කල්පනාවක මොහොතක් .......?

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    කල්පනාවක මොහොතක් .......?

    [FONT=&quot]හිතට ගලා එන දහසකුත් සිතිවිලි අතර මං මුලා වී කාමරයේ ජනේලයෙන් ඈත අහස දෙස බලා සිටියෙමි .ඊයේ දුරුතු පසලොස්සවක පොහෝ දිනය නිසා කාමරයට කෙලින්ම සද එලිය වැටී වෙනදාට නොමැති තරමේ ආලෝකයක් අවට පරිසරයේද දකින්නට විය.පුරුද්දක් වශයෙන් අපේ ගෙදර හවස රේඩියෝවෙන් යන පිරිත් දේශනාව ඇසෙන්නට විය .පිරිත් දේශනාව හවස 6 ට ආරම්භ වන බැවින් ඊට කලින් නිවස අතුගා මල්පහන් පුජා කිරීමට අපව කුඩා කල සිට අපව පුරුදු කරේ අපේ අම්මාය .අපේ අම්මා සිංහල බෞද්ධයකු වශයෙන් ආගමික වතාවන් වල ඇය පමණක් නොව පව්ලේ සියලු දෙනාවම යොමු කරවා ගැනීමට අමතක කලේ නැත.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot] අලුත් නව වසරක් උදා වී දින 4 ක් ගෙවූනද අවට විටින් විට මල් වෙඩි හඩවල් ඇසෙන්නට වුයෙන් ගෙදර ඉන්න බල්ලට ඉස්පාසුවක් නොමැතිව බුරාගෙන එහෙ මෙහෙ දුවන්නට වුයේ එම ශබ්දය ඌට දරාගත නොහැකි බැවිනි.අප නිවසේ බල්ලන් දෙදෙනකු සිටියද එකෙක් දැඩි ගති පැවතුම් වලින් වූ බැවින් අපි ඌව ගැටගසා තැබීමට වගබලා ගත්තෙමු.නමුත් රාතී‍්‍ර 10න් පසු ඌව ලිහා දමන්නේ අතුරු මාර්ගයේ අපේ නිවාස පිහිට තිබෙන බැවින් එම වෙලාවේ කව්රුත් මාර්ගයේ ගමන් නොකරන බැවිනි.නිවසෙහි ඉදිරි පසින් හා වම පසින් තාප්පයකින් වටකර අනිත් පැති වල සාමාන්‍ය කටු කම්බි යොදා තිබුනද ගෙදර බල්ලට කටු කම්බි යටින් මාර්ගයට පිවිසීමේ හැකියාව තිබිණි.[/FONT]
    [FONT=&quot] වැසි බර කාලගුණයකින් අනතුරුව අලුත් වසර උදා වුයේ සාමාන්‍ය මට්ටමේ හිරු එළියක් සහිත වුවද පසුගිය මාසයක කාලයක් නොකඩවා වර්ෂාව පවතී බැවින් මදුරු ගහනය දැඩි වශයෙන් වැඩි වී තිබිණි .ගම්බද පරිසරක් බැවින් ගස් කොලන් වල මදුරු වාසස්ථාන පැවතුනද උන් රාතී‍්‍රයෙදී නිවාස වලට පැමිණෙන්නේ උන්ගේ ආහර අවශ්‍යතාව පිරිමසා ගැනීමටය .උන්ගෙන් බේරීම සදහා කල හැකිව තිබු එකම විසදුම වශයෙන් ඊට කලින් දින කඩයෙන් මිලදී ගෙන තිබුන මදුරු කොයිල් පැකට්ටුවෙන් මදුරු දගරයක් දල්වා කාමරයේ මේසය යටින් තැබුවේ උන්ගේ හීන් කෙදිරිය මට ඉවසා ගත නොහැකි වූ බැවිනි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot] විශ්ව විද්‍යාලයේ වසර අවසාන විභාගය නිමවූ නිසා නිවසේ වැඩි කාලයක් ගත කිරීමට හැකිවීම සිතට සහනයක් ලෙස දැනුනද උසස් පෙළ කාලයේ සිටි යහළුවන් මුණ ගැසීමට නොහැකි වුයේ මේ වන විට ඔවුන් විවිද රැකියා වල නිරත වී සිරිමයි.