කල්ප විනාශය ගැන ප්‍රශ්නයක්...

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
කල්ප විනාශය ගැන ප්‍රශ්නයක්...

මචංල, අපි දන්නවනෙ කල්ප විනාශය ගැන. කල්ප විනාශය වෙද්දි කෝටි ලක්ශයක් සක්වලවල්ව ආභස්සර බ්‍රශ්මලෝකයෙන් යට ඔක්කොම භූමි තල විනාශ වෙනවනෙ. ඒ කියන්නෙ ප්‍රතම ධ්‍යාන බ්‍රහ්ම ලෝකය ඇතුලු සියලුම දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සියලුම අපායවල් විනාශ වෙනවා.

ප්‍රශ්නෙ මේකයි. දැන් විශ්වය ආයෙ නිර්මානය වෙද්දි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මය එන්නෙ මිනිස් ලෝකෙටනෙ. ඒ කියන්නෙ ඒ කාලෙ මිනිස් ලෝකෙ ආයු කාලය ඉතාමත් වැඩියි. අවුරුදු අසංක්‍ය ගානක්නෙ.
එතකොට ඔය වෙද්දි දිව්‍ය ලෝක හා අපාය නිර්මානය වෙලාද තියෙන්නෙ? නිර්මානය වුනත් ඒවගෙ කවුරුවත් ඉන්න විදිහක් නෑනෙ?

එතකොට දෙවියො මුලින්ම ඇති උනේ කොහොමද? මුල් කාලෙ දෙවියොත් මිනිස් ලෝකෙ ඉපදෙන්න ප්‍රාර්තනා කරාලු, හෙතුව මිනිස් ලෝකෙ ආයු සම්පත්තිය වැඩි වීම. අනික දෙවියො තමා මුල් කාලෙ මිනිස්සුන්ව ආරක්ශා කරල තියෙන්නෙ, සතරවරම් දෙවියො එහෙම.

මුල්ම දෙවිය ඇති උනේ කොහොමද?
අනිත් ප්‍රශ්නෙ තමා මුල්ම තිරිසන් සතා ඇතී උනේ කොහොමද?
අනික තමා මුලින අපායට ගියෙ කවුද?
එහෙම ගිය එකාට කවුද දඬුවම් කරේ? මොකද යමපල්ලො ඉන්න විදිහක් නෑනෙ..
සමහරවිට මුලින්ම ගිය එකා යමරජ්ජුරුවො වෙන්න ඇති. මුලින්ම මිනිස් ලෝකෙට ආපු බ්‍රහ්මයා මහාසම්මත රජු උනා වගේ.

මුලිනම ගිය උන් එච්චර බරපතල පව්කම් කරන්න නැතුව ඇතිනෙ.

මේ ගැන විස්තර කරල තියෙන පොතක් හරි, සූත්‍රයක් හරි තියනවද? දන්න කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දාන්නකෝ..
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
Closest answers I can get

එතකොට ඔය වෙද්දි දිව්‍ය ලෝක හා අපාය නිර්මානය වෙලාද තියෙන්නෙ? නිර්මානය වුනත් ඒවගෙ කවුරුවත් ඉන්න විදිහක් නෑනෙ?

බ්‍රහ්මජාල සූත්‍රය - http://pitaka.lk/15100/cs,aps

39
“මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලොකය වැනසෙන කාලයක් වන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔව්හු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන, තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, හිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔව්හු එහි බොහෝ කාලයක් සිටිති.
40
“මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.
අනික තමා මුලින අපායට ගියෙ කවුද?
එහෙම ගිය එකාට කවුද දඬුවම් කරේ? මොකද යමපල්ලො ඉන්න විදිහක් නෑනෙ..
සමහරවිට මුලින්ම ගිය එකා යමරජ්ජුරුවො වෙන්න ඇති. මුලින්ම මිනිස් ලෝකෙට ආපු බ්‍රහ්මයා මහාසම්මත රජු උනා වගේ.

