවසුම් ද ලියැවෙන්නේ මෙලෙසය:
“ඩොක්ටර්, තවදුරටත් ඔබට කරදර කිරීමට සිදුවීම ගැන කණගාටු වෙමි. අපේ ප්‍රශ්නය පැවසීමට වෙනත් කිසිවකු නැත. නාරි හා ප්‍රසවවේද වෛද්‍යවරයාගේ දුරකතන අංකයක් ලබා දිය හැකි ද?”
“දුරකතන අංකයක් නොදනිමි. අදාළ පෞද්ගලික රෝහලේදී රෝගීන් පරීක්ෂාව සිදු වන කාලසීමාවේදී ඔබේ අවශ්‍යතාව සඳහා කාලය වෙන් කොට ගත හැකිය.”
“ඩොක්ටර්, ඔබේ උපකාරය සඳහා ස්තුතියි. අපට එහිදී ගබ්සාව සිදු කොට ගත හැකි ද? එසේ නැත හොත් ඒ වෛද්‍යවරයාගෙන් ලැබෙන්නේ උපදෙස් පමණක් ද?”
සියල්ල සියල්ලන්ට ම සාධාරණව විසඳාගැනීමේ අවශ්‍යතාව මත අවසානයේදී අපගෙන් ඉදිරිපත් කෙරෙන්නේ මේ යෝජනාව ය:
“හෙට උදෑසන සේවා ස්ථානයේදී මා හමු වන්න.”
ගැටලුව පිළිබඳ හමු වී කෙරෙන සාකච්ඡාවකට වූ අපගේ යෝජනාවත් සමග අවසාන වූ එස්එම්එස් සංවාදය සිදු වූ අධිවේගය අනුව පසුදින ඔවුන්ගේ පැමිණීම පිළිබඳ තරමක හෝ අපේක්ෂාවකින් අප සිටි මුත් එවැනි හමුවක් සිදු වූයේ නැත. වර්තමාන සමාජ වටපිටාව ගැන අප සතු අවබෝධයට අනුව එතරම් අසීරු නොවන්නේ ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳ අනුමානය ය.
අද තැන තැන කතා කරන මුත් හරි හැටි කතා නොකෙරෙන මාතෘකාවක් වන්නේ ද අදාළ එස්එම්එස් තතු විමසුමට නිමිත්තක් වූ ගබ්සාව ය. ගබ්සාව වෛද්‍ය විද්‍යාත්මකව අර්ථ දැක්වෙන්නේ දරු ගැබට සති විසි අටක් සපිරෙන්නට පෙර කලලය විනාශයට පත් වීමත් ලෙසට ය. විටෙක ස්වාභාවික ව ම සිදු වීමට ඉඩ ඇති ගබ්සාව සාපරාධී ගබ්සාවක් ලෙසට නම් වන්නේ කිසිවකුගේ වුවමනාවට කලලයේ විනාශයට ගැනෙන තීරණය හා ක්‍රියාමාර්ග හේතු කොටගෙන ය. සාපරාධී ගබ්සාවක් ලෙස හැඳින්වෙන්නේ කිසියම් රටක පවතින නෛතික තත්ත්වයන්ට පටහැණිව මවකගේ ගර්භිණීබව නතර කිරීමට සිදු කෙරෙන කාර්යය ය. ශ්‍රී ලංකාවේ දැනට මේ සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වය නීතිපොතට ඇතුළත් ව ඇත්තේ වර්ෂ 1883දී ය. දරු ගැබ තවදුරටත් දරා සිටීමෙන් මවගේ ජීවිතයට අනතුරක් සිදු වන බවට ඉදිරිපත් වන වෛද්‍ය නිර්දේශයත් අනුව පමණක් ශ්‍රී ලංකාවේදී ගබ්සාවකට ඉඩක් ඇති බවට එලෙස දණ්ඩ නීති සංග්‍රහයේ 303 සහ 307 වගන්තිවල සඳහන් වන්නේ ඒ අනුව ය.
ස්වාභාවික ව ම සිදු වන ගබ්සාවන් ද දුලබ සිදුවීමක් නොවන්නේ සාමාන්‍ය ගැබ්ගැනීම් සංඛ්‍යාවෙන් සියයට දහයක පමණ ප්‍රතිශතයක් එබඳු තත්ත්වයකට පත් විය හැකි හෙයිනි. එලෙස ස්වාභාවිකව සිදු වන ගබ්සාවන්ගෙන් අඩකට ම නිශ්චිත හේතුකාරකයන් සොයාගැනීම අපහසු ය. ඉතිරිය සඳහා සොයාගත හැකි හේතු කාරක වන්නේ කලලයේ ආරම්භක සෛලයේ හෙවත් යුක්තානුවේ විකෘතීන්, මවගේ ඇතැම් රෝග තත්ත්වයන්, ගර්භාෂයේ අසාමාන්‍යතාවන්, සිරුරෙහි පවතින හෝර්මෝන අසමතුලිතතාවන් හා ඇතැම් ඖෂධ භාවිතයන් ය. රුබෙල්ලා, උපදංශය, මැලේරියාව, ටොක්සොප්ලැස්මෝසිස්, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු ආබාධ, හදිසි මානසික අසමතුලිතතා හා අධික උණ එලෙස ගබ්සාවකට ඉඩ ඇති කළ හැකි මවගේ රෝග තත්ත්වයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු හෝ වැඩි ක්‍රියාකාරීත්වය, ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන ඌනතාව එවැනි තත්ත්වයකට බලපෑ හැකි හෝර්මෝන අසමතුලිතතා වෙයි. ඒ තීරණවලට ලක් වීම ද ගර්භාෂයේ වෙනස්කම් හා ආබාධ ද ඇතැම් ඖෂධ භාවිතය ද තරමකින් ඉහළ දමන්නේ ගබ්සාවකට ඇති අවදානම යි.