නොදනිම ඒ කාලය වෙත සිත නැවතත් දිව ගියේ කරන්නට කිසිවක් සිතට නොපැමිණි නිසායයි මට සිතිනි.ඒ කාලයේ අපේ ගැන්සියේ සමීපතම මිතුරන් හය දෙනකු ද පන්තියේ අනෙක් යහළුවෝ සිටියද අපි උපකාරක පන්ති ගියේ මේ 6 දෙනා සමග බැවිනි.දැන් ඔවුන් ඔවුන්ගේ ජීවිත ගොඩ නගා ගැනීමේ සටනේ යෙදී සිටියි.නම් වශයෙන් ඔවුන් සදහන් කිරීමක් නොකලත් සෙට් එකේ ඕනිම වැඩකට බහින අපි නායකයා වශයෙන් සලකන පුද්ගලයා දැන් රට ගොස් සිටියි.ශරීර ප්‍රමාණයෙන් සැලකුවද ඔහු අපිට වඩා දෙතුන් ගුණයකින් හෙබි සමාජ සම්බන්ධතා අතින් ගත්තද යන යන තැන ඔහුගේ යහළුවන් පිරිස වැඩි වන්නේ අනෙක් අයගේ සිත් ඇද බැද ගැනීමේ වාග් විලාසයකින් යුතු වීම හා නිහතමානි ගුණය යයි දැන් මට වැටහේ..උසස් පෙළ විභාගය සමත් වුවත් රැකියා ලබා ගැනීමේ දැඩි පරිශ්‍රමයකින් පසු කොරියන් භාෂා විභාගය සදය පෙනී සිට එය සමත් වුවත් ලංකාවේ පැවති දේශපාලන වාතාවරණයෙන් විභාගය සමත් වීම පමණක් සුදුසු කමක් ලෙස නොසැලකේ .කෙසේ හෝ ඔහුගේ සම්බන්ධතා යොදාගෙන සුදුස්සකු ලෙස රට රැකියාව සදහා සෙට් එක හැර ගියේ ඔහුය..[/FONT]
    [FONT=&quot]මංගල කරුණු වශයෙන් බුදුන් වහන්සේ දේශනා කල කල්‍යාණ මිතුරන් ලැබීමේ වාසනාව මටද හිමි වී තිබුනේ අපේ සෙට් එකේ සියලු දෙනාම එකා වන්ව අනෙකාගේ දුක සැප කෙරෙහි අවදානය යොමු කල නිසාය.කතාවේ දෙවන නායකයා ලෙස සලකන පුද්ගලයා ගැන මෙසේ විස්තර කරමි .ඔහු අත ඇත්තේ කුමක්ද අපේ කෙනෙකුගේ දුකකදී එය ඔහු වෙත දීමට තරම් ඔහු හදවතින් පොහොසත්ය .මුල්‍ය අංශයක රැකියාවක ඔහු මේ වන විට නිරත වී සිටියි .කිලෝමීටර් 5-6 දුරකින් ඔහු සිටියද එක ඇමතුමකින් පවා ඔහු පැමිණෙන්නේ ඔහුගේ පොහොසත් ගති පැවතුම් වලට ආදර්ශයක් ලෙසිනි ..ඒ දවස් වල අපි ඔහුගේ නිවාස වෙත යන්නේ අඹ ගස් වලින් හා තැබිලි ගස් ඔහුගේ නිවසේ පිහිටා තිබීමත් නිවස අසලින් ගලා බසින ඔයක්ද වුයෙන් අපිට හොද හැටි සැහීමකට පත් විය හැකි වත්කම් ඒවා වූ නිසයි.තවද අපේ පන්තියේ හැමෝටම වාගේ ඔහුගේ නිවසට පැමිණීමට පහසු වූ නිසා විය හැකිය.අඹ ගස් වලට සියලු දෙනාටම පහේ නැගීමට හැකි වුවද මගේ පැමිණීමත් සමග ඔවුනට තැබිලි වල රස බැලීමට හැකිවනවා පමණක් නොව ඔවුන් පවසන අන්දමට මගේ හිතට එන පිස්සු අසාවන් කෙරෙහි ඔවුන්ගේ දැඩි කැමැත්තක් වූ හෙයින් යයි විටෙක ඔවුන්ද මා හට පවසා ඇත .[/FONT]

