කල්පිටියේ දූපත් 11ක් බද්දට
කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එහි දූපත් 11ක් අවුරුදු 30 සිට - 99 දක්වා කාලයකට පෞද්ගලික අංශයට බදු පදනම මත ලබාදීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි එම ඉඩම් බදුදීමට පෙර කල්පිටිය දූපත් ආශ්‍රිතව දිගුකාලීනව ජලය, විදුලිය හා ප්‍රවාහන, වැනි යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇත.
එසේම ඉඩම් හා ජීවනෝපාය අහිමි වීම ගැන එහි වෙසෙන ධීවර ජනතාව සමග සාකච්ඡා කර සුහදශීලි විසඳුමකට පැමිණීම ගැන ද අවධානය යොමුකරන බව එම අධිකාරිය කියයි.
මේවන විට බලධාරීන් මෙම ව්‍යාපෘතියේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඉඩම් බදු දීම හා යටිතල පහසුකම් සංවර්ධනයට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කෙරෙහි ද අවධානය යොමුව ඇත.