නිරය ගැන මං අහල තියෙන විදිහට කියන්නම්, මේ කරුණු සූත්‍ර දේශනා වල අඩංගුයි මං අහල තියෙන විදිහට එත් ඒ සූත්‍ර වල නම් හොයාගන්න බැරි වුනා.

අපායේ දුක් විඳින්න යම පල්ලන් සිටීම අත්‍යවශ්‍ය නැහැ. යම රජු හා යම පල්ලන් කියන්නෙත් තනතුරු පමණයි. නිරයේ සිටින පව් කළ සත්වයින් අතරේ යම් සුළු පිනක් ඉස්මතු වුණ සත්වයෙක් යම රජු හෝ යම පල්ලෙක් බවට පත්වී යම් අධිපති බවක් තාවකාලිකව උරුම කරගන්නවා. යම රජු සහ යම පල්ලන්ද අකුසල විපාක ගෙවීමට නිරයට පැමිණි සත්වයන් විතරයි, ඔවුන්ගේ සුළු පින ගෙවුනම සාමාන්‍ය නිරිසතෙක් බවට පත් වෙනවා.

යම පල්ලන් සහ අපාදුක කර්මානුරූපව මැවෙන්නක්, ඉතින් සමහර විට යම පල්ලන් කියල සත්වයින් නිරිසතෙක් ළඟ නැති උනත් නිරිසතාගේ හිතට එහෙම අය ඉන්නවා කියල දැනිලා අපා දුක ලැබෙන්නත් පුළුවන්.
 
Last edited:
  • Like
Reactions: MR BOLD

thanks මචං.. මම link එකට ගිහින් බලන්නම්.. රෙප්+
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113

    බුදුදහම අනුව මම අහල තියෙන තව දෙයක් තමා
    මෙ විශ්වය විනාශ උනාට තව විශ්ව තියනවා
    Saha කොහොමත් නියත විවරන ලබපු බොධිසත්වයෙක් ඇරෙන්ඩ වෙන සත්වයෙක් මෙ සක්වලම ඉපදෙනවා කියලා නියමයක් නෑ.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මේ අදහස අග්ගඤ්ඤ සුත්‍රයේ.

    “වාසෙට්ඨය, එකල (සියළු සක්වළම) එකම ජලයක්ව අඳුරුව පවත්නේය. තද කළුවර වෙයි. සඳ හිරු දෙදෙන නොපෙණෙති. ග්‍රහතාරකාවෝ නොපෙණෙති. රෑදාවල් නොපෙණෙති, මාස අර්ධ මාසයෝ නොපෙණෙති. ඍතුභෙද හා අවුරුදු භෙද සහ ස්ත්‍රිය පුරුෂය යන භෙදයක් නොපෙණෙයි”. සත්වයෝය, සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.

    “වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.”

    ‘යම්සේ උණුකරනලද කිරි නිවෙන කල්හි මතුයෙහි යොදයක් වේද එපරිද්දෙන්ම (රස පොළොව) පහළ විය. ඒ රස පොළොව වර්ණ සම්පන්න විය. සුවඳින් යුක්ත විය. රසයෙන් යුක්ත විය. යහපත් ගිතෙල් හෝ යහපත් වෙඬරු හෝ යම් සේද එසේ වර්ණ සම්පන්න විය. පිළව් නැති දඬුවැල් බෑ මීයක් යම් සේද එබඳු රස ඇත්තීද විය.”

    වාසෙට්ඨය, එවිට ආශාව අධික එක්තරා සත්වයෙක් “පින්වත්නි, මේ කුමක් නම් වන්නේදැයි රස පොළොව ඇඟිල්ලෙන් ගෙණ රස බැලුයේය. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලු ඔහුගේ ආශාව වැඩි විය. ඔහුට එහි තද ආශාවද පහළ විය. වාසෙට්ඨය, අන්‍ය සත්වයෝද ඔහුගේ ක්‍රියාවට අනුව යාමෙන් රස පොළොව ඇඟිල්ලෙන් ගෙණ රස බැලුවාහුය. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බලන්නාවූ ඔවුන්ගේ රස නහර පිණාගියේය. ඔවුන්ට එහි තද ආශාවද පහළ විය.