    [FONT=&quot]මීළග පුද්ගලයා ගැන සදහනක් කරොත් ඔහුට ඔහුගේ කෙළිලොල් හැගීම් පාලනය කරගත නොහැකි අයෙක් ලෙස බියක් නොමැතිව සදහන් කල හැක..ඔහුගේ ආදර වදන් වලින් ඔහුට කැමති ඕනෑම අන්දමේ කෙල්ලෙක් වශී කරගන්නට උපන් හැකියාවක් ඔහු වෙත දායාද වී ඇත්තේ පෙර පිනකටද පවකටද යන්න මේ වන තෙක් මට වටහා ගැනීමට නොහැක.අපේ සෙට් එකට ඔහුගේ මෙම ආදර හැගුමන් වලට බාධක දැමීමෙන් පාලනය කර ගත නොහැකි වීමෙන් අප මුහුණ දුන් ඇතැම් සිදුවීම් තවමත් අපේ මතකයේ පැවතියද දැන් ඒවා මතක් කිරීමෙන් ලබන මානසික සතුට කිසි දිනකදී නැවත අප වෙත ලබා ගත නොහැකි වන්නේ අප දැන් වයසින් වගකීම් දැරීමට සුදුසු කාලයකට එලබ ඇති බැවිනි..එක සිදු වීමක් මෙසේ මම සදහන් කරන්නම් [/FONT]
    [FONT=&quot] උසස් පෙළ විභාගයට මාස කිහිපයක් පමණි.අපි අතිරේක පන්ති සදහා සහභාගී වුයේ ගම්පහ ප්‍රසිද්ධ ගුරුවරයෙකු මෙහෙය වූ ආර්ථික විද්‍යා පන්තියකටය..මෙයට අපේ කථා නායකයාගේ කලින් පෙම් පෙම්වතියක්ද සහභාගී විය..මොහු නව සම්බන්දතාවක් පවත්වාගෙන යමින් සිටියද,එකල භාවිතා කල සිම් පතකින් මෙම පෙම්වතියගේ නොම්බරේ නැවත ලබා ගෙන එයට නිර්නාමික ඇමතුන් ලබා ගෙන ඇයට බැන ඇති අතර,සිදුවීම අවසානය වන තෙක් ඔහු අපට මේ ගැන පැවසුවේ නැත.බරපතල කාරනාව මෙය නොවේ ,මෙම පෙම්වතිය තම වර්තමාන පෙම්වතාට තමාගේ කලින් පැවතී සම්බන්දතා පිලිබදව නොසගවා පවසා තිබීමත් ,අපගේ කතා නායකයාව ඔහුට පන්තියේදී පෙන්වා ඇති බවත් අපට වැටහුනේ අවසානයේදී වීමයි .කෙසේ හෝ මොහුගේ මෙම නිර්නාමික ඇමතුම් පිලිබදව ඇය ඔහුගේ නව පෙම්වතාට පවසා ඇති අතර ඒ කටහඩ තමාගේ පැරණි පෙම්වතාගේ කටහඩට සමාන බවද පවසා ඇත.ඔහු ගම්පහ නගරයේ ආසන්නයේ පදිංචිව සිටින අතර ඔහු පන්ති පැමිණෙන්නේ තනිව නොවේ .අප මෙන් ඔහුගේ සෙට් එකේද 6-7 කට අසන්න සාමාජිකයින් සිටියි.[/FONT]