සාපරාධී ගබ්සාවකට පහසුකම් සපයන්නේ වෙනත් සේවා සැපයීමේ මුහුණුවරින් ද බොහෝ විට රහසිගතවද ක්‍රියාත්මක වන පෞද්ගලික ආයතන යි. එහිදී පාලනයෙන් මගහැරෙන්නේ පිළිගත් වෛද්‍ය සේවාවකදී පවත්වාගත යුතු නිසි ප්‍රමිතිය යි. එහෙයින් එවැනි ස්ථානයන්හි කාර්යයෙහි යෙදෙන්නන්ගේ සුදුසුකම් හෝ භාවිත වන උපකරණයන්හි නිවරැදි බව හා පිරිසිදු බව හෝ පිළිබඳ සහතික කොට ගැනීම ද බෙහෙවින් අසීරු ය.
අදාළ කාර්යයේ අවසාන ප්‍රතිඵලය අතිශය අනතුරුදායක විය හැක්කේ ඒ අනුව ය. එහිදී විය හැකි වඩාත් අයහපත් ප්‍රතිඵලය මවගේ ද ජීවිතය අහිමි වීම යි. එවැනි අවස්ථාවකදී හදිසි මරණයකට හේතු විය හැක්කේ සිදු වන අධික රුධිර වහනය හෝ ස්නායුගත කම්පනය යි. නිසි ප්‍රමිතියකින් තොරව සිදු වන මෙබඳු ක්‍රියාවලියකදී සිරුරට ඇතුළු විය හැකි විෂබීජ රුධිරයට එකතු වීම ද ඇතැම් විට හේතු කාරකයක් විය හැක්කේ මරණයට යි.
දිගු කාලීනව පැවතිය හැකි උදරයේ පහළ කොටසෙහි හටගන්නා කල්ගත ආසාදන තත්ත්වයන් ද ඉදිරියේදී දරුඵල ලැබීමට බල පවත්වන අහිතකර තත්ත්වයන් ද සැලකෙන්නේ සාපරාධී ගබ්සාවක තවත් අතුරු ප්‍රතිඵල ලෙසට ය.
ඇතැම් සමීක්ෂණයකට අනුව පැවසෙන්නේ ශ්‍රී ලංකාවේ දිනකදී සිදු වන නීති විරෝධී ගබ්සාවන් සංඛ්‍යාවෙන් දහසකට ආසන්න බව යි. මෙබඳු නීති විරෝධී ආයතන රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන්නේ විවිධ සමාජ මට්ටම් ඉලක්ක කොට ගෙන යි. ලැබෙන තොරතුරු මගින් හෙළි වන්නේ නවීන ක්‍රම ද යල් පැන ගිය ප්‍රාථමික තලයේ ක්‍රම ද මෙම ස්ථානයන්හිදි භාවිත වන බවයි.
සේවා සපයාගැනීමට මෙම ආයතන වෙත පැමිණෙන පිරිස ද විවිධාකාර ය. එහෙයින් ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් පවා විටෙක සිය සේවා ලාභියකුට ලබාදීමට මෙම ආයතන සමත් ය. මෙබඳු ස්ථානයන්හිදි කිසිදු ප්‍රමිතියකින් තොරව පොදුවේ භාවිත කැරෙන උපකරණ හේතුවෙන් යම් සේවාලාභියකුට ඇති ලිංගාශ්‍රිත රෝගයක් පසුව පැමිණෙන සේවාලාභීන්ට ලැබීමට ඇති ඉඩ ඉහළ ය.
අවිවාහක කාන්තාවන් පමණක් නොව විවාහක කාන්තාවන් ද නිති විරෝධී ගබ්සාවට යොමු වන බව පැහැදිලි ය. අනපේක්ෂිත මොහොතක ගැබ් ගැනීමේ ගැටලුවට පහසු පිළිතුර ලෙස ඔවුන් තෝරාගන්නේ ගබ්සාව යි. වයසින් වැඩි දරුවන් සිටීම, ආර්ථික දුෂ්කරතා, සිය රැකියාවෙහි යෙදීමේදී හෝ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේදී ගර්භිණී බව ගැටලුවක් වීම සඳහන් කළ හැක්කේ විවාහක කාන්තාවන් ගබ්සාවට යොමු වීමේ සුලබ හේතුකාරක හැටියට යි.
කවුරුන් කිනම් ආකාරයේ හේතු දැක්වූව ද සාපරාධී ගබ්සාව සාධාරණීකරණය කළ නොහැක්කේ ගබ්සාව මගහැරීමට සුදුසු පූර්ව ක්‍රමවේද සකසාගැනීම අසීරු නොවන හෙයිනි. එහිදී වඩාත් ප්‍රායෝගික ප්‍රතිකර්මය වන්නේ ගැළපෙන පමණින් සැමට ලැබිය යුතු නිවැරදි ලිංගික අධ්‍යාපනය යි. එහිදී ගැබ් ගැනීමකට ඉඩ සැලසෙන ආකාරය, ගැබ් ගැනීමක් වළක්වාගත හැකි ආකාරය හා වගකීමෙන් හැසිරිය යුතු ආකාරය පිළිබඳ නිවැරදි දැනුම සැපයීම අවශ්‍ය ය. සියල්ල යහපත් ව සිදු වීමට උද්ගත විය හැකි හදිසි අවස්ථාවන්ට සුදුසු පරිදි මුහුණ දීමේ කුසලතාව වඩවාගැනීම ද අත්‍යවශ්‍ය ය.