    එතිරි ටික මෙතන කියවන්න -> අග්ගඤ්ඤ සුත්‍රය

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචංල, අපි දන්නවනෙ කල්ප විනාශය ගැන. කල්ප විනාශය වෙද්දි කෝටි ලක්ශයක් සක්වලවල්ව ආභස්සර බ්‍රශ්මලෝකයෙන් යට ඔක්කොම භූමි තල විනාශ වෙනවනෙ. ඒ කියන්නෙ ප්‍රතම ධ්‍යාන බ්‍රහ්ම ලෝකය ඇතුලු සියලුම දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සියලුම අපායවල් විනාශ වෙනවා.

    ප්‍රශ්නෙ මේකයි. දැන් විශ්වය ආයෙ නිර්මානය වෙද්දි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මය එන්නෙ මිනිස් ලෝකෙටනෙ. ඒ කියන්නෙ ඒ කාලෙ මිනිස් ලෝකෙ ආයු කාලය ඉතාමත් වැඩියි. අවුරුදු අසංක්‍ය ගානක්නෙ.
    එතකොට ඔය වෙද්දි දිව්‍ය ලෝක හා අපාය නිර්මානය වෙලාද තියෙන්නෙ? නිර්මානය වුනත් ඒවගෙ කවුරුවත් ඉන්න විදිහක් නෑනෙ?

    එතකොට දෙවියො මුලින්ම ඇති උනේ කොහොමද? මුල් කාලෙ දෙවියොත් මිනිස් ලෝකෙ ඉපදෙන්න ප්‍රාර්තනා කරාලු, හෙතුව මිනිස් ලෝකෙ ආයු සම්පත්තිය වැඩි වීම. අනික දෙවියො තමා මුල් කාලෙ මිනිස්සුන්ව ආරක්ශා කරල තියෙන්නෙ, සතරවරම් දෙවියො එහෙම.

    මුල්ම දෙවිය ඇති උනේ කොහොමද?
    අනිත් ප්‍රශ්නෙ තමා මුල්ම තිරිසන් සතා ඇතී උනේ කොහොමද?
    අනික තමා මුලින අපායට ගියෙ කවුද?
    එහෙම ගිය එකාට කවුද දඬුවම් කරේ? මොකද යමපල්ලො ඉන්න විදිහක් නෑනෙ..
    සමහරවිට මුලින්ම ගිය එකා යමරජ්ජුරුවො වෙන්න ඇති. මුලින්ම මිනිස් ලෝකෙට ආපු බ්‍රහ්මයා මහාසම්මත රජු උනා වගේ.

    මුලිනම ගිය උන් එච්චර බරපතල පව්කම් කරන්න නැතුව ඇතිනෙ.

    මේ ගැන විස්තර කරල තියෙන පොතක් හරි, සූත්‍රයක් හරි තියනවද? දන්න කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දාන්නකෝ..

    දෙවිය මිනිසා තිරිසනා ප්‍රේතය ඔක්කොම අයිති සත්ත්ව ගනයට.

    සත්වයා මුලින් ඇතිවු විදිහ බුද්ධ විශයයක්. ඒක අපිට නෙවෙයි මුගලන් මහරහතන් වහන්සෙටත් සොයාගන බැරි වුනා.

    දවසක් එක්තරා මහණෙක් තථාගතයන් වහන්සෙට කිව්වලු සත්වයා හටගත් විදිහ නොකීවොත් සසුන හැරදමා ගිහිවතට යනව කියලා.
    තථාගතයන් වහන්සෙ දේශනා කලාලු කවුද ඔබට සාසනයෙ මහන වෙන්න කිව්වෙ කියලා. ඒක සාමාන්‍ය අයට ගෝචර නැති විෂයක්.