    [FONT=&quot]එක පන්තියක් අවසාන වී අනෙක් පන්තියට සහබාගි වීම සදහා අපි සුදානමින් පන්තියට පැමිණෙන මාර්ගයේ වූ පාලමක් මතට වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියෙමු .මේ අතර අපගේ දුෂ්ටයාගේ චරිතයේ සිටින පුද්ගලා තමාගේ සෙට් එක සමග පාලම අවසානය වන තෙක් ගොස් එක අයකු නැවත පැමිණ අපගේ යහළුවාගේ නම සදහන් කර ඔහුට පොඩ්ඩක් කතා කිරීමට අවශ්‍ය බව පැවසිය.මෙම සිද්දිය කෙරෙහි අපගේ සෙට් එකේ නායකයාගේ මුහුණ අදුරු වුයේ වලියක පෙර නිමිති ගැන ඔහුට නැවත මතක් කිරීමට අවශ්‍ය නොවන අත්දැකීම් ඔහු වෙත ලැබී ඇති හෙයින් හා සමාජ සම්බන්දතා ඇසුරින් මිනිසුන්ගේ වෙනස් වීම් පිළිබද පරිනත අත් දැකීම් ඔහු සතු වීම විය හැකිය..මේ ඔහුගේ යාලුවෙක් විය හැකියි සිතා මම මගේ කතාව නොනැවතී ඔවුන් වෙත කරගෙන ගියද අපේ සෙට් එකේ සාමාජිකයන්ගේ අවදානය තිබුනේ අපේ යාළුවා කෙරෙහිය .[/FONT]
    [FONT=&quot]පැමිණි පෙම්වතා ඔහුව පාලම අවසානය තෙක් කතා කරමින් ගෙන ගිය අතර එය අප සිටි ස්ථානයේ සිට පියවර කිහිපයක් පමණි .එක් වරම කිසිවකු නොහිතු ලෙස එම සෙට් එකේ අයගේ දෑත් ඔසවන විටම අපේ සෙට් එක නායකයා කෑ ගසමින් ඔවුන් අතරට පැන්නේ ඔවුන්ගේ සාමාජිකයින් කිහිප දෙනෙක් බිම පෙරලමිනි.කිසිදු දෑතක් ඔහුගේ ශරීරයේ ස්පර්ශ නොවුවේ ඔහුගේ ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව නිසා විය හැකිය .ඒ සැනින් අපිද ගැටුම මැද්දට පැන්නෙමු .දැඩි වචන හුවමාරුවක් සිදු වුවද කිසිවකු අතපය විසිකිරීමට ඉදිරිපත් නොවුවේ අපිද පුරුදු කාරයන් යයි ඔවුනට හැගුන නිසා විය හැකිය ..ටිකෙන් ටික ඔවුන්ගේ කෝපය අඩු වූ විට ඔවුන් අපට විස්තරය පැවසුවේ ඔවුන්ගේ සැක කිරීමට අපේ පුද්ගලයා හසු වී ඇති බවයි.අපේ සාමාජිකයා අවසානය වන තෙක් නිවැරදි කරු වශයෙන් පෙනී සිටි නිසා අපද ඔහුගේ සහයට මෙම ප්‍රශ්නය විසදෙන තෙක් සිටියෙමු.පසුව ඔවුන් පැවසුවේ මෙම ගැටුම තවත් දුර දිග ගෙන නොගිය යුතු බවත් හා අප සමග සහයෝගයෙන් සිටින බවත්ය ...[/FONT]
    [FONT=&quot]ගැටුමට පැමිණි ඔවුන් දැන් අපගේ දිගු කාලීන මිතුරන් වශයෙන් සබදතා ගොඩනගා ගැනීමට දෑත් දිගු කර ඇත.කෙසේ හෝ පන්තිය අවසාන වී එලියට පැමිණියද විෂය කරුණු කිසිවක් අපට මතක නැත .මන්දයත් තවම අප සිටින්නේ සිදු වූ සිද්දිය පිළිබද සිතමිනි .ගම්පහ නගරයෙන් අපගේ ගමනාන්තය වෙත ලගා වීමට අපි බසයට ගොඩ වූවෙමු..කෙසේ හෝ අපේ නායකයා සිද්දියට මුල පිරුවේය ..”උන් නිකන් මුට ගහන්න එන්න මොන හයියකට ද බන් .මුගේ මොකක් හරි හොර සීන් එකක් ඇති.දැන්වත් ඇත්ත සිද්දිය කියපන් අපිට.උබ මොකක්ද කරපු වැඩේ?”ඔහුගේ මෙම කියමනට තවත් අපගේ භාෂාවේ අලංකාර වදන්ද ඇතුලත්ව ඇත නමුත් මෙහිදී මේ සියලු දේ සදහන් නොකරන්නේ සදාචාරයට පටහැනි විය හැකි බැවිනි .අපිද ඔහුගේ සහයට ඇත්ත සිද්දිය දැනගැනීමේ අදිටනින් ඔහුට තර්ජන කළෙමු .කෙසේ හෝ ඔහුගේ ගැටුමට මැදිහත් වූ අපහට තවත් සගවා සිටීමේ අවශ්‍ය නොවන බව වැටහී ඔහු අපට මුල සිට විස්තර කරේය ..කතාව අවසානයේදී අප ඔහුට මනා වාග් සංග්‍රහයක යෙදුනේ ශාරීරිකව ප්‍රහාර එල්ල කිරීමට වඩා වාචික ප්‍රහාරය බලවත් වුත් වැරද්දක් වුවද අපේ එකෙකුට ගැසීමේ හැකියාව අප කිසිවකුට නොමැති වූ හෙයිනි ..කෙසේ වෙතත් අපි ගමනාන්තය ලං වන විට වෙනදා මෙන් සතුටින් විසිර ගියෙමු.[/FONT]
    [FONT=&quot]...........................................................................................තවත් කොටසක් ඉදිරියේදී [/FONT]
    [FONT=&quot]ජීවිතයේ බැදීම් වල අර්ථය තේරුම් ගන්නට කෙළිලොල් වයසේදී අපිට නොහැකි වන්නේ අපි ඒ දෙස බලන ආකාරය වෙනස් බැවිනි.මතුපිටින් බලා මිනිසුන් තේරුම් ගත නොහැක තවද මිනිසුන් තේරුම් ගන්නට අපිට සියලු දෙනා සමග බැදීම් ඇතිකර ගැනීමේ හැකියාවද නොමැත .ජීවිතය පිළිබද මිනිසුන් විසින් කරන ලද ප්‍රකාශ වල ගැබුරු අර්ථය මේ වෙලාවේදී මට වැටහෙන්නේ අපි ඒ දවස් වල යහළු මිත්‍රයන් හා එකට ගත කලද ඔවුන්ගේ ජීවිත වල ඇති යථා ස්වරුපය හාත් පසින්ම අපි දකින සරල තේරුම් ගැනීම් හා ගැටෙන සුළු බැවිනි .[/FONT]
    [FONT=&quot] ජීවිතයේ මා ලද අරුත් ,තේරුම් ගැනීම් අනුව අප ජීවිතයේ ඇතැම් හොද සිදුවීම් එක් වරක් පමණක් පැමිණෙන වටිනා සිදුවීම්ද ලෙසත් ,අපට ලැබෙන ඇතැම් වටිනා අවස්ථා නැවත අප වෙත ලගා නොවන බවත්,ඇතැම් විට එම වටිනා අවස්ථාව හෝ සිදුවීමට ප්‍රතිචාර දක්වන්නට අපට ලැබෙන කාල සීමාව සීමිත විය හැකි බවත් .ඔබගේ ප්‍රතිචාරය මත තමාගේ ජීවිතය තීරණාත්මක පැවැත්ම තීරණය විය හැකි බවත් සදහන් කල හැකිය .........ජීවිතය සරල නැත ...කාලයත් සමග එය සංකීර්ණ වෙමින් පවතී .[/FONT]
    [FONT=&quot](ස ද) [/FONT]
    [FONT=&quot] [/FONT]
     
    • Like
    Reactions: Kudnadun